අනඳ මිතු සර 2019 “කිතු ගොසේ සොයුරුදම” සැප්තැම්බර් 1 වැනිදා

Sunday, සැප්තැම්බර් 1, 2019 - 10:30
 
කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන “අනඳ මිතු සර 2019 – කිතු ගොසේ සොයුරුදම” සහෘද එකමුතුව සැප්තැම්බර් 1 වැනිදා කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වේ. ආදි ආනන්දීයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා මිත්‍රත්වය, සුහදත්වය, සහෝදරත්වය වර්ධනය කිරීම මෙහි අරමුණ වේ. දරුවන් සඳහා විශේෂිත ක්‍රීඩා, මැජික් සන්දර්ශන, විනෝද ක්‍රීඩා සහ තරඟ, අනුබද්ධිත කණ්ඩායම් අතර පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය, කාන්තා ක්‍රිකට් තරඟය, ප්‍රදර්ශනාත්මක රගර් තරඟය යනාදිය මෙහිදී පැවැත්වෙන අතර ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමේ. ම්ඪදඨඵ වාද්‍ය වෘන්දය සමඟ ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා සංගීතවත් කරන සංගීත සැඳෑව ද මීට එක් වේ. ඇතුළුවීම නොමිලේ. ආදි ශිෂ්‍ය සැමට මේ සඳහා ආරාධනා කෙරේ.