වර්ෂ 2018 ක්වූ ඔක්තෝබර් 23 වැනිදා අඟහරුවාදා




රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි
රෝයල් ඉබ්බෙක් 23 දා
මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
වාල්මීකිත් නොසිතූ නාමෙල් වීරමුණිගේ රාවණා සීතාභිලාෂය

වාල්මීකිත් නොසිතූ නාමෙල් වීරමුණිගේ රාවණා සීතාභිලාෂය

අප අතර සිටින ප්‍රවීණ නාට්‍යකරුවා වන නාමෙල් වීරමුණිගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය ‘රාවණසීතාභිලාෂය’ අද ඇතුළුව (4වැනිදා) 5, 6 යන තෙදිනෙහි නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත වීමට නියමිත ය. ‘රාවණසීතාභිලාෂය’ සංගීතමය නාටකයකි. ‘රාවණසීතාභිලාෂය’ නවතම වේදිකා නාට්‍යය පිළිබඳ නාමෙල් වීරමුනි සමඟ ‘සරසවිය’ට සිදු කළ සංවාදයකි.

*‘රාවණසීතාභිලාෂය’ වේදිකා නාට්‍යයේ නාට්‍යය පිටපත ලියන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක හා ඔබයි.

මහාචාර්ය ජේ.බී. දිසානායක රචනා කරන ලද ‘රාවණ’ කියන ගීත නාටකයෙන් කොටසකුත්, ඒ සඳහා ම මා විසින් රචනා කරන ලද කොටසකුත් එකතු කර ගනිමිනුයි ‘රාවණසීතාභිලාෂය’ සංගීතමය නාටකය නිර්මාණය වන්නේ.

*මහාචාර්ය ජේ. බී. දිසානායක ‘රාවණ‘ ගීත නාටක පිටපත ලියන්නේ වසර ගණනකට පෙර නේද?

ඔහු ‘රාවණ’ නාට්‍යය ලියන්නේ 1956 වසරේදී. ඒ ‘මනමේ’ නාට්‍යය දැකීමත් සමඟයි. ඒ ආභාසයෙන්. ඔහුගේ බස අද වගේ ම එදත් බොහොම සෞම්‍යයයි. එහි සෞන්දර්යාත්මක බව එදත් රැඳීලා තිබුණා. එය එකල ආනන්ද විද්‍යාලයේදී නිෂ්පාදනයක් ලෙස වේදිකා ගතවුණා. ඉන්පසුවයි ඔහු මගේ අතට මේ නාට්‍යය පිටපත පත් කරන්නේ. ඒ අනුව මේ නාට්‍යය පිටපත නිෂ්පාදනය කිරීමට මා ඔහුට යෝජනාවක් රැගෙන එනවා.

*එහෙත් ඔබ ඒ නාට්‍යය පිටපතට තවත් කොටසක් ඇතුළත් කරනවා

මහාචාර්ය ජේ.බී. දිසානායකගෙන් නාට්‍යය පිටපත මට ලැබුණට පස්සේ මා ඒක කියෙව්වා. එවිටයි මට දැනුණේ මේ නාට්‍යයේ පිටපතේ තිබෙන්නේ සෞන්දර්යාත්මක බව පමණක් බව. ඒ නිසා යම් ගැඹුරක් ආරෝපණය කිරීමට මට වුවමනා වුණා. මේ ගැඹුර ඇති කිරීම සඳහා මා යම් සිදුවීම් කිහිපයක් මනා ලෙස ගැළපෙන අයුරින් පළමු කොටසට බද්ධ කළා.

*රාම හා රාවණ කතාව බොහෝ දෙනා අසන ලද පුරාවෘත්තයක්. එය ඔබ නාට්‍යයට නඟන්නේ ඒ ආකාරයෙන් ම ද?

ඉන්දියාවේදි රාම ව සලකන්නේ දෙවියෙක් විදියටයි. හින්දු සමාජය ඔහු ව සලකන්නේ විශ්ණු දෙවියන්ගේ අවතාරයක් විදියටයි. වාල්මිකී ඔහු ව ලියලා තියෙන්නේ රාම කියන්නේ ශ්‍රේෂ්ඨ දෙවියෙක් විදියට සලකමින්. එහෙත් රාවණ දඩුමොනරයෙන් ඉන්දියාවට ගොස් සීතාව පැහැරගෙන එන්නේ පළිගැනීමක් වශයෙන්. ඒ රාමගේ සහෝදරයා සුපර්ණීකාගේ නහය කැපීම නිසයි. රාවණව අපේ රටේ සලකන්නේ ශ්‍රේෂ්ඨ රජකු විදියටයි. ඔහුව දසිස් යනුවෙන් හඳුන්වනවා. හිස් දහයක් ඇතැයි යනුවෙන් අපට ඔහුව අර්ථකථනය කළ හැක්කේ ඔහු එක් අවස්ථාවක දස විදියකින් හිතන මතන විදිය යනුවෙන්. එවැනි ප්‍රබල ඥානයක් තිබුණු කෙනකු වශයෙන්. ඒ වගේ ම රාවණ කෙනකු අපේ සිටි බවට මා අනිවාර්යයෙන් ම විශ්වාස කරනවා. ඒ මා කරන ලද පර්යේෂණවලට, අධ්‍යයනවලට අනුවයි. එකල අපේ රටේ අදට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට ලැබෙන සාධක අනුවයි. කොහොම නමුත් මේ සියලු දේ සලකමින් මා මේ කතාවේ සමහර දේ වෙනස් වීම්වලට ලක්කරමිනුයි නාට්‍යයට නඟන්නේ.

*මෙහිදි පතිව්‍රෘත්තාව රකින සිතාගේ චරිතය ඔබ වෙනස් වීමට ලක්කරන්නේ කෙලෙස ද?

මේ නාට්‍යයේ ඉතිරි කොටස ලියන්නට පෙර මා බොහෝ දේවල් කියෙව්වා. බොහෝ කරුණු කාරණා සෙව්වා. එහිදියි රාම සීතාව ගඟට තල්ලු කර දමා සුපර්ණිකා සමඟ ජීවත් වුණු කතාවක් ද තිබෙන බව හෙළිවුණා. ඒ කොහොම වෙතත් සීතාගේ සංකල්පය ගොඩනැඟී තිබෙන්නේ පතිව්‍රෘත්තාව රකින ලද අග්‍රගණ්‍ය කාන්තාවක් විදියටයි. විය හැකියි. එහෙම අය සිටිය හැකියි. එහෙත් ඔය කියන සීතාවන් එදා සමාජයේ සිටියේත් නැහැ. අද සමාජයේ ඇත්තේත් නැහැ. විශේෂයෙන් ම වර්තමාන සමාජයේ එවැනි කාන්තාවන් ඇත්තේ නැහැ. එදා සෑම ගැහැනියකට ම තමන් කැමැති කෙනකු සමඟ යන්නට අවසර ලැබුණා. අපේ සමාජයේත් එක ගේ කෑම කියන ක්‍රමය නිර්මාණය වී තිබුණා. අපගේ නිදහස සීමා වුණේ බටහිර සංස්කෘතිය පැමිණීමත් සමඟයි. ඒ හරහායි ගැහැනියගේ නිදහස සීමා වන්නේ. සෑම ගැහැනියක් ම එක් පුරුෂයකු සමඟ ජීවත් වුවත් ලස්සන පුරුෂයකු දුටුවහොත් යම් හැඟීම් ඇති විය හැකියි. ඒ කාරණය පුරුෂ පක්ෂයටත් පොදු කාරණයක්. එවැනි සිතුවිලි වැළැක්විය නොහැකියි. එයයි මනුෂ්‍යත්වය කියන්නේ. මේ විදියේ සංකල්පයක ඉඳීමිනුයි මා සීතාගේ චරිතය නිර්මාණය කරන්නේ. එහෙත් ඈ පතිව්‍රෘත්තාව රැක නොගත්ත කාන්තාවක් විදියට නොවෙයි, ඊටත් වඩා ශ්‍රේෂ්ඨ කාන්තාවක් විදියටයි සීතාභිලාෂයෙන් සීතාගේ චරිතය ඉදිරිපත් වන්නේ.

*ඔබ රාවණ, රාම, සීතා යනු තුන්කොන් ප්‍රේමයක් ද?

රාවණ, රාමගෙන් පළිගැනීමේ අදහසින් සීතාව පැහැරගෙන පැමිණියත්, අවසානයේ ඔහු සීතාට ආදරය කරනවා. ඇගේ තිබෙන ලස්සනට, ගති ස්වභාවයට ඔහු ආදරය කරනවා. එහෙත් ඔහු කිසිම විටෙක ඈට බලහත්කාරකම් කිරීමට පෙලඹෙන්නේ නැහැ. බොහොම ආරක්ෂා සහිතවයි ඈව රැක බලා ගන්නේ. එවැනි කාරණා හරහා වෙනස් ම මානයක් මා මේ නාට්‍යයට අරගෙන පැමිණීමටයි අදහස් කළේ. කෙසේ වුවත් රාවණගේ ආදරයට කුමක් ද වන්නේ යන්න දැක බලා ගැනීමට නම් ප්‍රේක්ෂකයන්ට ‘රාවණසීතාභිලාෂය’ නාට්‍යය නැරැඹීමට ම සිදුවනවා.

*‘රාවණසීතාභිලාෂය’ නාට්‍යයෙන් ඔබ ඔප් නංවන්නට තනන මානුෂීය ගුණාංග මොනවාද?

රාම සීතා පිළිබඳ ලියැවුණු බොහෝ දේ වගේ ම අනෙක් තොරතුරු සොයා බලද්දි මට හැඟුණ කාරණය නම් සාම්ප්‍රදායික කතාව ඉක්මවා යන ලක්ෂණ රැසක් ඒ කතා ඇසුරෙන් ගොඩනඟා ගත හැකි බවයි. එහිදි රාවණගේ මවගේ චරිතය සුවිශේෂයි. මවකගේ ආදරය විශිෂ්ටයි. ඒ ආදරය කිසිවකු ළඟ නැහැ. තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පුදුන තැනැත්තියයි මව කියන්නේ. ඒ මඟින් දාරක ප්‍රේමය කියන සංකල්පය පිළිබඳ පැවසීමට මට වුවමනා වුණා. ඒ වගේ ම අප අතර තිබිය යුතු සාමය පිළිබඳත් මේ චරිත මඟින් කතා කළ හැකි බව මට හැඟී ගියා. සතුරු පාර්ශ්ව අතර සාමය ඇති කිරීමට වෙහෙසෙන්නී සීතායි. එවැනි උත්සාහයක් නිරත්තරයෙන් ම අප අතරත් ඇති විය යුතුයි. ඊට අමතරව නැන්දම්මා හා ලේළිය අතර ඇති වන, ඇති විය හැකි සදාතනික ගැටුමයි. මේ සියලු මානුෂීය කාරණා මා නාට්‍යයට ආරෝපණය කළා. ඒ සඳහා මා දුන් අර්ථකථනය වාල්මිකීවත් කිසිම දිනෙක නොසිතන ලද එකක් වන්නට ඇති. ‘රාවණසීතාභිලාෂය’ සඳහා මා ඇතුළත් කරන ලද ඒ මානුෂීය ගුණාංග කොයිතරම් දුරට සාර්ථක ද යන්න මා දන්නේ නැහැ. එය තීරණය කළ යුත්තේ මේ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයන් විසින්.

*එවැනි මානුෂීය ගුණාංග නිර්මාණයකට ඇතුළත් විය යුතු යැයි ඔබ තීරණය කළේ ඇයි?

අද තිබෙන්නේ කනපිට පෙරළුණු සමාජයක්. ඒ වගේ ම මුදල් පසුපස හඹා යන සමාජයකයි අද අප ජීවත් වන්නේ. දරුවන් විසින් මව්පියන් මරන, මව්පියන් විසින් දරුවන් මරන සමාජයකයි අද අප ජීවත් වන්නේ. කිසිම ඉවසීමක් නැති සමාජයකුයි අද නිර්මාණය වී ඇත්තේ. එහෙත් අප හික්මිය යුතුයි. දෙයක් කිරීමට පෙර අප කල්පනා කළ යුතුයි. එයයි කලාවෙන් අප කළ යුත්තේ.

*‘රාවණසීතාභිලාෂය’ නිර්මාණය වන්නේ ගීත නාටකයක් ලෙසයි

මා මෙය හඳුන්වන්නේ සංගීතමය නාට්‍යයක් වශයෙන්. නාට්‍යය මුල පටන් අවසානය දක්වා ම දිවෙන්නේ ගායනය හා සංගීතය සමඟයි. එහෙම කිරීමට මා සිතුවේ රාවණ නාට්‍යය මුලින් ම ලියැවෙන්නේ මනමේ දැකීමෙන් පස්සේ නිසා. ඒ නිසා ජේ. බී. දිසානායක මෙය ලියන්නේ නුර්ති, නාඩගම් අනුගමනය කර ගනිමිනුයි. මා රචනා කළ කොටසත් ඒ අයුරින් ම නිර්මාණය කිරීමට මට සිදු වුණා.

*මෙහි සංගීතය නිර්මාණය කරන්නේ කවුරුන්ද?

ජයන්ත අරවින්ද හා ලයනල් ගුණතිලක යන ප්‍රවීණයන් දෙදෙනා විසිනුයි මෙහි සංගීතය නිර්මාණය කළේ. එහිදි දේශීය සංගීත භාණ්ඩ කිහිපයක් ම මා සංගීත කණ්ඩායමට භාවිත කළා. මැන්ඩලීනය, මද්දලය, යක්බෙරය ඒ අතර විශේෂයි. නාඩගම් ශෛලිය ආශ්‍රය කර ගනිමින් වෙනස් විදියේ සංගීතමය නාට්‍යයක් ප්‍රේක්ෂකයාට රසවිඳීම සඳහා ලබාදීමටයි මට අවශ්‍ය වුණේ.

*‘රාවණසීතාභිලාෂය’ නාට්‍යයේ සංගීතය වගේ ම නර්තනයටත් විශේෂත්වයක් හිමිවෙනවා

නර්තනය නිර්මාණය කළේ අකිල පලිපහනයි. බොහොම දක්ෂ නර්තන ගුරුවරයකු වශයෙන්. ඔහු බිහිව තිබෙන්නේ චිත්‍රසේන රංගායතනයෙන්. ඔහු බොහොම දක්ෂ ලෙස හා උචිත ලෙස මෙහි නර්තනය නිර්මාණය කළා. ඒ ඒ අවස්ථා තීව්‍ර වන අයුරින් නිර්මාණය වුණු නර්තනය මේ නාට්‍යය ලස්සන කරනවා.

*මෙහි රඟපාන නළු නිළියන් රැසකින් සමන්විතයිද?

මෙහි නළු නිළියන් විස්සක් පමණ රඟපානවා. සීතා ලෙස රඟපාන්නේ සුරංගි කෝසලායි. මනමේ නාට්‍යයේ වැද්දාගේ චරිතය කරන රජිත, රාවණගේ චරියතයත්, රාමගේ චරිතය චමින්ද මිරිහාගල්ලගේත් රඟපානවා. මවගේ චරිතය සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවිගේ චරිතය රඟපාන නිහාරි වික්‍රමආරච්චිත්, නිලක්ෂි හැලපිටියත්, කසුනිත්, රඟපානවා. ඒ වගේ ම අනෙක් නළු නිළියන් වන්නේ සමන් ලියනාරච්චි, ගුවනි උවින්ද්‍යා, සුගත් මෛත්‍රී, මහේෂ් රාජගුරු, අමිත් කුමාරසිංහ, නිශාන්ත අජිත්, දර්ශන, මංජුල, දසුන්, තරංග, රවිඳු, අකංලක, දේව්මිණි, චාමිනි, කෞෂි, තරුෂි, පුර්ණි, ඉසුරුයි. මෙහි පොතේ ගුරුගේ චරිතය ඉදිරිපත් කරන්නේ තුන්දෙනෙක් විසින්. ඉන් එක් කෙනකු කාන්තාවක්. ඔවුන් විටින්විට නාට්‍යයේ චරිත බවට පත්වෙනවා. එය මා කළේ අත්හදා බැලීමක් වශයෙන්. ඒ වගේ ම ගායක පිරිසත් නාට්‍යයේ චරිත බවට පත්වෙනවා. ඊට අමතරව ඇඳුම් නිර්මාණයෙන් ජගත් කොස්මෝදර හා මාලිනී වීරමුනි, ඇඳුම් සැකැස්මෙන් මනෝමන්ජරී, රංගාභරණයෙන් ලයනල් බෙන්තරගේ, වේශ නිරූපණයෙන් චාමර අනුදත්, වේදිකා ආලෝකකරණයෙන් පභාත් මනෝහර, වේදිකා පරිපාලනයෙන් සමන් ලියනාරච්චි, වේදිකා සහයෙන් මාලී ජේම්ස්, ශ්‍රියානි රූපසිංහ, වාදක මණ්ඩලය ලෙස චන්දන, නිරෝෂන්, මහේන්ද්‍ර, චානුක, නිෂ්පාදනයෙන් මාලිනී වීරමුනි යන ශිල්පීන්ගේ ශිල්පියන්ගේ සහයෝගයෙනුයි මේ කටයුත්ත අද දින වේදිකා ගත වන්නේ. මේ වනවිටත් නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳයි. ඒ කියන්නේ අද දින 3.30 දර්ශනයේ ටිකට් සියල්ල විකිණී අවසන් බවත් සඳහන් කළ යුතුයි.