වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි

මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි

ලීල් ආනන්ද ගජනායක

මේ දක්වා මෙහි වටිනාකම පිළිබඳ පවසමින් සියලු ම රාජ්‍ය නායකයන්ට මා ලියුම් යැව්වා. එහෙත් ඒ සඳහා කිසිම පිළිතුරක් මට ලැබුණේ නැහැ. ඒ කොහොම වෙතත් සංස්කෘතික කටයුතු ආයතනයෙන් මට සෑම වරකම උදවු කළා.

ලීල් ආනන්ද ගජනායකගේ ප්‍රධානත්වයෙන් කෙරෙන 2016 සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය තරගය හා උලෙළ හෙට (11 වැනිදා) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. සමස්ත ලංකා කෙටි නාට්‍ය අවසන් තරගය පෙරවරු 8.00 ආරම්භ වන අතර සම්මාන උලෙළ පස්වරු 6.00ට ආරම්භ කිරීමට නියමිත ය‍. වසර තිස්තුනක් තිස්සේ පවත්වාගෙන පැමිණෙන මේ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ පිළිබඳත්, ලීල් ආනන්ද ගජනායකගේ වසර 45ක් වන කලා ජීවිතය පිළිබඳත් ඔහු ‘සරසවිය’ සමඟ සිදුකළ කතාබහකි.

* ඔබ සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ම හේතුව නිර්මාණය වන්නේ කෙසේ ද?

එකල කෙටි නාට්‍යවලට මා බෙහෙවින් ප්‍රිය කළ තරුණයෙක්. නමුත් ඒ කාලයේ කෙටි නාට්‍ය වෙනුවෙන් පමණක් වෙන්වුණු නාට්‍ය උලෙළක් තිබුණේ නැහැ. ඒ නිසයි මට සිතුණේ කෙටි නාට්‍යවලට ප්‍රිය කරන අය වෙනුවෙන් නාට්‍ය උලෙළක් කරන්න. සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ මීට වර තිස්තුනකට පෙර ආරම්භ වන්නේ ඒ අනුවයි.

* නමුත් සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ ආරම්භ කිරීම හා බැඳුණු තවත් කාරණාවක් තිබෙනවා?

ඒ කාලයේ තිබුණු කෙටි නාට්‍ය උලෙළවල්වලදි සිදුවුණු අසාධාරණකම් හා කෙනෙහෙළිකම් ගැනත් මගේ සිතේ දුකක් ඉපදුණා. ගමකින් පැමිණි තරුණයකු නිසා මමත් එවැනි බොහෝ දේවල්වලට එකල මුහුණ දුන්නා. විශේෂයෙන් ම ඈත ගම්වලින් නාට්‍ය අරගෙන පැමිණි තරුණ - තරුණියන්ටයි බොහෝ අසාධාරණකම්වලට මුහුණ දෙන්නට සිදුවුණේ. එවැනි බැටකෑම්වලින් හෙම්බත් වී සිටි ඔවුන්ට යම් සහනයක් ලබාදීමටත් මගේ සිත බලකළා. සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ ආරම්භ කිරීමට ඒ කාරණයත් යම් හේතුවක් වුණා.

* ඔබ පවසන්නේ සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළේ දී ඒ සම්මාන උලෙළවලදි සිදුවුණු ආසාධාරණකම් සිදුනොවන බව ද?

මෙහිදී මගේ මූලික ම ලෙස ම අවධානයට ලක්වුණේ විනිශ්චය මණ්ඩලය දෙසටයි. නිවැරැදි විනිශ්චයක් ලබාදීම සඳහා අවශ්‍ය නිර්මාණකරුවන් තෝරා ගැනීමට මා නිතර ම උත්සුක වුණා. ඒ අනුව එකල මේ නාට්‍ය විනිශ්චය කිරීම සඳහා පැමිණියේ සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු නාට්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයන් රැසක්. ඊට පසුවත් ඒ ඒ කාලවල සිටි ප්‍රවීණ නාට්‍යකරුවන් රැසක් මේ උලෙළ සඳහා සහභාගි වුණා. ඔවුන්ගෙන් ලැබුණු සාධාරණ විනිශ්වයයි මේ තරම් කාලයක් සාර්ථක ලෙස සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ පවත්වාගෙන පැමිණීමට අවස්ථාව උදා කරන්නේ.

* මේ උලෙළ සඳහා නිර්මාණකරුවන්ගේ පිටපත් තෝරා ගැනීම සිදුකරන්නේ කුමන ආකාරයෙන් ද?

මේ උලෙළට නිර්මාණ ඉදිරිපත් කරන තරගකරුවන් තෝරා ගන්නේ පුවත්පත් ඔස්සේයි. එදා පටන් ම මෙතෙක් බොහෝ තරගකරුවන් රැසක් මට හමුවන්නේ ‘සරසවිය’ පුවත්පත මාර්ගයෙන්. එනම් එහි පළ වූ කෙටි නාට්‍ය පිටපත් භාරගන්න බවට පළවන පුවතෙන්. ඒ වගේ ම මේ වනවිට අනෙකුත් පුවත්පත් ද ඔස්සේ පළවන ඒ පුවත්වලට සිය පිටපත එවන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳ සලකා බැලීමෙනුයි මා නිර්මාණ උලෙළට තරගකරුවන් තෝරාගන්නේ.

* නිර්මාණකරුවන් ඔබට එවන සියලු ම කෙටි නාට්‍ය පිටපත් උලෙළ සඳහා තෝරා ගන්නවා ද?

සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළ අනෙක් නාට්‍ය උලෙළවල් වගේ නොවෙයි. අපට ලැබෙන නාට්‍ය පිටපත හා බැඳෙන නාට්‍ය නැරැඹීමට අප කිහිපදෙනෙකු ම ඔවුන්ගේ ගම්බිම් කරා යෑම මූලික වශයෙන් ම සිදුවන කාරණයක්. එතැනදි විශේෂයෙන් ම තරගයක් දියහැකි නාට්‍යයක් ද කියන කාරණයයි අප සලකා බලන්නේ. එවැනි තත්ත්වයක තිබෙන නාට්‍ය මේ උලෙළෙ සඳහා තෝරා ගැනීම සිදුවනවා. එපමණක් නොවෙයි, මේ සමහර ගම්වල තරුණ - තරුණියන්ට ඔවුන්ගේ කුසලතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩමුළු කරන්නත් අප පසුබට වන්නේ නැහැ. මේ ආකාරයෙන් තෝරාගත් නාට්‍ය දහයකුයි අවසන් වටයට ඉදිරිපත් කරන්නේ.

* ඔබ ඉදිරිපත් කරන සම්මාන උලෙළේ දී අවසන් වටයට ඉදිරිපත් කරන නාට්‍ය විනිශ්චයත් සමඟ ම එදින ම සම්මාන උලෙළත් පවත්වනවා. ඒ ඇයි?

මේ උලෙළ සඳහා සහභාගි වන්නේ අපේ රටේ විවිධ ප්‍රදේශවල නිර්මාණකරුවන් රැසක්. ඒ තරම්ම ඈත ප්‍රදේශවලින් පැමිණෙන ඔවුන්ට ඊට පසුව සම්මාන උලෙළ පැවැත්වුවහොත් නැවතත් අගනුවරට පිවිසෙන්නට යළිත් වියදමක් දැරීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන් කෙටි නාට්‍යයක් නිර්මාණය කිරීමටත් ලක්ෂයක තරම් මුදලක් වැයවන ඔවුන්ට යළිත් වියදමක් දැරීමට සිදුවීම අනවශ්‍ය කාරණයක් ලෙසයි මා දකින්නේ. එමෙන්ම බොහෝ ඈත පළාත්වලින් පැමිණි ඔවුන්ට යළිත් එවැනි ම දුරක් පැමිණීම වෙහෙසකර කාර්යයක්. අනෙක් කාරණය නම් එදින ම සම්මාන උලෙළ පැවැත්වීමෙන් ඔවුන්ගේ දක්ෂතා වගේ ම නිර්මාණවල ප්‍රතිඵල දැනගැනීමේ අවකාශයත් ඔවුන්ට හිමිවෙනවා. මේ සියලු කාරණා මූලික කරගනිමිනුයි සම්මාන උලෙළ මෙදින ම පවත්වන්නේ.

* මෙවර සරසවි නිර්මාණ සමස්ත ලංකා කෙටි නාට්‍ය උලෙළට ඉදිරිපත්වන නිර්මාණ මොනවා ද?

මේ වසරේ කෙටි නාට්‍ය එකොළහක් අවසන් වටයට තෝරාගෙන තිබෙනවා. ඒ අතර ගයාශාන් වික්‍රමතිලකගේ ‘වෙස්මුහුණු’, නදී කමලානීගේ ‘සුදු සහ කළු’, අමිල චින්තකගේ ‘අවුරුදු විසි හයකට පස්සේ’, එච්.පී. එරන්දගේ ‘වැලන්ටයින්ලා’, උෂාන් පෙරේරාගේ ‘ජ්ධ්ව්ඒඹ් ර්ධ්ව්උඊඡ්’, අනුෂ්කා දිසානායකගේ ‘මා ද ඇය ම විය’, උදය නිපුනආරච්චිගේ ‘පනින්ට පෙර’, ලක්ෂාන් චන්ද්‍රසේකරගේ ‘ඔබ සහ අපි’, උෂාන් පෙරේරාගේ ‘ පැනලා යං’, නිලුපුල් කාරියපෙරුමගේ ‘මමී’, චන්දිමාල් දෙල්පවිත්‍රගේ ‘තාප්පෙන් පනින්න’ යන කෙටි නාට්‍යයයි ඇතුළත් වී තිබෙන්නේ.

* මේ උලෙළට සමගාමී ව කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් කිහිපදෙනෙකුට ම එදිනට සම්මාන පිදෙනවා ද?

කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය වන විදියටයි මේ සම්මාන එදා පටන් ම අද දක්වාමත් ලබාදෙන්නේ. ඒ අනුව හේමසිරි ලියනගේ, බුද්ධදාස විතානාරච්චි, අජිත් ලොකුගේ, මැණිකේ අත්තනායක, දීපානි සිල්වා, දමයන්ති ෆොන්සේකා, රංග සමරකෝන්, ජගත් පද්මසිරි, සරත් කුලාංග, අනුර දහනායක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, නුවන් නයනජිත් කුමාර වගේ ම ප්‍රදේශීය වශයෙන් කලාවට කරන ලද මෙහෙය වෙනුවෙන් හලාවත ප්‍රින්ස් වික්‍රමනායක, කලා මණ්ඩලයේ හිටපු ලේකම් කමල් බී. දිසානායක යන මහත්ම, මහත්මීන්ටයි එදින සම්මාන පිදුම සිදුවන්නේ.

* මෙරට පැවැත්වෙන අනෙක් සම්මාන උලෙළවල්වලින් මේ සම්මාන උලෙළ වෙනස් වන්නේ කුමන කාරණයක් නිසා ද?

අනෙක් සම්මාන උලෙළක දී තෝරා ගැනෙන්නේ වේදිකා නාට්‍ය රැසක් අතරෙන් එක් හොඳ නාට්‍යයක් පමණයි. එය හරියට උදාහරණයක් විදියට පැවසුවහොත් මැණික් ඉල්ලමකින් තෝරා ගැනෙන්නේ මැණික පමණක් වගේ. එවිට ඒ ඉල්ලමේ තිබෙන වටිනාකමක් නැති අනෙක් ඉල්ලම් කෑලි සියල්ල ම ඉවතට දමනවා. අපේ සම්මාන උලෙළේ දී කරන්නේ ඉල්ලමේ ඉවතට දමන ඉල්ලම් කෑලි ටික තෝරාගෙන හොඳීන් ඔපමට්ටම් කර ප්‍රයෝජනයට ගැනීමයි. අනෙක් සම්මාන උලෙළවල්වලින් මේ සම්මාන උලෙළ වෙනස් වන්නේ අන්න ඒ කියන කාරණයෙන්.

* රාජ්‍ය මට්ටමෙන් කළ යුතු දෙයකටයි ඔබ මුලපුරා තිබෙන්නේ. මේ උලෙළ සඳහා රාජ්‍ය මැදිහත් වීමක් තිබේ ද?

මේ දක්වා මෙහි වටිනාකම පිළිබඳ පවසමින් සියලු ම රාජ්‍ය නායකයන්ට මා ලියුම් යැව්වා. එහෙත් ඒ සඳහා කිසිම පිළිතුරක් මට ලැබුණේ නැහැ. ඒ කොහොම වෙතත් සංස්කෘතික කටයුතු ආයතනයෙන් මට සෑම වරකම උදවු කළා. මෙවරත් මගේ ඉල්ලීම සලකා බැලූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මැතිනිය මුදල්මය වශයෙන් නොවුණත් කළ හැකි අයුරෙන් විශාල උදවුවක් කළා. ඒ පිළිබඳ අප සියල්ලන්ගේ ම ස්තූතිය හිමිවිය යුතුයි. කලම්බු ටී.වී. ආයතනය අපේ නාට්‍ය උලෙළ ඉදිරියේ දී විකාශය කරාවි.

* සරසවි නිර්මාණ උලෙළට ඉදිරිපත් වන නිර්මාණකරුවන්ට ලැබෙන්නා වූ ප්‍රතිලාභ මොනවා ද?

සරල උදාහරණයක් නම් වරක් මේ සම්මාන උලෙළේ දී සුනීතා විමලවීර හා මාලි ජයවීරගේ හොඳ ම නිළියන් ලෙස සම්මාන ලබාගැනීමයි. ඉන්පසුව එහි සිටි විනිශ්චය මණ්ඩලය ඔවුන්ට යම් යම් අවස්ථා ලබා දුන්නා. අද ඔවුන් මුළු රට ම දන්න රංගන ශිල්පිනියන්. ජයලාල් රෝහණ, පාලිත පෙරේරා, උදේනි අල්විස් ඇතුළු අද කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් බොහෝ දෙනෙක් මේ සම්මාන උලෙළේ දී සම්මාන ලබාගත් අයයි.

* හතළිස් පස්වසරක් කලා ජීවිතය පිළිබඳ ඔබගේ සිතේ ගොඩනැඟී තිබෙන්නේ මොනවගේ හැඟීමක් ද?

මැති ඇමතිවරුන්ගේ පටන් අදත් බොහෝ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය ම අහනවා. එහෙමත් නැත්නම් සල්ලි නැත්නම් ඔය දේවල් කරන්නේ මොකට ද කියලත් තවත් අය මගෙන් අහනවා. වෙනත් දේවල් සඳහා කෝටි ගණනින් මුදල් වැය කරන්න සමහරුන්ට පුළුවන්. ඒත් මට එහෙම කරන්න බැහැ. මට හැකි අයුරෙන් සිතට තෘප්තියක් ගෙනදෙන, මේ ලෝකයේ ඉන්නතුරු කළ හැකි දෙයක් කරමින් සමාජයට වැඩක් කිරීමයි මගේ අරමුණ වී තිබෙන්නේ. නැතිනම් අප ඉපදුණු භූමියට කිසිම දෙයක් දායාද නොකරමින් මියයෑම තරම් නොවන බවත් සිහිපත් කළ යුතුයි. ඒ නිසා මේ සම්මාන උලෙළෙ කෙසේ හෝ පනස් වාරයක් පැවැත්වීම මගේ සිහිනයයි. එසේ කිරීමෙන් පසුව මා මිය ගියත් කමක් නැහැ. මේ කෙටි නාට්‍ය තරගය නරඹන්න හා සම්මාන උලෙළ නරඹන්න පැමිණෙන්න, අවසන් වශයෙන් මා සියල්ලන්ට ම ආරාධනා කරනවා.