වර්ෂ 2017 ක්වූ ජනවාරි 20 වැනිදා සිකුරාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
මහාසාර හඬ නිහඬ දක්වා

මහාසාර සිට හඬ නිහඬ දක්වා

ගංගා පරණවිතාන

මහාසාර, රත්නාවලී, මනමේ, සිංහබාහු ආදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණවල වසර 17 ක් තිස්සේ රංගනයේ යෙදෙමින් ඇය දැක් වූ රංගන ප්‍රතිභාව අති මහත්ය. මේ පොළවේ හෙට දවසේ පිපෙන්නට වෙර දරන කොඳ කැකුළු වන් දූ දරුවන්ට නාට්‍ය හා රංග කලාවේ මුලකුරු කියාදෙමින් හෙට දවසේ ගොඩ නැඟෙන යහපත් නාට්‍ය සංස්කෘතියක කොටස්කරුවන් කරවීමේ පරම අභිලාෂයෙන් කටයුතු කරන්නීය.

2015, 2016 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ දෙවැනි ස්ථානය හා පළමු ස්ථානය දිනා ගනිමින් ද, රාජ්‍ය පාසැල් (දර්ඝ) නාට්‍ය උලෙළේ සමස්ත ලංකා දෙවැනි ස්ථානය ඇතුළු සම්මාන 9 ක් හිමිකර ගනිමින් දැයේ දුවා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා නංවාලන්නට කටයුතු කරන්නීය.

ගංගා පරණවිතාන නම් වූ ඇය සමඟින් මේ සංලාපය හෙට දවසේ මතු පරපුරේ නාට්‍ය අස්වැන්න වෙනුවෙනි.

ඔබ රංගන දායකත්වය සපයන වේදිකා නිර්මාණයන් පිළිබඳ සිහිපත් කළොත්?

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණයන්ට අමතරව ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය නිෂ්පාදනය කළ 'යෙර්මා' නාට්‍යයේ රඟපෑවා. මෑතකාලීනව විජය අයියාගේ (විජය නන්දසිරිගේ) කුස පබාවතී, ජයලත් මනෝරත්නයන්ගේ සෙල්ලම් නිරිඳ (මොනරවිල බිසව), හඬ නිහඬ (සූරිය රාණි) චරිතයන් නිරූපණය කළා. ඊට අමරතව මං කපිල කුමාර කාලිංග පරිවර්තනය කළ රයිනෝසිරස් මගේ පාසල් දරුවන් යොදගෙන නිෂ්පාදනයක් කළා. ඒ වගේ මේ වසරේ සමස්ත ලංකා පාසැල් නාට්‍ය උලෙළේ ප්‍රථම ස්ථානය දිනාගත්ත 'ඔයාටත් ඕනෑද' නිර්මාණයටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජාතික රූපවාහිනියේ රංග භූමි වැඩසටහනේ එය විකාශය වූ මොහොතේ නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් මට සුභපැතුවා.

ලාංකේය පාසැල් නාට්‍ය වේදිකාව පිළිබඳ පවතින්නේ ඇල්මැරුණු ස්වභාවයක්?

දැන් ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා. ඉතාමත් දක්ෂ ලෙසින් රංගනයේ යෙදෙන දරු පිරිසක් දැන් ඉන්නවා. ඒ වගේම පාසැල් නාට්‍ය කලාව තුළ තරගකාරිත්වයක් දැකගන්නට ලැබීම සතුටක්. හැකි සෑම විටම නාට්‍ය කලාව හදාරණ දරුවන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අත්දැකීම් සමඟින් දැනුම බෙදා හදා ගැනීමට මං නිරන්තරයෙන් උත්සාහ කරනවා.

මට හිතෙන්නේ ඔබ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායට කොටු වෙලාද?

ඔව්. ඔබ පවසන කාරණාවේ ඇත්තක් තිබෙනවා. මම 1998 අවුරද්්දේ ඉඳන් මේ දක්වාම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ නිර්මාණ දායකත්වය ලබා දෙනවා. ප්‍රථමයෙන්ම මහාසාර නාට්‍යයේ දිය කෙළියේ යෙදෙන යුවතියකගේ වගේම හඬ - නිහඬ වේදිකා නිර්මාණයේ සූරිය රාණිගේ චරිතය නිරූපණය කරනවා.

ළමුන් රංගනය සඳහා යොමු කරමින් අධ්‍යක්ෂණ භූමිකාව සිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ?

ඔව්. එය අභියෝගාත්මකයි. ඒත් නිර්මාණාත්මක පැත්තෙන් මං බොහෝම තෘප්තිමත්. ඇත්තටම එය සොඳුරු අත්දැකීමක්. ඒත් අධ්‍යක්ෂවරියක් ලෙස නිෂ්පාදන පිරිවැය සොයා ගැනීම තුළ ගැටලු තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒ වගේම මම නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්නට යාමේදී මට නිර්මාණාත්මක කැප කිරීමක් කරන්න සිදු වෙනවා. රංගන ශිල්පීන් ලෙස පාසැල් සිසුන් යොදා ගැනීම තුළ විවිධ සීමාවන් පවතිනවා. දරුවන්ට ඉගෙනුම් උගෙනුම් ක්‍රියාවලියක් ඇති කරන්න නිරතුරුවම උත්සාහ කරනවා.

මං සේවය කරන්නේ මොරටුව මහා විද්‍යාලයේ. නගරයේ තදාසන්න පාසැලක පවතින සංස්කෘතිකමය තත්ත්වයට වඩා එහි පවතින තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඒත් අද දවස වෙනවිට මම ඔවුන්ගේ ප්‍රතිභාවයන් මතු කරගෙන ඒ දරුවන් හට ශිල්පීය වටිනාකම පිළිබඳ අවබෝධයක් ප්‍රායෝගිකව ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ නිහතමානීව සංතෝෂයක් අද දවසේ මං ලබනවා.

ඒත් ඔබ සම්ප්‍රදායික ගුරුවරියගේ භුමිකාව අතික්‍රමණය කරලා?

ඔව්. මං සාම්ප්‍රදායික ගුරුවරියක විදියට නාට්‍ය හා රංග කලාව උගන්වන්න පටන් ගත්තේ නම් අද මට මේ ගමන එන්නට හැකි වන්නේ නැහැ. මං මුලින්ම පැවසුවා වගේ මොරටුව ප්‍රදේශයේ සංකීර්ණ සමාජ පරිසර තත්ත්වයක ඉඳලා අකුරු කරන්නට එන මේ දරුවන්ට පළමුවෙන්ම ඉගැන්විය යුත්තේ ජීවිතය ගැන ඉගෙන ගැනීමයි. මං එය ඔවුන්ට කියා දුන්නා ටිකෙන් ටික. ඊට පස්සෙයි නාට්‍ය ගැන ඉගැන්වීම් පටන් ගත්තේ. ඔවුන්ගේ හැකියාව බොහෝම ඉහළයි.

මට මතකයි මං ඔවුන්ගේ ජීවිතවලට එන්නට කලියෙන් ඔවුන් ජෝන් ද සිල්වා නාට්‍ය රඟහලට ඇවිත් තිබුණේ නෑ. වේදිකා නාට්‍ය රසවිඳීම් අත්දැකීම් තිබුණේ නැහැ.

මේ තත්ත්වය මඟ හරින්න ඔබ මොනවද කළේ?

නාට්‍ය කලාව උගන්වන අතරේ අපේ ජන කතා අසන්නට රස විඳින්නට අවකාශය සැලසුවා. පාසල තුළ නාට්‍ය තරඟයක් ක්‍රියාත්මක කළා. ඒ තුළින් ළමයින්ට නාට්‍ය කලාව වෙතට ඇල්මක් ඇති කළා. ඔවුන් විසින් ලියපු පිටපත්වලින් තෝරා ගත් පිටපත් අවසානයේ නාට්‍ය නිෂ්පාදනය දක්වා ගෙන එන්නට කටයුතු කළා. අවසානයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් ගෙන්වා විනිශ්චය ලබාදීමට කටයුතු කළා. මේ තුළින් දරුවන් තුළ 'අපට පුළුවන්' කියන සිතුවිල්ල ඇති කළා.

අපට තවමත් නිසි වේදිකා නාට්‍ය සංස්කෘතියක් නැහැ?

ඔව්. එය ඇත්ත. වේදිකා නාට්‍ය සංස්කෘතියක් ඇති කරන්නට කටයුතු සැලසීම නාට්‍ය කලාවට ආදරය කරන අපි හැමෝගෙම යුතුකමක්. මං විශ්වාස කරන දෙයක් තමයි ඒ සඳහා මූලික අඩිතාලම පාසැලෙන් දැමිය හැකි යැයි කියා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මං දැනටමත් අරඹා තිිබෙනවා.

දිගු කාලයක් එකම ශෛලියකට හුරු වූ අයෙකුට ඉන් මිදී වෙනත් නිර්මාණ කාර්යයක නියැළීමේදී ගැටලු පැන නඟිනවා?

ඔව්. එය ඇත්ත. ශෛලිගත සම්ප්‍රදායට හුරුවෙලා හිටිය මට ස්වභාවික රීතියේ නාට්‍ය සඳහා සම්බන්ධවීමේදී මුලින් මුලින් ගැටලු ඇති වුණා. ඒත් රංගන ශිල්පිණියක් ලෙසින් හැම ශෛලියක රංගනයේ යෙදීමේ හැකියාව තිබිය යුතුයි කියා මං හිතනවා. චරිතය පිළිබඳ හොඳින් අධ්‍යයනය කර ඒ සඳහා සමාරෝපණය වීම මෙහිදී ඉතා වැදගත්.

ඇතැමුන් පවසනවා රංගනය හැදෑරීම තුළින් රංගනයේ ශක්‍යතා මොට වන බව. නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙසට මොකද මේ පිළිබඳ හිතන්නේ?

රංගනය ඉගෙන ගැනීම තුළ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අපහසු වන බවට ඇතැම් පිරිස් ඔය වැනි මතයක් දරනවා. ඒත් ලෝකයේ මහා නළුවන්, රංගධරයන් පිළිබඳ අධ්‍යයනයේදී පැහැදිලි වන කාරණාවක් තමයි රංගනයට පුහුණුව වගේම උත්පත්තියෙන් ගෙනා හැකියාවත් වැදගත් බව. ඇතැම් වෙලාවක හැදෑරීම් නොකළත් දක්ෂතාවය තුළින් ඉදිරියට යන්නට පුළුවන්. නොවිය යුත්තේ කිසියම් න්‍යායකට කොටුවීමක් තුළින් නිර්මාණ හැකියාව සිරගත නොකර ඉදිරියට ගෙන යාමයි.

ඔබට වේදිකාවට එන්නට මඟ කියා දුන් අය පිළිබඳ සිහිපත් කරන්න මේ වේලාවයි?

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ගුරුතුමා ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා මට සරච්චන්ද්‍ර නාට්‍ය නිර්මාණ සඳහා දායක වන්නට අවස්ථාව සලසා දුන්නා. ඒ ගෞරවය හැමදාම තියෙනවා. ඒ වගේම මගේ නිවසේ සියලු දෙනාගෙන් ලැබෙන සහාය විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

ඔබේ සැමියා ප්‍රකට මාධ්‍යවේදියෙක් සමන් සමරක්කොඩි. ඔහුගෙන් ඔබට ලැබෙන සහය මෙහිදී වැදගත්?

මගේ සැමියා මගේ සෑම කටයුත්තකටම සහය ලබා දෙනවා. නමුත් ඔහුගේ පුවත්පත්වලින් කිසිදාක මගේ කලා කටයුතුවලට ප්‍රචාරය ලබා දී නැහැ. මා ඒවායින් ප්‍රචාරය ලබා ගන්නෙත් නැහැ. සැමියාගේ ඒ ප්‍රතිපත්තිය මා අගය කරනවා. අපි අන්‍යෝන්‍ය සහයෝගයෙන් ස්වාධීන ගමනක් යනවා. වසර 17 ක් නාට්‍ය ක්ෂේත්‍රයේ රඟපෑවා. මේ මගේ පළමු පුවත්පත් සාකච්ඡාවයි.