අම්පාර තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලයේ සිනමා පාඨමාලාවක්

Sunday, ජුනි 23, 2019 - 10:45

 පාසල් හැරගිය තරුණ තරුණියන් සඳහා නොමිලයේ සිනමා හා රූපවාහිනි පාඨමාලාවක් පැවැත්වීමට දේශමාමක කලාකරුවන්ගේ ජාතික සංසදය කටයුතු යොදා ඇත. රජයේ අනුමත අධ්‍යාපන ආයතනයක් වන (ඕඅඡ්ඛ්) බ්‍රෙක් අධ්‍යාපන පදනමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව ජූනි 22 වැනිදා පෙරවරු 9.00ට අම්පාර සද්ධාතිස්ස මාවතේ සමූපකාර මන්දිර ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතය.

හය මාසික පාඨමාලවක් වන මේ සඳහා අම්පාර දිස්ත්‍රිත්කයේ අ.පො.ස. සා/පෙළ සමත් හා අසමත් සිසු සිසුවියන් 120 දෙනෙකු දායක කර ගැනීමට නියමිත බවත් ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් විසින් දේශන මෙහෙයවන අතර ප්‍රායෝගික වැඩමුළු ඔස්සේ සිසුන්ගේ විෂය මූල දැනුම වර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත් දේශමාමක කලාකරුවන්ගේ ජාතික සංසදයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන මහා ස්ථවීර පවසා සිටිති.