වර්ෂ 2018 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බදාදා




රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි
රෝයල් ඉබ්බෙක් 23 දා
මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
බලව ! රඟහලක අරුමය

බලව ! රඟහලක අරුමය

priyankara rathnayaka නාට්‍ය දැක්ම

පූජිත ද මැල්ගේ ‘අසිනමාලි‘ මුල්වරට රංග ගත කළේ මීට වසර 18ට පමණ පෙරදීයි. මෙම නාට්‍ය දැන්ම සමඟින් එය යළිත් වේදිකා ගත කෙරෙන්නේ, එදා රංගනයෙන් දායක වූ නළු නිළි පිරිවර සමඟින්. එයට අපි පස් දෙනෙක් රංගනයෙන් දායක වුණා. එහි රංගනය වෙනුවෙන් 2002 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී විශ්වජිත් ගුණසේකර, ධර්මප්‍රිය ඩයස් සහ මට විශේෂ ගෞරව සම්මාන තුනක් හිමි වුණා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ නාට්‍ය ඇතුලත් ‘ප්‍රියංකර රත්නායක නාට්‍ය දැක්ම - 2018’ අද (ජූනි 07) සිට ජූනි 10 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වේ. ජාතික නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර වූ විශිෂ්ට නාට්‍ය කෘතින් ත්‍රිත්වයක් සහ ආරාධිත නාට්‍යයක්ද ඇතුළත් ‘ප්‍රියංකර රත්නායක නාට්‍ය දැක්ම - 2018’ නොවැම්බර් මාසයේදී කැලණිය විශ්විද්‍යාලයේදී ද රංග ගත කිරීමට නියමිතව ඇත. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද අත්දැකීම් සපිරි විශ්වවිද්‍යාල ආචාර්යවරකු ලෙසින් වසර ගණනක් පුරා කලාවට ඉමහත් සේවයක් ඉටු කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සිය නාට්‍ය දැක්ම පිළිබඳ කතාබහ ආරම්භ කළේ මෙලෙසින්.

“නාට්‍ය කලාවේ මෙන්ම ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රවලත් ඇතුළුව මේ වන විට මගේ කලා ජීවිතයට අවුරුදු තිහක් තිස් පහක් විතර ඇති. මෙම කාලය පුරාවටම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ මගේ නිර්මාණ තනි නාට්‍ය දැක්මට එක් කිරීම තරමක් බැරෑරුම් කටයුත්තක්. ඒ නිසා ඒ අතරින් දැන්ට සජීව ලෙසින් පවතින නාට්‍ය නිර්මාණ කිහිපයක් තෝරා ගැනුණා. එයට පසුගිය වසර දහය දොළහ පමණ කාලයේදි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සමඟින් මම අධ්‍යක්ෂණය කළ නාට්‍ය නිර්මාණ තුනක් සහ මගේ රංගන දායකත්වය ලද නාට්‍ය නිර්මාණයක් මෙම නාට්‍ය දැක්මට ඇතුළත්. ඒ අනුව ම විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘විසේකාරියෝ’, ‘අද වගේ දවසක ඇන්ටිගනි’, ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ සහ පූජිත ද මෙල් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘අසිනමාලි‘ වේදිකා නාට්‍යයත් ඇතුළත්.”

නාට්‍ය දැක්ම වෙනුවෙන් විශේෂ හේතුවක් ඇති ?

මෙයට හේතුව මගේ කලා ජීවිතයට යම් කාලයක් පිරිම නම් නෙවෙයි. තම නිර්මාණ එක අවස්ථාවකදි එකතු කරලා ප්‍රේක්ෂකයා වෙත තිළිණ කිරීම කලා ක්ෂේත්‍ර යේ විශේෂයෙන් වේදිකා නාට්‍ය වගේම සිනමා ක්ෂේත්‍රයේදීත් බොහෝ නිර්මාණකරුවන්ගේ හැරවුම් ලක්ෂයක්. එය සිනමා ක්ෂේත්‍රයේදී ඉතාම පහසු කටයුත්තක්. මොකද සිනමා නිර්මාණ ලබා ගැනීම අපහසු නැති නිසා. සජීව ලෙසින් පවතින නාට්‍ය නිර්මාණ එලෙසින් එක්කර ගැනීම පහසු දෙයක් නෙවෙයි. එදා අපි දායක වුණු ඇතැම් නාට්‍ය දැන් වේදිකා ගත කෙරෙන්නේ නැහැ. ඇතැම් නිර්මාණවල අපි නැහැ. නමුත් අපට නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින අය විදියට අපේ නිර්මාණ එකතු කරලා යම් ආකාරයකට පෙළ ගස්වා ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලබාදීම සුවිශේෂ අවස්ථාවක්. එය තම ආත්ම තෘප්තිය සඳහා මෙන්ම ප්‍රේක්ෂකයන්ට එම නාට්‍ය නැරඹීමට අවස්ථාවක් ලබාදීමත් එයට ඇතුළත්.

මේ වන විට ‘අද වගේ දවසක ඇන්ටිගනි’ අවුරුදු දහයක් විතර පුරා රඟ දක්වනවා. ‘විසේකාරියෝ’ අවුරුදු හතක් අටක් විතර ඇති. ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ අවුරුදු තුනක් විතර කාලයක් පුරා රඟදැක්වෙනවා. ඒ වෙනුවෙන් නාට්‍ය සජීව ලෙසින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාවයක් මෙවැනි නාට්‍ය දැක්මකින් සපුරා ගන්න හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි මම දැන් අවුරුදු විස්සක පමණ කාලයක් පුරා කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙලා සිටිනවා. මගේ බොහෝ නාට්‍ය අධ්‍යක්ෂණයන් ඒ කාලය අතරතුර නිර්මාණය කළ ඒවා. වෘත්තීමය නළු නිළියන් මෙන්ම විවිධ කාල වකවානුවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විද්‍යාර්ථින් ඒවාට දායක වුණා.

මෙම නාට්‍ය උලෙළට ඔබේ තවත් අධ්‍යක්ෂණයක් ඇතුළත් නොවී පූජිත ද මැල්ගේ අසිනමාලි විශේෂ වූ හේතුව කුමක්ද?

පූජිත ද මැල්ගේ ‘අසිනමාලි‘ මුල්වරට රංග ගත කළේ මීට වසර 18ට පමණ පෙරදීයි. මෙම නාට්‍ය දැන්ම සමඟින් එය යළිත් වේදිකා ගත කෙරෙන්නේ, එදා රංගනයෙන් දායක වූ නළු නිළි පිරිවර සමඟින්. එයට අපි පස් දෙනෙක් රංගනයෙන් දායක වුණා. එහි රංගනය වෙනුවෙන් 2002 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී විශ්වජිත් ගුණසේකර, ධර්මප්‍රිය ඩයස් සහ මට විශේෂ ගෞරව සම්මාන තුනක් හිමි වුණා. එය බොහෝ කතාබහට මෙන්ම ආකර්ශණයට ලක් වුණු නාට්‍ය නිර්මාණයක්. එය නැවන නිෂ්පාදනය කිරීමේ වුවමනාවක් නාට්‍ය කණ්ඩායමේ අපි සියලු දෙනාටම තිබුණා. ඒ සැලසුම සමඟින් මගේ නාට්‍ය උලෙළෙත් සංවිධානය වූ නිසා ‘අසිනමාලි‘ වේදිකා නාට්‍යයත් මගේ නාට්‍ය දැක්මට එක්කර ගන්න තීරණය කළා.

මෙම නාට්‍ය දැක්මට සම්බන්ධ වී සිටින ශිල්පීන් ශිල්පිනියන් පිරිසත් විශේෂයි?

මේ නාට්‍ය නිර්මාණ වෙනුවෙන් පරම්පරා කිහිපයක ශිල්පීන් ශිල්පිනියන්ගේ දායකත්වය ලැබී තිබෙනවා. වෘත්තීය මට්ටමෙන් දීපානි සිල්වා, හංසමාලා ජානකී වගේ අපි ක්ෂේත්‍රයට එන විට අප සමඟින් නාට්‍ය කලාවට පැමිණි අය. ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් අප සමඟින් පසුගිය කාලයේ නාට්‍ය නිර්මාණවලට දායක වූ අය. තුමිඳු දොඩන්තැන්න, සමාධි ලක්සිරි, ප්‍රසාදිනි අතපත්තු, කෞෂල්‍යා මෙන්ඩිස් වගේ පසුගිය කාලයේ වේදිකා නාට්‍ය ක්ෂේතුයේ මෙන්ම රූපවාහිනි ක්ෂේත්‍රයේත් රංගනයේ දක්ෂතා සමඟින් සම්මානනීය වූ අප විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විද්‍යාර්ථීන්. මේ පිරිස සේම අලුතින් එක් වන තවත් පිරිසකුත් සම්බන්ධ කර ගනිමින් සිදුවන පරම්පරා කිහිපයක එකතුවත් වේදිකා නාට්‍ය දැක්මේදී විශේෂයි. ඒ විතරක් නෙවෙයි මට වගේම මෙම අවස්ථාවට රංගනයෙන් දායක මේ සියලු දෙනාටමත් මෙම නාට්‍ය දැක්ම විශේෂයි.

මෙහිදී වේදිකා ගත කෙරෙන නාට්‍ය නිර්මාණ වර්තමාන සමාජය සමඟින් වන ගැලපීම පැහැදිලි කළොත්?

මෙහි ඇතුළත් නාට්‍ය හතරේම විෂය වන්නේ යුද්ධය. එයිත් නාට්‍ය දෙකක් යුද්ධයට පසු ජීවිතය. අනෙක් නාට්‍ය ද්විත්වය යුද්ධය සමඟින් සමකාලීන වන නාට්‍ය නිර්මාණ. ‘විසේකාරියෝ’ සහ’අසිනමාලි‘ නාට්‍ය දෙක යුද්ධයක් පවතින කාලයක මිනිසුන්ගේ ජීවිතයට වන දේ සමඟින් සම්බන්ධයි. ඒ අතරින් ‘අසිනමාලි‘ කියන්නේ යුද්ධය පවතින කාලයේ මිනිසුන්ගේ ජීවිතයේ ඛේදවාචකය යි. ‘විසේකාරියෝ’ යනු යුද්ධයෙන් පීඩා විඳීන කාන්තාවන් පිරිසක් ලිංගික වර්ජනයක් මඟින් එම යුද්ධය නැවැත්වීමට දරන්නා වූ උත්සාහය ගෙන එනවා. ‘අද වගේ දවසක ඇන්ටිගනි’ නාට්‍ය යුද්ධයක් ජයග්‍රහණය කළ පසු බලය ලබාගත් නායකයෙක් එම බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් සමාජයට වන හානිය ගැන කතා කරනවා. ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ නාට්‍යයේ යුද්ධයෙන් පසු බලය හිමි වන නායකයා රටට හිතසුව පිණිස පාලනය පවත්ගෙන යන විට සිදු වන සහනය ගැන කියන කතා තේමාවක් ඇතුලත්. එය ප්‍රේම කතාවක්. මේ හැම නාට්‍යයකම කතා කරන මාතෘකාවන් සමාජයට සමීප වන අයුරින් රචනා වී තිබෙනවා. මේ ඇතැම් නාට්‍ය රචනා වී තිබෙන්නේ 16 වැනි ශත වර්ෂයේදී පමණ කාලයේදීයි. නමුත් එහි එන අත්දැකීම් අදටත් වලංගුයි වගේම අපට සමීපයි. මේ නාට්‍ය මුල් නම්වලින් නම් නොකරන්න හේතුවත් එය යි.

මෙම නාට්‍ය උලෙළෙ විශේෂ ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් ද?

එහෙම විශේෂ වූ ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කෙරෙන්නේ නැහැ. නාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව යොම වී සිටින නිර්මාණකරුවන් අල්පයි. ආචාර්ය ජයලත් මනෝරත්න, බුද්ධික දමයන්ත, රාජිත දිසානායක වැනි ඉතා සීමිත පිරිසක් තමයි සිටින්නේ. ඔවුන් වටා යම් ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. ඒ පිරිසේම කොටසක් තමයි අප සමඟිනුත් සම්බන්ධ වෙන්නේ. ඒ අතර මෙම නාට්‍ය නිර්මාණකරුවන් නිරන්තරයෙන් අලුතින් ප්‍රේක්ෂක පිරිසක් එක්කර ගනිමින් සිටිනවා. ඒ වගේම මටත් මගේ නිර්මාණ ඔස්සේ අලුත් ප්‍රේක්ෂක පිරිසක් එක්කර ගන්න හැකි වෙලා තියෙනවා. විශේෂයෙන් අපොස උසස් පෙළ විෂය නිර්දේශයේ එන නාට්‍ය කෘතින් කිහිපයක් මගේ නිර්මාණ අතරට ඇතුළත්. ඒ ඔස්සේ තවත් අලුත් ප්‍රේක්ෂක පිරිසකුත් සම්බන්ධවීම මෙහිදී සඳහන් කළ යුතුයි. සුලබ ලෙසින් නැවත නැවත නරඹන්න නොලැබෙන වේදිකා නාට්‍යයක් මේ විදියට නරඹන්න ලැබෙන අවස්ථාවක් වේදිකා නාට්‍ය ප්‍රිය කරන්නෙකු විසින් ලෙහෙසියෙන් මඟහරින්නේ නැහැ.

විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් තියෙනවා. අපේ රටේ උසස් නාට්‍ය කිව්වාම සාමාන්‍ය මිනිසුන්ට ඒවා නොතේරෙන බවට පොඩි බයක් තියෙනවා. ඒක බොරුවක්. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නරඹන්න එළිසබෙත් රැජන පවා ඇවිත් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුත් ඇවිත් තියෙනවා. බැල්කනිය සහ ගැලරිය එන්නෙත් මේ නිසා. විශ්වවිද්‍යාලයක නාට්‍ය කලාව ඉගෙන ගත් අය විදියට අපි තේරුම් ගත් දෙයක් තමයි මේ නාට්‍යවල සාමාන්‍ය මිනිසුන්ට රස විඳීන්න හැකි රසයක් තිබෙන බව. එය පොත් ඇතුලේ පමණක් හැංගිලා තියෙනකම් මිනිසුන්ට එය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අපි කාලයක පටන් මේ පිළිබඳ අධ්‍යයනය කළා. මෙම නාට්‍ය සාමාන්‍ය මිනිසුන්ට රසවිඳීය හැකි බව කියන එකත් මෙම නාට්‍ය දැක්මට තවත් හේතුවක්.

එදා සහ අද නාට්‍ය ක්ෂේත්‍රය දෙය බලන විට මොන වගේ හැඟිමක් ද දැනෙන්නේ?

එදා අපේ කාලයට වඩා වර්තමානයේ නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්නා පිරිස වැඩියි. ඔවුන්හට ඉගෙන ගැනීමටත් පවතින අවස්ථා ඉහළයි. එදා අපේ පරම්පරාව හෝ අපට පෙර හෝ පසු පරම්පරාවන්ට පාසල තුල නාට්‍ය හා රංගකලාව හදාරන්න අවස්ථාව ලැබුණේ නැහැ. වර්තමානයේ හය වසරේ පටන් නාට්‍ය හා රංගකලාව හදාරන්න පුළුවන්. ඒ අනුව නාට්‍ය කාලාවේ ඉහළම තැනට අවස්ථාව ලබා ගන්න පාසල් දරුවාට දොරටු විවර වී තිබෙනවා. මේ පහසුකම් නිසාමද දන්නේ නැහැ වගකීමෙන් නාට්‍ය කලාවට පිවිසෙන පිරිස නම් එදාට වඩා අඩුයි.

එදාට වඩා නාට්‍ය රංගකලාව විෂය ඉගෙන ගන්න පිරිසේ වැඩිවීම වගේම නාට්‍ය කලාවේ නව මානයන් හොයා ගෙන උනන්දුවකුත් ඔවුන්ගෙන් දකින්න පුළුවන්. ඒ කෙසේ වෙතත් දීර්ඝ කාලීනව නාට්‍ය කලාවේ නිරත වී සිටින පිරිස නම් සීමිතයි.

ප්‍රියංකර රත්නායක නාට්‍ය දැක්ම - 2018

ජූනි 07

ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනීස්ගේ LYSISTRATA  නාට්‍යයේ අරුණ ප්‍රේමරත්නගේ පරිවර්තනයෙන් විසේකාරියෝ

ජූනි 08

ග්‍රීක නාට්‍ය රචන සොෆොක්ලීස්ගේ ANTIGoNE  නාට්‍යයේ ආරියවංශ රණවීරගේ පරිවර්තනයෙන් අද වගේ දවසක ඇන්ටිගනි

ජූනි 09

ඉංග්‍රීසි ජාතික මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ ඒ MIDSUMMER NIGHT'S DREAM නාට්‍යයේ ජයවතී ජයසිංහගේ පරිවර්තනයෙන් ප්‍රේමවන්ත කුමාරයෝ

ජූනි 10

ආරාධිත නාට්‍ය - පූජීත ද මැල් ගේ අසිනමාලි (පරිවර්තනය - නදී කම්මැල්ලවීර - පූජිත ද මැල්)