වර්ෂ 2017 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
ප්‍රථම සිංහල දේශපාලන නාට්‍යකරුවා හේමසිරි ලියනගේ

ප්‍රථම සිංහල දේශපාලන නාට්‍යකරුවා හේමසිරි ලියනගේ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22

මනමේ නාට්‍යයට පසු නිර්මාණයේ යෙදුණු බොහෝ නාට්‍යකරුවන් ඉන් ඔබ්බට ගිය බවක් පෙනෙන්නට නැත. නමුත් දැන් එය වෙනස්ව ඇත. පාසල්වලින් ඉදිරිපත් වූ නිර්මාණ ඒ වෙනස්වීමට ඇති ප්‍රබලතම උදාහරණයෝ වෙති. ඒ අතර හොරණ විද්‍යාරත්නය වැනි ආයතනයක් අපූර්ව නිර්මාණයක් වේදිකාවට නංවා ඇත.

හේමසිරි ලියනගේ වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයකු වශයෙනි. 'කණකොක් සුද' (1967) ඔහු රචනා කළ නාට්‍යයක් වූ අතර එය නිෂ්පාදනය කළේ රෝහණ බැද්දගේය. 'කණකොක් සුද' දෙබස් නාට්‍යයකි. හේමසිරි මෙහි ප්‍රධාන චරිතය රඟපෑ අතර එම නාට්‍යය හොරණ ශ්‍රීපාලියේදී රඟ දක්වන ලදී.

රෝහණ බැද්දගේ රචනා කර නිෂ්පාදනය කළ 'බළල් හස්තය' නම් වූ නාටකයේ හේමසිරි කුසුම් කේ. ලියනගේ නම් වූ නිළිය සමඟ එක්ව ප්‍රධාන චරිතය රඟපෑවේය.

පේරාදෙණි විශ්වවිද්‍යාලය ඔස්සේ හොරණ විද්‍යාරත්නයට ගුරු වෘත්තිය සඳහා පැමිණි චන්ද්‍රසේන දසනායක එහි නාට්‍ය නවෝදයක් ඇති කළේය. 'ආඬි ටිකයි අම්බලමයි' වැනි නාට්‍ය කීපයක්ම ඔහු ලියා නිෂ්පාදනය කළේය. ('හැමදා නියං', 'සක්කර දිට්ටිය', 'පොතක සටහන්' වැනි).

මෙයට සමාන්තරව භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයෙන් ඉගෙනුම ලබා පැමිණි සතිස්චන්ද්‍ර අතුකෝරල විද්‍යාරත්නයේදී මුද්‍රා නාට්‍ය කීපයක් නිෂ්පාදනය කළ බව ද කිවමනාය.

එකල විද්‍යාරත්නයේ පරිවේණාධිපති වූ මහනුවර ධම්මරතන හා හොරණ වජිරඥාණ වැනි යතිවරු විද්‍යාරත්නය තුළ කලා ප්‍රබෝධයක් මෙන්ම දේශපාලන වශයෙන් වාම නැඹුරුවක් ද ඇති කළහ.

1964 දී හේමසිරි ලියනගේ කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණේය. එහි වේදිකා නාට්‍ය කෙරෙහි උද්යෝගයක් ඇති කළ නාට්‍යකරුවා වූයේ ඔහුය. ජාතික නාට්‍ය සංස්ථාව නමින් සංවිධානයක් බිහි කළ හෙතෙම ඒ යටතේ විශ්වවිද්‍යාලය තුළ වේදිකාවක් ඉදි කළේය. මහාචාර්ය ඒ. ජේ. සෙල්වදෝරු, ගාමිණී හත්තොටුවේගම, ආචාර්ය ලක්ෂ්මන් ප්‍රනාන්දු එහිදී ඔහුට නොමඳ සහයෝගයක් දැක්වූහ.

ගාමිණී හත්තොටුවේගම වීදි නාට්‍ය පිළිබඳ මූලික සංකල්පය ගෙන ආවේ විදුලකර සරසවියේදීය. ඒ සඳහා හේමසිරි ලියූ කවියක් වූයේ 'පෙර කලකා මෙසිරිලකා සිටිය යකා' යන නමින් හැඳින්වුණු කවියයි. මෙහිදී හේමසිරිගේ නාට්‍ය ව්‍යාපාරයට එරෙහිව සිටි පිරිසක් එය පූජ්‍ය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ට එල්ල කළ උපහාසයක් බව කියා සිටියහ.

උපාධිධරයකු ලෙස හේමසිරි ගුරු වෘත්තියට පැමිණියේ ද හොරණ විද්‍යාරත්නටය. ඔහු එහිදී උසස් පෙළ සිසුන් සඳහා ආර්ථික විද්‍යාව ඉගැන් වූ අතර නාට්‍ය කලාව ද අතිරේක විෂයයක් ලෙස ඉගැන්වූයේය.

හේමසිරි, විද්‍යාරත්නයේ රචනා කර නිෂ්පාදනය කළ මුල්ම නාට්‍යය 'නාඩගම් හෙවත් සුදු ඇතා ආවට පස්සේ'ය (1969). එය අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයට ඉදිරිපත් කළ නාට්‍යයකි. තෝලංගමුව (සාක්කාරයේ),පේරාදෙණිය (මිදුණ කඳුළු), කෑගල්ල, පොරමඩුල්ල (කූබිච්චි) යන මධ්‍ය මහා විද්‍යාල මෙන්ම බදුල්ල කැප්පෙටිපොළ (පනං අටක්) මත්තුගම රත්නාවලී (අවනඩුව) වැනි පාසල් ද මෙම නාට්‍ය උළෙලට නාට්‍ය ඉදිරිපත් කරන ලදී.

'සුදු ඇතා' යන්නෙහි තේමාව වුයේ ප්‍රජාතන්ත්‍රවාදය සුදු ඇතකු යන්නයි. අන්ධයන් අලියා අතගාන්නාක් මෙන් මෙරටට පැට වූ ආණ්ඩු ක්‍රමය හඳුනා නොගත් බව මෙයින් කියැවේ. මෙහි එන ප්‍රධාන චරිත දෙක නෑනිස් හා නෝනිස්ය. අමරසේන පීරිස් හා ජයමාන්න සිරිමාන්න පිළිවෙළින් මෙහි චරිත දෙක රඟපෑහ. නාට්‍යය අවසානයේ කියැවෙන්නේ 'නැටු නාඩගමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැත' කියාය. නාට්‍යයේ සංගීතය, බෙර වාදන හා නැටුම් ද හේමසිරිගේය. මෙම නාට්‍යය සමඟ විමල් කුමාර ද කොස්තාගේ අභිරූපණ රංගනයක් ද ඉදිරිපත් කර ඇත.

'සුදු ඇතා' නිෂ්පාදනය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඊට හේතු වුයේ එම නාට්‍යයෙන් උද්ධරණය කළ දේශපාලනයයි. මෙම නාට්‍යය රංග ගත වූයේ රහස් පොලීසිය හා පොලිස් මුරකාවල් මධ්‍යයේ බව 'ලංකාවේ පාසල් නාට්‍ය සහ විද්‍යාරත්න නාට්‍ය' යන මැයෙන් ලිපියක් ලියන ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන කියා ඇත.

විනිශ්චය මණ්ඩලය නාට්‍යයට ප්‍රථම ස්ථානය හිමිකර දුන්නත් එවකට සිටි අධ්‍යාපන ඇමැතිවරයා ඊට විරෝධය පෑවෙන් නාට්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කළ අතර එයට දෙවැනි ස්ථානය ලබා දුන්නේය. (විනිශ්චය මණ්ඩල තීරණ ඇමැතිවරයාට යටත්ව තිබිණි).

මේ අසාධාරණයට එරෙහිව පුවත්පත් ස්වකීය විරෝධය පළ කර සිටියේය. 'ඇත්ත' පුවත්පත ප්‍රවෘත්තියකින් කියා සිටියේ 'අධ්‍යාපනය උලා කෑ ඇමැතිවරයා නාට්‍ය කලාවත් උලා කයි' යනුවෙනි. 'ඉරිදා ඔබ්සර්වර්' පුවත්පත ද විරෝධතා ලිපි කීපයක්ම පළ කළේය. එඩ්ඒඊ ධ්ඉ ඊඩ්ඡ් ඍඡ්අච්ධ්ර්‍ණඊ (9/1/1969) නම් වූ ලිපිය ඒ අතරින් කැපී පෙනේ. පසුව හේමසිරි තමන්ට ලැබුණු ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. ප්‍රේක්ෂකයන්ගෙත් විනිශ්චය මණ්ඩලයෙත් තිරණයට වඩා එක් පුද්ගලයකුගේ මතයට හිස නැමිය යුතුදැයි ඔහු ඇමැතිවරයාට ලිව් ලිපියක සඳහන් කරුණකි.

'සුදු ඇතා' ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රශංසනීය විචාරයක් ලියා ඇත.

'මනමේ නාට්‍යයට පසු නිර්මාණයේ යෙදුණු බොහෝ නාට්‍යකරුවන් ඉන් ඔබ්බට ගිය බවක් පෙනෙන්නට නැත. නමුත් දැන් එය වෙනස්ව ඇත. පාසල්වලින් ඉදිරිපත් වූ නිර්මාණ ඒ වෙනස්වීමට ඇති ප්‍රබලතම උදාහරණයෝ වෙති. ඒ අතර හොරණ විද්‍යාරත්නය වැනි ආයතනයක් අපූර්ව නිර්මාණයක් වේදිකාවට නංවා ඇත. ඇත්ත වශයෙන්ම ඔවුහු ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය නාට්‍යකරණයෙහිලා කෙසේ උපයෝගි කොටගත යුත්තේ දැයි හොඳින් අවබෝධ කරගෙන ඇති හෙයින් දැන් ශෛලිගත නාට්‍යයේ මල්පල හට ගැනීමක් දෘශ්‍යමාන වෙයි.

හේමසිරි භූමි රංග ශෛලියේ උපක්‍රම භාවිතා කරමින් 'සුදු ඇතා' නිර්මාණය කර ඇත. වේදිකාවේ සිටින ගායක කණ්ඩායම වරින්වර ඓතිහාසික මිනිසුන්ට අමතයි. නාට්‍යය පුරාම දිවෙන හාස්‍යය - උපහාසය ප්‍රේක්ෂක සබඳතාව තියුණු කරලීය. කෝලම් සහ පහතට රට නර්තන භාවිතා කරමින් 'සුදු ඇතා' නිර්මාණය කර ඇත. (සිලෝන් ඩේලිනිවුස් 24/01/1969).

'සුදු ඇතා' විනාඩි 45 ක නාට්‍යයකි. එහෙයින් එය ප්‍රසිද්ධ වේදිකාවට ආවේ හේමසිරිගේම 'ජනගනමන' නම් වූ නාට්‍යයත් සමඟය. එය ඒක පාත්‍ර නාට්‍යයකි. රඟපෑවේ පසු කලෙක ප්‍රවීණ නාට්‍යකරුවකු වූ ධර්මසිරි බණ්ඩාරනායකය.

ධර්මසිරි පසු කලෙක (1972) 'සුදු ඇතා' නාට්‍යය හේමසිරිම පිටපත ලියූ 'චූලෝදර මහෝදර' නම් වූ නාට්‍යය සමඟ නිෂ්පාදනය කළේය. මෙය රබර් පාලන දෙපාර්තමේන්තුවේ චිත්‍රපට හා නාට්‍ය සංගමය ඉදිරිපත් කිරීමකි. අතීතයේ ආ චූලෝදර හා මහෝදර කතාව සමකාලීන දේශපාලන සිදුවීම්වලට සමපාතව යන අයුරින් මෙහිලා ප්‍රති නිර්මාණය කර තිබිණි. ලූෂන් බුලත්සිංහල, ජයලත් මමෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ජීවනී කුමාරි ජයසිංහ ප්‍රධාන චරිත රඟපෑ මෙහි සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න, රන්ජිත් යාපා ද අල්විස්ගෙනි. ඇඳුම් නිර්මාණ හා අංග රචනා හේමසිරිගෙනි.

'නරියා සහ කේජු' (1975) හේමසිරිගේ වඩාත් පරිසමාප්ත නාට්‍ය නිර්මාණයයි. මෙහි පිටපත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කිරීමත් සමඟ (නාට්‍යය රංගගත වන්නට ප්‍රථම) රහස් පොලීසිය හේමසිරිගෙන් නාට්‍යය ගැන ප්‍රශ්න කළේය. සංශෝධනයට යටත්ව නාට්‍යය පස් වතාවක් රහස් පොලීසිය ඉදිරියේ පෙන්නුවේය. මහජන ප්‍රදර්ශනයට පැමිනුණේ ඉනික්බිතිවය. නාට්‍යය යොදා ගැනුණ ආයුධ (තුවක්කු) වේදිකාව මත පරිහරණයට ඉඩ නොදෙන ලදී.

'නරියා සහ කේජු' ද දේශපාලන ප්‍රස්තුතයකි. ඉන් කියැවෙන්නේ සූරකෑම ගැනයි. සුප්‍රකට කතාවට නව අර්ථකථනයක් මෙයින් ඉදිරිපත් කෙරිණි. එම නාට්‍යයේ භාෂාව (දෙබස්) නිර්මාණශීලී අයුරින් උපයුක්ත කරගෙන තිබුණේය. කෙටි උදාහරණයක් මෙපරිදිය.

ලොක්කේ - 'මගේ පවුලගේ නම ඇසිලින්. ඒ කාලේ කෑම හිඟ නිසා ඇස් 'ලිං' වගේ වුණා. ඒ නිසා ඇසිලින් කියලා භාවිත කළා.'

විජය නන්දසිරි, මර්සි එදිරිසිංහ, නීල් අලස්, ලාල් කුලරත්න, දයාදේව එදිරිසිංහ මෙන්ම හේමසිරි ද මෙහි ප්‍රධාන චරිත රංගනය කළහ. සංගීතය ෂෙල්ටන් පේ‍්‍රමරත්නගෙනි.

1975 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය සහ හොඳම සංගීතයට සම්මාන ද රංගනය සඳහා විජය නන්දසිරි සහ හේමසිරිට කුසලතා පිළිගැන්විණි.

'චිත්‍රාගේ ප්‍රේම කතාව' (1982) හේමසිරි දැනට නිෂ්පාදනය කර ඇති අවසාන නාට්‍යයයි. මෙය ද දේශපාලන කතා පුවතකි. නාට්‍යයට යම් යම් විරෝධතා පැන නැගුණි. 'චිත්‍රාගේ පේ‍්‍රම කතාව නොව මෙය ප්‍රේමාගේ චිත්‍ර කතාව' කියා ද සමහරු කීහ. මේ විචාරකයන්ගෙන් කිපුණු වාම දේශපාලනඥ ජී. ඩී. අයි. ධර්මසේකර නාට්‍යය වෙනුවෙන් පෙනී සිට ලිපියක් ලීවේය.

විජයරත්න වරකාගොඩ, චන්ද්‍රා කළුආරච්චි, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, විජය නන්දසිරි ප්‍රධාන භූමිකා රැඟූ මෙහි සංගීතය රෝහණ බැද්දේගේය.

'විශාලා මහනුවර' හේමසිරි ලියූ නමුත් වේදිකාවට නොආ නාට්‍යයකි. ගෙවුණු 34 වසරක කාලය තුළ හේමසිරි එකම එක නාට්‍යයක පමණක් රඟපෑවේය. ජයලත් මනෝරත්නගේ 'මහගිරි දඹය'. ඉන්පසු ඔහු අඛණ්ඩව චිත්‍රපට හා ටෙලි නාට්‍යවල නිරතවිම වේදිකා නාට්‍ය කලාවට සිදු වූ අභාග්‍යයකි.

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව