සුනිල් අමරසිංහගේ හිරු එළිය 12 දා

Thursday, දෙසැම්බර් 6, 2018 - 09:15 to Wednesday, දෙසැම්බර් 12, 2018 - 09:15

ගායන ශිල්පී විශාරද සුනිල් අමරසිංහගේ හිරු එළියක් සංයුක්ත තැටිය මෙම මස 12 වැනිදා සවස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී එළිදැක්වෙයි. ඔහු ගැයූ ගුවන්විදුලි ගීත අතරින් තෝරාගත් ගීත කිහිපයක් එයට ඇතුළත් වේ. මහාචාර්ය සනත් නන්දසිරිගේ ප්‍රධානත්වයෙන් පැවැතවෙන මෙම උළෙලේ මුඛ්‍ය දෙසුම ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙනි. වසන්ත රෝහණ පූරකවශයෙන් කටයුතු කරයි. සංගීත අධ්‍යක්ෂණය සිදත් සෝමසුන්දර ප්‍රමුඛ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයෙනි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත වැඩසටහනේ නිෂ්පාදකවරයකු ලෙස සේවය කරන සුනිල් මධුවන්ති, සරසවි අසපුව ගීත නාට්‍යය, ශාස්ත්‍රීය සංගීතය, මාසික රැඟුම, ආවර්ජනා, විරිඳු ආදි වැඩසටහන් රැසක් සම්පාදනය කළේය.