ජාතික යොවුන් නාට්‍ය උලෙළ අද සිට

Wednesday, අගෝස්තු 28, 2019 - 12:15 to Tuesday, සැප්තැම්බර් 10, 2019 - 12:15

හතළිස් වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙළ මෙම මස 29 සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා මරදාන ටවර් රංග ශාලාවේදී පැවැත් වේ. මෙහි සමාරම්භය ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගගේ ප්‍රධානත්වයෙන් 29 වැනිදා සවස සිදු වේ. සෑම දිනකම සවස 6.30 ට නාට්‍ය වේදිකා ගත වනු ඇත.

ඒ උලෙළේ නාට්‍ය වේදිකා ගත වන පිළිවෙළ මෙසේය.

08/29 – අසංක ගුරුසිංහගේ ප්‍රේමයේ නගරය (දිගු)

08/30 – නිලංක නිසලාංජලගේ අතරමැදියා (දිගු)

08/31 - සඳුන් ප්‍රසාද් අබේකෝන්ගේ ඇවිත් බලන්න (කෙටි)

අප්පාල් පෙයුම් මාලෙයි (දමිළ කෙටි)

මුදිත පියුම්හරගේ නග්නදේව (කෙටි)

ලසන්ත රත්නායකගේ ඩොලර් හීන (කෙටි)

09/01 – මධුරංග ශ්‍රිලාල්ගේ ආදරණීය මරණයක් (දිගු)

09/02 - සචිත්‍ර අනුපමගේ කැපතං (කෙටි)

තෝක්කි (දමිල කෙටි)

භානු සුතරකගේ සෙකන්ඩ් රවුන්ඩ් ඔෆ් ද රියැලිටි (කෙටි)

සුරේෂ් මධුශාන්තගේ පොත්ගුල (කෙටි)

09/03 - සනත් කරුණාරත්නගේ සොභාවික වෙඩි තැබීමක්

09/04 - සහන් අංජනගේ ඩාක් කලර් (කෙටි)

පාල් (දමිළ කෙටි)

දේදුනු සංගීතාගේ ෆීමේල් (කෙටි)

එච්. එම්. දිල්ශාන්ගේ පාද චාරිකාවෝ (කෙටි)

09/05 – ලහිරු ප්‍රසාද් බන්දුලගේ බ්‍රේන් වොෂ් (දිගු)

09/06 - සඳුන් ලක්ෂාන්ගේ නයිට් ඩියුටි

තලෙයි ඉල්ලා සිලෙයි (දමිළ කෙටි)

කේ. එම්. ඉෂාන්ගේ ද ස්මෙල් (කෙටි)

එස්. ඒ. සුභාවිතගේ මාව කන්න

09/07 - දමින්ද ප්‍රසාද්ගේ සෆාරියක් සහ සවාරියක් (දිගු)

09/08 - සමන් ලියනාරවිගේ මනෝ මාළිගා