වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි

361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි

උදයසිරි වික්‍රමරත්න

‘සුද්දෙක් ඔබ අමතයි’, ‘රඟපෑම් ඉවරයි’, ‘පෙම් යුවළක් ඕනෑ කර තිබේ’ ආදී වේදකා නාට්‍ය රැසක් ප්‍රේක්ෂකයා වෙත ගෙන පැමිණි උදයසිරි වික්‍රමරත්නගේ නවතම වේදකා නාට්‍යය නිර්මාණය ‘තුන්සිය හැටඑක’යි. මේ මස 27 වැනිදා පස්වරු 3.30ට සහ 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවන ‘තුන්සිය හැටඑක’ වේදිකාවට නවතම ආකෘතියක් හඳුන්වා දෙයි. ඒ නවමු ආකෘතියක් ඔස්සේ පැමිණෙන ‘තුන්සිය හැටඑක’ පිළිබඳ උදයසිරි වික්‍රමරත්න සමඟ ‘සරසවිය ට කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

‘තුන්සිය හැටඑක’ට පාදක වන්නේ ජනමාධ්‍ය හා අප අතර තිබෙන සම්බන්ධයයි. එහිදි කතාබහ වන්නේ අද ජනමාධ්‍ය ඔස්සේ සිදුවන වින්දනය ලැබීම හා දුක උරුම කර ගැනීම පිළිබඳයි. මෙලෙස ජනමාධ්‍ය හා නරඹන්නන් අතර තිබෙන මේ සම්බන්ධය පිළිබඳ කතාබහ කරන ‘තුන්සිය හැටඑක’ උදයසිරි වික්‍රමරත්න වේදිකාවට රැගෙන පැමිණෙන්නේ නැවුම් අත්දැකීමක් ප්‍රේක්ෂකයන් හමුවට තබමිනි.

“ඔබ එවැනි අදහසක් වේදිකා නාට්‍යයකට නඟන්න සිතුවේ ඇයි?”

“වර්තමානයේ මිනිසුන් නරඹන ප්‍රධාන මාධ්‍යයක් බවට පත් වී තිබෙන්නේ රූපවාහිනියයි. උදාරණයක් විදියට රූපවාහිනිය මඟින් ටෙලි නාට්‍ය නැරැඹීමෙන් යම් වින්දනයක් ලබා ගැනීමටයි නරඹන්නන් පුරුදු වී සිටින්නේ. එහිදි ජීවිතයේ තිබෙනවාටත් වඩා දුකකුයි නරඹන්නන් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නේ. අනෙක් කාරණය නම් දේශපාලන සංවාද දෙස බලන්න, නරඹන්නන් ඒවා නරඹන්නේ යම් සමාජ වෙනසක් අපේක්ෂාවෙන් නම් ඉන් සිදුවන්නේ මිනිසුන්ගේ ජීවිතවලට කිසිවකුත් එකතු නොවීමයි. මෙවැනි වැඩසටහනක් මඟින් සිදුවිය යුත්තේ ජනතාවගේ සිතුවිලි පෝෂණය වීමයි. එහෙත් අද සිදුවන්නේ ඔවුන්ව ඒ සිටින තැනෙනුත් පහළට ඇදවැටීමයි. ඒ කාරණායි ‘තුන්සිය හැටඑක’ වේදිකා නාට්‍යයෙන් කතාබහ කරන්නේ. මෙවැනි කාරණා රැසක් ‘තුන්සිය හැටඑක’ වේදිකා නාට්‍යයෙන් කතාබහ කිරීමට මූලික ම වූ අනෙක් කාරණය වන්නේ මමත් මෙවැනි දේ අඩු වැඩි වශයෙන් රූපවාහිනි නරඹන්නකු විදියට අත්විඳ තිබීමයි. ඒ වගේ ම අනෙක් නරඹන්නන්ගේ හැසිරීම පිළිබඳ ලැබූ අධ්‍යයනයකින් පසුවයි මෙවැනි නිර්මාණයක් මා කළ යුතුය යන්නෙන් හැඟුණේ.”

වෙනස් ම ආකෘතියකින් යුත් වේදිකා නාට්‍යයක් කිරීමට නිර්මාණකරුවකු විදියට යම් මූල බීජයක් සිතේ පිළිසිඳ ගන්නේ කුමන හෝ කාරණයක් මූලික කරගනිමිනි. ඊට වස්තුබීජ සැපයූ අදහස මේ නිරුමාණකරුවාට පැමිණෙන්නේ රූපවාහිනි තිරය මත සිය දෙනෙත යොමු කළ එක් අවස්ථාවක ය.

“ඒ මූලබීජය ඔබගේ පිළිසිඳ ගැනීමට හේතුවන්නේ කුමන වැඩසටහනක් නැරැඹීමෙන් ද?”

“මුලින් ම මේ අදහස මගේ සිතේ පිළිසිඳ ගන්නේ සුප්‍රකට ගායිකාවක් හා නවක නිවේදිකාවක් අතර ඇතිවුණු රූපවාහිනි සංවාදයකින්. අවුරුදු තිහේ ප්‍රශ්නවලට ඈට ලැබෙන්නේ අවුරුදු හැටක පිළිතුරක්. නවක නිවේදිකාවට අවුරුදු හැටේ ගායිකාව කියන ඒ කිසි කරුණක් නිවැරැදිව ග්‍රහණය කරගැනීමට නොහැකි වුණා. ඒත් ඒ අතර තිබුණු ගැටුම මගේ සිතට දැනුණා. මා එය නිර්මාණාත්මකව වේදිකාවට ගෙනාවා.”

‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍යය හරහා උදයසිරි කරන ලද්දේ මිනිසුන්ට කතා පැවැත්වීම ය. ‘සුද්දෙක් ඔබ අමතයි’ නැරැඹූ බොහෝ දෙනෙක් ඒ කතා පැවැත්වීම පිළිබඳ කතාබහ කළහ. ඒ ඔස්සේ උදයසිරිට කතා පවත්වනවා කියන කාරණයට අලුත් අර්ථකථනයක් ලබාදීමට ද හැකියාව ලැබිණි.

“තුන්සිය හැටඑක වේදිකා නාට්‍යය හරහා ඔබ වේදිකා නාට්‍ය කලාවට හඳුන්වා දෙන නැවුම් ආකෘතිමය වෙනස කුමක් ද?”

“මෙහිදි මා ආකෘතිය විදියට තෝරා ගන්නේ ජනප්‍රිය රූපවාහිනි සංවාද ආකෘතියයි. රූපවාහිනි සංවාද ආකෘතියක් එලෙසින් ම භාවිත කළ නිර්මාණයක් මෙතෙක් මා දැක නැහැ. කාලයක් මිනිස්සු දේශපාලන කතාවට වශී වෙනවා. මේ වනවිට ඔවුන් වශී වී සිටින්නේ දේශපාලන වාදවලටයි. මේ නාට්‍යයේ ආකෘතිය බවට පත්වන්නේ දේශපාලන වාද කියන ආකෘතිය හා රූපවාහිනියයි. මේ ආකෘතියේදී රූපවාහිනියේ තිබෙන වෙළෙඳ දැන්වීම් පවා මා යොදා ගත්තා. මෙහිදි සම්පූර්ණයෙන් ම වේදිකාව ප්‍රේක්ෂකයා ඉදිරියේදී රූපවාහිනියක් බවට පත්වෙනවා.”

මේ වේදිකා නාට්‍ය දෙකේ ම ආකෘතිවල ඇත්තේ සංවාද ස්වරූපයෙන් ගොඩනඟන කතාබහකි.

“සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍යය ආකෘතියෙන් ‘තුන්සිය හැටඑක’ වෙනස් වන්නේ කොහොම ද”?

“ඒ වේදිකා නාට්‍යය මඟින් වේදිකාවේ කළ කතාවක් කොයිතරම් සෞන්දර්යාත්මක ද, ජීවිතයට සමීප ද, කොයිතරම් ඇත්ත ද කියලා ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තා. එතැනදි දේශපාලන වේදිකාවක හෝ වෙනත් වේදිකාවක කතා කරන දේට වඩා නාට්‍ය වේදිකාවේ කතා කරන කතාව කොයිතරම් සෞන්දර්යාත්මකද, ඇත්තට සමීපද, කොයිතරම් හෘදය සංවේදී ද කියලා පෙනුණා. එහෙත් අද වනවිට ජනප්‍රියත්වයට පත් වී තිබෙන්නේ කතා නොව සංවාදයි. ඒ අනුව අද තිබෙන රූපවාහිනියේ වාදයට වඩා අර්ථවත්, සමීප, සෞන්දර්යාත්මක, නාට්‍යමය වාදයක් අප ‘තුන්සිය හැටඑක’ හරහා වේදිකාවට රැගෙන එනවා.”

‘තුන්සිය හැටඑක’ වේදිකා නාට්‍යයේදී එක් පැත්තකින් දේශපාලන වාද කියන ආකෘතියත්, අනෙක් පැත්තෙන් රූපවාහිනි මාධ්‍යයට තිබෙන පොදු ලක්ෂණත් සලකා බැලෙයි. එහිදි සමාජයේ ඇති වී තිබෙන ගැටීම් හා ඊට අදාළව සිදුකෙරෙන බොහෝ දේත් ආදී එහි අන්තර්ගතයත් භාවිත කිරීම මේ නාට්‍යයේ තිබෙන විශේෂ ලක්ෂණයකි. විශේෂයෙන් ම රූපපෙට්ටියත් සමඟ ඇති වී තිබෙන නරඹන්නන්ගේ ගනුදෙනුව මේ වේදිකා නාට්‍යයේදී විශේෂයෙන් ම කතාබහට ලක්වී ඇත.

“වර්තමානයේ රූපවාහිනි කලාව ඇතුළේ තිබෙන ගැටලු ප්‍රේක්ෂකයා වෙත රැගෙන පැමිණිමේදී යම් නීරසක් මතුවිය හැකියි නේද?”

“මා මේ වේදිකා නාට්‍යයට දේශපාලන සංවාදමය ආකෘතිය භාවිත කරන බව ඇත්තයි. එනමුත් මේ වේදිකා නාට්‍යයේ තිබෙන සංවාදය ඔබට කිසිම දිනෙක කිසිම ස්ථානයකින් අසන්නට ලැබෙන්නේ නැහැ. කලා කෘතියක් කියන්නේ අපූර්ව නිර්මාණයක් නම් මේ සංවාදයත් අපූර්වයි. නිර්මාණයකින් විය යුත්තේ එය නරඹන ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යෑමයි. එහිදි අප ප්‍රේක්ෂකයාට පෙන්වන්නේ රූපවාහිනියක් නොවෙයි. ලස්සන වේදිකා නාට්‍යයක්. එහි අමුද්‍රව්‍ය වශයෙනුයි රූපවාහිනිය භාවිත කරන්නේ. මෙහි අන්තර්ගතය ගත්තත්, රූපවාහිනියේ ඉදිරිපත් වන සංවාද වගේ නීරස දෙයක් නොවෙයි රැගෙන එන්නේ. බොහොම විනෝද බර, ලස්සන, විනෝදාත්මක, ශක්තිමත් හොඳ නිර්මාණයකුයි මා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ. ඒ හරහා අන්තර්ගතයේ තිබෙන්නේ රූපපෙට්ටිය හා මිනිස්සු අතර ඇතිවී තිබෙන හාස්‍යමය ගැටුමයි මා ඔවුන්ට ගෙනෙන්නේ.”

“‘තුන්සිය හැටඑක’ කියන්නේ වර්තමානයේ තිබෙන ජනප්‍රිය දේශපාලන වැඩසටහනකට ළඟින් යන නමක්. එවැනි නමකින් මේ වේදිකා නාට්‍යය නම් කළේ ඇයි?”

“වෘත්තයක ප්‍රමාණය තුන්සිය හැටයි. තුන්සිය හැටඑකයි කියන නාමය භාවිත කිරීමෙන් හඟවන්නේ අප ඒ රාමුව ඉක්මවා යන බවයි. රාමුවේ හිර නොවන බව පෙන්වීමටයි එවැනි නමක් භාවිත කළේ. එහෙම නැතිව එක් රූපවාහිනි වැඩසටහනක් මුල්කර ගෙන නොවෙයි නම යෙදෙන්නේ. පොදුවේ රූපවාහිනි කියන මාධ්‍ය පිළිබඳයි අප මේ නිර්මාණයේ කතා කරන්නේ.”

“නාට්‍ය අතරමැද වෙළෙඳ දැන්වීම් රැසකුත් ඉදිරිපත් වෙනවා.?”

“රූපවාහිනි තිරයේ විවිධ ලක්ෂණ තිබෙනවා. ඒ හුරුපුරුදු දෙය ඇසුරෙනුයි මිනිසුන්ට යමක් කියන්නට අප උත්සාහ ගන්නේ. ඒවා ප්‍රතිනිර්මාණය කිරීමේදී රූපපෙට්ටිය හා සමාජයේ තිබෙන ගනුදෙනුව පිළිබඳ අපේ තිබෙන අර්ථකථනයයි අප මේ ගෙනෙන්නේ. පුංචි තිරයක් මත දකින වෙළෙඳ දැන්වීමකට වඩා වේදිකාව මත දකින වෙළෙඳ දැන්වීමක් කොපමණ අපූර්ව ද කියන කාරණයත් ඔවුන්ට හඟවනවා. හුරුපුරුදු දේ ඇසුරින් අපූර්ව රසයක් ප්‍රතිනිර්මාණය කිරීමට ගන්නා උත්සාහයකුයි ‘තුන්සිය හැටඑක’ කියන්නේ. නාට්‍යයක් සෞන්දර්යාත්මක විය යුතුයි. වින්දනාත්මක විය යුතුයි. අපට පුවත්පතක තිබෙන ලිපියක් හෝ ශාස්ත්‍රීය ලිපියක් වේදිකාවේ කියවන්නට වුවමනා නැහැ. එලෙස නොවන නිර්මාණයක් රැගෙන පැමිණීමටයි මා මේ උත්සාහ ගන්නේ. ඒ උත්සාහය සාර්ථක ද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයායි. මෙතෙක් ‘තුන්සිය හැටඑක’ නැරැඹුවේ නැති ප්‍රේක්ෂකයන්ට මේ ආරාධනා කරන්නේ ඒ නැවුම් අත්දැකීම විඳගන්නයි.

“‘තුන්සිය හැටඑක’ වේදිකා නාට්‍යයට සහභාගි වන නළු නිළි පිරිස කවුද?”

“මෙහි රංගනයෙන් දායක වන්නේ ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, රුවන් මලිත් පීරිස්, චාමරී නිසංසලා, මිහිරි ප්‍රියංගනී, රෝහිත ජයකොඩි, කුසල් මධුරංග, ඉෂාර වික්‍රමසිංහ, සුසංග කහඳවල ආරච්චි, නයන්තරා සඳමාලි යන නළු නිළියන් පිරිසයි. මෙහිදි සංගීත නිර්මාණයෙන් ලලිත් වික්‍රමරත්න, වේදිකා පසුතල නිර්මාණයෙන් ලුවොලින් වැන්ඩවෝල්, රංග වස්ත්‍ර නිර්මාණයෙන් නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස්, ආලෝකකරණයෙන් මිහිඳු මධුශංක, වේදිකා පරිපාලනයෙන් සුමේධ ප්‍රසන්නගේ ද සහය මට ලැබෙනවා. මේ සියලු දෙනාගේ ම සහය ඇතුව මගේ නවතම වේදිකා නාට්‍යය රටවටා වේදිකා ගත වෙනවා.”