හෙන්රිගේ තුවක්කුකරුවාගේ කතාව 07 දා ජනගත වේ

Tuesday, මැයි 7, 2019 - 10:15
 
සිනමා  විචාරකයකු මෙන්ම ප්‍රකට  ලේඛකයකු ද වන හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනාකරනු ලැබූ නාඳුනන  තුවක්කුකරුවාගේ කතාව කෘතිය මෙම මස 07 වැනිදා සවස කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙයි. ආචාර්ය ලයනල් බෝපගේ  මෙදින ප්‍රධාන දෙසුම පැවැත්වීමට නියමිතය. ප්‍රසාදි නිමෙන්තිකා උත්සවයේ පූරකවරිය ලෙස කටයුතු කරනු ලබයි. ග්‍රන්ථය ජනගතකිරීමට සමගාමීව සංවාද කතිකාවතක් පැවැත්වෙන අතර  ධර්ම ශ්‍රී කාරියවසම් එය මෙහෙවනු ලබයි. නාඳුනන තුවක්කුකරුවාගේ කතාව සුරස  ප්‍රකාශනයකි.