වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 19 වැනිදා අඟහරුවාදා




පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
සිංහල වේදිකාවට ස්ට්‍රීන්බර්ග් හඳුන්වා දුන් ප්‍රේමරංජිත් තිලකරත්න

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9

සිංහල වේදිකාවට ස්ට්‍රීන්බර්ග් හඳුන්වා දුන් ප්‍රේමරංජිත් තිලකරත්න

සුගතපාල ද සිල්වා විසින් උත්කර්ෂයට පත් කරන ලද ස්වභාවික සංවාද සහිත තාත්වික නාට්‍ය රීතිය තවදුරටත් ඉදිරියට ගෙන ගිය විශිෂ්ට නාට්‍යකරුවකු ලෙස ප්‍රේමරංජිත් තිලකරත්න හැඳින්විය හැකිය.

නාට්‍ය කලාව විධිමත් මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා ප්‍රේමරංජිත් 1963 දී '63 කණ්ඩායම' යනුවෙන් නාට්‍ය කලා සංවිධානයක් පිහිටුවා ගත්තේය. ප්‍රේමරංජිත් හැරුණු කොට ඇල්. බී. ඩබ්ලිව්. සෙනෙවිරත්න, ඩන්ස්ටන් ජයසිරි, ටී. බී. ඒකනායක, පැට්රික් සමරදිවාකර මෙහි සෙසු සාමාජිකයෝ වූහ.

'වගුරු බිම' (1963) ප්‍රේමරංජිත්ගේ මුල්ම නාට්‍ය නිර්මාණය විය. මෙම නාට්‍යය හඳුන්වා ඇත්තේ රාගයෙන් වියරු වැටුණු ගැහැනිය සහ මිනිසා තෘප්තිය සොයා කරන සනාතන අරගලයේ වර්තමානය හෙළි කරන ශෝකාන්තයක් ලෙසිනි. එය 'මනමේ' කතාවට බෙහෙවින් සමාන වූ කතාවකි. ජූල්් ඩැසින්ගේ 'ෆෝඩ්රා' (PHAEDRA)  නම් වූ ග්‍රීක චිත්‍රපටයට ද මෙහි පිටපත රචනයෙහිලා බලපෑ බව පෙනී යයි. යූරිපීඩිස් නම් වූ සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරුවාගේ 'හිිපොලිටස්' නාට්‍යය නූතන සමාජයට සරිලන ආකාරයට ගළපා ගැනීමක් මෙම චිත්‍රපටයෙන් සිදු කර තිබිණි. නැව් හිමියකු, ඔහුගේ තරුණ බිරිඳ හා මුල් විවාහයේ නැව් හිමියාට දාව උපන් තරුණ පුතෙකු අතර ඇතිවන අන්තර් මානුෂික සබඳතා මෙම සිනමාපටයට වස්තු විෂය වූයේය.

එසේම ටෙනසි විලියම්ස්ගේ නිර්මාණ ආභාසය ද 'වගුරු බිම' පෙළ රචනයට වැටී ඇති බව ද දිස් ෙවි.

මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, මහාචාර්ය එම්. එච්. ගුණතිලක, සිරිලාල් කොඩිකාර 'වගුරු බිම' අළලා විචාර ලියා ඇත. 'වගුරු බිම' වූ කලී ශෝකාන්ත ස්වරූපයක් ගත් ස්වභාවික නාට්‍ය සම්ප්‍රදායට අයත් නාට්‍යයක් යැයි කියන මහාචාර්ය ගුණතිලක මෙහි සංවාද ප්‍රාණවත් බවත් රසවත් නාට්‍යයක් ඉදිරිපත් කිරීමේ ශක්තියක් ප්‍රේමරංජිත් වෙත ඇති බවත් කියා සිටී.

'වහලක් නැති ගෙයක්' (1964) ප්‍රේමරංජිත් ගේ දෙවැනි නාට්‍ය නිර්මාණය විය. 'වගුරු බිම'ට 'මනමේ' ආනුභාවය ලැබුණා සේ 'වහලක් නැති ගෙයක්'ට 'සිංහබාහු' ආනුභාවය ලැබී ඇති බව පෙනේ. 'වහලක් නැති ගෙයක්' යනු තමාගේ විනයධාරි පියා සහ තමා අතර පැවතුණු සංකීර්ණ ආදර අනාදරය (LOVE - HATE RELATIONSHIP) යැයි ප්‍රේමරංජිත් කියා ඇත.

'වහලක් නැති ගෙයක්' විවරණය කරන වයි. රත්නපාල ද සිල්වා මෙසේ කියයි.

'එක අතකින් බලන කල 'වහලක් නැති ගෙයක්' සිංහබාහු නාටකයේ කතාවට සමාන පිය - පුතු අරගලයක් තුළින් යුක්තියත් අයුක්තියත් අතර ඇතිවන ගැටුමට සමාන ගැටුමකි. 'වහලක් නැති ගෙයක්' හි පියාත් - පුතාත් අතර ඇතිවන ගැටුමට මැදිවන මව මුහුණපාන තත්වයට සමාන තත්වයක් 'සිංහබාහු' නාටකයේ සුප්පා දේවීට ද ඇති වෙයි. 'සිංහබාහු' නාට්‍යයේ පියා මරණයට පත් කරනු ලබන්නේ සිංහබාහු විසිනි. 'වහලක් නැති ගෙයක්' පියා පාවා දෙනු ලබන්නේ ඔහුගේම පුතා විසිනි.

1964 ජාතික නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම නළුවා, හොඳම නිළිය යන සම්මාන හිමි වූයේ 'වහලක් නැති ගෙයක්' නාට්‍යයටය.

'වහලක් නැති ගෙයක්' නාට්‍ය පෙළ ඉංග්‍රීසියට පරිවර්තනය වූයේය. ඒ 'අ හවුස් විතවුට් අ රූෆ්' යනුවෙනි. රචක ප්‍රේමරංජිත්ම එය පරිවර්තනය කිරීම විශේෂත්වයකි.

'තොත්ත බබා' (1966) ප්‍රේමරංජිත්ගේ නාට්‍ය අතර වඩාත් විවාදපන්න කෘතියයි. ජෝ ඕවන් නමැති අසම්මතවාදී නාට්‍ය රචකයාගේ 'එන්ටර්ටේනිං මිස්ටර් ස්ලෝන්' නමැති නාට්‍යයේ පරිවර්තනයකි මෙය. මේ නාට්‍යය මතභේදයන්ට තුඩු දුන්නේ එහි සමලිංගික අත්දැකීමක් විෂය වීම නිසාය. ජෝ ඕටන් ද සමලිංගිකයකු වූ බව පැවසේ.

'තොත්ත බබා' මුලින් තහනමට ලක්විණි. එවක ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිව සිටි ඇම්. ජේ. පෙරේරා 'වහලක් නැති ගෙයක්' වැනි යහපත් නාට්‍යයක් නිපද වූ අයකු 'තොත්ත බබා' වැනි අසභ්‍ය නාට්‍යයක් ඉදිරිපත් කිරීම බලවත් වරදකැයි කියා සිටියේය.

'තොත්ත බබා' ජී. එච්. පී. ද සිල්වාගේ නිර්දය විවේචනයට ලක් වූ නාට්‍යයකි. ඔහුගේ ප්‍රකාශයක් මෙසේය.

'. . . තොත්ත බබාගෙන් උත්සාහ කළේ මෙරට නාගරික මැද පන්තිය සරදමට හසු කිරීමටය. 'තොත්ත බබා' නාට්‍යයක් වශයෙන් දුර්වල වූවා පමණක් නොව එය මෙරට ජනයාට විඳිය නොහැකි ආගන්තුක අත්දැකීමක් වූහයි කීම අසාධාරණද? තොත්ත බබා හී චරිත ලංකාවේ උගත් නාගරික මැද පන්තියේ තබා උසස් මැද පන්තියත් අතරින් නොවේ නම් කුරුඳුවත්තෙන්වත් සොයාගත හැකිවේදැයි මම නොදනිමි. ඔවුන් ලංකාවේ ජීවත්වන මිනිසුන් නොව ලන්ඩනයේ, ප්‍රංශයේ හෝ නිව්යෝක් හී ජීවත්වන මුල් සිඳී ගිය තොත්ත බබුන් විය යුතුය. මේ ආගන්තුක මිනිස් චරිත මෙරට මිනිස් චරිත ලෙස සිතා ඒ ඇසුරෙන් අපේ විශ්වාසය දිනාගෙන ඉන් රංගානුභූතියක් ඇති කිරීම තොත්ත බබා නාට්‍ය රචකයා උත්සාහ කිරීමෙන් හෙළි වන්නේ ඔහුගේ ශූර කලාත්මක ඥානය අබිබවා නැඟී සිටින අපරිණත මන්ද බුද්ධිය මිස අන් කුමක්ද?'

'අම්මයි අප්පයි' (1966) ඕගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග්ගේ 'ද ෆාදර්' නාට්‍යයේ අනුවර්තනයකි. දකුණු යුරෝපාකරයේ (ස්කැන්ඩිනේවියානු) බිහි වූ වැදගත්ම නාට්‍යකරුවන් දෙදෙනා ඕගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග් හා හෙන්රික් ඉබ්සන්ය. ස්ට්‍රින්බර්ග්ගේ නාට්‍යවල ප්‍රධාන තේමාව ස්ත්‍රිය හා පුරුෂයා අතර පවතින සදාතනික ගැටුම යැයි කිව හැකිය.

'අම්මයි අප්පයි' සංගීතය සඳහා ප්‍රේමරංජිත් ලංකාවේ ප්‍රථම වතාවට විශ්ව සම්භාව්‍ය සංගීත ඛණ්ඩ යොදා ගත්තේය. බීතෝවන්ගේ 9 වැනි සිම්ෆනියේ හා චෛකොවුස්කිගේ 'ස්වොන් ලේක්' මුද්‍රා නාටක සංගීතයේ කොටස් ඊට යොදා ගැනිණි. මේ සංගීතය නාට්‍යයට කිසිදු සම්බන්ධතාවයක් නොදැක් වූ බව මහාචාර්ය ආරිය රාජකරුණා ප්‍රකාශ කර ඇත.

ස්ට්‍රින්ඩ්බර්ග්ගේ 'ද ෆාදර්' නාට්‍යය ප්‍රේමරංජිත් පසු කලෙක 'පීතෘ' යනුවෙන් සිංහලට පරිවර්තනය කර පළ කළේය.

'කෝන්තරේ' (1968) නාට්‍යයට රොබට් වයිස් හා ජෙරොම් රොබින්ස්ගේ 'වෙස්ට් සයිඩ් ස්ටෝරි' චිත්‍රපටයේ කතා තේමාව පාදක වූයේය. මෙම චිත්‍රපටය ලෙනාඩ් බර්න්ස්ටීන්ගේ භාවපූර්ණ සංගීතයෙන් අනූන වූවේය. 'වෙස්්ට් සයිඩ් ස්ටෝරි' යනු ශේක්ෂ්පියර්ගේ 'රොමියෝ ඇන්ඩ් ජුලියට්' දෘශ්‍ය කාව්‍යය ඇසුරෙන් ආතර් ලෝරන්ස් විසින් විරචිත වේදිකා නාට්‍යයකි. මෙම චිත්‍රපටයේ කතාව ලංකාවට අනුරූප වන ලෙස ප්‍රේමරංජිත් ඉදිරිපත් කර තිබිණි. සිංහල දෙමළ තරුණයන් අතර ඇතිවන ගැටුමකින් කතා පුවත විකාශනය වූයේය.

'මුහුණු සයකි - රූකඩයකි' (1970) ඉතාලි නාට්‍ය රචක ලුයිජි චිරෙල්ලිගේ 'මාස්ක් ඇන්ඩ් ද හෝස්' නාට්‍යයේ අනුවර්තනයකි.

ප්‍රේමරංජිත් නැවතත් (විමල් රන්ජිත් ප්‍රනාන්දු සමඟ එක්ව) ස්ට්‍රින්ඩ්බර්ග්ගේ නාට්‍යයක් වේදිකාවට ගෙන ආවේය. ඒ 'ජුලි'ය. (1978) 'මිස් ජුලි' මුල් කෘතියේ නමය. තමාගේ සේවිකාවක් සමඟ ස්ට්‍රින්ඩ්බර්ග් ඇති කර ගත් සම්බන්ධතාවයක් මෙම නාට්‍යය ලිවීමට හේතු පාදකව ඇත.

'ජුලි' ගුණදාස අමරසේකර වැනි විචාරකයන්ගේ පවා ප්‍රශංසාව දිනූ නාට්‍යයක් විය. ඔහු මෙසේ කියා ඇත.

'ජුලි නාට්‍යය අනපේක්ෂිත අත්දැකීමක් විය. ජුලි නාට්‍යයෙන් සනාථ වූයේ ප්‍රේක්ෂකයාගේ රසඥතාව සදහටම විනාශ වී නැති බවත් හොඳ නරක තේරා බේරා ගැනීමේ හැකියාව තවදුරටත් සිංහල නාට්‍ය රසිකයා වෙත ඉතිරි වී ඇති බවත්ය. මෙම නාට්‍යය ඉදිරිපත් කිරිමෙන් නිෂ්පාදක ප්‍රේමරංජිත් තිලකරත්න දක්වා ඇති ධෛර්යය ප්‍රශංසාත්මකය.'

ටවර් හෝල් නාට්‍ය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රේමරංජිත්, ජෝන් ද සිල්වාගේ 'ශ්‍රී වික්‍රම' (1979) නාටකය නිෂ්පාදනය කළේය. මේ වැඩ පිළිවෙළේ පළමු නාට්‍යය 'සිරිසඟබෝ' වූ අතර 'ශ්‍රී වික්‍රම' එහි දෙවැන්න විය.

'සැරදේ සීතා' (1980) ප්‍රේමරංජිත් ගේ ස්වතන්ත්‍ර නාට්‍යයකි. දේශපාලනඥයන්ගේ දෙබිඩි ජීවන පැවැත්මටත් පොදුවේ පුහු සුචරිතයටත් එල්ල කළ දරුණු උපහාසාලාපයක් ලෙස මෙම නාට්‍යය හැඳින්වීමට හැකිය.

'දේවි' (1988) 'සැරදේ සීතා' නාට්‍යයේම වස්තුබීජය තවදුරටත් වර්ධනය කරමින් කරන ලද නිෂ්පාදනයයකි.

'හොරා පොලිස්' DEAR DELINQWENT නම් වූ බ්‍රිතාන්‍ය ප්‍රහසනයේ අනුවාදයකි. සුසිල් ගුණරත්න විසින් මෙය නිෂ්පාදනය කරන ලදී.

'නිර්දය නගරය' (රුසියානු ලේඛක ලෙව් උස්ටිතන්ව්ගේ 'සිටි විතවුට් ලව්' නාට්‍යයේ අනුවාදය). 'තැපැල් හල' (රවින්ද්‍රනාත් තාගෝර්ගේ 'ද පෝස්ට් ඔෆීස්' නාට්‍යයේ අනුවාදය) ප්‍රේමරංජිත් අනුවර්තනය කළ තවත් නාට්‍ය දෙකක් වන අතර ඒවා නිෂ්පාදනයව නැත.