වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න

එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ ගැන නාට්‍යවේදී එම්.සෆීර් කියයි

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත ය. ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ දේශීය විදේශීය නාට්‍යකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දින හතක් මුළුල්ලේ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවෙයි. එහිදි නාට්‍ය උලෙළට සමගාමීව වැඩමුළු කිහිපයක් ද පැවැත්වෙයි. එලෙස පැවැත්වෙන නාට්‍ය උලෙළ පිළිබඳත්, මෙතෙක් පවත්වාගෙන පැමිණීමේදී මුහුණ දීමට සිදුවුණු විවිධ ගැටලු පිළිබඳත් එහි සංවිධායක එම්. සෆීර් සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

2018 කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මෙවර පැවැත්වෙන්නේ හත්වැනි වරටයි. වසර හතක් යනු දිගු කාලයක්. ඒ පැමිණි ගමන්මග දෙස හැරී බලද්දි මේ වසර ගැන ඔබට දැනෙන්නේ කුමන ආකාරයෙන්ද?

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පැවැත්වෙන සත්වැනි වසර කියන්නේ බොහොම ජයග්‍රාහී වසරක්. ඒ වගේ ම අභියෝගාත්මක වසරක්. මේ සත්වැනි වසර ජයග්‍රාහී වසරක් ලෙස මා දකින්නේ වසර හයකට පසුව යුනෙස්කෝව යටතේ තිබෙන ජාත්‍යන්තර නාට්‍ය ආයතනය (ඉන්ටර් නැෂනල් තියටර් ඉන්ස්ටිටියුට්) අපට උපදේශක දායකත්වය ලබාදීමට මැදිහත් වීම නිසයි. එය ශ්‍රී ලංකාව විදියට අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

2018 කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අභියෝගාත්මක වසරක් ලෙස ඔබ හඳුන්වන්නේ ඇයි?

පළමුවෙන් ම නාට්‍ය උලෙළ ආරම්භ කළ අවස්ථාවේ මුහුණ දීමට සිදුවුණු දුෂ්කරතාවලට වඩා වැඩි දුෂ්කරතා රැසක් මෙවර නාට්‍ය උලෙළ ආරම්භ කිරීමට යෑමේදී අපට විඳීමට සිදු වූ නිසයි මා එලෙස පැවසුවේ. ඒ අපට එදා පටන් අඛණ්ඩව සිටි අනුග්‍රාහකයෝ කිහිපදෙනෙක් මෙවර නාට්‍ය උලෙළ වනවිට අහිමිවීමයි. මෙතෙක් ඔවුන් අපට උදව් කරන ලද්දේ කිසිදු ලාබ ප්‍රයෝජනයක් මූලික කරගෙන නොවෙයි. ඒ නිසා අප මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සංවිධානය කළේ කරන්න වුවමනා නිසා මිසක් කරන්න පුළුවන් කමකට නොවෙයි. මේ කතා කරන මොහොත වනතුරුත් මා සිටින්නේ දැඩි මානසික පීඩනයක හා දැඩි අවදානමකයි. ඒ නාට්‍ය උලෙළ කරන්න අවශ්‍ය මූලික ධනයෙන් සියයට විසිපහක් වත් අප සතුව නොමැතිවීමයි. එය සොයා ගැනීම අපට එල්ල වී තිබෙන විශාල අභියෝගයක්.

වසර හතක තරම් දිගු කාලයක් පැමිණීමට ඔබට ශක්තියක් වූයේ ඒ අභියෝගයද?

මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් කිසිම දිනෙක අපේ රටේ පවත්වා නැහැ. ඒ නිසා එලෙස නොමැති දෙයක් ආරම්භ කළ දා පටන් දහමක් ලෙස මා ඇදහූ කාරණයක් වූයේ කෙලෙස හෝ මේ කටයුත්ත කළ යුතු බවයි. එය එසේ සිදු නොවීමට ඉඩහැරියොත් යළිත් ඒ නාට්‍ය උලෙළ ආරම්භ කිරීම ලෙහෙසි පහසු වන්නේ නැහැ. මොකද එලෙස වසර කිහිපයක් පැවැත්වූ සමහර ජාත්‍යන්තර උත්සවවලට තිත තැබුණා. එහෙත් ඒවා යළිත් ආරම්භ කළේ නැහැ. මේ සියලු කාරණා සලකා බැලීමේදී ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සෑම වසරකම පැවැත්වීමේ අදහසේ මා නිරන්තරයෙන් ම රැඳී සිටියා. එහි ප්‍රතිඵලයක් විදියට සීමිත අනුග්‍රාහකයන් පිරිසක් පමණයි අප සමඟ රැඳී සිටින්නේ. මේ අවස්ථාවේ ඔවුන්ව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඔවුන් කිහිපදෙනාත් නොවෙන්න මගේ අදහස තව තවත් දුෂ්කර වන්න ඉඩ තිබුණා.

සුපුරුදු ලෙස මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළ ප්‍රවීණ නාට්‍යකරුවකුගේ නමින් නම් කෙරෙන්නේද?

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පළමුවෙන්ම නම් කිරීම ආරම්භ කරන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාමයටයි. ඉන් පස්සේ කේ. බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල යන නාට්‍යකරුවන්ගේ නමින් නාට්‍ය උලෙළ නම් කරනු ලැබුවා. ඒ අනුව නාට්‍ය උලෙළ නාට්‍යකරුවකුගේ නමින් නම් කිරීමේදී පළමුවෙන්ම අප සලකා බලන්නේ නාට්‍යකරුවන්ගේ ජ්‍යෙෂ්ඨත්වයයි. ඒ වගේම එහිදි නාට්‍ය කලාවට නාට්‍යකරුවාගේ දායකත්වය හා කාලය පිළිබඳත් සලකා බැලෙනවා. මේ කාරණා අනුව මෙවර අභිනන්දනයට පත් විය යුතු නාට්‍යකරුවා වන්නේ ධර්මසිරි බණ්ඩාරනායකයන් යැයි අප තීරණය කළා. 24 වැනිදා ඔහුගේ නිර්මාණයක් වුණු ‘ට්‍රොජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යය රඟ දැක්වීමෙනුයි නාට්‍ය උලෙළ ආරම්භ වන්නේ.

මේ වනවිට පැන නැඟී තිබෙන අර්බුද නිසා ම සමාරම්භක උලෙළ පැවැත්වෙන්නේ වෙනස් ආකාරයෙන් යුතුවද?

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ සමාරම්භක උලෙළ පැවැත් වෙන්නේ 23 වැනිදා. ඒ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ඒ සඳහා මෙවර අපට ආරාධනා කිරීමට සිදු වී තිබෙන්නේ සීමිත ආරාධිතයන් පිරිසකට පමණයි. ගිය වසරෙදී තුන්සියයක පමණ ආරාධිතයන්ට ආරාධනා කළ මට මෙවර සියයකට ආරාධනා කිරීම ගැන සිතාගන්නවත් බැහැ. කවුරු හෝ කෙනෙකුට මා පවසන්නේ ආරාධනා පත්‍රයක් නොලැබුණා නම් ඒ ගැන තරහා ගන්නට එපා. එසේ කිරීමට නොහැකි වුණේ ඔවුන් සමඟ තිබෙන තරහට නොව මට සීමා වීමට සිදු වීම නිසයි.

ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ දී වේදිකා නාට්‍ය වේදිකා ගතවන්නේ කොපමණ ප්‍රමාණයක්ද?

නාට්‍ය උලෙළ 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගතවේවි. එහිදි ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, කොසෝවෝ, තුර්කිය, ඔස්ට්‍රියාව, ආර්ජන්ටිනාව වැනි රටවල් හතක් නාට්‍ය නිර්මාණ අටක් වේදිකා ගත කිරීමට නියමිතයි. මේ විදේශ නිර්මාණවලට අමතරව අපේ රටෙන් නාට්‍ය නිර්මාණ පහක් ද ඒ දිනවල වේදිකා ගතවීම සිදුවනවා. මේ උලෙළට තෝරාගෙන තිබෙන අපේ රටේ නාට්‍යවලින් නාට්‍ය කිහිපයක් ම පසුගිය කාලයේ සම්මාන ගත් නාට්‍යයයි. ඉන් ගිය වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසි අංශයේ සම්මාන දිනූ නාට්‍යය වන මියුසියස් විද්‍යාලයේ ‘චෙයාර්ස්’ කියන නාට්‍යයත්, ගිය වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සිංහල අංශයේ සම්මාන දිනූ නිලංක උඩුමුල්ලගේ ‘පාට’, වේදිකාවෙන් මහපොළවට නාට්‍ය උලෙළේ ‘නිලක් බලමුද’, යාපනය විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් වන ‘බර්ඩ්ස් හූ ෆොගෙට් හව් ටු ෆ්ලයි’ යන නිර්මාණ නාට්‍ය උලෙළ සඳහා එලෙස තෝරාගත් නාට්‍යයයි.

මෙවර උලෙළ ධර්මසිරි බණ්ඩාරනායක නමින්

ඔබ මෑතකදී නිර්මාණය කළ ‘ආදර ඔන්චිල්ලාව’ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී වේදිකා ගතවන්නේ පළමුවරට නේද?

‘ආදර ඔන්චිල්ලාව’නොහොත් ‘ස්විංල්ස් ඔෆ් ලව්’ කියන වේදිකා නාට්‍යය වේදිකා ගතවන්නේ 25 වැනිදා. අපේ රටේ එහි මංගල දර්ශනය පැවැත්වෙන්නේ එදිනටයි. ඉන්දියාව හා කොරියාව යන විදේශ රටවලදියි මෙහි මංගල දර්ශනය මුලින්ම පැවැත්වුණේ. ඩුබායිවල විශේෂ දර්ශනයක් පැවැත්වූවා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඉතාලි ජාතික රංගන ශිල්පිනියක වන ජූලියා පිල්ප්පුයි. ඇයත් 2016 වසරේ අපේ නාට්‍ය උලෙළට සහභාගි වුණු ශිල්පිනියක්. ඒ ආකාරයට අපේ රටේ නිර්මාණවලට ලෝකයත් එක්ක ගනුදෙනු කිරීමට අවශ්‍ය පසුබිම මේ රටේ නිර්මාණය කරලයි තියෙන්නේ.

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට මෙවර ඉදිරිපත් කරන වේදිකා නාට්‍යවල පෙළගැස්මේ වෙනස්කමක් දක්නට ලැබෙන බවයි පෙනෙන්නේ. එලෙස කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

2018 වසර ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සඳහා මෙතෙක් පැවැති නාට්‍ය උලෙළවලට වඩා අයැදුම්පත් ප්‍රමාණයක් ලැබීම සතුටට කරුණක්. ඒ අනුව ලැබුණු අයැදුම්පත් එකසිය පනහකටත් වඩා වැඩි ප්‍රමාණයකින් පළමු අදියර සඳහා තෝරා ගැනුණේ නාට්‍ය විසිහතයි. ඒ නාට්‍ය විසිහත අතරිනුත් අවසන් වටය සඳහා තෝරා ගැනුණේ නාට්‍ය දොළහක් පමණයි. එලෙස ජාත්‍යන්තර නාට්‍යවලට වැඩි අවධානයක් ලබාදීමට අපට සිදුවුණේ මෙවර ලැබුණු විදේශීය නාට්‍ය ප්‍රමාණයේ ඉදිරිපත් කිරීම පිළිබඳ සලකායි. ඒ අනුව අප වෙනදා එකම දිනයේ විදේශීය කෙටි නාට්‍යයක් හා දේශීය කෙටි නාට්‍යයක් වේදිකා ගත කිරීම වෙනුවට මෙවර සෑම දිනෙකම සිදු වන්නේ විදේශීය වේදිකා නාට්‍ය ද්විත්වයකට වේදිකාවේ ඉඩකඩ සැලසීමයි. ඒ වගේ ම ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය වැඩමුළු පැවැත්වීමත්, කොළඹ නාට්‍ය කතිකාවත් පැවැත්වීමට නියමිතයි. එහිදි සිදුවන විශේෂ සාකච්ඡාව නම් මා, පරාක්‍රම නිරිඇල්ල ඇතුළු නාට්‍යකරුවන් එකතු වී ඉදිරිපත් කරන අනාගත නාට්‍ය ප්‍රතිපත්තිය පිළිබඳයි. එය විදේශීය නාට්‍යකරුවන්ටත් ඉදිරිපත් කිරීමටයි අප සිතාගෙන සිටින්නේ. ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම අපට වැදගත් කාරණයක් වේවි. ඒ සාකච්ඡා වැඩමුළු සඳහා ම වෙන්වුණු වෙනත් රටවල නාට්‍යකරුවන් පිරිසකුත් අපේ රටට පැමිණීමට නියමිතයි.

මෙහිදි දේශීය නාට්‍යකරුවන්ගෙන් තමන්ගේ නාට්‍ය කප්පාදුවකට ලක්කළා ය යන චෝදනාව ඔබට නැඟිය හැකියි

එහිදි අපගේ නාට්‍යකරුවන්ගේ නිර්මාණ කප්පාදුවට ලක් කිරීමක් ගැන නොවෙයි මා සිතුවේ. අපේ රටේ නාට්‍යකරුවන්ට විදේශීය නිර්මාණ නැරැඹීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමේ කාරණයයි මා එහිදි සලකා බැලුවේ. විදේශීය නාට්‍ය අටක් මෙවර ජාත්‍යන්තර උලෙළට ඉදිරිපත් කිරීම කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඒ වගේ ම වෙනදා ජාත්‍යන්තර උලෙළ සඳහා ඉදිරිපත් කළ දේශීය නාට්‍ය ගණනට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර ඉදිරිපත් වීමත් මේ උලෙළේදී දකින්නට තිබෙන විශේෂත්වයක්.

මෙවර ගිය වසරේ නොපැමිණි විදේශීය රටවල් කිහිපයක්ම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නියෝජනය කරන බවක් දැකියි හැකියි නේද?

මෙවර ආජන්ටිනාව, තුර්කිය, කොසෝව, ඔස්ට්‍රියාව වැනි රටවල් මෙතෙක් අපේ රටට නාට්‍ය වේදිකා ගත කිරීමට පැමිණ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හරහා සෑම වසරකම මෙහි පැමිණෙන අලුත් රටවල් කිහිපයකුත් වර්ධනය කර ගැනීමයි අපේ අරමුණ වන්නේ. ඒ අනුව ඒ ගෙවීගිය වසර හත දෙස හැරී බැලුවොත්, මේ වනවිට රටවල් හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට සහභාගි වී තිබෙනවා. ඔවුන් අතරින් නාට්‍යකරුවන් දාහකට වැඩි ප්‍රමාණයක් පළමු වරට නාට්‍ය වේදිකා ගත කිරීමේ අරමුණින් හා අපේ රටේ නාට්‍ය කලාව නැරැඹීමේ අදහසින් පැමිණ තිබීම විශේෂත්වයක්. එපමණක් නොවෙයි ලෝකයේ නාට්‍ය කලාව පිළිබඳ විශේෂඥයන්, මහාචාර්යවරුන් අපේ තරුණ නාට්‍යකරුවන් සමඟ සිය අත්දැකීම් බෙදා ගැනීමත්, දැනුම් හුවමාරුවීමත් මේ හරහා දැකිය හැකියි. එවැනි විශේෂ වූ කාර්යයකුයි අප මේ හරහා කළේ. එය අනෙක් අයට දැනෙනවාද කියලා නම් මා දන්නේ නැහැ. මා හැමදාම පවසන ආකාරයට වෘත්තිය නාට්‍ය කලාවක් නොමැති රටක් විදියට මෙවැනි කාර්යයක් එළියට දැනෙන්නේ අඩුවෙන්. අපේ නාට්‍ය කලාව සීමිත පිරිසක් නියැළෙන, සීමිත පිරිසක් නරඹන කලාවක් බවට පත්වෙලා. ඒ නිසා අද තිබෙන රියැලිටි ෂෝ වගේ ජනප්‍රිය දහරාවේ ගිහින් මේ කලාව ජනප්‍රිය වන්නේත් නැහැ. එහෙම කිරීමට අපට වුවමනාවකුත් නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ හරහා යම්කිසි බුද්ධි වර්ධනයක් සහ අත්දැකීම් වර්ධනයක්, නිර්මාණාත්මක වර්ධනයක්, දැනුම්වත් කිරීමේ වර්ධනයක් සිදුවීමටයි. එය නොදැනුවත්වම සිදුවීමයි මෙහි තිබෙන විශේෂත්වය වන්නේ.

ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ නාට්‍ය තෝරා ගැනීම සඳහා සැදුම්ලත් මණ්ඩලය කවුරුන්ද?”

ඒ සඳහා යම්කිසි තේරීම් මණ්ඩලයක් සිටියා. මෙවර ඒ තේරීම් මණ්ඩලය නියෝජනය කළේ පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, වරුණ අලහකෝන්, සුජීව පතිනිසේකර, රන්දික විමලසූරිය, හර්ෂ බුලත්සිංහල, මා ඇතුළු කණ්ඩායමයි. ඔවුන් සියලුදෙනා ම මේ කාර්ය කිරීමට ඉදිරිපත් වුණේ ස්වේච්ඡාවෙන්. එහෙත් අපට අනුමැතිය ලබාදීමට හැකියාව තිබුණේ හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට පමණයි. විවිධ රටවල්වල විවිධ මට්ටමේ නාට්‍යවලටයි ඒ කණ්ඩායමෙන් අනුමැතිය ලැබුණේ. කොහොම වුණත් අප සියල්ලන්ටම වුවමනා වී ඇත්තේ නාට්‍ය පුනරුදයක් මේ රටේ නිර්මාණය කිරීමටයි. එවැනි කාර්යයක් කිරීමට අපටම පමණක් මූලිකත්වය ගැනීමට නොහැකියි. ඒ සඳහා රජයේ අනුග්‍රහකත්වයත් ලැබිය යුතුයි. මෙතක් එය සිදුවුණෙත් නැහැ. ඉදිරියේදී සිදුවේවිද කියන විශ්වාසයක් අපට ඇත්තේත් නැහැ. කොහොම වෙතත් මෙලෙස අප සියලුදෙනාම නාට්‍ය කලාවේ යෙදෙන්නේ ස්වේච්ඡාවෙන්, අපේ පෞද්ගලික ධනය වියදම් කරගෙනයි.