ශි‍්‍රයන්ත-ටෙනිසන් සමඟ ජය ශ්‍රී ඇමතිතුමා 11 එයි

Wednesday, සැප්තැම්බර් 4, 2019 - 11:30

ජනිත මාරසිංහ නිෂ්පාදනයක්

 

 

නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ ජය ශ්‍රී ඇමතිතුමා චිත්‍රපටය මෙම මස 11 වැනිදා සිට තිරගත වෙයි. එය ඛ්ඡ්ඹ් මණ්ඩලයේ බෙදාහැරීමකි. ජනිත ෆිල්ම්ස් වෙනුවෙන් ජනිත මාරසිංහගේ 5 වැනි සිනමා නිෂ්පාදනය වන ජය ශ්‍රී ඇමැතිතුමා සිනමා පටයේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රි ඩයස්, ජීවන් හඳුන්නෙත්ති, ඩී. බී ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංගනයෙක් දායක වෙති. ශ්‍රීයන්ත මෙන්ඩිස් සහ ටෙනිසන් කුරේ එකම සිනමාපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වේ.

කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ රවීන්දු රෝහණ ගෙනි. සංස්කරණය ප්‍රවීන් ජයරත්න විසිනි. කලා අධ්‍යක්ෂණය චාමින්ද වාස්ගේ වන අතර ශබ්ද පරිපාලනය ශසිත් ගිම්හාන්ගේය. ගී පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු ගෙනි. ජීප්සීස් සුනිල් පෙරේරා ගීත ගායනයෙන් සහ තනු නිර්මාණයෙන් දායක වීය.