වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 23 වැනිදා සෙනසුරාදා




වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු

පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු

‘පොත් ගුල්ලී’ වේදිකා නාට්‍යයෙන් ගැඹුරු පණිවුඩ කියවෙන්නේ නැහැ. ඒ වුණත් මෙහි සංවාදයට බඳුන් විය යුතු මාතෘකා අන්තර්ගතයි. අම්මා, තාත්තා, ගුරුවරයාගේ භූමිකාව, ළමයකුගේ කියැවීම මොනතරම් පෞරුෂ වර්ධනයට අදාළද කියන කාරණය නාට්‍යානුසාරයෙන් ‘පොත් ගුල්ලී’ හරහා එළිදැක්වෙනවා.

‘දඟ මල්ල සහ අමුතු ඉස්කෝලේ’ ‘මම වෙනම මලක්’ වේදිකාවට රැගෙන පැමිණි නාලක ස්වර්ණ තිලකගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය ‘පොත් ගුල්ලී’ ය. මේ මස 9 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවන ‘පොත් ගුල්ලී’ නාලක ස්වර්ණ තිලකගේ තෙවැනි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයයි.

ඔබ මෙතෙක් කළ නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තා නේද?

මම ගොඩක් නාට්‍ය කරලා තිබෙන නිර්මාණකරුවකු නොවෙයි. ඒත් මෙතෙක් කරලා තිබෙන නිර්මාණ කිහිපය මිනිස්සු ආදරෙන් වැළඳ ගත්තා. ඔවුන්ට යමක් දැනවිය හැකි වුණා. ‘දඟමල්ල’ ටෙලි නාට්‍ය බොහෝ දෙනෙක් නරඹලා බොහොම සතුටට පත් වී සිටියත් එය වේදිකා නාට්‍යයක් ලෙස 2003 වසරේ පැමිණියාට පස්සේ බොහෝදෙනා නැරැඹුවා. ‘මම වෙනම මලක්’ වේදිකා නාට්‍යය වේදිකා ගත කරන්නේ 2011 වසරේදී. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් බොහොම හොඳයි.

ඔබ ‘පොත් ගුල්ලී’ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ වසර හයකට පසුවයි. ඒ කෘතියත් පරිවර්තනයක්ද?

පරිවර්තනවලට මගේ දැඩි ඇල්මක් තිබෙනවා. රෝල්ඩ් ඩාල්ගේ ‘මැටිල්ඩා’ කෘතියෙනුයි මා ‘පොත්ගුල්ලී’ නිර්මාණය කරන්නේ. ඒ වගේම මැටිල්ඩා කියන පරිවර්තන කෘතිය ලෝකය පුරාම ජනප්‍රිය වූ නිර්මාණයක්. ඒ කෘතිය සිනමාවටත් වගේම වේදිකාවටත් නැඟුණු නිර්මාණයක්. එය ලෝකයේ අධ්‍යයන කාර්ය සඳහා ඇකඩමික් ආයතනවලින් තෝරා ගන්න එක් නිර්මාණයක්. මමත් මේ නිර්මාණය තෝරා ගන්නේ මගේ ආයතනයේ ප්‍රාසංගික විෂයයන් හදාරන ළමයින්ට අධ්‍යයනයක් ලබාදීම සඳහායි.

‘පොත් ගුල්ලී’ නාට්‍යය සඳහා සහභාගි වන ප්‍රවීණ නළු නිළියන් කවුද?

මේ සඳහා වෘත්තිමය වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් යොදාගනු ලැබුවේ සම්පූර්ණ වූ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ගෙන එන්නයි. කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක, අමා විජේසේකර, සංඛාරා විජේරත්න යන සිව්දෙනායි ඒ සඳහා මා සහභාගි කර ගත්තේ.

ඔබ ‘පොත් ගුල්ලී’ නිර්මාණය කරන්නේ ටීනේජස්ලා වෙනුවෙන්මද?

මගේ සෑම නිර්මාණයකම ඉලක්ක ගත කණ්ඩායම වුණේ ටීනේජස්ලායි. ‘දඟමල්ල’ වගේ නාට්‍යයකින් වුණත් කියැවෙන්නේ මනෝ විද්‍යාත්මක සන්දර්භයක්. එහි කතා කළේ හොඳ පසුබිමක් ඇතුළේ ළමයකු කොහොමද හොඳ මට්ටමකට ගෙන එන්නේ කියන කාරණයයි. ඒ ඇතුළේ ළමා මනෝ විද්‍යාව තිබුණා. ‘මම වෙනම මලක්’ නාට්‍යයෙන් කතා කරන්නේත් රැඩිකල් ටීනේජර් ළමයකු පිළිබඳයි. ගෙදරට, ගුරුවරුන්ට හොරෙන් යමක් කරන ඒ ළමයා කොහොමද නිවැරැදි මඟට ගන්නේ කියන කාරණයයි. ‘පොත් ගුල්ලී’ වේදිකා නාට්‍යයෙනුත් කතාබහට ලක්කරන්නේ අම්මා, තාත්තා පවා ගණන් ගන්නේ නැති දක්ෂතා රැසක් තිබෙන, කියැවීමට ඇබ්බැහි වුණු ළමයකු පිළිබඳයි.

මේ නිර්මාණ මඟින් අපට පෙනෙන්නේ ළමයින්ව කියව ගන්නේ කොහොමද කියන කාරණය වැදගත් බව නොවේද?

මැටිල්ඩාගේ පවුල සංකේතාත්මක පවුලක්. කාලීන සමාජයට බොහෝ වැදගත් දේ කතාබහ කිරීමට නිර්මාණය කළ පවුලක්. අපේ සමාජයේත් මෙවැනි පවුල් තිබෙනවා. ඒ පවුල්වල ළමයින්ට වෙන්වුණු දක්ෂතා තිබෙද්දි ඔවුන්ට යන්න වෙලා තිබෙන්නේ වෙනම මාර්ගයකයි. ඔවුන් ඉගෙන ගන්න පාසල යන්නේ වෙනම මාර්ගයකයි. එවිට සිදුවන්නේ ළමයා අතරමං වීමයි. ඒ අතර මැටිල්ඩා කෘතියේ හමුවන මිස් හනී වගේ ගුරුවරුත් අපේ සමාජයේ ඉන්න පුළුවන්. එවැනි ගුරුවරු විශේෂ ළමයින්ව හඳුනා ගන්නවා. ඒ ළමයින්ව කොහොමද හැසිරවිය යුත්තේ කියලා ඔවුන් දන්නවා. එවැනි නිර්මාණ සෑම සමාජකටම වගේ ම සෑම කාලයකටමත් පොදු වූ නිර්මාණයි. විශ්ව සාහිත්‍යයේ හමු වී තිබෙන මෙවැනි සර්වකාලීන කෘති පරිහරණය හා පරිශීලනය බොහොම අඩු සමාජයකයි අප ජීවත් වන්නේ. එවැනි සමාජයකටයි මා ‘පොත් ගුල්ලී’ රැගෙන එන්නේ.

ළමයින්ගේ අධ්‍යාපනය වර්තමානයේදී පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වී ඇති බවයි පෙනෙන්නේ?

ළමයකු දිගින් දිගටම කියවනවා නම් මව්පියන් ඒ ළමයාව දකින්නේ වෙනස්ම විදියටයි. අවසානයේ ඒ දරුවාගේ කියැවීම ඔවුන්ට ප්‍රශ්නයක් වෙනවා. ඔවුන් කියැවීම යනුවෙන් අදහස් කරන්නේ විෂය නිර්දේශයට තිබෙන පොතපත කියැවීමයි. එහෙම නැතිව කියැවීම කියන්නේ එතැනින් එහාට ගිය ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ඇතිවන, වින්ඳනය, සංවේදනා අවදි කරවන මාධ්‍යයක් ය තියන කාරණය ඔවුන් අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා ඔවුන් ළමයින්ට කියන්නේ ම විෂය නිර්දේශයේ ම තියෙන පොතපත කියවන්න කියලයි. අද සිටින බොහෝ ගුරුවරුත් සිටින්නේ විෂය නිර්දේශයේ හිරවෙලා. ඔවුන්වත් විෂය නිර්දේශයට පිටින් කියැවිය යුතු පොතක් ගැන දන්නේ නැහැ. මේ තිබෙන අධ්‍යාපනය අර්ථ දක්වන්නේ කොපි පේස්ට් අධ්‍යාපන ක්‍රමයක් යනුවෙන්.

‘පොත් ගුල්ලී’ වේදිකා නාට්‍යයෙන් කතාබහට ලක්කෙරෙන්නේ කුමන කාරණාද?

‘පොත් ගුල්ලී’ වේදිකා නාට්‍යයෙන් ගැඹුරු පණිවුඩ කියවෙන්නේ නැහැ. ඒ වුණත් මෙහි සංවාදයට බඳුන් විය යුතු මාතෘකා අන්තර්ගතයි. අම්මා, තාත්තා, ගුරුවරයාගේ භූමිකාව, ළමයකුගේ කියැවීම මොනතරම් පෞරුෂ වර්ධනයට අදාළද කියන කාරණය නාට්‍යානුසාරයෙන් ‘පොත් ගුල්ලී’ හරහා එළිදැක්වෙනවා.

‘පොත්ගුල්ලී’ වේදිකා නාට්‍යය වේදිකා ගත වන්නේ ළමයින් රැසකගේ එකමුතුවකින්. ඔවුන් හා ඇසුර කුමන ස්වරූපයක් ගන්නේද?

අපේ රටේ බිහිවන බොහෝ ළමා නාට්‍යවල ළමයින්ගේ චරිත රඟපාන්නේ වැඩිහිටියන්. එහෙත් මගේ නිර්මාණවල ළමයින්ගේ චරිත රඟපාන්නේ ළමයින්මයි. ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී සමස්ත ක්‍රියාවලියට අප ළමයින් හසුරුවා ගත යුත්තේ ළමයන්ගේ මනසත් සමඟමයි. ඒ කටයුත්ත ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ නිර්මාණයක් කරනවා වගේ නොවෙයි. ඒ අය සමඟ කටයුතු කිරීමට නම් ඒ අයගේ රිදම් එක හඳුනා ගත යුතුයි. ඔවුන් වෙනුවෙන් දිගු කැප කිරිමක් කළ යුතුයි. ඒ හරහා මගේ ඇකඩමියේ සිටින ළමයින්ව මා හුරුකරන්නේ රංගන ශිල්පීන් වීමට නොවෙයි. සිය දක්ෂතා හඳුනා ගනිමින් සංවේදනා සහිත ළමයින් පිරිසක් නිර්මාණය කිරීමයි මා සිදුකරන්නේ. ‘පොත් ගුල්ලී’ නාට්‍යයත් ඊට අපූරු අනුබලයක් සපයන බවයි මා සිතන්නේ

‘පොත් ගුල්ලී’ නාට්‍යය සඳහා සහභාගි වන ළමා රංගන ශිල්පීන් හා ශිල්පීනියන් කවුරුන්ද?

‘පොත් ගුල්ලී’ ලෙස රඟපාන්නේ දිහිනි කංකානම්ගේ දැරිවියයයි. ඈව දැක්කාට පසුව මේ විදියට රගපාවි යැයි කිසිවකු සිතන්නේ නැහැ. ඈට අමතරව ඩිනායා, සජනි, ඉමායා, රුහිනි, ටිෂායාථ, අපූර්වා, සෙහස්නා, දිලිනි, නිතාෂා, දිල්යා, උත්කර්ෂා, සංකර්ෂා, කලිනදි, මෙලීෂා, චනුමි, සන්සලී, සුහන්සා, ඉසිනි, බිනරි, මිහින්, නවිඳු, රොවෙන්, විරුල්, රවිඳු, සනුක, යුමෙත්, හේලිත, සමිරු, සෙනිත, සුවීන් ඇතුළු දරු - දැරියන් පිරිසයි මෙහි රංගනයෙන් දායක වන්නේ.

සංගීතමය නාට්‍යයක් ලෙසයි ‘පොත් ගුල්ලී’ ළමයින් අතරට පිවිසෙන්නේ?

දැන් ඉන්න ටීනේජස්ලාගේ ක්‍රමයට ගැළපෙන, රිද්මයට ගැළපෙන ගීත, නර්තන මේ නාට්‍යයේදී මා යොදා ගත්තා. එය සිදුකරන්නේ අර්ථාන්විතවයි. මෙහි ගීත රචනා කළේ තරුණ වෛද්‍යවරයකු වුණු නුවන් තොටවත්තයි. ඔහුගේ ගීතවල පද ඇතුළේ තිබෙන්නේ වෙනම සාහිත්‍යයක්. මෙහි සංගීතය නිර්මාණය කළේ චින්තක ජයකොඩියි. ඔහුගේ සංගීතය නාට්‍යයේ අර්ථය තීව්‍ර කරනවා වගේම ගීතවල පදවල අර්ථයත් අපූරුවට ගළපනවා. පසුතල නිර්මාණය කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වුණ චතුර දසනායකයි. අංගරචනයෙන් රත්න කුමාර ලියන වඩුගේ, රංග වස්ත්‍ර සැකසුමෙන් චමිලා ක්‍රිශාන්තා හා කීර්ත කුමාර, නර්තන නිර්මාණයෙන් හර්ෂිකා රත්නායක හා පියුමි සිල්වා, ශබ්ද පරිපාලනයෙන් සංජීව ගුනරත්න සහ අරුණ මනතුංග මට සහය වුණා.