වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
‘ආදරණීය කතාවක්’ සමඟ ‘ලිඩෝ’ අලුත් වෙයි

මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද

අපේ රටේ සිනමාවේ නවකතා කෘති වගේම චිත්‍රකතා ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපට ගැන අපි මීට පෙර කතා කළා. අද අපේ අවධානය යොමු වුණේ වේදිකා නාට්‍ය ඇසුරෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපට පිළිබඳවයි. ඒකට විශේෂ හේතුව වුණේ වසර 40ට පසුව පසුගිය දවසක දයානන්ද ගුණවර්ධන නිර්මාණය කළ ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍ය යළි වේදිකා ගත කිරීමයි.

‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍ය මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ මුල්වරට වේදිකාගත කළේ 1963 වසරේදීයි. එහිදී දයානන්ද ගුණවර්ධනයන් ප්‍රථමවරට කැරකෙන වේදිකාව හඳුන්වා දුන්නේද මේ සමඟිනි. පසුව ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍ය ඇසුරෙන් දයානන්ද ගුණවර්ධනයන් ‘බක්මහ දීගේ’ නමින් චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළේය. එය තිරගත වූයේ 1970 වසරේදීය. ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍යට පාදක වූයේ ප්‍රංශ නාට්‍යකරු ෆියරේ ඔගස්ට් ඩී බොමාෂ්ගේ ‘පිගාරෝගේ විවාහය’ වේදිකා නාට්‍යය යි.

සිංහල සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයද වේදිකා නාට්‍යයක් ඇසුරින් නිර්මාණය වූවකි. ජේ සිංහ විසින් එය අධ්‍යක්ෂණය කළද එයට මුල් වූ ‘කඩවුණු පොරොන්දුව’ වේදිකා නාට්‍ය නිර්මාණය කළේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න විසිනි. චිත්‍රපටයේ පිටපත ද බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ ය. ඔහු ‘කඩවුණු පොරොන්දුව’ වේදිකා නාට්‍ය නිර්මාණය කළේ මිනර්වා නාට්‍ය කණ්ඩායම වෙනුවෙනි. පසුව මිනර්වා මූවිටෝන් නම් චිත්‍රපට සමාගම පිහිටුවා ඒ යටතේ චිත්‍රපට පෙළක් නිර්මාණය කළේය. එම චිත්‍රපට වේදිකා නාට්‍ය ඇසුරෙන් බිහි වූ ඒවාය. ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයට පසුව ‘කපටි ආරක්ෂකයා’ (1948), ‘වැරදුණු කුරුමානම’ (1948), ‘පෙරළෙන ඉරණම’ (1949), ‘හදිසි විනිශ්චය’ (1950), ‘සැඟවුණු පිළිතුර’ (1951), ‘උමතු විශ්වාසය’ (1952), ‘අයිරාංගනී’ (1954), ‘මතභේදය’ (1969) චිත්‍රපට වේදිකා නාට්‍ය ඇසුරින් නිර්මාණය කෙරිණි. මෙහි ‘කඩවුණු පොරොන්දුව’, ‘කපටි ආරක්ෂකයා’, ‘වැරදුණු කුරුමානම’ සහ ‘පෙරළෙන ඉරණම’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ජේ සිංහ විසනි. අනෙකුත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න විසිනි.

සිරිසේන විමලවීර වේදිකා නාට්‍යයක් ඇසුරෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එය 1953 වසරේදී තිරගත වූ ‘පිටිසර කෙල්ල’ චිත්‍රපටය යි. 1965 වසරේදී තිරගත වූ ජී. ඩී. එල් අධ්‍යක්ෂණය කළ ‘සාමා’ චිත්‍රපටයට මෙන්ම 1969 වසරේ තිරගත වූ ටී සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘සමාජ සතුරෝ’ චිත්‍රපටයට පාදක වූයේද වේදිකා නාට්‍යයන් ය. 1973 වසරේ තිරගත වූ කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘මාතර ආච්චි’ චිත්‍රපටය නිර්මාණය කළේ 1964 වසරේදී ඔහු විසින්ම නිෂ්පාදනය කළ ‘අට්ටික්කා මල් පිපිලා’ වේදිකා නාට්‍ය ඇසුරිනි.

ජී. ඩී. එල් පෙරේරා අධ්‍යක්ෂණය කර 1969 වසරේදී තිරගත වූ ‘රොමියෝ ජුලියට් කතාවක්’ චිත්‍රපටය විලියම් ශේක්ෂ්පියර්ගේ රෝමියෝ - ජුලියට් කතාව ඇසුරින් නිර්මාණය කළේය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක විසින් රචිත මහ හේනේ රීරි යකා කෘතිය ඇසුරින් ගුණසේන ගලප්පත්ති ‘මහ හේනේ රීරි යකා’ වේදිකා නාට්‍ය නිර්මාණය කළේය. කිත්සිරි නිහාල් ජයසිංහ විසින් එම නමින්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර 1971 වසරේදී තිරගත කළේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘දෑස නිසා’ චිත්‍රපටයට පාදක වූයේද වේදිකා නාට්‍යයකි. ගුණසේන ගලප්පත්ති සූරින් විසින් නිෂ්පාදනය කළ ‘දෑස නිසා’ වේදිකා නාට්‍ය එයට පාදක වූ අතර සද්ධර්මරත්නාවලියේ එන චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කතාව වස්තු බීජ කරගෙන එම වේදිකා නාට්‍ය නිර්මාණය කෙරිණි.

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් චිත්‍රපට ද්විත්වයකට වේදිකා නාට්‍ය තේමා විය. ඔහු විසින් ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය නැවතත් තිරයට ගෙන ආවේය. 1982 වසරේදීය. රෝයි අධ්‍යක්ෂණය කළ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය පැරණි චිත්‍රපට අතරින් කළ නව නිර්මාණ අතරේ ඉහළ සාර්ථකත්වයක් ලද චිත්‍රපටයක් විය. 1982 වසරේදීම තිරගත වූ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘තණ ගිරවි’ චිත්‍රපටයද වේදිකා නාට්‍ය නිර්මාණයක් ඇසුරෙන් නිර්මාණය විය.

ආනන්ද වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ ‘සාජන්ට් නල්ලතම්බි’ චිත්‍රපටය 1993 වසරේදී තිරගත විය. එයට පාදක වූයේ නිහාල් සිල්වා නිර්මාණය කළ එම නමින්ම වූ වේදිකා නාට්‍යය යි. ‘සාජන්ට් නල්ලතම්බි’ වේදිකා නාට්‍ය ප්‍රහසන වේදිකා නාට්‍ය කලාවට නව මං පෙතක් විවර කළ නාට්‍ය නිර්මාණයක් විය. නිහාල් සිල්වා වේදිකා නාට්‍යයේ සේම චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.

දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කළ ‘අපායේ තත්පර අසූහාර දාහක්’ චිත්‍රපටයද පාදක වූයේද වේදිකා නාට්‍ය නිර්මාණයකි. 1997 වසරේදී එය තිරගත විය. 2003 වසරේදී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයට පාදක කර ගත්තේ ඇන්ටන් චෙකොෆ්ගේ ‘චෙරි උයන’ වේදිකා නාට්‍යය යි. සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ ඉදිරියේදි තිරගත වීමට නියමිත ‘ජූලි හතයි’ චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ද ප්‍රංශ වේදිකා නාට්‍ය නිර්මාකරුවෙකු වන මාක් කැම්ලොට්ගේ ‘ඩෝන්ට් ඩ්‍රෙස් ෆෝ ඩිනර්’ නම් වේදිකා නාට්‍ය ඇසුරිනි.