2019 කාන් සිනමා උලෙළ

මැයි 30, 2019

මැයි 08 වැනිදා ප්‍රංශයේ කාන්හිදි ආරම්භ වූ 72 වැනි කාන් සිනමා උලෙළ පසුගිය 25 වැනිදා අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය බොන්ග් ජූන්-හෝ අධ්‍යක්ෂණය කළ Parasite දකුණු කොරියානු චිත්‍රපටයට හිමිකර දෙමින්. කොරියානු අධ්‍යක්ෂවරයකු කාන් සිනමා උලෙළේ සම්මානනීය වූ පළමු අවස්ථාව මෙය වේ.

ජිම් ජර්මුෂ්ගේ The Dead Don't Die  නම් සොම්බි චිත්‍රපටයෙන් ආරම්භ කෙරුණු මෙවර කාන් සිනමා උලෙළේ සභාපති ධුරය දැරූයේ මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාලේස් ඉනාරීතු විසිනි. විවිධ අංශ යටතේ උලෙළේ සම්මාන පිරිනැමුණේ මෙලෙසිනි.

ගෝන් ෆ්‍රී සම්මානය - Atlantics (මේටි ඩියොප්)

හොඳම අධ්‍යක්ෂණය - ජීන් පියරේ සහ ලුක් ඩාර්ඩෙනි (Young Ahmed)

හොඳම නිළිය - එම්ලි බෙකම් (Little Joe)

හොඳම නළුවා - ඇන්ටෝනියෝ බැන්ඩරාස් (Pain and Glory)

හොඳම තිර රචනය - සෙලීන් සියාමා (Portrait of a Lady on Fire)

ජූරියේ විශේෂ සම්මානය - Bacurau (ක්ලෙබර් මෙබ්ඩොන්සා සහ ජුලියානෝ ඩොරෙන්ලස්)

- Les Misérables (ලැඩ් ලී)

Un Certain Regard Award – The Invisible Life of Eurídice Gusmão (කරීම් ඒනොස්)

Un Certain Regard Jury Prize – Fire Will Come(ඔලිවර් ලැක්ස්)

Un Certain Regard Award for Best Director – කෙන්ට්මීර් බලගොව් (Beanpole)

Un Certain Regard Jury Award for Best Performance- චියාරා මාස්ට්‍රෝනි (On a Magical Night)

Un Certain Regard Special Jury Prize : ඇල්බට් සෙරා (Liberté)

බෘනො ඩුමොන්ට් (Joan of Arc)

Golden Camera

කැමරා ඩී'ඕර් - Our Mothers  (සෙසර් ඩයස්)

Cinéfondation

ප්‍රථම ස්ථානය - Mano a mano (ලුවී කුර්වෝසියර්)

දෙවන ස්ථානය - Hiêu (රිචඩ් වැන්)

තෙවන ස්ථානය - Ambience (වසීම් අල් ජෆාරි)

- The Little Soul  (බාබරා රූපික්)

පැල්මා ඩී’ඕර් ගෞරව සම්මානය - ඇලන් ඩිලොන්


මෙවර සම්මාන උලෙළේ රතු පලසේ ඇඳුම් පැළඳුම් අතර බොලිවුඩ් තරු ද විශේෂ ලෙසින් කැපී පෙනුණි. ගියවර මොණරෙකුගේ හැඩය ගත් ඇඳුමකින් සැරසී කාන් උලෙළට සහභාගි වූ ඓශ්වර්යා රායි බච්චන් මෙවර රන් පැහැ දියකිඳුරියක සේ දිස්වන ඇඳුමකින් සැරසී පැමිණීම කැපී පෙනුණි. දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා සහ සෝනම් කපූර්ට ද මෙවර කාන් රතු පලසේ අවධානය යොමු විය. කාන් සිනමා උලෙළේ ඇඳුම් මෝස්තර සේම අඩි උස පාවහන් විලාසිතා ද සුවිශේෂ වන්නකි. මෙවර කාන් සිනමා උලෙළට අඩි උස පාවහන් නොපැළඳ පැමිණීම නිසා අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වන Variety හි ඉහළ පෙළේ නිලධාරිනියක වන ක්ලවුඩියා එලර් සම්මාන උලෙළේ රතු පලස මතින් ගමන් කිරීම ආරක්ෂක නිලධාරින් විසින් වළක්වා සිටි බවද වාර්තා විය. යොවුන් නිළි සෙලීනා ගෝමස් විසින් කාන් සිනමා උලෙළේ දී කළ ප්‍රකාශයක් සියලු දෙනා පුදුමයට පත් කරවන්නට සමත් විය. එනම් ඇය හොලිවුඩ් නළු බිල් මුරේ සමඟින් විවාහ වන බවට කළ ප්‍රකාශය යි. සෙලීනා විහිළුවක් ලෙස එය ප්‍රකාශයට පත් කළේ කාන් සිනමා උලෙළේදී The Dead Don't Die චිත්‍රපටය තිරගත කළ දිනයේදීයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.