ෆෙයාර්වේ සම්මාන දිනුවෝ

Monday, දෙසැම්බර් 3, 2018 - 09:30 to Friday, දෙසැම්බර් 7, 2018 - 09:30

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සාහිත්‍ය උලෙළක් වන ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය 2018 දෙසැම්බර් මස 03 වැනිදා ගාළු මුවදොර හෝටලයේදී මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස ක්ෂෙත්‍රයේ පුරෝගමී සමාගමක් වන ෆෙයාර්වේ හොල්ඩින්ග්ස් ආයතනය විසින් මෙරට පළ කෙරෙන ප්‍රශස්ත මට්ටමේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි නිර්මාණාත්මක නවකතා ඇගයීම උදෙසා අඛණ්ඩව 4 වැනි වසරටත් සංවිධානය කරන ලදී.

අයදුම්පත් කැඳවීමෙන් පසු ලැබුණු උසස් තත්ත්වයේ ග්‍රන්ථ 120 කට අධික සංඛ්‍යාවක් අතරින් මෙහිදී හොඳම සිංහල සාහිත්‍ය නවකතාව ලෙස අරුණ ප්‍රේමරත්නගේ තරු විසුල රැය සම්මාන දිනූ අතර දමිළ නවකතාව වූයේ ප්‍රනාන්දු සීමන් පතිනාදන්ගේ තොට්ටු පොනවරකල්ය. හොඳම ඉංග්‍රීසි නවකතාව සඳහා මෙහිදී සම්මාන පිරි නොනැමිණ.