වර්ෂ 2018 ක්වූ ජුනි 25 වැනිදා සඳුදා




බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති

දේශපාලනය ඛේදවාචකයක්

මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති

‘මට පුරුෂයෙක් ඕනෑ’ ජීවන් හඳුන්නෙත්ති පැවසුවේය. එසේ කියා පනස් වතාවක්ම රට පුරා කරක් ගැසුවේය.

මේ නාට්‍යය නූතන සමාජයට කොතෙක් දුරට ගැළපෙනවාද?

මෙහි තේමාව කාලෝචිත තේමාවක්. සමාජයේ පවතින මිථ්‍යාව, ඒ හා බැඳුණු සමාජමය සංසිද්ධීන්, ඒ සියල්ල වසා පැතිරෙන දේශපාලනය යන මේවා හි ව්‍යාජත්වය පෙන්වීමයි මේ නාට්‍යයේ තේමාව වූයේ. අද සමාජයේ බොහෝ දේවල්වලට යන්ත්‍ර, මන්ත්‍ර,හදි හූනියම් බලපාලා තිබෙනවා. තාත්තා තමාගේ දියණියට මනමාලයෙක් හම්බ වුණේ නැත්නම් දුවන්නේ දේවාලයකට, දේශපාලනඥයින් ඡන්දය දිනන්න බාරහාර වෙන්නත් දුවගෙන යන්නේත් දේවාලයට. අද මිථ්‍යාව කියන දේ සමාජය පුරාවටම පැතිරී ඇති බව දක්නට ලැබෙනවා. මේ හාස්‍යය සමාජයට ගෙන ඒමටයි 'මට පුරුෂයෙක් ඕනෑ' වේදිකා නාට්‍යය මගේ අතින් නිර්මාණය වෙන්නේ.

මේ නාට්‍යයෙන් කියැවෙන දේශපාලනය ගැන ඔබ මොකද හිතන්නේ?

දේශපාලනය ගැන කතා කළොත් එයත් අපේ රටේ ඛේදවාචකයක්. මොකද අද රටේ කුඩා තැන සිට ඉහළට යනතුරුම පිරිහීමක් තමයි දකින්න ලැබෙන්නේ. හොරෙක් අහුවුණාම හොරා සමහර විට පොලීසියට පගාව දී පැන යනවා. ඒ වගේ තමයි අද හැම තැනම නීතිය ගත්තත් ඒ වගේ. හැම දෙනාම අයුක්තිය අසාධාරණය ගැන කතා කරනවා විතරයි. ඒත් ක්‍රියාවෙන් ඒ දේ කරන්න දක්ෂතාවයක් නැහැ. දේශපාලනය කියන දේත් දෝලනය වෙන්නේ මෙතැන නිසා බුද්ධිමත් මිනිසාට හැර මේ දේවල්වලින් සමාජය ගොඩගන්න කිසිවෙකුටත් බැහැ.

මේ නාට්‍යයේ රඟපාන නළු නිළියන් කවුරන්ද?

රින්ස්ලි වීරරත්න, රොෂානා ඔඩ්ඩන්චි, ජයන්ත අතපත්තු, නිලන්ති හින්දෙණිය, උදය කුමාරි රණසිංහ. පිටපත රචනා කළේ රංජිත් වර්ණකුල. සංගීතය මගේ.

මේ ඔබේ කී වෙනි නාට්‍ය නිර්මාණයද?

මෙය මගේ දෙවැනි ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය. පළමු නාට්‍ය නිර්මාණය වූයේ 'සම්මානයක් විතරයි'. දෙවැනි නාට්‍යය 'මට පුරුෂයෙක් ඕනෑ'. මගේ තුන්වෙනි නාට්‍යය මේ වන විට පුහුණුවීම කටයුතු සිදු කරනවා. එය නම් කර තිබෙන්නේ 'සාරි ගැටේ' නමින්. එහි නයනා කුමාරි, චිලී තිලංක, සරත් පීරිස් ප්‍රධාන චරිත මවනවා.

ඔබේ කලා ජීවිතයේ ඇරැඹුම ගැනත් කතා කරමු?

මගේ ගම බලපිටිය. බලපිටියේ හිටියා ගුණපාල සිල්වා කියලා නාට්‍යකරුවෙක්. ඔහුගේ නාට්‍ය කිහිපයක මම රඟපෑවා. ඒ අතරින් 'ඈත බලන් පුතුනේ' වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය මම රඟපෑවා. ඒ චරිතය රඟපාමින් මම ගමේ නළුවා බවට පත් වුණා. ඒ අතරවාරයේ ශම්මි රෝහිත කියන මිතුරා මඟින් බන්ධුල විතානගේ මහතා මුණ ගැහෙනවා. ඔහුගේ 'වැනීසියේ වෙළෙන්දා' නාට්‍යය තමයි මගේ ප්‍රසිද්ධ වේදිකා රංගනය. එතැන් පටන් ලංකාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම නාට්‍යවේදීන්ගේ ඇසුර ලබන්නට මම වාසනාවන්ත වෙනවා. එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, පරක්‍රම නිරිඇල්ල, පුණ්‍යසේන ගුණසිංහ, රොඩ්නි වර්ණකුල වැනි එදා සිට අද දක්වාම බිහි වූ හා බිහිවන ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්න මට අවකාශ ලැබෙනවා.

ඒ අතීතය දෙස හැරී බලත්දී ඔබට දැනෙන්නේ කුමක්ද?

හරිම වාසනාවක් කියලා හිතෙනවා. මේ අයගේ ඇසුර ලැබීම හරියට විශ්වවිද්‍යාලයකට ගියා වගෙයි.

වේදිකාවේ රැඳී සිටීම අභියෝගාත්මකයි?

ඇත්තටම මම වේදිකාවට එක්කාසු වෙන්නේ 1980 ගණන්වලදී. 2009 දී පමණ තමයි මගේම නාට්‍ය නිර්මාණවලින් මම ප්‍රේක්ෂකාගාරයට එන්නේ. ඒ කාලය අතරතුර මම බොහෝ අත්දැකීම් ලැබුවා. අදටත් වේදිකා නාට්‍ය ඔස්සේ මම බොහෝ දේ ඉගෙන ගන්නවා.

ඔබ හැකියාවන් රැසකින් සන්නද්ධයි?

ඔව්. නර්තනය, ගායනය, වාදනය, අනුකරණය මේ ඕනෑම දෙයක් මට කරන්න පුළුවන්. මේවා වේදිකාවට නැතිවම බැරි අංග. මගේ පියා සංගීතඥයෙක්. ඔහු ගුණසේන ද සොයිසා. මගේ සංගීත ගුරුවරු වුණේ ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්, සුභසිංහ කළුපහන වැනි ප්‍රවීණයන්. අද මගේම සංගීත කණ්ඩායමක් ඉන්නවා. එය 'රණ මොනරු'. විජය කුමාරතුංග අනුස්මරණ ප්‍රසංගයට සංගීතය සපයන්නට මගේ සංගීත කණ්ඩායමට අවස්ථාව හිමි වුණා. ඒත් එක්කම ජෝති ගී අනුස්මරණ ප්‍රසංගයට සංගීතය සපයන්නටත් මට අවස්ථාව හිමි වුණා.

ඔබේ කලා ජීවිතයේ අමතක නොවන සිදුවීම් ඇති?

ඔව්. කලා නිර්මාණවලදී හැමදාමත් ලබන්නේ අමතක නොවන අත්දැකීම්. පසුගිය දවසක නාට්‍යයකට සහභාගි වෙන්න පුත්තලම් බස් රියකට ගොඩ වුණා. අතරමඟදි බැස යන්න තිබුණත් දන්නෙම නැතුව මට එක දිගටම නින්ද ගිහින්. අන්තිමට බසයෙන් බැස්සේ පුත්තලමේදී. ආපහු හැරිලා වෙනත් බසයක නැගිලා නාට්‍යය පෙන්වන තැනට ආවා. කාලවේලාව තිබුණු නිසා එදා මම බේරුණා.

ඔබේ පෞද්ගලික දිවියේ තොරතුරු?

මම කලාකරවකු වීම ගැන පළමුව ආඩම්බර වෙනවා. මගේ බිරිය, පුතා නිතරම මා දිරිමත් කරනවා. මගේ බිරිය නිරෝෂිනී හඳුන්නෙත්ති. ඇය නර්තන උපදේශිකාවක් ලෙස සේවය කරනවා. පුතා ශනිදු හඳුන්නෙත්ති.