සුඛෝත්පාදකයේ අංග

අප්‍රේල් 1, 2021
හුණුවටයේ කතාව

 

සමකාලීන සමාජ හා ගෘහස්ථ ජීවිතය ඒවාට විෂය වුව ද ඒවා කෘතීන් ලෙස සමකාලීන සමාජ හා ගෘහස්ථ ජීවිතය විනිවිද යන සියුම් නුවණකින් විග්‍රහ කරන්නේ නැත. එහෙත් ශෝකෝත්පාදකය ද සුඛෝත්පාදකයද හුදු වින්දනය ඉක්මවා යමින් සර්වකාලීන ගුණයකින් යුක්තව රසයෙන් ලබන වින්දනය ඥාන ගවේෂණයක් සඳහා යොමු කරයි. ලයිසිස්ට්‍රාටා, ඒ ර්ඪඤඵභථථඥප ව්ඪඨඩබ'ඵ ච්පඥචථඵ, මැටි කරත්තය සහ දෝජෝ විහාරය වැනි සුඛෝත්පාදකයෝ ඊට නිදසුන්ය. ශෝකෝත්පාදකයේ ද සුඛෝත්පාදකයේ ද නාටකීය මායිම ද, රසවින්දන මායිම් ද ශාස්ත්‍රීය භවයෙන් නික්ම ගිය විට ප්‍රහසනය ද අතිනාටකය ද යන ආකෘතිය පැන නඟින්නේ යැයි කිව හැක්කේ ද එබැවිනි. හෝමර්ගේ ට්ධපඨඪචඵ හී එන කවියක මෙසේ කියැවේ. අනුභාවසම්පන්න කවිවලින් සතුට ඇති වී දුක නැති වෙයි. ඒවායේ බලයෙන් ආත්මය ඒ දෙසට නතු කරවා ගනී. සුඛෝත්පාදකය ද ප්‍රේක්ෂකයා සතුටට පත් කරවන්නකි. බොහෝවිට අපගේ ගැමි නාටකවලද එනම් සොකරි, කෝලම් ආදී නාටකවලද යක්කම්, සන්නි ආදී ශාන්ති කර්මවල ද ඇත්තේ සුඛෝත්පාදක සන්තෘෂ්ටියකි. සමාජ විචාරයකි. පවතින සමාජ දේශපාලනයේ බරපතළ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවකි. ඌරා යක්කමේ ඌරා මරා මස් කොට බෙදා ගැනීමෙන් විෂද කරන පන්ති පීඩනය එවැන්නකි. සොකරි වැනි නාටකයක එන ලිංගිකත්වය පිළිබඳ විවේචනාත්මක ගැමි ජීවන දෘෂ්ටිය ද එවැන්නකි. ගැමි නාටක මෙන්ම ශාන්තිකර්ම ද මනුෂ්‍යයාගේ අධිමානුෂීය චින්තනයේ එන පූජාත්මක භක්තිය සහිත වේ. එසේම මේවා මනුෂ්‍යයාගේ භෞතික ලෝකය පිළිබඳ ගැමි විඥානය දක්වන විචාරාත්මක ආකල්පය ප්‍රකට කරයි. හාස්‍යයද ශෘංගාරය ද වීරත්වය ද කැටි වුණු ආනන්දනීය විනෝදයක් අපේක්ෂා කරයි. ගැමි නාටක හා ශාන්තිකර්මවල අපේක්ෂාවන් ද මනුෂ්‍යයාගේ භෞතික ජීවිතය (ලෞකික ජීවිතය) වස්තු විෂය කරගනිමින් භෞතික ජීවිතය සඳහා අවශ්‍ය සරුසාර බව (සශ්‍රීකත්වය) භාව විශෝධනය (ලෙඩ රෝග සුවපත් කර ගැනීම) අපේක්ෂිතයි. අනෙක් අතට ඒවායේ ආකෘතියද සම්භාව්‍ය නාටක ආකෘතීන් සහිත වේ. ශෝකෝත්පාදකයේ එන කාව්‍යමය හා ගද්‍ය සාහිත්‍යය ගුණයෙන්ද යුක්ත වේ. විනෝද නැතහොත් ආනන්දය උසස් සෞන්දර්යාත්මක තත්වයකි. කාල්පනික වින්දනයකි. ශෝකෝත්පාදකයේ මෙන්ම සුඛෝත්ත්පාදකයෙන් ද අත්පත් කරගනුයේ කරුණ ආදී රසයෙන් ඇතිවන සුඛයකි. මේ සුඛෝත්පාදනය පෙරදිග නාට්‍යවල කෙතරම් ප්‍රබල ලෙස ඇති කරන්නේ ද යත් චරිත අතර ඇතිවන සංසිද්ධිය හෙවත් උද්දීපන විභාව මෙන්ම නාටකයේ මවන භෞතික රූපය ප්‍රේක්ෂාව ද ඊට අනුගත විය යුතුය. සංස්කෘත නාට‍කයක ශාන්ත, හාස්‍ය, ශෘංගාර ආදී රසවලට උචිත රම්‍ය පරිසරයක්ද අවශ්‍ය වේ. මෙම බාහිර අලංකාරවත් බව උද්දීපන විභාගය නම් වේ. පෙරදිග නව නළු රසයට අනුකූල වූ සුඛෝත්පාදකය නව නළු රසම (එනම් රස නවයක්ම) ප්‍රමුඛ කොට ගනියි. ශෝකෝත්පාදකය පිළිබඳ ගැඹුරු හා විස්තරාත්මක විග්‍රහයක් කරන ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය කෘතියේදී සුඛෝත්පාදකය හා එහි අංග පිළිබඳ ගැඹුරු හා විස්තරාත්මක විග්‍රහයකට නොයන මුදු ඔහු කාව්‍ය ශාස්ත්‍රයේ දී එහි අංග හයක් පිළිබඳ කරන විග්‍රහය සුඛෝත්පාදකයට අදාළ වේ. එහි කතා වින්‍යාසය, චරිත සහ චින්ත ලෙස අන්තර්ගතය පිළිබඳව ද, ප්‍රේක්ෂාව, වාග් විලාසය සහ සංගීතය ලෙස ආකෘතිය ගැන කරන විග්‍රහයත් සුඛෝත්පාදකය හඳුනා ගැනීමට ද අදාළ වේ. නිදසුනක් ලෙස සරල හා සංකීර්ණ කතා වින්‍යාසය යන විග්‍රහයේ දී උසස් ශෝකෝත්පාදකය සංකීර්ණ කතා වින්‍යාසයකින් යුක්ත විය යුතු බව විග්‍රහ කරයි. සරල කතා වින්‍යාසය උසස් ශෝකෝත්පාදකයට අනුචිත බවද දක්වයි. ශෝකෝත්පාදකය ද සුඛෝත්පාදකය ද සංකීර්ණ කතා වින්‍යාසයකින් හා සංකීර්ණ කථා වින්‍යාසයේ විග්‍රහයට අනුකූල විය යුතුය. සරල කතා වින්‍යාසය ශෝකෝත්පාදකය අති නාටකය බවට ද සුඛෝත්පාදකය ප්‍රහසනය බවට ද පරිවර්තනය කරයි. ඇරිස්ටෝටල් ශොකෝත්පාදකය විග්‍රහ කිරීමේ දී ඊට නිදසුන් සපයන අතර එම විග්‍රහයන් සුඛෝත්පාදකයේ තේරුම් ගැනීමට ද අනුකූල කරගත හැකි වේ. එසේම සංස්කෘත නාට්‍ය විග්‍රහයේදී භරතමුනිගේ සෛද්ධාන්තික විස්තර කිරීම් ද සුඛෝත්පාදකයේ අංග තේරුම් ගැනීමට අනුකූල කරගත හැකිය. පෙරදිග නාට්‍ය බොහොමයක් පාහේ ප්‍රීතිමත් අවසානයක් සහිත ලෞකික ජීවිතය විෂය කර ගත් සන්තුෂ්ටිදායක සිද්ධීන්ගෙන් ගහණ සුඛෝත්පාදකයන් වේ. සුඛෝත්පාදක යන වචන අපරදිග මෙන්ම පෙරදිග රංග කලා විෂයෙහි දී පොදු වු නාට්‍ය ප්‍රභේදයක් ලෙස තේරුම් ගත යුතුය. ඊඩිපස් වැනි ශෝකෝත්පාදකයක වස්තු විකාශය අන්තර්ගතය විග්‍රහ කරන ආකාරය, නාටකීය ගුණය, සංවාදවල ස්වරූපය, චරිත විග්‍රහය ආකෘතිය ඇරිස්ටොෆනීස්ගේ ලයිසිස්ට්‍රාටා සහ ගැහැනු පාර්ලිමේන්තුව වැනි කෘතියක් සමඟ සංසන්දනය කර බලන විට ඊඩිපස් මිනිස් ආධ්‍යාත්මයේ අරගලය ද ලයිසිස්ට්‍රාටා මනුෂ්‍යාගේ භෞතික ජීවිතය අරගලයද සාකච්ඡාවට ලක් කරන බව පෙනෙයි. නමුත් නාට්‍යයක් ලෙස දෙකෙහිම නාටකීය ගුණය සහ චරිත පිළිඹිඹු කරන ආකාරයේ වෙනසක් නොමැත ඇත්තේ දෙකෙන් ලබන්නා වූ රස නිෂ්පත්තියේ වෙනස පමණි. මේ නාට්‍ය දෙකම නරඹන අප තුළ ඊඩිපස් නාට්‍යයෙන් මනුෂ්‍යයාගේ ඇතුළාන්තය ද ලයිසිස්ට්‍රාටා නාට්‍යයෙන් මනුෂ්‍යයාගේ බාහිර ලෝකය පිළිබඳවද ගැඹුරු සාකච්ඡාවකට දොරටු විවර කරන බව පෙනේ. වෙනස ඇත්තේ වින්දනයේ පමණි. දෙකෙහිම අපගේ විචාරක්ෂිය ගැඹුරු හා බරපතළ සාකච්ඡාවකට යොමුකරයි. නිදසුනක් ලෙස සෞන්දර්යාත්මක ප්‍රකාශනයක තිබිය යුතු පහත ගුණයෝ ශෝකෝත්පාදකයෙන් ද සුඛෝත්පාදකයෙන් ද අපට අත්පත් කරදෙයි. එය උසස් කලා කෘතියකින් අපට හිමිකර දෙන දායාදයකි.

 

Midsummer Night's Dreams

කෘතිය තුළ සරලව හා පූර්ණ වශයෙන් ගවේෂණය කරන අර්ථවත් සෞන්දර්යාත්මක අදහසක් තිබීම.

එම සෞන්දර්ය චින්තනය වටා කෘතිය ගොඩනැඟීමේදී ප්‍රේක්ෂකයාගේ ඉන්ද්‍රිය සංවේදනාත්මක ආකර්ෂණීය වන ශෛලිය, අලංකාරය, වාග් විලාශය, සංකීර්ණ කතා වින්‍යාසය, ගැඹුරු චරිත හා ඉන් විශද වන උසස් චින්තනය, ප්‍රකාශනය හා ශෝභාව , ව්‍යුහය හා ශානරීය ලක්ෂණ සහ ශිල්පීය නිපුණත්වය සහ අලංකාරික අඛ්‍යාන ප්‍රයෝගවලින් යුතු වීම.

විශිෂ්ට සාහිත්‍ය කෘතියක උත්තරකාලීන (සර්වකාලීන හෙවත් කාලය ඉක්මවා වුවද ආනන්දයට හා ප්‍රඥාව ඇති කිරීමට ගෝචර වන ගුණය) මානයක් තිබීම. එනම් කෘතිය පහළ වන කාලය ඉක්ම වූ යම් අදාළත්වයක් පැවතීම.

ශෝකෝත්පාදකයන් වූ ඊඩිපස්, හැම්ලට් සහ වෙළෙඳ සේවකයාගේ මරණය මෙන්ම, සුඛෝත්පාදකයන් වූ ලයිසිස්ට්‍රාටා, ඒ ර්ඪඤඵභථථඥප ව්ඪඨඩබ'ඵ ච්පඥචථඵ, හුණුවටයේ කතාව තුළ ද උක්තව දැක්වූ උසස් කලා කෘතියක ලක්ෂණ පවතී. ඒවා නූතනයේත් වින්දනයට ගෝචර වන්නේත්, නැවත නැවතත් විවිධ අරුත් නඟිමින් ප්‍රයුංජනය වන්නේත් එබැවිනි. එහෙත් ප්‍රහසනයට ද, අතිනාටකයට ද මේ උරුමය වලංගු නැත. ඒවා ඓතිහාසික වැදගත් කමක් මිස සාර්වත්‍රික ගුණයක් අත්පත් කර නොගනියි.