04 වැනිදා ‘ගිනියම් ඇස්’ ඇරෙයි

Wednesday, නොවැම්බර් 28, 2018 - 12:15 to Tuesday, දෙසැම්බර් 4, 2018 - 12:15
ජයශංක කරුණාරත්න රචනා කළ අලුත්ම නවකතාව 'ගිනියම් ඇස්' එලඹෙන දෙසැම්බර් මස 04 වැනිදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් මැදුරේදී ජනගත කෙරේ.
ත්‍රාසය දනවන නවකතාවක් වන 'ගිනියම් ඇස්' නිර්මාණය කිරීම සඳහා වස්තු බීජය සැපයූවේ 1974 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා ශ්‍රී ලාංකේය ගුවන් ගමන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය වූ ඉන්දුනීසියාවේ මාටින් එයාර් ගුවන් සමාගමට අයත් ඩී. සී. අට ගුවන් යානය සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වීමය.
 
- නිශ්ශංක