තිලාගේ ඩයරිය

මැයි 2, 2019

අප්‍රේල් 24 බදාදාය .......

අද හදිසියෙම එන්න වුණා මඩකලපුව පැත්තෙ ⁣වෙනදා පරිසරය විඳගෙන එන ගමන අද පුංචි චකිතයකින් අවෙ එන විට දන්නෙම නැතුව ඇඳීරිවුණා ඇඳීරි නීතියත් පැනවුණා ගමන් ස⁣ගයො වුණේ ඔබ්සර්වර් පුවත්පතේ මනෙස්කයි රියදුරු සම්‍පතුයි ගමන නිම වනවිට ආරක්ෂක අංශ 26 වතාවක් පරික්ෂා කළා...... ඇත්තෙන්ම ස්තුතියි රැ දවල් නොතකා අරක්ෂක නිලදරුවන්ගේ කැපවීමට....

අද අප්‍රේල් 25 බ්‍රහස්පතින්දාය ....

කාලෙකට පස්සෙ අපේ මිනිස්සුන්ට රණ විරුවො මතක් වෙලා ....පසුගිය කාලේ අටපාස් උන් කියල උද්ඝෝෂණ කරපු අයට මේ‍ වෙනකොට රණ විරුවෝ දෙවිවරු වගේ .....

රේඩියො ටීවී වලත් යන්නෙ රණවිරු ගී

* රණ බිම මැරුණෙ සිංහලයකු නම්‍ පපුවෙ වෙඩි සලකුණු අත්තේ

සතුරට ළයදී මිස මැරුණෙ නැ ලේ පැල්ලම් නැ පිට පැතතේ .......

* තුන් හෙළේ කැලැවල සිංහ පැටව්‍

නැත උන් රට අතැර ගිහින්

* උඩ ඟුලියන් ගොතා බඳීන නීල වරල සරසන්නට මා පිපුණේ නැත මෙ දෙරණෙ

* රන් මලක් ලෙස දෙව්‍ බඹුන් දොතින් පිදූ මෙ පින් බිමෙ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවුකොනේ ⁣

* මා ආදරණීය මගේ අම්මා වෙතටයි

අද අප්‍රේල් 26 සිකුරාදාය ....

සිංහල සිනමාවෙ රංගන ශිල්පිනියන් ගෙ නම්‍ වලිනුත් චිත්‍රපටි හැදුණ ලියනකොට ප්‍රථමයෙන් එකවර මතකයට නැඟෙන්නෙ" සබීතා" චිත්‍රපටය. ඒ ප්‍රධාන චරිතයේ නම නිසාත් සබීතා පෙරේරාගේ ප්‍රථම චිත්‍රපටය නිසාත්... සංගීතා, සමන්මලී, මගේ නංගි ශ්‍යමා, දුලීකා, චාන්දනී,...

ගීතා, වසන්ති, කාංචනා, රෝසි, ශ්‍යාමා, ශාන්ති, පූජා, දමයන්ති, උමයංගනා, අනූෂා, නයනා මෙම චිත්‍රපට නම්වලින් පසුව රංගන ශිල්පිණියන් බිහිවුණා... අදාළ ශිල්පිනියන්ගෙ නම්‍ ඉතින් දන්නවනෙ .....තව තියෙනවනම් තිලාට කියන්න

අද අප්‍රේල් 27 සෙනසුරාදාය ........

මේ‍ කාලේ කතාබහට ලක්වෙන දෙයක් තමයි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට ස්වර්ගයේදි කන්‍යාවියන් 72 ලැබෙනවා කියන එක. එක තමයි උන්ට ලැබෙන ලොකුම දඬුවම. කොහොමද මායියලා 72 ගෙන් බැනුම්‍ අහනකොට, කොහොමද මායියලා 72ගෙන් කෙඳී සහිත ආහාර කනකොට (කොසු පාර) කොහොමද මායියලා එක්කෙනෙක් ඉවර වෙනකොට වෙන කෙනෙක් හොඳ සාරි 72 තෝරනකොට, කොහොමද 72කට කන්න හොයනකොට, කොහොමද මායියලා 72 ළමයින්ට ස්වර්ගයේ ස්කෝල හොයනකොට, කොහොමද මායියලා 72 කීයටද ගෙදර එන්නෙ අහල දුරකථනය ඇමතුම් දෙනකොට, වෙන මුකුත් ඕනෑ නැ මයියලා 72 කන් කෙදිරිය අහනකොට හොඳවැඩෙ හොඳම වැඩෙ ඔකුන්ට ඔහොම වෙලා මදි........................හැබැයි එහේත් අපේ වගේමද දන්නේ නැ ..........

අද අප්‍රේල් 28 ඉරිදාය .......

අද රටෙ තත්වෙ ගැන හිතමින් ඉන්දැද්දි තිලාට මතක්වුණා ඉන්දියාවෙ හැදුනු ඔය ⁣වගේ සිද්දි ගණනාවක් සම්බන්ධ චිත්‍රපට ගණනාවක්... එකක් අරවින්ද ස්වාමී හා මධු රඟපැ රෝජා චිත්‍රපටය ලංකාවෙත් අතිශය ජනප්‍රිය වුණා තව අරවින්ද ස්වාමී සහ මනීෂා කොයිරාල රඟපැ බොම්බෙ චිත්‍රපටයක් බෙහෙවින් ජනප්‍රිය වුණා, ෂාරුක් ඛාන් සහ මනීෂා කොයිරාල රඟපැ දිල් සේ ඒකේ මනීෂා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාවක්. එකත් ලංකාවේ අතිශය ජනප්‍රිය වුණා. මැතකදී සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟපාන බජරංගි බායිජාන් එවැනි පසුබිමක් අති චිත්‍රපටයක් ... ඒත් කවුද හිතුවෙ ඒ හා සමාන දේවල් මෙහෙ ඇත්තටම වෙයි කියල............

අද අප්‍රේල් 29 සදුදාය .......

අද ලේක්හවුස් ජායාරූප ශිල්පීන් මෙන්ම මාධ්‍ය සගයින් විශාල පිරිසක් වත්තලට එකතුවුණා. ඒ අපේ ප්‍රවීණ ජායාරූප ශිල්පී චින්තක කුමරසිංහගේ දයාබර බිරිය සුනේත්‍රා පෙරේරා මහත්මියගේ වියෝව වෙනුවෙන්. ඇය තරුණි පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනියක් වූ සුදීපා දමයන්තිගේද නැගණිය නිසාත් කාලෙකින් එකතු වූ හැගුම්බර දිනයක් වුණා....(අභාවප්‍රාප්ත මාධ්‍යවේදී එඩ්මන්ඩ් පෙරේරාගේ දියණියයි.)

අද අප්‍රේල් 30 අඟහරුවාදාය..

අපේ වාසිත ඉන්නවනේ මිනිහා අවුරුද්දට ගමේ ගිහින් ටිකක් වැඩිපුර දවස් හිටියා. වාසි මල්ලිත් ඉතින් මායියට පන ඇරල හරි ආදරේයි. හැම නිවාඩුවටම මායියව බලන්න ගමේ යන්නේ කුරුල්ලා මිටෙන් ඇරිය වගේ සතුටින්. මෙවර වැඩි දවසක් ගමේ‍ හිටි නිසා ආදරෙන් කතා කර කර ඉන්නකොට හිටිගමන් වාසිගෙන් මායිය ඇහුවලු "පැටියෝ මට කලින් ඔහේ නැතිවුණොත් මම මැරෙනකම්‍ම මගේ නංගිත් එක්ක ඉන්නව. "ඔහේ මොකද කරන්නෙ"කියල නහය මිරිකන ගමන් ඇහවලු වාසිත් අඟට පතට නොදැනි හිමීන් කිව්වාලු "මාත් එහෙනම්‍ මැරෙනකම්‍ම ඔහෙගේ නංගිත් එක්ක ඉන්නවා" කියල...... පස්සේ බෙහෙත් ගත්තා කියලත් ආරංචියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.