වර්ෂ 2017 ක්වූ ජුනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අලුත් විදියකට හඳුන්වා දුන් විජිත ගුණරත්න

'සුබසාධක නාට්‍යයට පූර්ව රංගයක් ද ඇතුළත් වූයේය. 1985 ජාතික නාට්‍ය උලෙළේ් හොඳම ස්වීය රචනය, හොඳම ස්වීය අධ්‍යක්ෂණය සඳහා වන සම්මාන දෙක මෙම නාට්‍ය විසින් දිනා ගන්නා ලදී. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සියල්ල අතරින් ලෝක ප්‍රකට නාට්‍ය දෙකක් වෙයි. එකක් 'ද වෝක් සර්කල්' (හුණුවටයේ කතාව)'ය. අනික 'ත්‍රි පෙනී ඔපෙරා'ය. විජිත 1982 දී මෙය 'පැන්ස තුනේ කතාව' නමින් වේදිකා ගත කළේය. ඒ ජර්මන් සංස්කෘතික ආයතනයේ ද අනුග්‍රහයෙනි. මෙය නාට්‍යයත් ඔපෙරාවත් අතර මිශ්‍රණයක් ලෙස විජිත හඳුන්වයි.

සුබසාධක (1985) විජිතගේ ඊළඟ නාට්‍ය නිර්මාණයයි. මෙය ස්වතන්ත්‍ර රචනයක් වුවත් ඇතැමුන් කියා ඇත්තේ මෙය ස්විස් - ජර්මන් නාට්‍ය රචක මැක්ස් ෆ්‍රිෂ්ගේ FIRE RAISERS නාට්‍යයේ අනුවාදයක් යැයි කිව හැකි තරමටම එය එම කෘතියට ළංව ඇති බවයි. පාලකයන් හා පාලිතයන් අතර ඇතිවන නිරන්තර ගැටුම මෙම නාට්‍යයට පාදක වෙයි.

අසූව දශකයේ සිංහල වේදිකාවේ වඩාත්ම කැපී පෙනුණුු නාට්‍යකරුවා බවට පත්වන්නේ විජිත ගුණරත්න යැයි කිව හැකිය. අලුත් මඟක් ගත් ඔහුගේ නාට්‍ය චින්තනය හා නිර්මාණ භාවිතාව මෙකී ක්ෂේත්‍රය තුළ දැඩි සංවාද - විසංවාදයන්ට ලක්වුයේය.

'උසි කපුටෝ උසි' (1968) විජිතගේ මුල් යුගයට අයත් නාට්‍යයි. මතුගම කේන්ද්‍ර කර ගනිමින් ඒ සමඟම 'මතුගම සමකාලීනයෝ' නම් වූ කලා සංවිධානය ද බිහි වෙයි. 'අලියා සහ අන්ධයෝ' (1969) විජිතගේ දෙවැනි නාට්‍යය වෙයි. පැවති අධ්‍යාපන ක්‍රමය විවේචනය කිරීම හේතුවෙන් මේ නාට්‍යය වාරණයට ලක් වූයේය.

'ඉනිමඟක් සහ බූරුවෙක්' (1973) විජිතගේ ඊළඟ නාට්‍යයයි. 71 කැරැල්ලේ චූදිතයකුව සිරගතව සිටියදී ඔහු මෙහි පිටපත ලීවේය. කොළඹ කේරි විදුහලේදී එහි එක් දර්ශනයක් පවත්වන ලදී.

1975 දි විජිත ස්විඩනයේ රාජ්‍ය නාට්‍ය ආයතනයට බැඳෙයි. එය ඔහුගේ නාට්‍ය කලා ජීවිතයේ ඉතා වැදගත් සංසිද්ධියකි. එහිදි ඔහුගේ අධ්‍යයන ක්ෂේත්‍රය වූයේ බර්ටෝල්' බ්‍රෙෂ්ට්ගේ රංග ක්‍රමයයි.

ආපසු ලංකාවට එන විජිත ස්වකීය නාට්‍ය කලා දිවියේ දෙවැනි ගමන දීප්තිමත්ව අරඹන්නේ 'දෑකියත' (1981) නාට්‍යයෙනි. ඔහු ස්විඩනයේදී හැදෑරූ බ්‍රෙෂ්ට් රංග සිද්ධාන්ත ප්‍රථම වතාවට මෙරට වේදිකාවේදී අත්හදා බලන්නේ මේ නාට්‍යයෙනි.

ජයලත් මමෝරත්න, ජයශ්‍රී චන්ද්‍රජිත්, ගාමිනී හෙට්ටිආරච්චි, චන්ද්‍රා කළුආරච්චි, දීපානි සිල්වා, පුෂ්පා රම්ලනි රත්නායක ප්‍රධාන චරිත රඟපෑ සුබසාධක නාට්‍යයේ සංගීතය හේග් කරුණාරත්නගෙනි.

'සුබසාධක නාට්‍යයට පූර්ව රංගයක් ද ඇතුළත් වූයේය. 1985 ජාතික නාට්‍ය උලෙළේ් හොඳම ස්වීය රචනය, හොඳම ස්වීය අධ්‍යක්ෂණය සඳහා වන සම්මාන දෙක මෙම නාට්‍ය විසින් දිනා ගන්නා ලදී. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සියල්ල අතරින් ලෝක ප්‍රකට නාට්‍ය දෙකක් වෙයි. එකක් 'ද වෝක් සර්කල්' (හුණුවටයේ කතාව)'ය. අනික 'ත්‍රි පෙනී ඔපෙරා'ය. විජිත 1982 දී මෙය 'පැන්ස තුනේ කතාව' නමින් වේදිකා ගත කළේය. ඒ ජර්මන් සංස්කෘතික ආයතනයේ ද අනුග්‍රහයෙනි. මෙය නාට්‍යයත් ඔපෙරාවත් අතර මිශ්‍රණයක් ලෙස විජිත හඳුන්වයි.

සුබසාධක (1985) විජිතගේ ඊළඟ නාට්‍ය නිර්මාණයයි. මෙය ස්වතන්ත්‍ර රචනයක් වුවත් ඇතැමුන් කියා ඇත්තේ මෙය ස්විස් - ජර්මන් නාට්‍ය රචක මැක්ස් ෆ්‍රිෂ්ගේ FIRE RAISERS නාට්‍යයේ අනුවාදයක් යැයි කිව හැකි තරමටම එය එම කෘතියට ළංව ඇති බවයි. පාලකයන් හා පාලිතයන් අතර ඇතිවන නිරන්තර ගැටුම මෙම නාට්‍යයට පාදක වෙයි.

නෝර්විජියානු නාට්‍ය රචක හෙන්රික් ඉබ්සන්ගේ 'ද ඩෝල්ස් හවුස්' නාට්‍යය විජිත 'මෝරාගේ ගෙදර' නමින් සිංහල වේදිකාවට ගෙන ආවේය. ඒ 1987 ලෝක කාන්තා උත්සව දිනයක් වෙනුවෙනි. මෙම නාට්‍යය බ්‍රෙෂ්ට් අනුදුටු එපික් රංග ක්‍රමය වුවමනාවෙන්ම බැහැර කළ නාට්‍යයක් විය. විජිතගේ සෑම නාට්‍යයක්ම වගේ නරඹා ඇති මා ඔහුගේ ඉහළම නිෂ්පාදනය ලෙස සලකන්නේ 'නෝරාගේ ගෙදර'ය. නිහාල් ප්‍රනාන්දු, සුනේත්‍රා සරච්චන්ද්‍ර, හේමසිරි ලියනගේ, දීපානි සිල්වා, ලාල් කුලරත්න යන නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන් මෙහි දැක්ක හැකි විය.

විජිත මෙම නාට්‍ය 1993 දි ස්විඩනයේ ස්විඩන් බසින් නිෂ්පාදනය කළේය. 'රූකඩ ගෙදර' නමින් පළව ඇත්තේ මේ නාට්‍යයේ සිංහල පරිවර්තනයයි.

'සිරිත වන්දනා කිරිම' (1986) බ්‍රෙෂ්ට්ගේ 'හී යූ යේඩ් ඉයර්ස්' නාට්‍යයේ පරිවර්තනයකි. මෙහි පිටපත වරක් 'මාවත' සඟරාවේ පළ වූ අතර එයින් නිෂ්පාදනය කෙරුණු බවක් නොපෙන්. විජිතගේ නාට්‍ය අතරින් වඩාත් ප්‍රසිද්ධිියට පත් වූයේ 'සාක්කි' (1987) ය. නොබෙල් ත්‍යාගලාභී ඉතාලි නාට්‍ය රචක දාරියෝ ෆෝගේ නාට්‍යයක් (ද ඇක්සිඩෙන්ටල් ඩෙත් ඔෆ් ඇන් ඈනාකිස්ට්) සිංහල බසට පරිවර්තනය වේදිකාවට නැඟුණු ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. ඉතාලියේ වූ සත්‍ය සිද්ධියක් වටා නාට්‍යය ගෙතී ඇත. විජිත මෙම නාට්‍යය තැනුවේ දේශපාලන සිරකරුවෝ නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය වෙනුවෙනි. සම්මත වේදිකාව පිටු දුටු ප්‍රකට වීදි නාට්‍යකරුවකු වූ ගාමිණී හත්තොටුවේගම මෙහි රඟපෑම විශේෂත්වයක් විය. ඒ හැරුණු කොට ග්‍රැන්විල් රොඩ්රිගෝ, රිඩ්ලි සිල්වා, ජගත් චන්ද්‍රසිරි සෙසු චරිත රඟපෑහ.

'සාක්කි' නාට්‍යයේ අවසානය දෙආකාර විය. මුල් අවසානය වාමවාදී දේශපාලනයේ ජයග්‍රහණයක් ලෙස දැක්වෙන අතර දෙවැනි කොටස නිශ්චිත අවසානය පොලීසිය හා එය නියෝජනය කරන කුරිරු ධනවාදයේ ජයග්‍රහණයක් ලෙස දැක්වෙයි.

මෙහි පොලීසිය දරුණු විවේචනයකට ලක් කෙරේ. පහත එන ගී ඛණ්ඩයෙන් සිදුවන්නේ එවැන්නකි.

අමනයෝ - හොරු තක්කඩින්
රෑ ළඳුන් ද පිම්පියන්
පෝලිමට ගාල් කරන
මෙතැන තමයි දසත පතළ
කුණු මෝලේ මැද සාලය

දාරියෝ ෆෝගේ ඉහත නාට්‍යය 'වරෙන්තු' නමින් පරාක්‍රම නිරිඇල්ල හා එච්. එ.් පෙරේරා නිෂ්පාදනය කර ඇත.

'සත්‍යාංගනාවි' (1988) බ්‍රෙෂ්ට්ගේ 'ද ගුඩ් වුන් ඔෆ් සෙට්ටුවාන්' නාට්‍යයේ පරිවර්තනයකි.

අතුල පීරිස් නිෂ්පාදනය කළ 'පස්මහ බැලුම්' (1988) හා කපිල කුමාර කාලිංග නිෂ්පාදනය කළ 'අපි ගෙවන්නේ නෑ' (1998) යන දෙකේම පරිවර්තනය විජිතගෙනි. 'පස්මහ බැලුම්' බ්‍රෙෂ්්ට්ගේ 'මේෂර් ටේකන්' නාට්‍යයේ ද 'අපි ගෙවන්නේ නෑ' දාරියෝ ෆෝගේ 'කාන්ට් පේ - වෝන්ට් පේ' නාට්‍යයේ ද පරිවර්තනයන්ය.

'දෘෂ්ටි' විජිත්ගේ දැනට නිෂ්පාදනය කර ඇති අවසාන නාට්‍යය වෙයි.

විජිත තම නාට්‍ය පිටපත් පොත් ලෙස පළ කිරීමට විශේෂ උනන්දුවක් දක්වා ඇත. 'රූකඩ ගෙදර', 'නාට්‍ය තුනක්' (සුබසාධක, දැති කියත හා ඉණිමගක් සහ බූරුවෙක්) 'නාට්‍ය හතරක්' (ත්‍රි පෙති ඔපෙරා, ද ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්, හී හු සෙඩ්, ඉවර්ස් නෝ, ද මෙෂර් ටේකන්, යුලි මෙනවිය, සාක්කි, එසේ පළ වූ පොත් කීපයකි.

විජිත අනුදුටු බ්‍රෙෂ්්ට් රංග සිද්ධාන්ත පසු කලෙක දැඩි විචාරයට ලක් වූයේය. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු වැනි ජර්මනියේ බ්‍රෙෂ්ට් අධ්‍යයනය කළ විද්වතකු පවා එය සදොස් භාවිතාවක් බව පෙන්වා දී ඇත.