වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
සිංහල වේදිකාවට ඉබ්සන් හඳුන්වා දුන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10

සිංහල වේදිකාවට ඉබ්සන් හඳුන්වා දුන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

බර්ටෝල්ට් බෙ‍්‍රෂ්ට් සිංහල වේදිකාවට හඳුන්වා දිමේ ගෞරවය හෙන්රි ජයසේනට හිමිවන්නේ නම් හෙන්රික් ඉබ්සන් සිංහල වේදිකාවට හඳුන්වාදීමේ ගෞරවය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට හිිමි වන බව කිව හැකිය.

හෙන්රික් ඉබ්සන්ගේ 'ද ඩෝල්ස් හවුස්' නාට්‍යය 'සෙල්ලම් ගෙය' නමින් 1957 දී සිංහලට පරිවර්තනය වී තිබුණත් එය ඒ අවස්ථාවේ වේදිකාවට නැංවුණේ නැත. වේදිකාවට නංවන ලද ප්‍රථම ඉබ්සන් නාට්‍යය 'ගැහැනියක්' මහාචාර්ය සුනන්දගේ අනුවර්තනයක් හා නිෂ්පාදනයක් වූයේය.

හෙන්රික් ඉබ්සන් නූතන යථාර්ථවාදී නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙයි. ඔහුගේ 'කැටිලිනා' (1850) හා 1950 දී ටී. එස්. එලියිට්ගේ 'ද කොක්ටේල් පාටි' යන නාට්‍ය බිහි වූ සියවස යුරෝපා නාට්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් යුගයක් ලෙස විචාරකයෝ සලකති.

මහාචාර්ය සුනන්ද, ඉබ්සන්ගේ නාට්‍ය කෙරෙහි මොන තරම් විෂයාශක්ත වීද කිවහොත් ඔහුගේ නාට්‍ය තුනක්ම සිංහලෙන් නිෂ්පාදනය කර ඇත. ඒ 'ගැහැනියක්', 'සයුරෙන් ආ ළඳ' හා 'ජන හතුරා'ය.

'ගැහැනියක්' (1965) යනු ඉබ්සන්ගේ 'හෙඩා ගැබ්ලර්' නම් වූ නාට්‍යයේ අනුවාදයකි. මෙම නාට්‍යය සිංහලෙන් ඉදිරිපත් කරන ලෙස මහාචාර්ය සුනන්දගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය.

'ගැහැනියක්' ජීවිතය පිළිබඳ සියුම්, මානුෂික හාස්‍යයක් ලෙස මහාචාර්ය සුනන්ද හඳුන්වයි. තම නිසඟ ආශා වුවමනාවෙන්ම මැඬ ගන්නා, ප්‍රාකෘතික වශයෙන් දරදඬු ගැහැනියක වටා මෙහි කතා පුවත දිව යයි.

'ගැහැනියක්' නාට්‍යයේ සංගීතය මහාචාර්ය ඩග්ලස් අමරසේකර විසින් නිර්මාණය කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

'ගැහැනියක්' මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ප්‍රශංසාව දිනූ නාට්‍යයක් විය. ඔහු තම විචාරයෙහිලා මෙසේ කියා ඇත.

' 'ගැහැනියක්' නිෂ්පාදනය කර ඇත්තේ ඉබ්සන්ගේ කෘති ගැනත් ඔහුගේ දර්ශනය ගැනත් ගැඹුරු අවබෝධයකින් යුක්ත වූ නිෂ්පාදකයකු විසින් බව සමස්ත වශයෙන් නාට්‍යය සලකන විට පෙනී යන කරුණකි. සුනන්ද මහේන්ද්‍ර ද මැල් දිරියෙන් යුතුව කළ මේ ප්‍රයත්නය පැසසිය යුත්තක් බව එකහෙළා පවසනු කැමැත්තෙමි. පාසල් සිසුන් පමණක් නොව වැඩිහිටි, බුද්ධිමක් ප්‍රේක්ෂක සමූහයන් ඉදිරියෙහි මේ නාට්‍යය නොයෙක් වර රඟපෑ නැතැයි විශ්වාස කරමි. එයින් ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයට ද ඒ මඟින් සිංහල නාට්‍යයේ විකාශයට ද සිදුවිය හැකි සේවය ඉමහත්ය.'

මහාචාර්ය සුනන්ද 1965 දී 'පිටස්තරයෝ' නමින් ඒකාංගික නාට්‍යයක් නිෂ්පාදනය කර ඇත. මෙය මුලින් ගුවන් විදුලි නාට්‍යයකි.

'සයුරෙන් ආ ළඳ' (1966) මහාචාර්ය සුනන්දගේ ඊළඟ නාට්‍ය නිර්මාණයයි. එය ඉබ්සන්ගේ 'අ ලේඩි ෆ්‍රොම් ද සී' නාට්‍යයේ පරිවර්තනයකි. මුහුදත් සමඟ ආත්මීයව බැඳුණු ගැහැනියක පිළිබඳ කෙරුණු මමෝ විද්‍යාත්මක විවරණයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙහි ප්‍රධාන චරිතය වන ඊනිඩ් ලෙස රඟපෑවේ පසු කලෙක සිංහල සිනමාවේ නිළි රැජන වූ මාලිනී ෆොන්සේකාය.

'ජන හතුරා' (1976) ද ඉබ්සන්ගේ නාට්‍යයකි. 'අ පබ්ලික් එනිමි' මෙහි මුල් කෘතියේ නමය. ජනමතය පිළිබඳ ඉබ්සන්ගේ දෘෂ්ටිය මෙම නාට්‍යයෙන් මනාව පිළිබිඹු වෙයි. ඔහු මිතුරකුට යැවූ ලිපියක ඉතා පැහැදිලිවම කියා ඇත්තේ රටක බහුතර ජනතාව අවිචාරවත් බවත් ඔවුන්ගේ අවිචාර අදහස් ප්‍රතිගාමී, බලලෝභී පුවත්පත්කරුවන් අනුමත කර සත්‍ය ලෙස බෙදා හරින බවත්, රටක වෙසෙන බුද්ධිමත්, දූරදර්ශී අවංක පුද්ගලයන් ඉතා සුළු පිරිසක් බවත්ය.

'ජන හතුරා' නාට්‍යයේ එන දොස්තර තෝමස් ස්ටොක්මාන් සත්‍ය උදෙසා අභීතව පෙනී සිටින්නෙකි.

මුලින් ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්ට ගොස් ව්‍යර්ථ වූ 'ජන හතුරා' පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන සංගමයේ නිපැයුමක් ලෙස වේදිකාගත කෙරිණි. මෙයට චරිත රංගනයෙන් හා වෙනත් අංශයන්ගෙන් වැඩි දායයකත්වයක් සැපයුවේ සරසවි සිසු සිසුවියන්ය. දොස්තර ස්ටොක්මාන් ලෙස ඥානසුන්දර උදම්මිට රඟපෑවේය. විමල් ගුණවර්ධන, රමණි වාස් ගුණවර්ධන, ජයන්ත ද සිල්වා, බන්දුල පී. දයාරත්න, රෝහණ ලක්ෂ්මන් පියදාස මෙලෙස මෙම නාට්‍යයට නිර්මාණාත්මකව දායක වු සිසු සිසුවියන් අතර කීප දෙනෙකි.

'පොකුරු වැස්ස' (1979) මහාචාර්ය සුනන්දගේ ප්‍රථම ස්වතන්ත්‍ර නාට්‍යයයි. තමා මෙම නාට්‍යය රචනා කළේ තමාට ස්වතන්ත්‍ර නාට්‍ය ලිවිය නොහැකි බවට ඇතැමුන් ඉදිරිපත් කළ චෝදනාවට පිළිතුරක් වශයෙනැයි මහාචාර්ය සුනන්ද කියා ඇත. සංචාරක ව්‍යාපාරය නිසා ගමක් සංස්කෘතිකමය වශයෙන් වැනසෙන ආකාරය මෙම නාට්‍යයෙන් නිරූපණය වූයේය. විවෘත ආර්ථිකය පිළිබඳ තියුණු විවේචනයක් මෙම නාට්‍යයෙන් ගෙන ආවේය. 'පොකුරු වැස්ස' මහාචාර්ය සරච්චන්ද්‍රයන් බෙහෙවින් අගය කළ නාට්‍යයක් විය. පසුව විල්සන් ගුණරත්න විසින් මෙහි නව නිෂ්පාදනයක් ඉදිරිපත් කරන ලදී.

මා සිතන පරිදි 'සොක්‍රටීස්' (1990) මහාචාර්ය සුනන්දගේ හොඳම නාට්‍ය කෘතියයි. එය 'ජන හතුරා' නාට්‍යයේම එක්තරා දිගුවක් වැන්න. මා එසේ කියන්නේ සොක්‍රටීස් ද දොස්තර ස්ටොක්මාන් මෙන්ම සත්‍යය උදෙසා පෙනී සිටින උදාර චරිතයක් වන බැවිනි.

'සොක්‍රටීස්' පෙළ රචනය සඳහා මූලාශ්‍ර දෙකක් ඉවහල් කරගෙන ඇත. එකක් ඇරිස්ටෝපානිස් නම් වූ ග්‍රීක ප්‍රහසන නාට්‍යකරුවාගේ 'ද ක්ලවුඩ්ස්' (වලාකුළු) නාට්‍යයයි. අනික සොක්‍රටීස්ගේ ගෝලයකු වූද අනුගාමිකයකු වූද ප්ලේටෝගේ 'සොක්‍රටීස්ගේ අවසන් දවස' යන කෘතියයි.

මහාචාර්ය සුනන්ද 'සොක්‍රටීස්' නිෂ්පාදනය කරන්ට පෙර පෝලන්තයේ නාට්‍ය කලා පිළිබඳ රාජකීය ආයතනයේදී යර්සි ග්‍රොටොවුස්කිගේ රංග කලාව පිළිබඳ පුළුල් හැදෑරීමක යෙදුණේය. 'සොක්‍රටීස්' නාට්‍යයේ දක්නා ලැබෙන්නේ ඉතාම සැහැල්ලු නිදහස් රංග රීතියක් වුවත් ග්‍රොටොවුස්කිගේ රංග ශිල්ප අත්හදාබැලීම් ද මෙහිලා ඉවහල් කරගෙන ඇති ආකාරයක් දිස් වෙයි. මෙය මනාව වටහාගත් විචාරකයකුගේ (ආරියවංශ රණවීර) කියුමකි මේ.

'රංග රීතියෙන් මෙන්ම නාට්‍ය රචනෝපක්‍රම අතින් ද මෙම නාට්‍යය ගත හැක්කේ චිරාගත සම්භාව්‍ය රීතිය අනුව ගිය නාට්‍යයක් හැටියටය. ග්‍රීක නාට්‍යවල රංග රීතියත් ග්‍රොටොවුස්කිගේ නිදහස් රංග රීතියත් ඉවසිල්ලෙන් හදාරා නිපදවන ලද නාට්‍යයක් ලෙස මෙය හැඳින්විය හැකිය.'

'චෙකෝව් සන්ධ්‍යාව' (1992) චෙකෝව්ගේ කෙටි නාට්‍ය කීපයක එකතුවකි. මෙය හඳුන්වා ඇත්තේ චෙකෝව්ගේ කෙටි නාට්‍ය නිර්මාණ හා දෘෂ්ටීන් පිළිබඳ ජනසන්නිවේදනාත්මක රංග අධ්‍යාපනය යනුවෙන්. 'දුම්කොළ', 'මඟුල් ප්‍රස්ථාව', 'මංගල සාදය', 'කුරිරු විහිළුවක්' යන කෙටි නාට්‍ය මීට ඇතුළත්ය. මෙහි චෙකෝව්ගේ චරිතයක් ද එයි. ඔහු කොර්ෂ් නම් වූ රංගාර්ථදායකයා සමඟ වරින් වර කරන කථෝපකථනය අතරතුර මේ නාට්‍ය ඉදිරිපත් කෙරේ.

'ඊසොප්' (1999) 'චෙකෝව් සන්ධ්‍යාව' මෙන්ම නව මාදිලියක් ගත් නාට්‍යයකි. ඊසොප් ප්‍රකට උපමා කතාකරුවෙකි. ඔහු ක්‍රි. පූ. 6 වැනි සියවසේ පමණ ග්‍රීක ප්‍රභූවරයකුට අයත්ව තිබූ වහල් කඳවුරක වහල්ලු අතර නායකයෙක් සේ පැන නැඟුණු චරිතයක් බව ඉතිහාසයේ දැක්වෙයි. ඊසොප්ගේ කතා 16 ක් නාට්‍යාත්මකව ඉදිරිපත් කිරීමක් 'ඊසොප්' නාට්‍යයෙන් සිදුවන්නේය.

ඒ හැරුණු කොට මහාචාර්ය සුනන්ද ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව ක්‍රියාත්මකව පවතිද්දී ඒ ඔස්සේ කෙටි නාට්‍ය කීපයක් නිර්මාණය කළේය. 'මඟමරුවෝ', 'උපන්දා සාදය', 'ඇක්ට් විතවුට් වර්ඩ්ස්', 'සමුගැනීම' මේ කෙටි නාට්‍ය අතර වෙයි. 'මඟ මරුවෝ' යනු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'ද එක්සෙප්ෂන් ඇන්ඩ් ද රූල්' නම් වූ කෙටි නාට්‍යයේ පරිවර්තනයකි. පසුව මෙය අනුර කුමාර එදිරිසූරිය විසින් වේදිකාගත කරන ලදී. 'උපන්දා සාදය' හැරල්ඩ් පින්ටර්ගේ 'ද බර්ත්ඩේ පාටි' නාට්‍යයේ පරිවර්තනයකි. මෙය පසු කලෙක ගුණරත්න වික්‍රමගේ වේදිකාවට ගෙන ආවේය. 'ඇක්ට් විතවුට් වර්ඩ්ස්' යනු සැමුවෙල් බෙකට්ගේ අභිරූපණ රංගයකි. ගාමිණී හත්තොටුවේගම මෙය නිෂ්පාදනය කර ඇත. 'සමුගැනීම' ආතර් ස්නයිට්ස්ලර්ගේ නාට්‍යයක පරිවර්තනයකි. තිලක් ගුණවර්ධනගේ 'කොන්ත නෝනා' නාට්‍යය සමඟ මෙය රංග ගත විය.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ප්‍රකට ගුවන් විදුලි නාට්‍ය රචකයෙක් ද වෙයි. ගුවන් විදුලිය සඳහා ද නාට්‍ය රාශියක් හෙතෙම ලියා ඇත.

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව