රට තොට බලලා උගනිමු බයිලා බයිලා පන්තියක්

Wednesday, නොවැම්බර් 28, 2018 - 12:15 to Wednesday, දෙසැම්බර් 5, 2018 - 00:30


බයිලා ලොව කිරුළු පලන් බයිලා ගායකයකු මෙන්ම රචකයකු ද වන පර්සි රාජපක්ෂගේ බයිලා ඇකඩමිය සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව මේ දිනවලදී බඳවා ගැනේ. බයිලා ගායනය, රචනය බයිලා කලාවේ ඉතිහාසය ඇතුළු අංශ කිහිපයක් යටතේ මෙහිදී ඉගෙනුම් කටයුතු සිදු කෙරේ.කිසිදු ගාස්තුවකින් තොරව මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට බයිලා කලාව හැදෑරීමට හැකිවීම විශේෂත්වයකි. රත්මලාන බොරුපන සමඟිපුර පිහිටි මේ සඳහා වයස් භේදයකින් තොරව පිරිස බඳවා ගන්නා අතර 0788955311 අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.
-------------------------

කවි පොත් තුනක්

ලාල් හේවාපතිරණගේ ගලන ගඟකි ජීවිතේ


කෙටි කතාකරුවකු මෙන්ම සම්මානනීය ටෙලිනාට්‍ය හා වාර්තා වැඩසටහන් නිර්මාණකරුවකු වන ලාල් හේවාපතිරණගේ නවතම කෘතිය ගලන ගගකි ජීවිතේ කාව්‍ය සංග්‍රහය පසුගිය දින එළිදැක්විණි.

--------------------------

සුජීව සිරිමෙවන්ගේ මයිලපත් සමනල්ලු


සුජීව සිරිමෙවන් විසින් රචිත 'මයිලපත් සමනල්ලු' කාව්‍ය කෘතිය සන්ථව ප්‍රකාශනයක් ලෙසින් ජනගත කෙරිණි. නිදහස් භාෂා රටාවක් ඔස්සේ ඉසියුම් ලෙස මානව ලෝකයේ පවත්නා වූ මිනිස් බැඳීම් මෙන්ම ලිහිල් වීම් පිළිබඳව දක්වන නිරීක්ෂණය කවියේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. සුජීව සිරිමෙවන් කවියා මෙයට පෙර සංජීව මූණමල්පේ හා එක්ව 1997 දී 'පාලම මත ලිස්සන සුලුය' යන නමින් කාව්‍ය ග්‍රන්ථයක් එළිදක්වා තිබේ.

---------------------------------
සංජීව මූණමල්පේගේ ‘ඔබට නොවේ බටිත්තන්ට’


සංජීව මූණමල්පෙ විසින් රචිත 'ඔබට නොවේ බටිත්තන්ට' කාව්‍ය කෘතිය සන්ථව ප්‍රකාශනයක් ලෙස එළිදැක්විණි. ඉතා සියුම් හෘදයාග්‍රාහී රීතියකින් යුතුව සිය කවිය පාඨක දෝතට පිරිනමන සංජීව මූණමල්පේ මෙයට පෙර සුජීව සිරිමෙවන් හා එක්ව 1997 දී 'පාලම මත ලිස්සන සුලුය' නමින් කවි පොතක් එළිදක්වා තිබේ.