වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක

රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක

රාජිත දිසානායක

කණ්ඩායමක් විදියට කැපවෙලා, බොහොම සහයෝගයෙන් වැඩ කිරීම නිසා ලැබුණු ඇගයීමක් විදියටයි මා මේ කාරණය දකින්නේ. කණ්ඩායමක් විදියට සියල්ලන් ම අතර තිබිය යුතු ඒ කැපවීම, සහයෝගය මංගල දර්ශනයේ පටන් මේ දක්වා ම අඩු නැතිව තිබීමත් විශේෂිතයි. පුහුණු වීම් කරද්දි වුණත් දැඩි කැපවීමකිනුයි ඔවුන්ගේ කාර්ය ඉටු කළේ. සහයෝගය හා එකමුතුවයි මේ සාර්ථකත්වයට හේතු වුණේ. කණ්ඩායමක සාර්ථකත්වය රැඳී පවතින්නේ එතැනයි.

‘මට වෙඩි තියන් නැද්ද’,‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’, ‘සිරිවර්ධන පවුල’ ආදී නාට්‍ය රැසක් වේදිකාවට රැගෙන පැමිණි රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍යය වන්නේ ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යයයි. පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම පිටපත, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පසුතල නිර්මාණය, හොඳම නිෂ්පාදනය හා කුසලතා සම්මානයක් ඇතුළු සම්මාන අටක් දිනාගත් ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය ගැන රාජිත දිසානායක ‘සරසවිය’ට සිය අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිනි.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය සම්මාන රැසක් දිනා ගන්නවා. මොන වගේ හැඟීමක් ද ඔබගේ සිතේ උපදින්නේ?

තමන්ගේ කිසියම් කලා කෘතියක් ඇගයීමට ලක්වීම නිර්මාණකරුවකුට ගෙනෙන්නේ සතුටක්. වේදිකා නාට්‍යයක් කියන්නේ සාමුහික කටයුත්තක්. සමූහයකගේ කැපවීමක්. ඒ සමූහයකගේ කැපවීම, ශ්‍රමය ඇගයීමට ලක්වීම ගැන ඇත්තට ම දැනෙන්නේ සතුටක්. විශේෂයෙන් ම මේ සම්මාන ලැබුවා වගේ ම ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයට මංගල දර්ශනයේ පටන් ම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. එලෙස ලැබුණු ප්‍රතිචාරවලට අමතරව ඇගයුම් මණ්ඩලයකින් ඇගයීමට ලක්වීම අධ්‍යක්ෂවරයා විදියට මට ගෙනෙන්නේ සතුටක්.

ඔවුන්ගෙන් ඒ ලැබුණු ඇගයීම නාට්‍යයේ ඉදිරි කටයුතුවලට යම් බලපෑමක් කරන්නේ ද?

මේ ඇගයීම ලැබීම සමඟින් ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය තවත් වැඩි පිරිසක් අතරට අරගෙන යන්නට යම් සහයක් ලැබෙන බව පැවසිය යුතුමයි. ඒත් සමඟින් වෙනස් ම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය අප වෙත යොමු වීමත් මෙහිදි සැලකිය යුතු කාරණයක්.

මෙවර සම්මාන උලෙළේ පවත් වනවිටත් සම්මානය රැසක් ම ලැබේවි කියන අදහස ඔබගේ සිතේ පිළිසිඳ ගෙන ද තිබුණේ?

අවසන් වටයට මගේ නාට්‍යය සමඟ තවත් විශේෂ නාට්‍ය කිහිපයක් ම තේරී තිබුණා. ඒ අතරින් ඇගයීමට පාත්‍ර වීම සිදු වන්නේ ඇගයුම් මණ්ඩලය මතයි. විශේෂයෙන් ම මෙවර නාට්‍ය උලෙළේ ප්‍රවීණ සිනමාකරුවකු වගේ ම නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන අශෝක හදගමයි ඇගයුම් මණ්ඩලයේ සභාපතිවරයා විදියට කටයුතු කළේ. ඇගයුම් ලබන්නට කිසියම් විදියට විශේෂ ඇගයුම් මණ්ඩලයක් ඒ ක්‍රියාවලියට සම්බන්ධ වීමයි වැදගත් වන්නේ. ඒ වගේ ම කලින් ම අපේ නාට්‍යයට යම් ඇගයීමක් අප අපේක්ෂා කළා.

අවසන් වටයට ඉදිරිපත් වුණු නාට්‍ය රැසක් අතරිනුයි ඔබට මේ ජයග්‍රහණය ලැබෙන්නේ?

ඒ ජයග්‍රහණයෙන් අදහස් වන්නේ අනෙක් නිර්මාණ පරාජය කරමින් සම්මානයක් ලබනවා කියන එක නොවෙයි. තවත් නිර්මාණයක් අභිභවා යනවා කියන කාරණයත් නොවෙයි. ඇගයීම් මණ්ඩලය ඒ අදාළ කලා ප්‍රමිති ඇතුළේ විශේෂ කොට සැලසීමයි මෙහිදි සිදුවන්නේ. මගේ නිර්මාණයත් සමඟ තවත් හොඳ නිර්මාණ රැසක් ම තිබුණා. ඒ අතරින් ජූරියේ ඇගයීම ලැබීම විශේෂයි.

මීට පෙරත් පැවැති රාජ්‍ය සම්මාන උලෙළවලදි ඔබ සම්මාන ලබලා තිබෙන බව මට මතකයි?

ඔව්. මීට පෙර අවස්ථා තුනකදි ම මා සම්මාන ලබලා තිබෙනවා. ඒත් මේ උලෙළේ ලැබූ සම්මානවල ඒ සියල්ලට ම වඩා තරමක විශේෂත්වයක් ඇතුළත්. ඒ මේ වේදිකා නාට්‍යයට අලුත් පිරිසකුත් මාත් සමඟ එකතු වෙලා කටයුතු කළා. කාලයක් තිස්සේ මාත් සමඟ නිර්මාණකරණයේ යෙදෙන ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු වගේ අය අතර දක්ෂ තරුණ පිරිසකුත් එකතු වී සිටියා. ඒ තරුණ, දක්ෂ පිරිසකගේ හැකියා ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයේදී ඇගයීමට ලක්වීම සතුටක්.

මෙතෙක් ඔබ ලැබූ සම්මාන අතරින් වැඩි ම ප්‍රමාණයක් සම්මාන දිනා ගන්න නාට්‍යය බවට පත්වන්නේ ‘නැතුව බැරි මිනිහෙක්’ද?

සම්මාන දිනූ ‘වීරයා මැරිලා’, ‘ආපහු හැරෙන්න බෑ’ වේදිකා නාට්‍යවලටත් වඩා මේ වේදිකා නාට්‍යයට සම්මාන ප්‍රමාණයක් හිමි වුණා. විශේෂයෙන් ම සතුටට පත්වන කාරණය වන්නේ රංගනය සම්බන්ධයෙන් හිමිවුණු ඇගයීමයි. ඒ සඳහා පිරිනැමෙන ප්‍රධාන සම්මාන හතරෙන් තුනක් ම ලැබෙන්නේ අපගේ වේදිකා නාට්‍යයටයි. ඒ වගේ ම රංගනය සම්බන්ධයෙන් කුසලතා සම්මාන ඇගයීමකුත් පිරිනැමෙනවා. ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයේදී අධ්‍යක්ෂවරයකු විදියට මා බොහෝ උත්සාහ ගත්තේ ඒ ඒ චරිතවලට අනන්‍ය වූ ලක්ෂණ සියුම්ව වේදිකාවේදී මතු කිරීමටයි. ඒ අප ගත් මහන්සිය ඇගයීමට ලක්වීම සතුටක්.

ඔබ සිතන්නේ අනෙකුත් වේදිකා නාට්‍ය අතරින් වැඩිපුර සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට ඔබගේ වේදිකා නාට්‍යයට හැකිවූයේ කුමන කාරණා නිසා බව ද?

කණ්ඩායමක් විදියට කැපවෙලා, බොහොම සහයෝගයෙන් වැඩ කිරීම නිසා ලැබුණු ඇගයීමක් විදියටයි මා මේ කාරණය දකින්නේ. කණ්ඩායමක් විදියට සියල්ලන් ම අතර තිබිය යුතු ඒ කැපවීම, සහයෝගය මංගල දර්ශනයේ පටන් මේ දක්වා ම අඩු නැතිව තිබීමත් විශේෂිතයි. පුහුණු වීම් කරද්දි වුණත් දැඩි කැපවීමකිනුයි ඔවුන්ගේ කාර්ය ඉටු කළේ. සහයෝගය හා එකමුතුවයි මේ සාර්ථකත්වයට හේතු වුණේ. කණ්ඩායමක සාර්ථකත්වය රැඳී පවතින්නේ එතැනයි.

‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා ඔබ මෙවර තෝරා ගන්නේ අලුත් ම නිළියක්. ඒ ඇයි?

බිම්සරා ප්‍රේමරත්න කියන්නේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල දක්ෂ ලෙස රඟපාලා තිබෙන රංගන ශිල්පිනියක්. මුල් වතාවටයි ඈ සිංහල වේදිකා නාට්‍යයකට රංගනයෙන් සහභාගි වන්නේ. ඒ වතාවේ ම ඇගයීමට ලක්වීම ගැන මා ගොඩක් සතුටට පත්වනවා. ඇගේ දක්ෂ රංගනය ඉදිරියේදි වේදිකාවේදි වගේ ම සිනමාවේදිත් දකින්නට ලැබේවි කියලා මා සිතනවා.

අනෙක් චරිත සඳහා ඔබ තෝරාගෙන තිබෙන්නේත් දක්ෂ රංගන ශිල්පීන් රැසක් නේද?

ශ්‍යාම් ප්‍රනාන්දු ගත්තත් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ වේදිකාව ඇතුළේ බොහෝ කැපවීමෙන් රංගන හැකියාව ඉදිරිපත් කරන කෙනෙක්. ඔහු බොහොම සියුම්ව චරිත රඟපෑ හැකි වර්තමානයේ අපට සිටින සුවිශේෂී දක්ෂ ම නළුවෙක්. ධර්මප්‍රිය ඩයස් වුණත් ඒ වගේයි. ඔවුන් වගේ දක්ෂ නළුවන් කිහිපදෙනෙකු ම මේ නාට්‍යයේදි ප්‍රේක්ෂකයන්ට මුණ ගැසෙනවා.

‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයෙන් ඔබ කතා කරන්නේ මේ සමාජ, දේශපාලන ව්‍යුහය පිළිබඳයි?

‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයෙන් කතා කරන්නේ පසුගිය කාලයේ සිදුවුණු දේශපාලන පෙරැළීම්වලින් පසුව වර්තමාන සමාජයේ ඇති වී තිබෙන තත්ත්වයයි. බලය වෙනුවෙන් මිනිසුන්ගේ හැසීරීමයි. ආගම් වාදය, ජාති වාදය තමන්ගේ බලයේ පැවැත්මට කොයිතරම් යොදා ගන්නවා ද යන්නත්, එවැනි සම්බන්ධතාවලදි මිනිසුන්ට මඟ හැරෙන මානුෂීය සබඳතා පිළිබඳයි අප ‘නැතුව බැරි මිනිහෙක්’ ඔස්සේ කතාබහ කරන්නේ. වර්තමාන සමකාලීන සමාජයේ සිදු වූ දේශපාලන බල පෙරළිවලින් පසුව සමාජයේ සිටින මිනිසුන්ගේ ඇතැම් හැසිරීම් පාදක කරගනිමිනුයි නාට්‍යය නිර්මාණය වුණේ. ඒ කාරණාවලටයි අපගේ මූලික අවධානය යොමු වුණේ.

‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ඔබ තෝරාගන්නේ ධර්මප්‍රිය ඩයස් කියන දක්ෂ නළුවායි. ඒ තේරීම නිවැරැදි බව සම්මාන උලෙළේදී ඔප්පු වුණා?

ධර්මප්‍රිය ඩයස් මගේ නිර්මාණවලට දායකත්වය දක්වන්නේ මීට වසර දහඅටකට කලින්. ඒ 1999 වසරේ ‘මට වෙඩි තියන් නැද්ද’ කියන වේදිකා නාට්‍යය සඳහායි. ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’ කියන වේදිකා නාට්‍ය සියල්ලේ ම ඔහු රඟපානවා. ඒ සියලු නිර්මාණවලදි ඔහු කරන රඟපෑම විශිෂ්ටයි. ඒ නිසා නළුවකු විදියට ඔහුගේ තිබෙන රංගන හැකියාව මා කාලයක් තිස්සේ හඳුනාගෙනයි සිටියේ. මේ නිසයි මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව විදියට මා ඔහුව තෝරා ගන්නේ. නාට්‍යය ආරම්භයේ පටන් ම අවසානය දක්වා දිවෙන චරිතය ඔහුට ගෙනාවේ මනා අභියෝගයක්. වගකීමක්. මේ චරිතයට ධර්මප්‍රියව තෝරා ගනිද්දි ඔහුට සාර්ථකව චරිතය රඟපාන්නට හැකිබව මා දැනගෙන සිටියා. ඔහුත් ඒ චරිතය මනා ලෙස නිරූපණය කිරීමට බොහෝ මහන්සි වුණා. කැප වුණා. සම්මාන උලෙළේදී ඔහු ලැබූ ඇගයීම ඊට හොඳම සාක්ෂියක්.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම පිටපත විදියට සම්මාන ලබන්නේ ඔබ ලියූ පිටපතයි. හොඳම පිටපත විදියට ඔබ සම්මාන ලබන කී වැනි අවස්ථාවද?

මේ මා රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කළ හයවැනි අවස්ථාවයි. ඒ අවස්ථා හයේදී ම පිටපත වෙනුවෙන් සම්මාන ලබලා තිබෙනවා. ඒ කාරණය ඇත්තට ම විශේෂයි. ඒ වගේ ම අධ්‍යක්ෂණය වෙනුවෙන් මීට පෙරත් අවස්ථා තුනකදි ම මා සම්මාන ලබලා තිබෙනවා. මෙවරත් ඒ සම්මානය ලැබුණා. ඒ ගැන තිබෙන්නේ සතුටක්.

ගියවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී සාමකාමී විරෝධයක් පැවැත්වූ බව අපට මතකයි. මෙවර එය නිවැරැදිව සිදු වූවා ද?

රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරේ පැවැත්වූ ආකාරයට වඩා සාපේක්ෂව මෙවර තිබුණේ සාධනීය මට්ටමකයි. පැවැත්වූ අවසන් නාට්‍ය සතිය සාධනීය තත්ත්වයක දකින්නට ලැබීම එයට එක් හේතුවක්. හැබැයි රාජ්‍ය නාට්‍ය උලෙළ මීට වඩා ගුණාත්මක බවකින් පැවැත්විය යුතුයි. එනම් නාට්‍යකරුවන්ට ගෞරවයක් ඇති වන අයුරින් හා නාට්‍ය සංස්කෘතියක් ඇති වන අයුරින්, නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ඇති වන අයුරින් පැවැත්වීම සඳහා තවත් කළ යුතු දේ බොහෝ බවයි මා නම් සිතන්නේ. විශේෂයෙන් ඇගයීම් ක්‍රියාවලිය ඇතුළේ හොඳීන් එය සිදුවන්නට අවශ්‍ය පිළිගැනීමට ලක්කළ හැකි සුදුසු අයව සහභාගි කර ගැනීමේ සිට උලෙළ පැවැත්වීමෙන් පසුවත් ඒ ඇගයීමට ලක්වන නාට්‍ය රසිකයන්ට ඒවා නැරැඹීමට අවස්ථාව උදා කිරීම දක්වා බොහෝ කාරණා සිදු කිරීමට සංස්කෘතික දෙපාර්තමේන්තුව පැත්තෙන් කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරාවි යැයි යන මතයේ අප සිටිනවා. ඒ වගේ ම නාට්‍යකරුවන් විදියට අප බලාපොරොත්තු වන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ඔවුන් හමු වී සාකච්ඡා කර ඔවුන්ගේ අවධානය අප වෙත යොමුකර ගැනීමටයි.