ධර්මසිරි ගමගේ නමින් සිහින නෙළුම් මල 4 දා පිපෙයි

Wednesday, නොවැම්බර් 28, 2018 - 10:15 to Tuesday, දෙසැම්බර් 4, 2018 - 10:15

විශිෂ්ට මාධ්‍යවේදියයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු. ගීත රචකයකු මෙන්ම නව පරපුරක දිසාපාමොක්වරයකු වූ ධර්මසිරි ගමගේ අප අතරින් වියෝ වී වසර පහළොවක් ගතවීම නිමිති කර ගනිමින් එළඹෙන දෙසැම්බර් මස 04 වැනිදා සිහින නෙළුම් මල නමින් උපහාර උත්සවයක් කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී බුද්ධදාස හේවගේ පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරිීම සිදු කරන අතර මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර දෙසුම් පැවැත්වීමට නියමිතය. ආචාර්ය නන්දා මාලිනී, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් සහ සාරංග දිසාසේකර උලෙළ ගැයුමෙන් රසගන්වනු ඇත. සංගීතය මෙහෙයවීම රංජිත් බාලසූරියගෙනි. බණ්ඩාර ඇහැලියගොඩ පූරක වශයෙන් කටයුතු කරයි. මෙහිදී ධර්මසිරි ගමගේ අනුස්මරණ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.