වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?

 නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?

ප්‍රවීණ රංගන ශිල්පිණී දීපානි සිල්වාගෙන් අසමු

රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ලෙස චාමික හත්ලහවත්තගේ රජා මං වහලා නාට්‍ය සම්මාන දිනා ගත්තේය. මහත් ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ම සිදු වුණ රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාවක් ලබාගත නොහැකි වීම ගැන අපි පාඨකයන්ට කණගාටුවෙමි. ඒ පිළිබඳ අදාල පාර්ශවයන්ට දැනුම් දුන්නද නිසි පිළිතුරක් ලබාගත නොහැකි විය. එමෙන්ම මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ මාධ්‍ය ආවරණය සඳහා දේශයේ කලා පුවත්පත වූ සරසවියට ද ඇරැයුම් ලැබී තිබුණේ නැත.

විවිධ වූ හේතූන් මත දිනෙන් දින පස්සට දැමූ රාජ්‍ය නාට්‍ය උලෙළ මෙවර පැවැත්වූයේ ඇතැම් නාට්‍යකරුවන්ගේ අසීමීත විරෝධතාවය මධ්‍යයේය. කළු පටි පැළඳ උත්සවයට සහභාගි වූ ඔවුහු සම්මානිත කලාකරුවන් වේදිකාවට යද්දී විරෝධතා වැකි සටහන් වූ පුවරු රැගෙන තවත් නාට්‍යකරුවකු වේදිකාවට නැංගේය. ඒ අතරින් ප්‍රවීණ රංගනවේදිනී දීපානි සිල්වා ද එක් අයෙකි. කරුණු කාරණා දීර්ඝව සාකච්ඡා කිරීමට සුදුසුම තැනැත්තිය වනුයේ දීපානිය.

* ඔබ දන්නා පරිදි රාජ්‍ය නාට්‍ය උලෙළ කල් ගියේ ඇයි?

ප්‍රධානම කාරණය මුදල් නොමැතිකම. ඔය උලෙළ සංවිධානය කරන කලා මණ්ඩලය අයිති වෙලා තිබුණේ සංස්කෘතික අමාත්‍යාංශයට. දැන් ඒක වෙනස් වෙලා කලා මණ්ඩලය දාලා අධ්‍යාපන අමාත්‍යාංශය යටතට. සංස්කෘතික අමාත්‍යාංශයට තමයි මුදල් වෙන් වෙන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා. මෙවරත් ඒක එහෙම වෙලා. නමුත් දැන් එතැන කලා මණ්ඩලය නැහැනෙ. අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් වෙන් වෙලා නැහැ රාජ්‍ය නාට්‍ය උලෙළක් සඳහා. ඒත් කලා මණ්ඩලය තියෙන්නේ ඒ අමාත්‍යාංශයේ. ඔය හුටපටය නිසා තමයි නාට්‍ය උලෙළ කල් ගියේ.

* කලාකරුවෝ එකමුතු වෙලා මේ තත්ත්වයට යම් විසඳුමක් යෝජනා කළේ නැද්ද?

මොකෝ නැත්තේ. තරුණ නාට්‍යකරුවන් නිතර කියා සිටියා නාට්‍ය උලෙළ පවත්වමු කියලා. එතකොට නොයෙක් ප්‍රකාශ ලැබුණා. ඒත් කලා මණ්ඩලයට කෝ සල්ලි නාට්‍ය උලෙළක් පවත්වන්න. සංස්කෘතික අමාත්‍යාංශය මඟින් වෙනමම උලෙළක් පවත්වනවා කියලත් කිව්වා. ඒත් හඬ විතරයි. වැඩ නැහැ.

* මෙවර නාට්‍ය උලෙළ පැවැත් වුණේ කිනම් අමාත්‍යාංශයක මුල්‍ය ශක්තියෙන්ද?

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි මං දන්න විදිහට. ඔවුන් සැලකිය යුතු මුදලක් වෙන් කළා.

* පස්සෙන් ගිහින් ඉල්ලීම් කර කර නාට්‍ය උලෙළ පවත්වන්න කියන්න තරම් නාට්‍යකරුවන් අවතක්සේරුවට ලක් කළේ කවුද?

අමාත්‍යාංශවල ඉන්න අය මිසක් වෙන කවුද. ඒ අයට ඕනෑ නාට්‍යකරුවන් වෙනුවෙන් වැඩ කරන්න නෙවෙයි. අමාත්‍යාංශවල අවශ්‍යතා පමණයි ඔවුන්ට ඉටු කරන්න ඕනෑ. අපේ තරුණ නාට්‍යකරුවන් වෙනුවෙන් පවත්වන එකම නාට්‍ය උලෙළ තමයි මේක. මෙය මඟින් සම්මානයට පාත්‍ර වන්නේ පොළවේ පය ගහලා ඉන්න පුංචි කලාකරුවෝ. ඔවුන්ගේ නාට්‍යයට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ඒක හරහා. ඔය නිලතල දරන කවුරුවත් දන්නේ නැහැ වේදිකා නාට්‍යයක් කරන්න කොච්චර අමාරු ද කියලා. රිහසල්ම විතරක් කොච්චර කරන්න ඕනෑද. රිහසල් කරන්න සාධාරණ මුදලට ගන්න පුළුවන් ශාලා කොහොද තියෙන්නේ. එහෙම තැන් අඩුයි. අන්තිමේ නාට්‍යකරුවාම තමයි තමන්ගේ අතේ ඇති මුදලට එවැනි තැනක් හොයගෙන නාට්‍ය පටන් ගන්නේ. ප්ලේන්ටි බිබී, එක බත්පත දෙතුන් දෙනකු අනුභව කරමින් ඉතාම වැර වෑයමෙන් මේ නාට්‍ය හදන්නේ. ඒ වියදම් සේරම දරාගෙන නාට්‍යකරුවා නාට්‍ය හදනවා. ඒක පෙන්වන්න විතරයි රාජ්‍ය නාට්‍ය උලෙළින් සිදුවිය යුත්තේ. ඒ පොඩි දේ කරන්නෙත් නැහැ. කලාව ගැන පොඩි හෝ දැනීමක් හරි සංවේදිතාවයක් හරි තියෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ.

* එදා නාට්‍ය උලෙළ දා කවුද විරෝධතාවයක් පවත්වමු කියලා යෝජනා කළේ?

නාට්‍යකරුවෝම තමයි. ඔවුන් මටත් කතා කළා එන්නයි කියලා. මම දෙවතාවක් හිතුවේ නැහැ. මම එතැන සිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. අපි එකමුතු වෙලා විරෝධතාවය දැක්වූවා.

* ඔබ එදා වේදිකාවට නැංගේ ආවේගශීලීව?

මම කතා කරන්නේ ඇත්ත. මං 76 ඉඳලා ක්ෂේත්‍රයේ ඉන්නවා. දේශපාලන මත කෙසේ වෙතත් අසාධාරණය වෙනුවෙන් මං පෙනී සිටියා. කාට වුණත් කියන්න ඕනෑ දේ කිව්වා. එදා වුණෙත් ඒක තමයි.

* නමුත් ඔබ මේ යහ පාලන ආණ්ඩුව පිහිටුවීමට ප්‍රබල ලෙස කටයුතු කළා?

වරදවා තේරුම් ගන්න එපා. මං මේ ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි කතා කළේ. පසුගිය ජනාධිපතිවරණයේදී තමයි මං මේ රට වෙනුවෙන් කලඑළි බැස්සේ. එවකට තිබුණු පාලනය වෙනස් විය යුතුයි කියන මතයේ මං හිටියා. ඒ හින්දා පොදු අපේක්ෂකයා වෙනුවෙන් හඬ අවදි කළා. ඒ කාලයේදීම කලාව වෙනුවෙන් යෝජනා මාලවක් අපි ලිඛිතව මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ලබා දුන්නා. ඔහු ජනපති වුණායින් පසුවත් නැවතත් හමුවෙලා ඒ ඉල්ලීම් මාලාව ඉදිරිපත් කළා. නමුත් මේ වෙනකම් ඒවා ඉටු වුණේ නැහැ.

* නාට්‍යකරුවන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යද?

නැත්නම්.

* මොන වගේ දේවල් ද නාට්‍යකරුවන්ට රාජ්‍ය මැදිහත්වීමකින් කළ යුත්තේ?

අපි ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. නාට්‍යකරුවන් වෙනුවෙන් යටිතල පහසුකම් දියුණු විය යුතුයි. ප්‍රාදේශීය මට්ටමින් නාට්‍ය පෙන්වන්න ශාලා නැහැ. අපේ නාට්‍යකරුවන් හරියට අසරණ වෙනවා ගම් මට්ටමෙන් නාට්‍ය පෙන්වන්න ගියාම. තියෙන ශාලාවලත් හරිහැටි යටිතල පහසුකම් නැහැ. මෙන්න මේ ගැන හොයලා බලන්න. ඒවාට විසඳුම් දෙන්න. අන්න ඒ ටික කෙරෙනවා නම් ඇති.

* ඔබට තිබුණනේ තනතුරක් අරගෙන මේ ටික කරන්න?

මං තනතුරු බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මට ඒවා ඕනෙත් නැහැ. ජනාධිපතිවරණයේදී කතා කළේ පුරවැසි බලය හරහා. ඒ වගේම මං ජනතාවාදී කලාකරුවෙක්. එහෙම ඉන්න ගමන් මං අවශ්‍ය තැන්වලදී කතා කරනවා. රට පාලනය කරන්න අය ඉන්නවනේ. අපි කලාකරුවෝ කලාව වෙනුවෙන් තමයි අපගේ සටන.

* බලාගෙන ගියාම දැන් නාට්‍යකරුවෝ කබලෙන් ලිපට වැටුණු ගාණයි?

ඔව්. නාට්‍යකරුවෝ කබලෙන් ලිපට වැටිලා තමයි ඉන්නේ. කලාව නැති සමාජයක් අයාලේ යනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. කලාව කොතරම් වටිනවද කියලා බහුතරයකට දැනෙන්නේ නැහැ. ඒක මේ සමාජ ක්‍රමයේ වැරැද්දක්. අපේ ආකල්ප පළමුව වෙනස් කරගන්න ඕනෑ. වෙනත් රටවල මං සංචාරය කරද්දී දැකපු දෙයක් තමයි නාට්‍යකරුවන්ට කොතරම් ලොකු පිළිගැනීමක් තියෙනවද කියන එක. ඔවුන් හරිම ආදරෙයි නාට්‍ය කලාවට. නමුත් අපිට එහෙම නැහැ. වේදිකා නාට්‍යයක සමරු කලාපයකට දැන්වීමක් ගන්න කම්පැනියකින් කොතරම් අමාරුද? ඒ අයම තමයි හවසට ටී. වී. එක ළඟට ගිහින් හරි සතුටින් ටෙලි නාට්‍ය බලන්නේ. ඇඩ් එකක් ඉල්ල ගන්න ගියාම ගණන් ගන්නේ නැහැ.

* ප්‍රධාන රංග ශාලා කිහිපයක්ම කාලාන්තරයක් තිස්සේ අලුත්වැඩියා කරනවා. එයින් පහර වදින්නෙත් නාට්‍යකරුවන්ට නේද?

නාට්‍යකරුවන්ට ඉතාම පහසු මුදලකට ගන්න තිබ්බේ ජෝන් ද සිල්වා රඟහල පමණයි. ඒකත් හදනවා. ලුම්බිණි, එල්ෆින්ස්ටන් ශාලාත් එහෙමයි. කවදා අලුත්වැඩියාව නිම වේවිද දන්නේ නැහැ. මං යළි යළිත් ඉල්ලන්නේ මීට වඩා රාජ්‍ය මැදිහත්වීමක් ඕනෑ කියලා.

* රාජ්‍ය නාට්‍ය උලෙළ ලබන වසරේ පැවත්වේවිද?

සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මං හිතන්නේ හැමොම එහෙමයි.