‘මට තාම හතළිහයි‘ 19 වැනිදා සිට 25

Monday, අගෝස්තු 19, 2019 - 12:00 to Sunday, අගෝස්තු 25, 2019 - 12:00

වේදිකා නාට්‍ය සංවිධායකවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු වන ජූඩ් ශ්‍රීමාල්ට ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය ක්ෂේත්‍ර යේ වසර හතළික් සපිරෙයි. ඒ සිහිපත් කරමින් පවත්වන විශිෂ්ට නාට්‍යකරුවන් කිහිපදෙනකුගේ වේදිකා නාට්‍ය හතක් රැගත් ‘මට තාම හතළිහයි‘ නාට්‍ය උලෙළ මේ මස 19 වැනිදා සිට 25 වැනිදා දක්වා සවස 7.00ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත්වෙයි.

 

අගෝස්තු 19 වැනිදා

*දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත‘

 

අගෝස්තු 20 වැනිදා

*හෙන්රි ජයසේනගේ ‘කුවේණි‘

 

අගෝස්තු 21 වැනිදා

*ගුණසේන ගලප්පත්තිගේ විශිෂ්ට නාට්‍යයක් වන ‘මූදු පුත්තු‘ නව අධ්‍යක්ෂණය වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්ති

 

අගෝස්තු 23 වැනිදා

*ධර්මසේන පතිරාජගේ ‘වංකගිරිය‘ සහ

*බෙංගාලි ලේඛක රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ට කෙටි කතාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ ‘ගිරා පන්තිය‘

 

අගෝස්තු 23 වැනිදා

*ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම‘

 

අගෝස්තු 24 වැනිදා

*සයිමන් නවගත්තේගමගේ විශිෂ්ට නිර්මාණයක් වන ‘සුදු සහ කලු‘, අධ්‍යක්ෂණය ශ්‍රියන්ත මෙන්ඩිස්

 

අගෝස්තු 25 වැනිදා

*මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ ‘බවකඩතුරාව‘ අධ්‍යක්ෂණය ලලිතා සරච්චන්ද්‍ර

-තිලානි ශානිකා