වර්ෂ 2018 ක්වූ ජූලි 22 වැනිදා ඉරිදා




මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි

වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි

'දීකිරි දීකිරි ගෙනාවා දීකිරි

මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි'

වර්ෂ 1974 ගැයුණු මේ වේදිකා නාට්‍ය ගීතය අදත් නොදන්නා කෙනකු සොයා ගැනීම අපහසු තරම්ය. රතු හැට්ටකාරී එතරම් අපට සමීප නිසාය. ඉන් වසර හතකට පසු නිර්මාණය වුණු 'තාරාවෝ ඉගිලෙති' ද අපට අමතක නොවන්නේ 'සෝබාව දේ මෙපුර' වැනි ගීත අදටත් ඉතා ජනප්‍රිය බැවිනි. ඒ නාට්‍යවල අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියකු, ගීත රචකයකු, රංගන ශිල්පියකු ආදී ඕනෑම ආකාරයකින් හැඳීන්විය හැකි ලූෂන් බුලත්සිංහල මහතා විසින් වසර 37ක නිහඬබව බිඳීමින් ගෙන එන අලුත්ම නාට්‍ය නිර්මාණයයි 'වෙස්මුහුණ ගලවන්න'. අද (12) සහ හෙට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ සවස 3.30ටසහ 6.30ට 'වෙස් මුහුණ ගලවන්න' ඔබටත් බලන්න හැකියි.

අවුරුදු 37ක් ඔබ වේදිකා නාට්‍ය ක්ෂෙත්‍රයෙන් ඈත් වී සිටියා?

රතු හැට්ටකාරී 1974 දි සම්මාන උත්සවේට ඉදිරිපත් කළාට පස්සේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් දෙන්නෙක් නේපත්‍යාගාරයට ඇවිත් කීවා උත්සවේ සම්මානවල තීරණ තීන්දුවලට අපි සම්බන්ධ නෑ, නියම විදිහට සම්මාන දුන්නොත් මේක බුලත්සිංහල උත්සවයක් වෙයි කියලා සමහර සම්මාන දීම අත්හිටෙව්වා කියලා. 81 තාරාවෝ ඉගිලෙති කළා. රූපවාහිනියට ගිහින් සම්මාන දිනුවා. ඇගයීමක් නෑ. අපෙන් ආයතනය ආලෝකයක් ලැබුවා විනා අපට එයින් ආලෝකයක් ලැබුණේ නෑ. මාව රාජ්‍ය සේවයෙන් නෙරපා හැරියා 1990. අන්තිමට අපිම මහන්සිවෙලා ගෙනා ආණ්ඩුව යටතේ 1997 මම ගෙදරටම වුණා.

ඉතින් දැන් කාගෙ වෙස්මුහුණද මේ ගලවන්න හදන්නේ?

අපි ඔක්කොගෙම. මොකද අප අතර තිබෙන මේ ජාතික ප්‍රශ්නයෙදි අපි ඔක්කොම වෙස් මුහුණු දාගත් අයයි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදි වශයෙන් වෙස් මුහුණු දාගෙන ජාතියක් හරියට ගොඩනඟා ගන්න බැරි වුණ නිසා අපි සිවිල් යුද්ධයකට ගියා. පරසතුරු ආක්‍රමණයකින් රට බේරා ගන්නවා වගේ නෙවෙයි තමන්ගේම රටේම අය එකිනෙකාට විරුද්ධව යුද්ධ කිරීම. මනුස්සයෙක් හැටියට මට එය අනුමත කරන්න බෑ.

ඒ කියන්නේ ඔබේ ජාතිය?

මනුස්ස ජාතිය.

මෙහෙම හිතෙන්න හේතුව?

මගේ පුංචි කාලේ සමාජය මට නැති වීම. අපිට ජාති භේදයක් තිබුණේ නෑ. 1956න් පස්සේ තමයි මේ අරගලය දරුණු විදිහට ආවේ. 1918ත් යම් දෙයක් වුණ බව කියනවා. පන්ති භේදය නම් අපට බලපෑවා. ඒ කොහොම වුණත් පන්සලේ, ඉස්කෝලේ අපි එකිනෙකා අනෙකාට උදව් පදව් කරගෙන බොහොම සහයෝගයෙන්, සහජීවනයෙන් එකට ජීවත් වුණා. ඒ තමයි අපි දන්න සංහිඳීයාව.

එයට සාලිය අශෝක මාලාගේ සම්බන්ධය කුමක්ද?

ඒ තමයි අපේ ජාතික ප්‍රේම වෘත්තාන්තය. වෙස් මුහුණු ගලවන්න කතාවෙත් සාලිය කියන සිංහල තරුණයා පෙමින් බැඳෙන්නේ, ත්‍රස්තවාදී සංවිධානයේ ඉඳලා එයින් මිදිලා රටකට පැන යන්න ඉන්න අශෝකමාලා නම් තරුණිය සමඟ. පසුබිම යුද්ධයේ අවසන් දවස් කීපය. මිනිස් ආදරය ඔස්සේ කොහොමද ගමනක් යා යුත්තේ කියන දේ මිස ලොකු දේශපාලනයක් මෙහි කතා වෙන්නේ නෑ.

මෙය සාමාන්‍ය වේදිකා නාට්‍යවලට වඩා වෙනස්?

ඔව්. මෙය සංගීතමය නාට්‍යයක්. රතුහැට්ටකාරීත් ඒ වගේනේ. මොකද මම සංගීතයට බොහොම ලැදියි. නාට්‍යයේ අවශ්‍ය තැන්වල තාත්ත්වික සංවාද නැතුවා නොවේ. මෙය ගොඩ නැඟෙන්නේ බ්‍රෙෂ්ටියානු ශෛලියෙන්. ඒ කියන්නේ අනුක්‍රමික ජවනිකා නෑ. අපි පෙන්වන්නේ තැන් තැන්වලින් කොටස් වශයෙන්. රංගපූරිකාව චරිත හඳුන්වා දෙනවා. සංවාද මඟින් ඉදිරිපත් කළ නොහැකි, දනවන්න බැරි හැඟීම් සංගීතයෙන් ඉදිරිපත් කරන්නේ.

උදාහරණයක් කීවොත්?

ම්ම්... මෙහෙම දෙබසක් තිබෙනවා. එයින් තේරුම් ගන්න හැකි වෙයි. එක්කෙනෙක් අහනවා

"ඇයි ඔයා මට ප්‍රහේලිකාවක් වෙන්න හදන්නේ?"

අනෙකා උත්තර දෙන්නේ ගීතයකින්.

"මට ඉන්න ඉඩ දෙන්න ප්‍රහේලිකාවක් වගේ

විසඳන්න හදන්න එපා ප්‍රහේලිකාව මගේ

මේ ප්‍රහේලිකාවේ විසඳුම කළොතින්

ඔබ මගේ මරණයයි"

මෙවැනි දෙයක් දෙබස්වලින් කීමට වඩා සංගීතයෙන් දනවන්න පහසුයි.

ඔබ මෙයට යොදාගෙන තිබෙන්නේ අලුත්ම නළු නිළි පිරිසක්?

ඇත්තෙන්ම මම බලාපොරොත්තු වුණා මම අලුත් පිරිසක් යොදාගෙන නාට්‍යයක් කරනවා කියා කීවාම විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංගකලාව හදාරන සිසුන් කැමැත්තෙන් ඉදිරිපත් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. මට හරි පුදුමයි ඔවුන් ඒ අවස්ථාව ලබා ගන්න ආවේ නැත්තේ ඇයි කියලා.

තවත් ප්‍රධානම දෙයක් තමයි අපි නාට්‍ය කළ කාලෙට වඩා ඉඳුරාම වෙනස් පරිසරයක් අද නිර්මාණය වී තිබීම. මානව සම්පත් හිඟයක් මේ ක්ෂේත්‍රයේ පවතිනවා. අපට නළු නළි සංචිතයක් කියලා දෙයක් නෑ, යම් විදිහකින් වේදිකා නාට්‍යයක යම් ආලෝකයක් ලැබූ කෙනෙක් හිටියොත් ඒ කෙනාව වහාම ටෙලි නාට්‍යවලින් ග්‍රහණය කර ගන්නවා. ඊට පස්සේ ඒ පුද්ගලයා එතැනින් ගලවා ගන්න බෑ. ඒ නිසා තමයි මට සම්මුඛ පරීක්ෂණයක් තබා පිරිස තෝරා ගන්න සිදු වුණේ.

නවකයන් සමඟ කටයුතු කිරීම ඔබට දැනෙන්නේ කොහොමද?

ඇත්තෙන්ම ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමට වඩා නවකයන් සමඟ කටයුතු කිරීම හරි අමාරුයි. රංගනය කියන්නෙ සම්පූර්ණ ප්‍රායෝගික කටයුත්තක්නේ. එය ලැබෙන්නේ හැකි තරම් අත්දැකීම් සහ අභ්‍යාස කිරීමෙන්. එසේ නොකළ අය සමඟ වැඩ කිරීම අපහසුයි. දියුණු රටවලත් නාට්‍ය කලාවේ බොහෝ දෙනා රැඳී සිටින්නේ හුදු තෘප්තිය උදෙසායි. අනෙක ඒවායේ තරගය වැඩියි. දක්ෂයන් එතරම් ඉන්නවා. ඒකට අපේ දක්ෂයන්වත් අවස්ථාවක් නැති තරම්. රාජ්‍ය නාට්‍ය උලෙළෙදි වුණත් හමුවන දක්ෂකම් කොහේ යනවාදවත් දන්නේ නෑ. හේතුව ඔවුන් එකමුතු කර ජාතික සංචිතයක් හදන ජාතික ප්‍රතිපත්තියක් අපේ රටේ නෑ. අඩුම ගානේ නාට්‍යකරුවන්ගේ කියලා සංවිධානයක්වත් නෑ. මෙයට හේතුව කල්ලි වාදය.

සංගීතමය නාට්‍යයකදී බලපෑම වැඩි ඇති?

පැහැදිලිවම. මොකද රංගන වගේම ගායන හැකියාව තිබිය යුතුයි. මම උත්සාහ කළා මේ නාට්‍ය එක චරිතයකට නළුවන් දෙදෙනකු බැගින් පුහුණු කරන්න. ඒත් අපට එහෙමවත් හොයාගන්න බැරි වුණා. ඒ තරම් හිඟයක් තිබෙන්නේ. ඉස්සර අපි පුහුණුවීම් කළේ මාස දෙකක් වගේ කාලයක්. ඒත් දැන් මාස 6ක් තිස්සේ අපි නාට්‍ය පුහුණු කරමින් ඉන්නවා.

අද කාලේ නාට්‍යයක් කිරීමට ලොකු වියදමක් වැය වනවා?

ඔව්. මට දෙවියෙක් වගේ වෛද්‍යවරයෙක් හමු වුණා. ඔහු වෛද්‍ය රංජිත් පතිරණ. ඔහු මගේ පිපුණු මලේ රුව ගීතයට බොහොම ආසයි. ඒ නිසා මේ නාට්‍යයේ බර පැන දරන්න ඔහු ඉදිරිපත් වුණා. අපේ රටේ කලා මණ්ඩල, විවිධ රාජ්‍ය ආයතනවලින් හෝ සංස්කෘතික දෙපාර්තමේන්තුවත් අපෙන් අහන්නෙ නැහැ කොහොමද නාට්‍ය හදන්නෙ කියලා. ඒ වගේම මම කෘතඥ වෙනවා ජාතික රූපවාහිනියේ වත්මන් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මියට මට මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වීම ගැන. මොකද මම රූපවාහිනයේ නාට්‍ය අංශයේ හිටිය කෙනෙක්. ඒකාංගික නාට්‍ය ගොඩක් කළාට මම කළේ ප්‍රාසාංගික නාට්‍ය දෙකයි. එක මවකගේ දරුවෝ සහ තාරාදේවී. තාරාදේවිට 1987 රූපවාහිනී සම්මාන උලෙළෙදි සම්මාන 11න් 9ක්ම ලැබුණා. අද වගේ නම් කොහොම ප්‍රසිද්ධියක් ලබා දෙයිද ඒ පුද්ගලයාට. ඒත් එදා ඒකම තමයි මට වුණු ලොකුම අභාග්‍යය. එදායින් පස්සේ මට කවදාවත් රූපවාහිනියේ නාට්‍යයක් කරන්න ඉඩ දුන්නේ නෑ. ඒ වගේම කහට උගුරක්වත් ඒ වෙනුවෙන් සහභාගී වූ අයට දුන්නෙත් නෑ. ඉතින් එහෙම තැනකින් අවුරුදු 21ට පස්සේ මට මෙහෙම සහයෝගයක් ලැබීම අදහා ගන්නත් බෑ.

මෙහි පාත්‍රවර්ගයා ?

ගීතමය නාට්‍යයක් නිසා මෙහි සංගීතය වැදගත්. හර්ෂ බුලත්සිංහල තමයි සංගීත නිර්මාණය කරන්නේ. කලා අධ්‍යක්ෂණය උපාලි හේරත්, නර්තන වින්‍යාසය ජෙරෝම් ද සිල්වා. ඇඳුම් නිර්මාණය සුවිනීතා සුබසිංහගේ අධීක්ෂණය යටතේ කරන්නේ ඉරේෂා ජානකී. අලුත් නළු නිළි පිරිස එදාට ඇවිල්ලාම අඳුනගන්න.