වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 25 වැනිදා අඟහරුවාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
ඔව්! මං හිටියෙත් නින්දට ගිහින්

 ඔව්! මං හිටියෙත් නින්දට ගිහින්

ජයන්ත චන්ද්‍රසිරි

හංකිති දහතුන ගැන කියන දේ

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාගේ හද ගැස්ම මැනවින් හඳුනාගත් ඔහු වේදිකාවේත්, පුංචි තිරයේත් මතු නොව රිදී තිරයේත් ස්වකීය නිර්මාණ ප්‍රතිභාව එකලු කළ ඔහු අග්‍රේසර නිර්මාණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි. නිද්‍රාවට පත්ව සිටින ප්‍රේක්ෂකාගාරය අවදි කරවා හංකිති කවන්නට මෙවර ඔහු සූදනම්. ඒ 'හංකිති දහතුන' නම් වූ නවමු වේදිකා නිර්මාණය සමඟිනි. මේ සංවාද සටහන ඒ වෙනුවෙනි.

* ඔබ ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ ඔහු මහත් විශාරදත්වයක් දැක් වූ ස්ටැනිස්ලවුස්කිගේ Method Acting රංගන විධි ක්‍රමය පිළිබඳ බොහෝ ඉගෙනීම් සිදු කරනවා. නමුත් පසුකාලීනව එය යාවත්කාලීන කිරීමක් ඔබේ නිර්මාණ තුළ දකින්න නැහැ නේද?

ඔබ ඉතාම නිවැරදිව ප්‍රකාශ කළා සේම ස්ටැනිස්ලවුස්කිගේ රූපණ විධි ක්‍රමය පිළිබඳව ආචාර්ය සාලමන් සතුව තිබූ විශාරදත්වය අවිවාදිතයි. එයට ප්‍රබල හේතුවකුත් තිබුණා. ඒ තමා නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුරේ උණුසුම් පියාපත් අතර බොහෝ විට සුරැකිව තිබුණු ස්ටැනිස්ලවුස්කිගේ මේ සම්භාව්‍ය ඉගැන්වීම, රූපණයේ ජීව යාන්ත්‍රණ ක්‍රමවේදයන් (Method of Physical Actions) යන්න ආචාර්ය සාලමන්, මා අර පෙර කී සමාජවාදී කඳවුරේ බිඳ වැටීමට පෙර දීප්තිමත්ම යුගයේදී නැගෙනහිර යුරෝපයේදී හදාළ කලාකරුවෙකු වීම. ලී ස්ට්‍රාස්බර්ග් වැන්නන් අතින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරුණු ස්ටැනිස්ලවුස්කිගේ රූපණ භාෂාව සේම, ඔහුගේ ඒ අති විශිෂ්ට, අති සියුම් ක්‍රමවේදයන් ඉතා බරපතළ විකෘති කිරීම්වලට ලක්වුණු බව අප දන්නවා. මේ විකෘති කිරීම් පරම න්‍යායක් වශයෙන් (An Absolute Theory) හැදෑරූ බොහෝ ඇමරිකානු නළු නිළියන් පසු කලෙක ඒවා හෙළා දැක්කා. එහෙම අදටත් මුළු ලෝකයේම රූපණ පාඨශාලාවල රූපණය පිළිබඳ පදනම් විද්‍යාව විදියට පිළිගැනෙන්නේ ස්ටැනිස්ලවුස්කිගේ (Method of Physical Actions) ක්‍රමවේදයම තමයි.

උපුල් මට අනුව නම් මේ විෂය අරභයා ස්ටැනිස්ලවුස්කිට පෙර මේ ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨයා ඉන්දියාවේ 8 වන සියවසේ පමණ ජීවත් වූ අභිනවගුප්ත තුමා. නමුත් එතුමා ජීවත් වූ ඉන්දියාවේත් අද රූපණය උගැන්වීමේ පදනම් විද්‍යාව ස්ටැනිස්ලවුස්කි වීම දෛවෝපගතයි. අනෙක් අතට මා ස්ටැනිස්ලවුස්කිව දකින්නේ නැවත උපන් අභිනව ගුප්ත හැටියටමයි.

අපේ රටේ හිටිය ආචාර්ය සාලමන් කියන ශ්‍රේෂ්ඨ ගුරුවරයා ලී ස්ට්‍රාස්බර්ග්ට වගේ, ස්ටෙලා ඇඩ්ලර්ට වගේ ස්ටැනිස්ලවුස්කි පැටලුණේ නැහැ. ඔහු ඉතාම සම්භාව්‍ය විදියට මේක ඉගෙන ගත්තා.

මම ආචාර්ය සාලමන්ගේ පංතිවලට යන්නේ කමල් අද්දරආරච්චිගේ බලවත් පෙලඹීමට. කමලුත් මමත් ඒ වෙනකොට බටහිර ජර්මනියෙන් ලංකාවට ආපු ආචාර්ය නෝබට් ජේ. මයර්ගේ බොහෝම දීප්තිමත් ශිෂ්‍යයෝ. ඒ කාලයේ නොතේරුණු අද හොඳටම තේරෙන දේ තමයි ආචාර්ය නෝබට් ජේ. මයර් කියන්නෙත් ස්්ටැනිස්ලවුස්කිගේ අර පදනම් විද්‍යාවම බටහිර යුරෝපයේ විවිධ ශානරීය පදනම්වලින් දියුණු කරපු ගුරු කුලයක අයත් කෙනෙකු වීම. රූපණය හදාරන්න නිශ්චිත ක්‍රමවේදයක් නැති අපේ රටේ දැන් අපිට වෙන්නේ පුදුම අහම්බ භාග්‍යයකට මුහුණ දෙන්න. මයර්ගෙන් පස්සේ අපි යනවා ආචාර්ය සාලමන් ළඟට. ඒක හරිය මුලින්ම භාෂාවක් කතා කරන්න ලියන්න ඉගෙන ගත්ත කෙනෙක් ඊට පස්සේ ව්‍යාකරණ ඉගෙන ගන්න යනවා වගේ වැඩක්. ඊළඟ භාග්‍ය තමයි දැන් මේ දැනුම අපටම විනිශ්චය කර ගන්න තැනක් ඊළඟට හම්බ වෙනවා. ඒ වර්ෂ 1990 දී පමණ සංස්කෘතික දෙපාර්තමේන්තුව ලබාදෙන ශිෂ්‍යත්වයක් මඟින් නැගෙනහිර ජර්මනියේ ආචාර්ය ක්ලාවුඩ් ෆෙඩ්ලර් ළඟට යෑම. ශ්‍රියන්ත මෙන්ඩිසුත් ඒ ගමන ගියා.

දැන් මං ඔබට කියන්න ඕනෑ මේ වෙනකොට මම හොඳටම දැනගෙන හිටියා Method Acting කියන්නේ අර ශ්‍රේෂ්ඨ ගුරුවරයා මේ රූපණ ලෝකයට බිහි කළ එකම ක්‍රමවේදය නොවේය අඩුම තරමින් ඔහු බිහි කළ ක්‍රමවේද කිහිපයෙනුත් එකක්ය කියන එක.

ඉතින් මං මේකට කියන්නේ මගේ මනසින් පැන නඟින ආලෝකයෙන් රූපණවේදීන් ලවා අවකාශයේ නිදහස් චිත්‍ර ඇඳීම කියලා. මගේ ගුරුවරුත් ඒ ගුරුවරුන්ගේ ගුරුවරුත් ඊට ඉතාම බිය බව මා දන්නවා. මා නිර්මාණය කළ චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල, වේදිකා නාට්‍යවල ඒ හැම තැනම සිටින්නේ මා අවකාශයේ මනසින් ඇන්ද සිතුවම් තමා. ඒ නිසා ඊට පදනම සැපයූ ඔබ ඔය කියන 'ක්‍රමයෙන්' මා කොතැනකටවත් වෙනස් වී නැහැ. වී ඇත්තේ ඇතැම් විට එය සමතික්‍රමණය කිරීමක්.

* ඔබේ වේදිකා නාට්‍ය දේශපාලනිකයි. ඔබ අත් නාට්‍යය හැඳින්වූයේ පුපුරුවා සුන්නද්දූලි කළ සම්මතය මත ගොඩ නැඟෙන අසම්මත ආකෘතිය කියා. 'මෝරා' නාට්‍ය හැඳින්වූයේ 'මිනිසුන් විසින් මිනිසුන් උදෙසා කරනු ලබන යාගය' කියලා. 'ඔත්තුකාරයා' හැඳින් වූයේ 'ඝෝෂාව මධ්‍යයේ නිදන මිනිසා නිශ්ශබ්දතාව විසින් අවදි කරනු ලැබේ' කියලා. ඒ මීට අවුරුදු 22 කට පෙරයි. මගේ ප්‍රශ්නය ඔබ මෙතෙක් කල් වේදිකා නාට්‍යයක් නිර්මාණය නොකළේ ඔබත් ඝෝෂාව මධ්‍යයේ නිදාගෙන සිටි නිසාද?

ඔව්. මා නින්දට ගොසින් තමා. මට පෙනෙන්නේ සියලු දෙනාම නින්දට ගිහින් බවයි. මේ තරම් අතාර්කික දේ පෙනෙන්නේ ඒ නිසයි. පුද්ගල සබඳතා සිහින වගේ විසිරී යනවා මට පේනවා. නළුවන් ගල් ගැසී සිටියදී ප්‍රේක්ෂාගාර රඟපානවා මට පේනවා. මිනිසුන් ගල් ගැසී සිටියදී මහාමාර්ග ගමන් කරනවා මට පේනවා. කොහේදෝ සිට පාවී එන ගීත ගායනාවන් මිනිසුන්ගේ මුව තුළට රිංගනු මට පේනවා. ගුරුවරුන් ඉගෙන ගන්නා අතර ශිෂ්‍යයන් උගන්වනු මට පෙනෙනවා. ඩෙංගු උණ සැදුණු විට තමන්ට දැනෙන සුවය ගැන මගේ මිතුරා උදම් අනනවා. ඔය සත්‍යයක් නොවේ. අසාධ්‍ය තත්වයක් යැයි වැරදීමකින් මා කියන විට තමන්ට ඊර්ෂ්‍යා නොකරනැයි මගේ මිතුරා කියනවා. ඉතින් මේ සියලු අතාර්කිත දෑ අවදියෙන් සිට දකින්නේ කොහොමද? ඔව් මා සිතන්නේ මා නින්දෙන් බවයි.

* ඉතින් හංකිති දහතුනෙන් ඔබ හදන්නේ මිනිසුන් අවදි කරන්නද?

කිතිකවා මිනිසුන් අවදි කරන්න බැහැ. වෙන්නේ කිතියට හුරුවන් මිනිසුන් වඩාත් හොඳින් නින්දට යාමයි. හැබැයි නින්දේදී වුවත් ක්‍රියාත්මකව පවත්නා ඉන්ද්‍රියයන් තිබෙනවානේ. ජීව විද්‍යාත්මක පොත්පත්වල නැති වුණාට ඒ එකක් තමයි හෘදය සාක්ෂිය. 'හංකිති දහතුන' නිසැකවම මිනිසුන්ගේ හෘදය සාක්ෂිය අමතයි' කියා මං හිතනවා.

* ඉතාම කෙටියෙන් පැවසුවොත් 'හංකිති දහතුන' කියන්නේ මිනිසුන්ගේ හෘදය සාක්ෂිය ඇමතීමක්. මා ඔබේ නාට්‍ය තවම නරඹා නැහැ. මට දැනෙන හැඟෙන හැටියට ඔබ මෙවර ඔබේ නිර්මාණ්‍ය සමඟ පිවිසෙන්නේ ඉතාම සියුම් ක්ෂේත්‍රයකට. ඒ සඳහා ඔබ යොදා ගන්නේ ඔබට ඉතාම සුපුරුදු නළු මුළුවද?

එදා බර්ලින් වැඩමුළුවට සහභාගි වූ ජයන්ත

ඔව්. තරමක් දුරට ඒක එහෙමයි කියන්න පුළුවන්. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජයලාල් රෝහණ, වසන්ත විට්ටච්චි, සංජීව දිසානායක, නුරාධිකා සේරසිංහ, අයිශාරා අතුකෝරල, නදීෂා රූපසිංහ, ගාමිණී ජයලත්, මහේන්ද්‍ර වීරරත්න, තිස්ස ගුණතිලක ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි චරිත නිරූපණය කරනවා. සංගීතයෙන් චින්තක ජයකොඩි දායක වෙනවා. ඇඳුම් නිර්මාණයෙන් නිපුනි මෙන්ඩිස්, වේදිකා පරිපාලනයෙන් උදිත ගුණරත්න, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් ෆ්‍රැන්සිස් 'හංකිති දහතුන' අලෝකමත් කරනවා. නාට්‍ය සංවිධානය කරන්නේ ජූඩ් ශ්‍රීමාල්.

* රූපණ ශිල්පීන් පුහුණු කරන්නෙක් වශයෙන් වගේම අධ්‍යක්ෂවරයෙකු වශයෙනුත් ඔබේ සුවිශේෂතා සහ අනන්‍යතාව පැහැදිලිය. නළු නිළියන් තම රූපණ කාර්යය තුළ සවිඥානිකව අවිඥානක වීම යන දුෂ්කර කාරණය 'හංකිති දහතුන' ඔස්සේ පැහැදිලි කර ගැනීමට කැමැතියි?

ප්‍රේක්ෂකයන් තමන් රංග භූමිය තුළ දකින භූමිකා නිරූපණයන් පිළිබඳ යම් අවිශ්වාසයක් අත්හිටුවා ගන්නේ නළු නිළියන් යථාර්ථයේ මායාවක් නිර්මාණය කර ගන්නා ප්‍රමාණයටමයි. සාර්ථක නාට්‍ය පිටපතක දැකිය හැකි ප්‍රබල ප්‍රකට ලක්ෂණය තමයි එය සාර්ථක චරිත නිර්මාණයන්ගෙන් ද සමන්විතව තිබීම. දක්ෂ නළුවෙකුට, නිළියකට තම පුහුණුවීම ඔස්සේ මේ අනුව චරිත ගර්භය  (Character Core)  හඳුනා ගැනීමටත් එයට පිවසෙන්නටත් පුළුවන්. ඉන් පසුව ඔහු කරන්නේ එය තුළ කෝෂගතව පවත්වන කෝෂ්ථාර්ත, ධ්වනිතාර්ථ, ශ්ලේශාර්ථ, උත්ප්‍රාස ආදිය විදාරණය කිරීමයි. හැබැයි ඔහු එය කළ යුතු විලාසය ශෛලිය පමණක් නොව ප්‍රමාණය පවා තීන්දු කරන්නේ අධ්‍යක්ෂවරයායි. මක්නිසාද කෘතිය මධ්‍යගත කර්කතනය වෙත කැඳවාගෙන යාමේ පූර්ණ වගකීම සහ බලධාරිත්වය සතු වන්නේ අධ්‍යක්ෂවරයා වෙත නිසයි. සුගතපාල ද සිල්වා නාට්‍ය අධ්‍යක්ෂවරයා සොඳුරු ආඥාදායකයකු වශයෙන් හැඳින් වූයේ ඒ නිසයි.