අජිත්ගේ ‘රූපයේ අසන්ධි මිත්‍රකම’ 16 දා චිත්‍රපට සංස්ථාවේදී

Monday, සැප්තැම්බර් 16, 2019 - 10:45 to Tuesday, සැප්තැම්බර් 17, 2019 - 01:45

 

වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ මාධ්‍ය භාවිතය සහ රසවින්දන ස්වරූපය නිරීක්ෂණය කරමින් ඒ අනුව ඔවුන්ගේ විචාරශීලිත්වය නංවන නව විචාර ක්‍රමවේදයක් සහ ඒ අනුව ලියැවුණු විචාර ග්‍රන්ථයක් 2019 සැප්තැම්බර් මස 16 වන දින සවස 3 ට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී ජනගත කෙරේ.

අජිත් ගලප්පත්ති විසින් හඳුන්වා දෙනු ලබන මෙම නව විචාර ක්‍රමවේදය රූප සමුච්ච විචාරය යනුවෙන් නම් කොට ඇත. මෙම නව විචාර ක්‍රමවේදය භාවිත කරමින් රචනා කරන ලද නවතම අධ්‍යයන ග්‍රන්ථය ‘රූපයේ අසන්ධිමිත්‍රකම’ යනුවෙන් මෙම උලෙළේදී එළි දකී.

ආචාර්ය සරත් අමුණුගම සහ දීප්ති කුමාර ගුණරත්න මෙහිදී ප්‍රධාන දෙසුම් පවත්වති. ස්වර්ණා මල්ලවාරච්චි, මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, ශ්‍රියානි අමරසේන, නදීකා ගුණසේකර සහ පසුගියදා ලොව විශිෂ්ටතම නිළිය ලෙස සම්මාන ලද නිල්මිණි සිගේරා සහ චිත්‍රපට සංස්ථා සභාපතිනිය වෙත මෙම ග්‍රන්ථයේ මුල් පිටපත් පිළිගැන්වීමට නියමිතය. චිත්‍රාල් සෝමපාලගේ ගීත ගායනයක් සහ කෙටි චිත්‍රපටයක් මෙම උලෙළට ඇතුළත්ය. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ නවතම කෙටි චිත්‍රපටය ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. සම්භාවනීය විද්වතුන් සහ කලාකරුවන් රැසක් මෙම උලෙළට සහභාගි වීමට නියමිතය. අජිත් ගලප්පත්ති ලියූ ‘රූපයේ අසන්ධිමිත්‍රකම’ සරසවි ප්‍රකාශනයකි.

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න