වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ

නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ

මෙවර හොඳම අධ්‍යක්ෂ චාමික හත්ලහවත්ත

ලෙරෝයි ජෝන්ගේ 'ච්භබජඩ ර්චද' ඇසුරින් හයිනා වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් ප්‍රේක්ෂක භාවමය ලෝකය විචිත්‍ර කළ ඔහු 2008 රාජ්‍ය නාට්‍ය උලෙළේදී 'හරි අපූරු දවසක්' නාට්‍ය නිර්මාණය උදෙසා හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන අටකින් පිදුම් ලැබුවේය. අනතුරුව 2014 වසරේ 'මකරට' වේදිකා නාට්‍ය නිර්මාණයෙන් සම්මාන 9 කට උරුමකම් කීවේත් 2015 රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍ය ඇතුළු සම්මාන 10 කින් ඇගයුමට පාත්‍ර වූයේත් සැබෑ නිර්මාණකරුවෙකුගේ සමාජමය හා සංස්කෘතික වගකීම් මැනවින් දැන හැඳින ගනිමිනි. චාමික හත්ලහවත්ත නම් වූ අපේ කාලයේ නාට්‍යවේදියා සමඟින් සරසවිය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳ සංවාදයක යෙදුණේ මේ ලෙසිනි.

* ඔබ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදීත් සම්මානිත වෙනවා. සම්මාන ලබා ගනිමින්ම සම්මාන උලෙළට විරෝධතාවයක් දක්වනවා. ඇයි එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ?

අපි කියන්නේ සම්මාන උලෙළ ගරු කටයුතු විදියට තියන්න කියලා. මේ සඳහා අපි මුලින්ම සැලසුම් කර තිබුණේ ඔබ අදහස් කරන ලෙසින්ම සහභාගි නොවී වර්ජනය කරන්න. නමුත් එසේ කළා නම් එය සමස්ත නාට්‍ය කලාවටම සිදු කරන අසාධාරණයක්. මොකද වේදිකා නාට්‍ය කලාව උදෙසා පවතින එකම නාට්‍ය සම්මාන උලෙළත් නැති වී යාවි කියා අපි නාට්‍යකරුවෝ විදියට කතා වුණා. මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණ නාට්‍යකරුවෝ අපිට කිව්වේ මෙහිදී ඒ විදියට වර්ජනය කරන්න එපා කියලයි. ඒ නිසා අපි මෙහිදී නාට්‍යය විරෝධයක් සිදු කළා.

* මොකක්ද ඔබ ඔය කියන නාට්‍යමය විරෝධය පෑම?

අපි හැමෝම මේ උලෙළට සහභාගි වෙන්නේ කළු පටි බැඳගෙන. කතිකා කරගත් විදියටම අපේ කිහිප දෙනෙක් කතා කළා. කලාකරුවෙක් සම්මාන ගන්නා සෑම මොහොතකම විරෝධතා බැනරයක් රැගත් අපේ සගයෙකුත් වේදිකාවට එකතු වුණා. ඒ සමඟින් නිර්මාණාත්මක අංගයක් එකතු කර ගත්තා.

මේ සියල්ලේ වෑයම අනාගත නාට්‍ය නිර්මාණකරුවන් වෙනුවෙන් සුරක්ෂිත හෙට දවසක් බිහි කිරීමයි. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත් වූ ආකාරය පිළිබඳ අපි සතුටු නැහැ. මේ රටේ වේදිකා නාට්‍ය කලාව රටට වැදගත් නැද්ද? පාලකයන්ට වැදගත් නැද්ද කියන ගැටලු අපිට තිබෙනවා. මේක අතීතයේ සිට වර්ධනය වූ දෙයක්. දේශපාලකයන්ගේ නොසැලකිල්ල තමයි මේ. රාජ්‍ය මට්ටමේ උත්සවයක් නම් ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම තිබිය යුතුයි. විෂය භාර අමාත්‍යවරයාත් ඒ සඳහා පැමිණීමක් නොමැති නම් එතැන ලොකු ගැටලුවක් තියෙනවා.

* රාජ්‍ය උත්සවයක් නම් ජනපතිවරයා පැමිණිය යුතුයි. අමාත්‍යවරු පැමිණිය යුතුයි?

නැහැ. අපි අදහස් කරන්නේ එවැනි දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් නිසි ගෞරවය ලැබිය යුතුයි කියලයි අපි කියන්නේ.

* මෙවර ඔබේ 'රජා මං වහලා' වේදිකා නාට්‍ය නිර්මාණය උලෙළේ අගැයුමට පාත්‍ර වූ ආකාරය සිහිපත් කළොත්?

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම රංග වින්‍යාසය, හොඳම සංගීතය, හෙඳම රංග වස්ත්‍ර නිර්මාණය ඉසව් සඳහා සම්මාන හිමි වුණා.

වේදිකා නාට්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට හොඳම නළුවා, නිළිය සම්මානයන් සඳහා රංගන ශිල්පීන්, ශිල්පිනියන් දෙදෙනා බැගින් සම්මානයට පාත්‍ර වූණා. ඒ පිළිබඳ නිහතමානී සතුටක් නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් මා තුළ තිබෙනවා.

* අද දවසේ බහුතරයක් නාට්‍ය හැදෙන්නේ සම්මාන ඉලක්ක කරගෙන පමණයි. නාට්‍යයට ආදරය කරන නාට්‍ය ප්‍රේක්ෂකයා අමතක කරලා?

සම්මානයක් කියන්නේ නිර්මාණකරුවෙකු ඇගැයීමක්. නමුත් මං කිසිම දවසක සම්මාන ඉලක්ක කරගෙන නාට්‍ය හදන්නේ නෑ. මගේ හයිනා පරිවර්තන නාට්‍ය කලාවේ අත්හදා බැලීමක්. ප්‍රවීණ සිනමාවේදී අකිර කුරොසාවාගේ එධදඤඥපටභතත ඉභදඤචර සිනමා කෘතිය ඇසුරෙන් හරි අපූරු දවසක් නිර්මාණය කරනවා. 'මකරට' නිර්මාණය තුළින් කෝලම් සම්ප්‍රදායේ ආභාසයේ ඇසුර ලබනවා. 'රජා මං වහලා' නිර්මාණයෙන් දශක ගණනාවක් තිස්සේ අපට උරුම කතාන්දර කිමේ කලාව පිළිබඳ ආභාසය ලබා තිබෙනවා. ඉතින් ඒ තුළින් පැහැදිලි වෙනවා මගේ නිර්මාණයන් තුළින් විවිධ ප්‍රේක්ෂක මට්ටම් වෙත ආමන්ත්‍රණය කරන බව. ඒ වගේම අපි නාට්‍ය කණ්ඩායමක් ලෙසින් මෙම නිර්මාණයන් සමඟින් රට පුරා දර්ශන වාර රැසක් සමඟින් ප්‍රේක්ෂකාගරය තෘප්තිමත් කළා. අදටත් එය එලෙසමයි.

* අද දවසේ නාට්‍ය සංස්කෘතියක් ගොඩනැංවීමට සැපිරිය යුතු අවම තත්ත්වයන් ලෙස ඔබ දකින්නේ මොනවාද?

මූලික වශයෙන් ලංකාවේ වේදිකා නාට්‍ය නිර්මාණ වේදිකා ගත කරන ස්ථාන සංවර්ධනය විය යුතුයි. පාසැල්වල වේදිකා නිෂ්පාදනයන් විධිමත් විය යුතුයි. ගුරුවරයෙක්, ගුරු උපදේශකවරයෙක් ලෙසින් එකී කාරණා මං අත් විඳලා තියෙනවා. ඒ වගේම පාසැල් ඇතුළු සියලුම නාට්‍ය උගන්වන ස්ථාන සංවර්ධනය විය යුතුයි.

ඒ වගේම නාට්‍ය පුහුණුවීමට නිසි තැනක් නැහැ. සම්මාන උලෙළට අමතරව රට වටා නාට්‍ය ගෙන යන වැඩපිළිවෙළක් සකස් වෙන්න ඕනෑ. ඒ වගේම නාට්‍ය ශිල්පීන්ට අන්තර් ජාතික මට්ටමේ උත්සව, තරඟ ආදියට සහභාගි වී එකී අත්දැකීම් තුළින් ලබන පන්නරයෙන් විශිෂ්ට නිර්මාණකරණයට පොලඹවන, උත්තේජනයක් සපයන අවකාශ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. නාට්‍ය සංස්කෘතියක් පිළිබඳ කට රිදෙන තුරු කතා කරනවා පමණයි.

* වෘත්තීය නාට්‍යකරුවෙකු ලෙසින් සමාජයට දක්වන සංවේදීතාවය පිළිබඳ කතා කළොත්?

නාට්‍යවේදියකු ලෙසින් මං සංවේදීයි. ඒත් නාට්‍යකරුවා දේශපාලන වේදිකාවට නැඟිය යුතුයි කියා මං කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මට එහෙම ආරාධනා තිබුණා. ඒත් මං එහෙම කළේ නැහැ. මගේ 'මකරට' නාට්‍ය වේදිකා ගත කරද්දී විවිධ බලපෑම් එල්ල වුණා. අද සංවේදී කියන වචනයේ සංවේදී බව නැති කරලා තියෙන්නේ. අද දවසේ සාලාවේ අවි ආයුධ පිපිරීම් ඇතුළු සමාජයේ සිදුවන දේ ගැන මං බොහෝම සංවේදියි. ඒවා තමයි නාට්‍ය ඇතුළේ මතුයම් දවසක අනුභූතීන් වෙන්නේ. මිට අවුරුදු 16 කට කලින් කිරිඇල්ල ප්‍රදේශයේ පාසැලක සිදු වූ එක්තරා ඛේදජනක සිදුවීමක් වෙත මගේ සංවේදී වීම මගේ 'රජා මං වහලා' නිර්මාණයේදී අත් විඳින්න පිළිවන්.

සමාජය පිළිබඳ බොහෝම සංවේදී කැක්කුමක් නාට්‍යකරුවෙකු ලෙසින් මට තිබෙනවා. මීට වඩා යහපත් සමාජයක්, යහපත් පුරවැසියන් ඉන්න රටක් පිළිබඳ සංවේදිතාවයක් මට තිබෙනවා. මගේ නිර්මාණ තුළින් යහපත් සමාජයක් වෙනුවෙන් අධ්‍යාපනයක්, වින්දනයක් දැනුමක් ලබාදීමට මං නිරන්තරයෙන් උත්සුක වෙනවා.

* වේදිකා නාට්‍ය ශිල්පියෙකු ලෙස ඔබ මුහුණ දෙන ගැටලු පිළිබඳ කතා කළොත්?

නාට්‍ය නිෂ්පාදනයේ ගැටලු තිබෙනවා. පුහුණුවීම් ශාලාවල ගැටලු තිබෙනවා. මේ වෙලාවේ රත්මලාන ධර්මාරාම විදුහලේ විදුහල්පති මාරඹගේ මහතාත්, දෙහිවල ජයසිංහ විදුහලේ විදුහල්පති පතිරණ මහතාත් මගේ නිර්මාණ සඳහා පුහුණුවීම් ශාලා ලබා දුන්නා. එය ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ.

මේ කාර්යබහුල ජිවන රටාව තුළ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ වැඩ අධිකයි. පුහුණුවීම් සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ ගැටලු තිබෙනවා. නාට්‍යයක් නිෂ්පාදනයේ සිට එය ප්‍රේක්ෂකයා වෙත ගෙනයාම දක්වාම ගැටලු පවතිනවා. මේ මොහොතේ මේ සඳහා රජය මැදිහත්වීමේ වැදගත්කම සියලු දෙනා අවබෝධ කරගත යුතුයි.

* ආ මඟ දෙස හැරී බැලුවොත්?

ආපු ගමන ගැන බොහෝම සන්තෝෂයි. අද දවසේ දරුවෙක් නාට්‍යකරුවෙක් වෙනවා කියන කාරණාව දරා ගැනීමම ලොකු කැප කිරීමක්. මගේ දෙමාපියන් ඒ කැප කිරීම සිදු කළා. මංගලිකා ජයතුංග ප්‍රමුඛ කැලණිය විශ්ව විද්‍යාලයේ මාගේ ගුරු භවතුන්, මගේ මිතුරා ඉන්දික ෆර්ඩිනැන්ඩු රංගනයෙන්, අනුසාංගික අංගයන්ගෙන් සහාය දක්වන සියලුම නිර්මාණ ශිල්පීන්, ජනමාධ්‍යයෙන් ලැබුණු සහාය වගේම මගේ බිරිඳ සහ දියණිය මා වෙනුවෙන් සිදු කරනා දරා ගැනීම මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කරනවා.