ගින්නෙන් උපන් සීතල ගැන විද්වත් කතිකාවක්

Saturday, මැයි 25, 2019 - 08:30
අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල සිනමාපටය පිළිබඳ විද්වත් කතිකාවතක් මෙම මස 25 වැනිදා සවස මරදාන ඩීන්ස් පාරේ 281 අංකය හිමි සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, විචාරක පුබුදු ජයකොඩි, විචාරක චින්තන ධර්මදාස මෙහිදී දෙසුම් පවත්වති. මෙම කතිකාව මෙහෙයවනු ලබන්නේ නුවන් ලියනගේ විසිනි. මෙහි සංවිධානය සහ සම්බන්ධීකරණය කෙටි චිත්‍රපට සංගමය සහ ශ්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය මඟිනි.