වර්ෂ 2018 ක්වූ ජූලි 22 වැනිදා ඉරිදා




මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...

හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...

අසූව දශකයේ පාසල් වේදිකාවෙන් ආරම්භ කළ ගමන් මඟ 1988 යෞවන සම්මාන,සර්වෝදය නාට්‍ය තරගවල සම්මාන දක්වා රැගෙන ගියේය. වෙස් මුහුණු නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිය නැඟූ ඔහු ඕළු' ටෙලි නාට්‍යයේ අසේල සර් ලෙස මෙන්ම තවත් ටෙලි නාට්‍ය පනහකට අධික සංඛ්‍යාවකින් පුංචි තිරය ඔස්සේ ද සුදත් මහදිවුල්වැවගේ සුදු කළු සහ අළු චිත්‍රපටය ඇතුළු සිනමා පට දහයකට අධික සංඛ්‍යාවකින් ද රසිකයන් අතරට ගියේය. මේ දිනවල උරුමයක අරගලයෙන් ඔබට සමීපවන ඔහු 'ඒකා සාක්කුවේ' වේදිකා නාට්‍යයේ චරිත හතරකට පණ පොවමින් සිටින අතර සුදෝසුදුවට පෙනෙන කලුම කලු මහත්තුරු ගැන කියන්න බබා ක්ලීන් ලෙස අලුත්ම වේදිකා නාට්‍යයකින් සැරසී සිටියි. ඔහු නමින් කුමුදු නිශාන්ත පෙරේරායි.

කවුද මේ කලුම කලු මහත්තුරු?

මගේ අලුත්ම වේදිකා නාට්‍යයෙන් අනාවරණය කරන චරිත. මාස තුනක් විතර තිස්සේ දැන් පුහුණුවීම් කරගෙන යනවා. ජූලි 8 වැනිදා තමයි වේදිකාගත වෙන්නේ. ලුම්බිණි රඟහලේ සවස 3.30ට සහ 6.30ට. කලුම කලු මහත්තුරු කියලා කීවට මෙකේ තව උඩින් වාක්‍යයක් තිබෙනවා 'සුදෝ සුදුවට පේන' කියලා. ඉතින් එයින් කියැවෙන්නේ. බැලු බැල්මට සුදෝ සුදට පෙනුණත් අපි දන්නේ නෑ සමහර චරිත අපේ සමාජයේ කොයි තරම් කලු වැඩවලට සම්බන්ධයිද කියලා. එය එළි කිරීම තමයි මේ නාට්‍යයේ උත්සාහය.

කවුද මේ දේවල් එළි කරන්න ඉදිරිපත් වන චරිත?

අපේ සමාජයේ හදාගෙන තිබෙනවානේ ප්‍රභූ පැළැන්තිය එහෙමත් නැත්නම් ඉහළ පන්තියේ අය කියලා කොටසක්. සමහර වෙලාවට නඩුකාර උන්නාන්සේලා වෙන්න පුළුවන්. දොස්තරලා, දේශපාලනඥයෝ වෙන්න පුළුවන්. ඒ අය දිහා බලන්න සාමාන්‍ය මිනිස්සු බයයි. ඒ වාහන යද්දි මිනිස්සු පාරෙ අයිනට විසි වෙනවා. ඒ අය පොදු ජනතාව භීතියට පත් කරගෙන පාලනය කරගෙන ඉන්න උත්සාහ කරනවා. අධිකාරී බලයක් ගෙනියනවා. මොකද මිනිස්සු ඒ අයට ළං වුණොත් ඒ අයගේ වැරැදි අහුවෙන නිසා. ඉතින් එහෙම පිරිසකගේ අත්වැරදීම්වලින් උපන් ළමයින් පිරිසක් ඉන්නවා නේවාසිකාගාරයක. ඒ අය තමයි මේ කතාව කියන්න ඉදිරිපත් වෙන්නේ. ඒ අයගේ සහායට එනවා තරමක ආබාධිත ස්වරූපයකින් වෙස් වලාගත් රහස් පරීක්ෂකයෙක්. නම 'බබා ක්ලීන්'.

ඒ නේවාසිකාගාරය මේ දරුවන්ට හොඳ තැනක්ද?

මේ නිවාසයේ පාලිකාව, මිස් මීගස්තැන්න අර පැළැන්තියේ ඕනෑ එපාකම් ඉටු කරන කෙනෙක්. ඒ නිසා මේ දරුවන්ට සමාජගත වන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. ඉහළ පැළැන්තියේ ලේ තිබුණත් ඒ අයගේ අයිතිවාසිකම් කවදාවත් ලැබෙන්නේ නෑ. ඒ අය උපදින්නෙත් අසාධාරණයක ප්‍රතිඵලයක් විදිහට. ඉපදුණු පසුවත් සාමාන්‍ය ජීවිතය ගෙන යන්න බෑ අර තාත්තලාගේ පැවැත්මට හානි වන නිසා. ඒ අය තමයි මේ කතාව කියන්න ඉදිරිපත් වන්නේ.

බබා ක්ලීන් එතැන මොකද කරන්නේ?

මේ ළමා නිවාසයේ බාල වයස්කාර ගෑනු ළමයෙක් දේශපාලනඥයකු අතින් මරණයට පත් වෙනවා. ඒක හොයන්න තමයි රහස් පරීක්ෂකයා වෙස් වළාගෙන එන්නේ. ඒත් බබාක්ලීන් මේ සිදුවීම පිළිබඳ හදන ලිපි ගොනුව නිසා ලොකු අණතුරක් සිද්ධ වෙනවා. මේ සිදුවීම් ඔස්සේ යන කතාව සමාජයේ පවතින සැඟවුණු චරිත පිළිබඳ අනාවරණයක් ප්‍රේක්ෂකයාට සපයනවා. ඒ වගේම අපට තේරුම් කරනවා අපි කවුරු කොහොම කළත් මේ සමාජ ක්‍රමය වෙනස් නොවී ගමන් කරන බව. වෙනස් කරන්න යන කෙනා අනතුරට ලක් වන ආකාරය. ඒත් ඒ යථාර්ථය අපි පිළිගන්න කැමති නෑ. අපේ පැවැත්ම වෙනුවෙන් එය වසා තබනවා.

මෙවැනි වස්තු බිජයක් තෝරාගැනීමට හේතුව?

මෙය සැබෑ කලාකරුවකු විසින් කතා කළ යුතු දෙයක්. දෙකෝටි විසි ලක්ෂයක් ජීවත්වන අපේ රටේ සැබෑ කලාකරුවන් දෙදහක්වත් නැතුව ඇති. අප කළ යුත්තේ හැමෝම කරන දේ නොවේ. මාව මේ සමාජය හඳුනාගෙන තිබෙන්නෙත් එහෙම වෙනස් දේවල් කරන කෙනෙකු හැටියට. ඉර පායලා බැහැලා යන දවසක් තුළ අපට හමුවන්නේ සජිවී මිනිසුන්ද කියලා අපි දන්නේ නෑ. අපි වෙන වෙන ග්‍රහ ලෝක ගැන ජීවීන් ගැන කතා කළාට අපේ එක වහල යට ඉන්න තමන්ගේ ස්වාමියා භාර්යාව කවුද කියලා හඳුනගන්න බැරිව තිබෙනවා. සියයට සියයක් එහෙම වුණත් අපට යම් යම් දේවල් ඉව කරන්න පුළුවන්. එහෙම ඉව වැටුණු වස්තු බීජයක් තමයි මේකත්.

මෙය ඔබ වර්ගීකරණය කරන්න කැමති කුමන ගණයක නාට්‍යයක් ලෙසද?

මේ නාට්‍යයේ මුල ඉඳන් අගට යනකල්ම හිනාවෙන්න දේවල් තිබෙනවා. හැබැයි එහෙමයි කියලා මම මෙය ප්‍රහසන නාට්‍යයක් ලෙස වර්ගීකරණය කරන්න යන්නේ නෑ. ප්‍රේක්ෂකයන් තමයි එය තීරණය කළ යුත්තේ. මොකද මම මේ නාට්‍යය බලන්න ආරාධනා කරන්නේ හිනාවෙන්න, අඬන්න, හිතන්න කියලා.

ඔබේ තවත් නාට්‍යයක් මේ දිනවල වේදිකාගත වනවා?

ඔව්. මමත්, සරත් කොතලාවලත් එකට එකතුවෙලා කළ 'ඒකා සාක්කුවේ' නාට්‍යය තවමත් වේදිකාගත වෙනවා. ඒකේ ඉන්නේ ප්‍රධාන රංගන ශිල්පීන් පස් දෙනයි. මමයි, සාරංග දිසාසේකරයි, කුමුදු චතුරංගයි, සරත් කොතලාවලයි සරත් චන්‍ද්‍රසිරියි. ඒත් ශිල්පීන්ගේ කාර්යබහුලකම නිසා දර්ශන වාර ගැනීමට අපහසුවක් තිබෙනවා.

නාට්‍ය විචාර කලාව පිළිබඳ ඔබ දකින්නේ කොහොමද?

මම හරිම කැමතියි මාධ්‍යවේදීන් හා තවත් බොහෝ ක්ෂේත්‍රවල පිරිස් පැමිණ මෙය නරඹා තමන්ගේ මාධ්‍ය ආයතනයේ බැරිනම් සමාජ ජාල ඔස්සේ හෝ නාට්‍යය පිළිබිඳ ගුණ දොස් පවසනවා නම්. අඩුම ගානේ මට බනිනවා නම් ඒත් කමක් නෑ. මොකද යම් කතිකාවතක් ගොඩ නැගෙන තුරු මේ කරන වැඩවලින් වැඩක් නෑ. ඒ කාලේ වගේ හොඳ විචාර කලාවක් අදත් තිබෙනවා නම් හොඳයි. ඒත් අද කුණු වී ඇති සමාජයේ සැම ක්ෂේත්‍රයක්ම කල්ලිවාදයට නතු වෙලා. තමන් පොර කියලා තමයි හැමෝම හිතන්නේ. සමහරු කියන්නේ මම ලංකාවේ කළ යුතු සියල්ල කරලා ඉවරයි දැන් මට තිබෙන්නේ ජාත්‍යන්තරේට යන්නයි කියලා. මම දන්නේ නෑ ඒ කියන අය ලංකාව ඇතුළේ මොනවද ඇත්තටම කරලා තිබෙන්නේ කියලා. ඉතින් විචාර කලාවත් මේ තත්ත්වෙන් වෙනස් වෙයි කියලා හිතන්න බෑ. ඒත් අඩු ගානේ කතාබහක්වත් ඇති වීම නිර්මණයකට වටිනවා. ඒ නිසා මම විවෘත ආරාධනයක් කරනවා මේ පැය එකහමාර ගත කරලා ඒ ගැන යමක් කියන්න කියලා.

ඒ කියන්නේ ඔබ කල්ලියකට අයත් නෑ?

අනේ නෑ. හැබැයි මට හතුරොත් නෑ, ඒ වගේම සමහර කණ්ඩායම් එක්ක එකතු වෙලා මොනවා හරි බීලා කරලා තමන්ට වැඩ අල්ලගන්න නොයෑම නිසාත් මට බොහෝ අහිමිවීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. අනෙක මේ කාලේ ජනප්‍රිය වෙන්න නම් එක්කෝ කසාද ගෑනිව දික්කසාද කරලා ළමයි අතහැරලා ඇවිත් නිළියක් බැඳගන්න ඕනෑ. එහෙම නැත්නම් කා එක්ක හරි අනියම් සම්බන්ධයක් තියෙන්න ඕනෑ. නැත්නම් මනුස්සයා ගෙදර එද්දි එයාගේ වයිෆ් එක්ක හොරෙන් ඉඳලා ගුටි කෙළියක් ආරවුලක් ඇති කර ගන්න ඕනෑ. එහෙම අයට කට්ටිය ආදරෙයි. වැඩත් ලැබෙනවා. මම දන්නේ නෑ ඒ ක්‍රමවේදය මොකක්ද කියලා. අපි වගේ බිරිඳට ගෙදර පරිසරයට ආදරේ කරගෙන ආරවුලක් නැති ජීවිතයක් සමඟ කලාවට යුතුකම ඉෂ්ට කරගෙන ඉන්න කොටස්වලට මේ වකවානුව එතරම් සුබ නෑ.

කලුම කලු මහත්තුරු අප ඉදිරියට ගෙනෙන පිරිස ගැනත් කියමු?

සංගීතය විමල්ජිත් දොඹගහවත්ත, ගීත ගායන ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල, පසුතල නිර්මාණය නීල් රෝහණ හේවාවිතාරණ, නර්තන වින්‍යාසය රෝයල් වොරියර්ස් කණ්ඩායමේ නදීෂ් රන්දික සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආචාර්ය රුක්ෂන් පුෂ්පකුමාර. රංගනයෙන් දායක වෙනවා මල්කාන්ති ජයසිංහ, මම(කුමුදු නිශාන්ත පෙරේරා), ගයාන් මාපලගම, නඳුන් ජයතිස්ස, සචිනි වික්‍රමසිංහ, ඉඳුවර, රෙවින්, නුවන් සන්දීප, සිතුම් ධනන්ජය, රිසාදි පුලාංගි, තිහාරි භාග්‍යා, ඩයනා බිමාලි, හර්ෂණ මධුසංක, කවීෂ උමයංග කියන පිරිස. ඉතින් මේ අය දිහා බලලා හිනාවෙන්න, අඬන්න, හිතන්න, එන්න.