වර්ෂ 2017 ක්වූ මාර්තු 26 වැනිදා ඉරිදා




වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

වේදිකාවේ පෙළහර පෑ ධම්ම ජාගොඩ

‘සකලජන හෙවත් ධනවතාගේ අභාවය’ (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය ඔස්ට්‍රියනු නාට්‍ය රචක හියුගෝ ෆොන් හොෆ්මන්ස්කාල්ගේ ‘එව්රිමන්’ නමැති නාට්‍යයේ පරිවර්තනයකි. ‘මොරැලිටි ප්ලේ’ නමින් ප්‍රකට ආගමික නාට්‍ය වර්ගයට මෙම නාට්‍ය අයත් වෙයි.

ධම්ම ජාගොඩ සිංහල වේදිකාවේ නළුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු හා රංග ශිල්ප ශාලිකා ප්‍රධානියකු, ජන නාට්‍ය පර්යේෂකයකු, නාඩගම් ගී ගායකයකු ලෙස නන්විධ අයුරින් කටයුතු කර ඇත.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ (වැදි රජු) ප්‍රමුඛ 'කෝන්තරේ', 'කුවේණි', 'අහස් මාළිගා', 'නැට්ටුක්කාරි', 'හෙලේ නැග්ග ඩෝං පුතා', 'සඳ කිඳුරු', 'දෑවැද්දෝ' ඔහු රඟපෑ නාට්‍ය අතර වෙයි. ධම්ම ඉංග්‍රිසි වේදිකාවේ ද රඟපා ඇත. 'ඩෙත් ඔෆ් අ සේල්ස්මන්', 'පැසේජ් ටු ඉන්ඩියා' ඉන් ප්‍රධාන නාට්‍ය දෙකකි.

ධම්ම නිෂ්පාදනය කළ මුල්ම නාට්‍යය 'තම්මැන්නා' යැයි සිතමි. එකල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ධම්ම එහි සිංහල සාහිත්‍ය සංගමය වෙනුවෙන් මෙය නිපදවා ඇත.

'කැකිල්ලේ' (1961) මුල් යුගයට අයත් තවත් නාට්‍යයකි. කෙරමිණියේ සෝමපාල රචනා කළ පිටපතට අනුව ධම්ම හා හෙක්ටර් රූපසිංහ මෙම නාට්‍යය නිෂ්පාදන කර ඇත. මෙම නාට්‍ය දෙක පිළිබඳවම ප්‍රමාණවත් තොරතුරු සොයා ගැනීම අපහසුය.

කෙසේ වෙතත් ධම්ම නාට්‍යකරුවකු ලෙස වඩාත් කීර්තිමත් වන්නේ 'වෙස් මුහුණු' (1966) නාට්‍යයෙනි. එය ටෙනසි විලියම්ස්ගේ 'අ ස්ට්‍රීට් කාර් නේම්ඩ් ඩිසයර්' නම් වූ නාට්‍යයේ අනුවර්තනයකි. අපේ වේදිකාව තුළ ටෙනසි විලියම්ස් නිසිව හඳුනාගෙන තිබුණේ ධම්ම පමණක් බව වරක් සුගතපාල ද සිල්වා කියා තිබිණි.

'වෙස් මුහුණු' පළමු නිෂ්පාදනයේ සැම්සන් සිල්වා ලෙස ධම්මත් කුමාරි උඩුවෙල ලෙස රෝමා ද සොයිසාත් ස්වර්ණා (උඩුවෙල) සිල්වා ලෙස සුනේත්‍රා ජාගොඩත් රඟපෑ අතර 1966 ජාතික නාට්‍ය උලෙළේදී ධම්ම හා සුනේත්‍රා හොඳම නළු නිළි යුවල ලෙස සම්මාන හිමි කර ගත්හ. රෝමා ද සොයිසාගේ රංගනය උදෙසා කුසලතා සහතිකයක් ලැබිණි.

මෙම නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේදී (1967) කුමාරිගේ චරිතය ජනකාන්ත සිනමා නිළි රුක්මණි දේවි විසින් රඟදක්වනු ලැබීම සුවිශේෂත්වයකි. මෙහි තෙවැනි නිපැයුමේදී (1968) එකී චරිතය අයිරාංගනී සේරසිංහ රඟපෑවාය.

'වෙස් මුහුණු' විචාරයට ලක් කළ මහාචාර්ය ආරිය රාජකරුණා විලියම්ස්ගේ මුල් කෘතියේ තිබූ ගැඹුර බොහෝ දුරට සිංහල නාට්‍යයෙන් අතුරුදන් වූ බව කියා ඇත.

1969 දී තමාට ලැබුණු ශිෂ්‍යත්වයක් මත එංගලන්තයට ගිය ධම්ම නොටිංහැම් නාට්‍ය ඇකඩමියේ නාට්‍ය කලාව හැදෑරුවේය. එහිදී ඔහු ඇමෙරිකාව, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, හංග්රියාව වැනි රටවලට ගොස් තවදුරටත් තම දැනුම පෝෂණය කර ගත්තේය. මේයර්ගෝල්ඩ්, පීහ්ටර් බෲක්, ග්‍රොටොවුස්කි වැනි ප්‍රකට නාට්‍යකරුවන්ගේ ශිල්ප ධර්මතා ඔහු හැදෑරුවේ ඒ ගමන් වාරවලදීය.

'කොරා සහ අන්ධයා' නාට්‍යයත් 'පරස්තාව' නාට්‍යයත් ධම්ම 1970 දී නිෂ්පාදනය කළේය. 'කොරා සහ අන්ධයා' ආචාර්ය ධර්මසේන පතිරාජගේ නාට්‍ය රචනයකි. මේ නාට්‍යයේ කතා පුවත සැකෙවින් මෙසේය.

එක්තරා රාජ කුමරියක් අවුරුදු සීයකට පසු නින්දෙන් අවදි වන මොහොතේ කොරුන් දහසකට ඇවිදීමටත් අන්ධයන් දහසකට පෙනීමටත් වරම් ලැබෙන බව කියැවෙයි. මේ වාසනාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කොරෙක් හා අන්ධයෙක් දිගු ගමනක යෙදෙති. අන්ධයා අත හැරමිටියකි. ඔවුනොවුන්ගේ සහාය දෙදෙනාටම අවශ්‍ය කෙරේ. එකෙකු කෙරෙහි අනිකකු පවතී. අන්ධයාගේ කර මත ගමන් ගන්නා කොරා අන්ධයාට හිරිහැර කරයි. කොරා අතරමඟ හැර දැමීමට වරෙක අන්ධයා උත්සාහ කරයි. එහෙත් කොරා උපායශීලීව අන්ධයා තමා වෙත නම්මාගෙන තවදුරටත් ඔහුගේ කර පිටින් යයි. ඔවුහු දිගු ගමන නිමා කර කුමරිය වෙසෙන මන්දිරයට ඇතුළු වෙති. කොරා ඇවිදියි. අන්ධයාට ඇස් පෙනීම ලැබේ. කොරා අන්ධයාගේ කර පිටින් බසිත්ම තම අරමුණ කරා ළඟාවන්ට පිහිට වන අන්ධයාගේ ගෙල මිරිකා මරා දමයි. අන්ධයාගේ මළ සිරුර මතින් පියවර තබන කොරා තනියම විමුක්තිය අත්පත් කරගන්ට තැත් දරයි.

මෙම නාට්‍යයේ කොරා ලෙස දයා තෙන්නකෝන් ද අන්ධයා ලෙස විමල් කුමාර ද කොස්තා ද රඟපෑහ.

'කොරා සහ අන්ධයා' හැටේ දශකය අග භාගයේදී පමණ මෙරට තුළ ප්‍රචලිත වන්නට පටන්ගත් විකාරරූපී නාට්‍ය රැල්ලේ ඉතා වැදගත් නාට්‍යයකි. මෙම නාටකයට මුල් වී ඇති කොරාගෙත් අන්ධයාගෙත් අන්‍යොන්‍ය අවලම්බිත ස්වභාවය පිළිබඳ මමෝරූපයක් යැයි කියන මහාචාර්ය විමල් දිසානායක මේ මනෝ රූපය පැරණි සිංහල ජනසාහිත්‍යයෙත් සීගිරි පද්‍යයකත් දක්නා ලැබෙන බව කියයි. එසේම ඒ අරභයා තවදුරටත් කියන මහාචාර්ය දිසානායක මේ මමෝ රූපය සිහියට නංවන මානුෂික අවස්ථා විකාරූපී නාට්‍ය රචක සැමුවෙල් බෙකට්ගේ ඇතැම් නාට්‍යයක දක්නා ලැබෙන අතර වැස්කෝ පෝපා නමැති යුගොස්ලාවියානු කවියාගේ රචනයක ද මෙයම අලංකාරෝක්තියක විලාසයෙන් දක්නා ලැබෙන බව කියයි.

'කොරා සහ අන්ධයා' ප්‍රංශ බසටද නැගුණ බව එක් තැනක සඳහන් වෙයි.

'කොරා සහ අන්ධයා' සමඟ රංගගත කළ 'පෝරිසාදයා' ඇන්ටන් චෙකෝව්ගේ 'ද බෙයාර්' නාට්‍යයේ පරිවර්තනයකි. පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම්ගෙනි. වින්ස්ටන් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ, හෙක්ටර් රූපසිංහ, ලකී වික්‍රමනායක, මෙහි රඟපෑහ.

'මළවුන් නැඟිටියි' ධම්මගේ තවත් නාට්‍යයකි. මෙය 71 කැරැල්ල දෙස බැලීමක් ලෙස සැලකිය හැකිය. ඒ නිසාදෝ මේ නාට්‍යය මුලින් තහනමට ලක් වූ අතර පසුව විශ්ව විද්‍යාල හතරේ පමණක් රංගගත කරන්නට අවසර දෙන ලදී. ජයශ්‍රී චන්ද්‍රජිත් කොළඹ සරසවියේ සිසුවකු වශයෙන් මෙම නාට්‍යයට රංගනයෙන් දායක වූයේය.

71 කැරැල්ලෙන් පසු එය කවර හෝ ආකාරයකින් යොදා ගත් නාට්‍ය කීපයක්ම වේදිකාවට ආවේය. ක්ලයිව් ශාන්තගේ 'කඳුළු ගෑස්', හෙක්ටර් කුමාරසිරිගේ 'දඩිං බිඩිං ඩෝං', සෝම රත්න දිසානායකගේ 'වෙඩික්කාරයෝ' වැනි නාට්‍ය ඉන් කීපයකි.

'මළවුන් නැඟිටියි' එක් අතකට වේදිකාවේ කෙරුණු අත්හදා බැලීමක් ලෙස ද සැලකිය හැකිය. එය අන්තොයින් ආර්ටෝගේ කුරිරු රංගන (THERTRE OF CRUELTY)  සම්ප්‍රදාය මත නිපදවූවකි. අපේ ජන නාට්‍ය හා රුසියානු නාට්‍යවේදී සිවලොඩ් මේයර්හෝල්ඩ් ගේ ආභාසය ද මෙහිලා දැක්ක හැකි විය.

'මළවුන් නැඟිටියි' වේදිකාවක් මත නොව පේ‍්‍රක්ෂාගාරය මැද ඉදිරිපත් කෙරුණු අතර මුද්‍රිත පිටපත් බලා කවි ගායනා කිරීම ආදියට ප්‍රේක්ෂකයන් ද සහභාගි කර ගැනිණි.

'මළවුන් නැඟිටියි' ෆැසිස්ට්වාදයට අත වනන නාට්‍යක් ලෙස හංවඩු ගැසීමට සමසමාජ පත්‍රය උත්සාහ කළ බව විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය වන 'කම්කරු මාවත' පත්‍රය චෝදනා කරයි. කලාවේ තේමා සීමා කිරීමටත් හවුල් ආණ්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී අරමුණ ජනතාව ඉදිරියේ රෝස පාටින් පින්තාරු කරන ලෙස අණ කිරීමටත් ස්ටැලින්වාදීන් හා සමසමාවාදීන් යුහුසුලු වන බව එම පුවත්පත තවදුරටත් කියයි.

'මොස්කව් ගිනි ගනී' ඒ අවදියේදීම ධම්ම නිෂ්පාදනය කළ නාට්‍යයකි. මෙහිදී ද මේයර් ගෝල්ඩ්ගේ ආභාසය ලබා ඇත . මෙය විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ නිෂ්පාදනයකි. මොස්කව් අවනඩු මෙයට පාදක වී ඇත.

ධම්ම, ගුණසේන ගලප්පත්තිගේ 'මුහුදු පුත්තු' නාට්‍යයේ නව නිෂ්පාදනයක් ඉදිරිපත් කළේය. එහි විශේෂත්වය වූයේ එය සම්මත ප්‍රොසීනියම් වේදිකාව මත නොව රවුම් වේදිකාවක රංගගත කිරීමයි. ඇමෙරිකාවේ 'ඇරිනා තියටර්' යනුවෙන් හැඳින්වෙන්නේ මෙම රංග භාවිතාවයි. අයිලින් සරච්චන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙනිය, සුනේත්‍රා ජාගොඩ, ස්වර්ණා මල්ලවආරච්චි, සුමින්ද සිරිසේන, ලෙස්ලි රාමනායක, අයිරංගනී ගුණසිංහ (කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහගේ දියණියකි) මෙහි රඟපෑහ. මුහුද නිරූපණය කිරිම සඳහා නළු නිළියන් සමඟ ආලෝකය යොදා ගැනීම නව මුහුණුවරක් ගත්තේය. වේදිකා පරිපාලනය ප්‍රේමතිලක පේරුකන්දගෙනි.

'සකලජන හෙවත් ධනවතාගේ අභාවය' (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය ඔස්ට්‍රියනු නාට්‍ය රචක හියුගෝ ෆොන් හොෆ්මන්ස්තාල්ගේ 'එව්රිමන්' නමැති නාට්‍යයේ පරිවර්තනයකි. 'මොරැලිටි ප්ලේ' නමින් ප්‍රකට ආගමික නාට්‍ය වර්ගයට මෙම නාට්‍ය අයත් වෙයි. 'සකල ජන' රංග ගත වූයේ කොළඹ කෞතුකාගාර භූමියේ ඒ සඳහාම ඉදි කළ එළිමහන් මණ්ඩපයකය. මෙය ජාගොඩගේ නාට්‍ය ජීවිතයේ 'රූපවාහිනි උන්මාදය' පිළිබිඹු කළ නිසරු ප්‍රයත්නයක් බව ධම්මගේම ගෝලයකු වන ප්‍රේමතිලක පේරුකන්ද ලියා ඇත.

ධම්ම 1971 දී ලයනල් වෙන්ටඩ් 'රංග ශිල්ප ශාලිකාව' අරඹමින් පැවැත් වූ නාට්‍ය පාඨමාලාව පසු කාලයේ දක්ෂ නළු නිළි පිරිසක් බිහිවීමට උපස්තම්භක වූයේය. ලෙස්ලි රාමනායක, සුනිලා අබේසේකර, ලලින් ජයමාන්න, රවීන්ද්‍ර රන්දෙනිය, සුමින්ද සිරිසේන, ප්‍රේමතිලක පේරුකන්ද මෙහි මුල් කණ්ඩායමට ඇතුළත් වූහ. 'මුදු පුත්තු' නව නිෂ්පාදනය මෙයින් කීප දෙනකුම සම්බන්ධ කර ගැනිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරද්දී එතුමාගේ නාට්‍ය අඛණ්ඩව පවත්වාගෙන ගියේ ධම්මගේ පරිශ්‍රමයෙනි.

ධම්ම කලක් විෂය මාලා මධ්‍යස්ථානයේ නාට්‍ය අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. 1982 දී ජාතික රූපවාහිනිය ආරම් කිරීමත් සමඟම එහි නාට්‍ය අංශ ප්‍රධානියා වූයේ ද ධම්මය. 'ටෙලිවිෂන් ඩ්‍රාමා' සඳහා 'ටෙලි නාට්‍ය' යන වචනය හැදුවේ ධම්මය. රූපවාහිනිය සඳහා ටෙලි නාට්‍ය කීපයක්ම අධ්‍යක්ෂණය කළේය. (උදා: පළිඟු මැණිකේ', 'මිහිකතගේ දරුවෝ', 'සඳක කතාවක්' (ඒකාංගික).