ජෝති උපහාර ගී බොරැල්ලේදී

Sunday, ජූලි 7, 2019 - 09:00

මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි ආදි ගීත ජෝතිට ලියා දුන් තිස්ස ඩයස් සංවිධානය කරන ජෝති උපහාර ගී ප්‍රසංගයක් ජූලි මස 07 වැනිදා උදෑසන බොරැල්ල රාහුල කලා ආයතනයේදී පැවැත්වේ. රවීන්ද්‍ර රන්දෙණිය, සතිස්චන්ද්‍ර එදිරිසංහ, සනත් ගුණතිලක, සඳුන් විජේසිරි, ජයසේකර අපොන්සු, ජීවන් කුමාරතුංග, කීර්ති පැස්කුවල්, පුන්සිරි සොයිසා, ලලිත් පොන්නම්පෙරුම, චලක චමුපති පෙරේරා ආදිහු මෙම ප්‍රසංගයට ගායනයෙන් දායක වෙති. ප්‍රියන්ත උදයකුමාර මෙහි සම සංවිධායකවරයා ය.