වර්ෂ 2021 ක්වූ January 26 වැනිදා Tuesday
පුණ්‍යානුමෝදනාවක්
මහනුවර ‘සරසවි ශිල්ප තක්ෂලාධිපති, නාට්‍ය නිෂ්පාදක හා රංගන ශිල්පී උපාලි තිලංක හේවගේ සහ සහෝදර සහෝදරියන්ගේ සදාදර මෑණියන් වූ එස්ලින් එල්ලාවල මහත්මිය හා සදාදර පියාණන් වූ ආරියදාස හේවගේ මහතාට මෙන්ම සියලු කලාකරුවන්, ජාතික විරුවන් හා පසුගියදා ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ද පුණ්‍යානුමෝදනා කෙරෙන විශේෂ පුණ්‍යෝත්සවයක් ජූනි 07 සවස 4 සිට විශේෂ පහන් පූජාවක් ගිලන්පස පූජාවක් හා රාත්‍රී 7 සිට සුමධුර ධර්ම දේශනාවක් ද ජුනි 08 පසුදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් හා එදින සවස 4 සිට විශේෂ බෝධි පූජාවක් ද පේරාදෙණීය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ පැවැත්වීමට මහනුවර සරසවි ශිල්ප තක්ෂලාවේ සිසු සිසුවියන් කටයුතු යොදා ඇත..
මෙම පුණ්‍යෙීත්සවයට මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂිකා ස්වර්ණා පෙරේරා මහත්මිය, සංස්කෘතික නිලධාරින්, කලාකරුවන් මෙන්ම වෙනත් ප්‍රභුන් ද සහභාගිවීමට නියමිතය.