මාටිං අයියාගේ රත්තා ජූනි 4 නිකුත් වේ

Tuesday, ජුනි 4, 2019 - 00:30

 

ජයකොඩි සෙනෙවිරත්න විසින් රචිත මාටිං අයියාගේ රත්තා කෙටිකතා කෘතිය ජූනි 04 වැනිදා මරදාන පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී නිකුත් කෙරේ. මෙහි එන කෙටි කතා අතරින් කිහිපයක් 70 දශකයේ රචිත ඒවා වන අතර අනෙකුත් කතා මෑත කාලයේ විරෝධාකල්ප මුල් කරගෙන රචිත කෙටිකතා වේ. රාජ්‍ය සම්මාන දිනූ කුමාරිහාමි සහ සුධාරි, දිසාපාමොක්, නැලේ ගස, අක්වැල්ල, ටිකිරිහාමු වැනි ජනප්‍රිය නවකතා රැසක් ජයකොඩි සෙනෙවිරත්න විසින් රචනා කළ කෘති අතර වේ.