වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
විනිශ්චය මණ්ඩලය නිදි

විනිශ්චය මණ්ඩලය නිදි

සකල කසළ තැනූ ජානකී හිල්ගෙන් චෝදනාවක්

නර්තනයට මෙන් ම රංගනයට හපන්කම් දක්වන ජානකී හිල් පළමු ව අප හමුවට පිවිසෙන්නේ ‘පටාචාරා’ නෘත්‍ය නාටකයෙනි. ඉන්පසුව ඈ නිෂ්පාදනය කරන ‘සකල කසළ’ වේදිකා නාට්‍යය යළිත් රංග ගත කිරීමට සූදානම් වෙයි. ඒ මේ මස 20 වැනිදා ප.ව. 6.00ට ලුම්බිණි රඟහලේදී ය. මේ දිග හැරෙන්නේ ජානකී හිල් සමඟ ‘සකල කසළ’ පිළිබ‍ඳ කරන ලද කතාබහකි.

ඔබගේ කලා ගමන ආරම්භ වන්නේ අරකවිල ගම්මානයෙන්?

අරකවිල අයිති වන්නේ කළුතර දිස්ත්‍රික්කයට. ඒක හද්දා පිටිසර ගම්මානයක්. පාසල් කාලයේ පටන්ම නර්තනයට, රංගනයට බෙහෙවින් ආදරය කරන නිසයි මම පාසල් කාලයෙන් පස්සේ කොළඹට පිවිසෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදියටයි කාලිංග ඔබේවංශ සූරින්ගේ රුහුණු කලා කවයේ පහතරට නර්තනය ප්‍රගුණ කරන්නේ. ඊට පස්සේ ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාවට බැඳෙන මා මානෙල් ජාගොඩ ඇතුළු ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් යටතේ නාට්‍ය කලාවත්, පද්මිණී දහනායක නර්තන ශිල්පිනිය යටතේ භරත නාට්‍යයම්, කුලසිරි බුදවත්ත සූරීන් යටතේ උඩරට නර්තනයත් හදාරනවා. එතැනින් නොනැවතුණු මම විදේශ රටවලට ගිහින්, මා හැදෑරූ නර්තන හා නාට්‍ය කටයුතු පිළිබඳ වැඩමුළුවලට සහභාගි වෙමින් මගේ දැනුම වර්ධනය කර ගන්නවා. කාලයක පටන් මගේ සිතේ හීනයක්ව තිබුණු පදනම ආරම්භ කරන්නේ ඊට පස්සේ.

අරකවිල නර්තන හා නාට්‍ය පදනම ආරම්භ කර දිගු කාලයක්. මේ වනවිට එය තිබෙන්නේ මොනවගේ ස්ථානයකද?

මා උපන් ගමේ ම මේ පදනම ආරම්භ කරන්නේ එහි සිටින දරුවන්ට යම් දෙයක් ලබාදීමේ පරමාර්ථයෙන්. ඉදිරි වසරට එය ආරම්භ කරලා වසර දහයක්. ඒ කාලය ඇතුළත බොහොම සංයමයෙන් යුත් ළමයි පිරිසක් බිහි කිරීමට ලැබීම මා සලකන්නේ මගේ ජීවිතයේ ලැබූ ජයග්‍රහණයක් විදියටයි. අද වනවිට ඒ ඒ විෂයයන්වලට දක්ෂ ආචාර්ය මණ්ඩලයක් පදනමේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. ඒ අතර විශ්වවිද්‍යාලවල ගුරුවරු පවා එහි ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. පහතරට නර්තන අංශය භාරව කටයුතු කරන්නේ මහාචාර්ය ලයනල් බෙන්තරගේයි. ඊට අමතරව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බුද්ධික රණවීර, ප්‍රවීණ නර්තන ශිල්පී ඉසුරු වීරසිංහ, කෝසලා, මෝක්ෂා, ලක්ෂිතා ඇතුළු ආචාර්ය මණ්ඩලයකගේ සහය අරකාවිල නර්තන හා නාට්‍ය පදනමට ලැබෙනවා. වෙනත් පන්තියකට සහභාගි වන ළමයකුට ලබාගත නොහැකි දැනුමක් මේ පදනමෙන් ලැබෙන බවත් සඳහන් කළ යුතුමයි.

‘පටාචාරා’ට පස්සේ ඔබ නිෂ්පාදනය කරන ‘සකල කසළ’ වේදිකා නාට්‍යය බොහෝ දෙනා අතරට පිවිසෙන්නේ නැත්තේ ඇයි?

‘සකල කසළ’ වේදිකා නාට්‍යය නිර්මාණය වන්නේ 2015 වසරේ. එතැන් පටන් දර්ශන වාර පහක්, හයක් පමණයි ‘සකල කසල’ වේදිකා නාට්‍යය වේදිකාගත වන්නේ. ඒ වගේ ම එකල පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උලෙළටත් මේ නාට්‍ය ඉදිරිපත් වනවා. ඒකේ දෙවැනි වටයේදී එය ප්‍රතික්ෂේප වෙනවා. මේ අතර මා නාට්‍ය සංවිධානය කරන සංවිධායකවරුන් මුණ ගැසී නාට්‍ය භාරදීමට සිතුවත් ඒ උත්සාහයන් සාර්ථක වන්නේ නැහැ.

ඒ ඇයි?

ඒ අයත් ඉන්නේ නාට්‍යයක් සංවිධානය කරන්න යොදවන මුදලවත් ආපසු ලැබෙන්නේ නැහැ කියන අර්බුදයේ. මේ වනවිට මිනිස්සු නාට්‍ය නරඹන්නේ නැහැ. මිනිසුන්ගේ රසවින්දනය බොහොම පහළ මට්ටමක තිබෙන්නේ. එහෙමත් නැත්නම් ඔවුන්ට නාට්‍ය නරඹන්න කාලයක් නැහැ. එහෙම තත්ත්වයක ඔබ හිතනවද ‘සකල කසළ’ වගේ නාට්‍යයක් නරඹයි කියලා. ඔවුන් නැරඹුවොත් නරඹන්නේ විහිළු තිබෙන නාට්‍යයක්. එහෙමත් නැතිනම් ජනප්‍රිය නළු-නිළියෝ ඒ නිර්මාණවල ඉන්න ඕනෑ.

ඉන්පසුව යළිත් ‘සකල කසළ’ වේදිකාවට පිවිසෙන්නේ කාලයකට පස්සේ?

ඔව්. එය හරියටම වර්තමානයේ තිබෙන කුණු ප්‍රශ්නයත් එක්ක අදාළ වුණා. ඒත් පසුගිය කාලයේ මතු වුණු කුණු ප්‍රශ්නයට කලිනුයි ‘සකල කසළ’ මඟින් මේ ගැන කතා කළේ.

‘සකල කසළ’ වේදිකා නාට්‍යය හරහා ඔබ කතා කරන්නේ කසළ ප්‍රශ්නය පිළිබඳයි?

කුණු කන්දක් වටා ජීවත් වන පවුල් දෙකක් ආශ්‍රය කරගනිමිනුයි වේදිකා නාට්‍යය දෝලනය වන්නේ. ඒ කතාව ඇතුළේ ළමා ජාවාරම, පරිසර විනාශය, ගණිකා ව්‍යාපාරය වගේ ම කුණු කතන්දරය ඇතුළේ තිබෙන මාෆියාවත් මේ නාට්‍ය‍යෙන් කතාබහ කරනවා. මෙහි තිබෙන දේශපාලනය විදහා දැක්වෙනවා. ඒ නිසා මේ නාට්‍යය නරඹලා කැමැති අයට තොප්පි දාගන්නත් පුළුවන්. ඒත් මේ කුමන දෙයක් වුණත් අප කතාබහ කරන්නේ බෞද්ධ දර්ශනයට අනුවයි.

‘සකල කසළ’ වේදිකා නාට්‍යයේ යටි පෙළෙන් දිවෙන යම් හාස්‍යයක් මතු වනවාද?

‘සකල කසළ’ හරහා මතු කරන යම් කාරණාවලදී ප්‍රේක්ෂකයන්ට සිනහව උපදිනවා. ප්‍රේක්ෂකයන් සිනහ වීමට කැමැතියි. එතනදි අප ඔවුන්ගේ මුහුණුවල සිනහව උපදවන්නේ බලයෙන් නොවෙයි. ඉබේමයි. අද බලයෙන් සිනහව උපදවන නිර්මාණ රැසක් තිබෙන බව සත්‍යයක්. ඒත් එතැනට මේ නිර්මාණය ගැනෙන්නේ නැහැ. අපට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයාගේ සිතට සිතන්නට යමක් ලබා දිමයි. නිවසට ගියත් ඒ සිදුවීම් ඔස්ස් අලුත් යමක් සිතට පිවිසවීමයි. ඒ හරහා ඔවුන්ට ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යෑමටයි අප මහන්සි වන්නේ.

ඔබ වේදිකා නාට්‍යය සඳහා එහි අර්ථය කුළුගැන්වෙන අයුරින් යුත් ගීතයක් ඇතුළත් රූපරචනාවක් යොදා ගන්නවා. එහෙම ක්‍රියාකාරකමකට යන්න සිතුවේ ඇයි?

වේදිකාවේදී මෙවැනි අලුත් අලුත් දේ ලෝකයේ සෑම දිනෙක ම නිර්මාණය වෙමින් පවතිනවා. විවිධ අත්හදා බැලීම් සිදුවෙනවා. එතනට අපට කවදා යා හැකිද යැයි මා දන්නේ නැහැ. එහෙත් මා මින් අදහස් කළේ එවැනි අලුත් අදහසක් ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන්නයි. වේදිකා නාට්‍යයක් නරඹන්නට පැමිණෙන්නේ සුළු පිරිසක්. එවිට ඔවුන්ට පමණයි වේදිකා නාට්‍යය නැරැඹිය හැකි වන්නේ. එහෙත් මේ වීඩියෝ පටය රූපවාහිනියේ විකාශය වීමෙන් ඒ වේදිකාවට නොපැමිණෙන පිරිසටත් නාට්‍යය පිළිබඳ යම් අදහසක් ගත හැකි වේවි. ඊට අමතරව ගීතය ඔවුන් අතර ජනප්‍රිය වීමටත්, ඔවුන්ව නාට්‍යය නැරැඹීමට යම් ප්‍රවණතාවක් ඇති කිරීමටත් මේ වීඩියෝව හේතු වේවි යැයි මා සිතනවා

ඔබගේ වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවැනි වටයේදී ඉවත් වෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලව පිළිබඳ ඔබට තිබෙන්නේ කුමන අදසක් ද?

එහි සිටිය විනිශ්චය මණ්ඩලය විනිශ්චය කිරීමට සුදුසු අය නොවෙයි. මොකද මා එසේ කියන්නේ විනිශ්චය මණ්ඩලයක ප්‍රධාන කාර්යය විය යුත්තේ නාට්‍ය හො‍ඳීන් නැරැඹීමයි. පිරිසිදු නිරවුල් මනසින් නාට්‍ය නැරඹීමයි. එහෙත් එහි සිටි සමහරු කළේ නිදා ගැනීමයි. ඉතින් නිදාගෙන ලබාදෙන විනිශ්චය කොහොමද නිවැරැදි වෙන්නේ.

මේ නිර්මාණයට සහභාගි වන පිරිස කවුද?

අපගේ පදනම වටා දක්ෂ නිර්මාණකරුවන් රැසක් ඒකරාශි වී සිටිනවා. විවිධ දේ සඳහා දක්ෂතා දක්වන පිරිසකින් සමන්විත වන ඒ පිරිසේ රංගනයට දක්ෂ අයත් ඊට ඇතුළත්. ඒ නිසා ‘සකල කසළ’ වේදිකා නාට්‍යයේ රඟපෑම සඳහා මා ඔවුන්ව ම තෝර ගත්තා. ඒ අනුව රංගනයෙන් ප්‍රියන්තා අංහෙට්ටිගම, සමන්ත විජේසිංහ, යොහාන් රණසිංහ, දිලීප් මනෝහර, කෝසලා මැද්දෙගොඩ, නිලන්ත සංජීව, සිලිනි නිසංසලා, ටකේෂි දෙව්මිණී, ලාවන්‍යා තත්සරණී, ශම්මු කසුන්, නිමේෂ් රංගන, දසුනි එදිරිසිංහ, හර්ෂ කුමාර, නිලූකා දමයන්ති, රදික සඳරුවන්, නිපුල් චන්දන, අනුර ද සිල්වා සහ මා ‘සකල කසළ’ සඳහා දායකත්වය දක්වනවා. ඔවුන් රඟපාන ගමන් ම නර්තන වින්‍යාසයෙන්, ඇඳුම් නිර්මාණයෙන්, වේදිකා පරිපාලනයෙන්, පෙළ මතක් කිරීමෙන්, පසුතල නිර්මාණයෙන්, නිෂ්පාදන කළමනාකරණයෙන් ආදී වේදිකාවේ සිදුවිය යුතු අනෙක් කටයුතුවලටත් දායකත්වය දක්වනවා. ඔවුන්ගේ තිබෙන විශේෂත්වය එයයි. සංගීතයෙන් අතුල කුමාර එදිරිසිංහත්, රංගාලෝකයෙන් සමන් මලලසේකර, අංගරචනයෙන් සංජීවනී විජේකෝන්, වේදිකා පරිපාලන සහයෙන් කවිඳු හර්ෂණ, ශබ්ද පරිපාලනයෙන් දිනේෂ් එදිරිසිංහ, ප්‍රභාත් චතුරංග, ජයනි කෝෂිලාත් සහය වන බව මතකයට නැඟිය යුතුයි.

ඔබ ජනප්‍රිය නළු නිළියන් වේදිකා නාට්‍යයට සහභාගි කර නොගන්නේ ඇයි?

‘සකල කසළ’ වේදිකාගත කරද්දිත් බොහෝදෙනා මගෙන් ඔය ප්‍රශ්නය විමසූ අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදකවරුන්ට හා සංවිධායකවරුන්ට කියන්න තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් අසනවා නම් කරුණා කරලා ඒ ප්‍රශ්නය වෙනස් කර ගන්න යනුවෙන්. මේ නිර්මාණයට රඟපෑමෙන් දිලීප් මනෝහර ඇරෙන්න වෙන කිසිම ජනප්‍රිය කෙනෙකු දායක කර ගත්තේ නැහැ. ඔහුවත් දායක කර ගත්තේ අපේ ගම් ප්‍රදේශයේ වීම හා පදනමත් සමඟ ඔහුගේ තිබෙන සම්බන්ධය නිසයි. ඊට අමතරව මෙහි ගීතය ගයන්නේ රොඩ්නි වර්ණකුල හා අනුරාධා නන්දසිරියි. දන්න කියන මේ පිරිසත් සමඟ කටයුතු කිරීම බොහොම පහසුයි. අද ජනප්‍රියත්වයට පත්වෙලා සිටි අය අතීතයේ දවසක වේදිකාවේ රඟපෑවේ ආධුනික ශිල්පීන් විදියටයි. ඒ නිසා මේ අයත් දවසක ජනප්‍රියත්වයට පත්වේවි.

ඉදිරියේදි ඔබ පැමිණීමට නියමිත නිර්මාණ මොනවා ද?

මේ වනවිට මා කෙටි චිත්‍රපටයක් හා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. අනාගතයේදී මගේ එකම හීනය වන්නේ චිත්‍රපටයක් කිරීමයි.