වර්ෂ 2018 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා සඳුදා




»

2018/09/30 - ශීර්ෂ පලඳනා පැලඳවීම 30 වැනිදා දෙහිවල ජයසිංහ ශ්‍රවණාගාරයේදී

»

2018/09/30 - රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද (20) සිට 30 වැනිදා දක්වා ටවර්හෝල් රඟහලේදී

බංකර් කුරුටු ගී ප්‍රදර්ශනය ජූනි 30

බංකර් කුරුටු ගී ප්‍රදර්ශනය ජූනි 30

හිටපු යුදහමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

රණවිරුවන් විසින් යුද බිමේදී ලියා තැබුව කවි, ගී ඇතුළු නිර්මාණ ඇතුළත් බංකර් කුරුටු ගී නමින් ප්‍රදර්ශනයක් ලබන ජූනි 30 වැනිදා මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ප්‍රදර්ශනය ආර්ය පදනමේ 10 වැනි සංවත්සරයට සමගාමීව සිදු කෙරේ. රණවිරු අභිමානය කම්පනයෙන් යුතුව හා නිල ඇඳුමෙන් පිටතට පෙනෙන එඩිතර බව, ගාම්භීරත්වය හා තේජාන්විත රණවිරුවාගේ ඇතුළත ඔබ නොසිතූ ඉසව්වකට කැඳවාගෙන යන අයුරු මෙම ප්‍රදර්ශනයෙන් ගම්‍යමාන වෙයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් මෝදර රොක් හවුස් කඳවුරේදී පැවැත්විණි.

රණබිමේ යුද්ධයෙන් එහාට ගිය රණවිරුවාගේ අපූරු වූ හැඟීම් පිළිබඳ ජනතාවට තිරය විවෘත නොවූ හෙයින් ඔබට ප්‍රථම වරට මෙරට තුළදී මෙම සුවිශේෂී අවස්ථාව හිමි කර දී ඇත. මෙය විවෘත ප්‍රදර්ශනයකි. එයට සමාගමීව විල්සන් ගුණරත්නයන්ගේ චරිත අටක් නාට්‍යය එදින නොමිලේ ප්‍රදර්ශනය කරනු ඇත.

සේයා හා සටහන - නිශ්ශංක විජේරත්න