වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා




»

2017/12/23 - වාද බයිලා නත්තල් සවාරිය 14 සිට 23 දක්වා

»

2017/12/17 - ‘පොත් ගුල්ලී’ 17 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී

»

2017/12/17 - පුංචි දරුවන්ගේ හදවත් වෙනුවෙන් ‘සෝන්ග් ඔෆ් ලිට්ල් හාර්ට්ස්’ පානදුරදී

»

2017/12/17 - ගොන්ඩෝලා 17 දා හොරණ ශ්‍රීපාලි රඟහලේදී

සාහිත්‍ය කලා මහෝත්සවය 7 වැනිදා

සාහිත්‍ය කලා මහෝත්සවය 7 වැනිදා

කොළඹ දිස්්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය මෙම මස 07 වැනිදා එනම් අද උදෑසන 9 ට කොළඹ ලුම්බිණි රඟහලේදි පැවැත්වේ. මෙහිදී කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලැබේ. එයට සමගාමීව කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් සත් දෙනෙකුට කොළොම්තොට භූෂණ සමමානය ලබාදිමට නියමිතය. ඒ අනුව ටී. ජේ. ඩී. පීරිස්, ජයන්ත කළුපහන, බි. සිරිතුංග පෙරේරා, කුමාරි අත්තනායක, හෙන්රි රාජකරුණා, වාසුකී ජෙගදීශ්වරම් සහ ඩබ්ලිව්. ඒ. එම්. විරක්කොඩි කොළොම්තොට භුෂණ සම්මානයෙන් පිදුම් ලබති. කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති වශයෙන් එඩ්වඩ් චන්ද්‍රසිරි කටයුතු කරයි.