සූප්පුවාගෙන් පොත් හතරක්

Friday, සැප්තැම්බර් 13, 2019 - 01:00 to Saturday, සැප්තැම්බර් 14, 2019 - 01:00

 

කිත්සිරි මෙවන් ජයසේන විසින් රචනා කළ ග්‍රන්ථ හතරක් මෙම මස 13 වැනිදා සවස කටුබැද්ද ටැලන්ට් ඒෂියා ආයතනයේදී ජනගත කෙරේ. සාගිනි උයන, මූසිල, ලස්සන මාර්ගය සහ ලිලිපුට්ටෝ එම කෘතීන් හතරයි. උලෙළේ ප්‍රධාන දෙසුම පානම විජේසිරිවර්ධනගෙනි. එහි මාතෘකාව සංස්කෘතික සෝදාපාළුව හා අද දවසේ කලාකරුවාගේ කාර්යභාරය වේ. කිත්සිරිගේ මෙම ග්‍රන්ථ සියල්ලම වේදිකා නාට්‍ය පිටපත්ය. ඒවා අතරින් සාගිනි උයන සහ මූසිල පෙර වේදිකාගත වු අතර අනෙක් ද්විත්වය ඉදිරියේදී නිෂ්පාදනය වීමට නියමිතය. මෙම ග්‍රන්ථයන් එළිදැක්වීමේ උලෙළ කර්තෘ ප්‍රකාශන සංසදයේ සංවිධානයකි. කිත්සිරි ඔබ වඩාත් හඳුනන්නේ හඳයා සිනමාපටයේ සූප්පුවාගේ චරිතය රඟපෑ ළමා නළුවකු හැටියටය.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න