වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 25 වැනිදා අඟහරුවාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 1

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 1

ආලයෙන් වෙලී සෑදි මේ ලතා
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

ලෝමහංස

සමකාලීන සිංහල නාට්‍ය කලාව ආරම්භ වන්නේ විශ්ව විද්‍යාලයෙනි. විශේෂයෙන් එහි 'සිංහල සමිතියේ' නිෂ්පාදනවලිනි. විශ්ව විද්‍යාල නාට්‍යවලට පූර්වයෙන් පැවැතියේ නූර්තියේ විකෘතියක් වූ 'ටීටර්' නාට්‍යයන්ය. සිංහල සිනමාව විසින් ටීටර් නාට්‍ය ගිලගන්නා ලදී.

මහාචර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය රචනයට හා නිෂ්පාදනයට ප්‍රවිෂ්ට වන්නේ විශ්ව විද්‍යාලයේදීය. 'මුදලාලිගේ පෙරළිය' (1943) ඔහුගේ ප්‍රථම නාට්‍ය අනුවර්තනයයි. මෙය ප්‍රංශ නාට්‍යකරු මොලියෙර්ගේ 'ලා බුර්ෂ්වා ජෙන්ටිල් ඕම්' නැමති නාට්‍යයේ සිංහල අනුවර්තනයකි. (ඩබ්ලිව්. ඒ. සිල්වාගේ 'රදල පිළිරුව' නවකතාවට පාදක වූයේ ද මෙකී නාට්‍යමය.

'සිංහල සමිතිය වෙනුවෙන් ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් ලෙසින් 'මුදලාලිගේ පෙරළිය' රංගගත කෙරිණි.

'නාට්‍ය' යන වචනයෙන් අදහස් වන්නේ කුමක්දැයි යන්න ප්‍රථම වරට සිංහලයන් ඉදිරියේ තැබීමට සමත් වූ නාට්‍යකරුවා මහාචාර්ය සරච්චන්ද්‍ර බව ගුණදාස අමරසේකර කියයි.

මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික් නිෂ්පාදනය කළ එකම සිංහල නාට්‍යය 'කපුවා කපෝති'ය (1945). මහාචාර්ය සරච්චන්ද්‍ර ඊට දායක වූයේ අනුවර්තකයකු ලෙසිනි. එකල නාට්‍ය කලාව අරභයා මහාචාර්ය සරච්චන්ද්‍ර දැරූ මතවාදය වූයේ නාට්‍ය කලාව දියුණු කිරීමට නම් ශ්‍රේෂ්ඨ බටහිර නාට්‍යයන්ගේ සිංහල රංගානුවාද සකස් කර ප්‍රේක්ෂකයන් ඉදිරියේ තබා ඔවුන්ගේ රුචිකත්වය දියුණු කර ඒ ඇසුරෙන් රංගෝචිත ගද්‍ය බසක් ද බිහි කළ යුතු බවය. 'කපුවා කපෝති' නිකොලොයි ගොගොල්ගේ 'ද මැරේජ්' නම් වූ නාට්‍යයේ සිංහල අනුවර්තනයකි.

'හැංගි හොරා' (1949) වැදගත් වන්නේ මහාචර්ය සරච්චන්ද්‍රගේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය ලෙසිනි. එය ඔස්කා වයිල්ඩ්ගේ 'ද ඉම්පෝටන්ස් ඔෆ් බීන් අර්නස්ට්' නම් වූ නාට්‍යයේ සිංහල පරිවර්තනයකි.

යූ. ඇලෙක්ස් ගුණසේකර විසින් අනුවර්තික ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටි ඒකාංගික නාට්‍ය තුනක් මහාචාර්ය සරච්චන්ද්‍ර නිෂ්පාදනය කළේය. ඒ 'මඟුල් ප්‍රස්තාව', 'වලහා' සහ 'මැනේජර්'ය.

සිංහබාහු

'බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්' (1951) මහාචාර්ය සරච්චන්ද්‍රගේ ප්‍රථම ස්වතන්ත්‍ර නාට්‍ය රචනයයි. 'දේශීය නාට්‍ය කලාව දියුණු කිරීම සඳහා නිතරම විදේශීය කෘති සේවනය කිරිම නොසෑහේ යැයි හැඟුනු තමාට අවට පරිසරයෙන් ගත් චරිත හා අවස්ථාවන් ඇසුරු කොට නාට්‍යයක් ලිවීමට තැත් කළ යුතු යැයි සිතුනු බව මහාචාර්ය සරච්චන්ද්‍ර කියා ඇත.

'පබාවතී' (1952) සරච්චන්ද්‍ර නාට්‍යාවලියේ ඉතා වැදගත් නාට්‍යයකි. ජාතක කතාවක් ඇසුරු කර ගැනීම, පැරණි නාඩගම් ඇදුරකු වූ අම්පේ චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ දායක කර ගැනීම, නාඩගම් ගී තනුවක් යොදා ගැනීම 'පබාවතී' ඔස්සේ සිදුවිණි. මහචාර්ය සරච්චන්ද්‍ර දේශීය නාට්‍ය කලාවට යොමුවීමේ පළමු පියවර වන්නේ 'පබාවතීය. ස්වභාවික සංවාද නාට්‍ය රීතියෙන් ශෛලිගත නාට්‍ය රීතියට ඔහු සංක්‍රමණය වන්නේ මෙයින්ය.

'වෙද හටන' නාට්‍යයට මහාචාර්ය සරච්චන්ද්‍ර සම්බන්ධ වන්නේ පරිවර්තකයකු ලෙසිනි. මෙරටට පැමිණි ඔස්ති‍්‍රයානු ජාතික නිවුමන් ජුබාල් මෙම නාට්‍යය නිෂ්පාදනය කළේය. 'වෙද හටන' වැදගත් පාඩමක් ඉගැන් වූ බව මහාචාර්ය සරච්චන්ද්‍ර සඳහන් කර ඇත. එනම්, දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟීමට අප බටහිරින් ආභාසය නොලැබිය යුතුය යන්න නොවේ. අප බටහිරින් ආභාසය ලබන්ට තැත් කරන හැම විටම හැකි පමණ දේශීය ලක්ෂණ අප විසින් උගත යුතුය. ඉන් ලද හැකි වැදගත්ම පාඩම දේශීය ලක්ෂණවලින් තොර බටහිර නාට්‍ය කොතරම් රඟදැක්වුව ද සිංහල නාට්‍ය සම්ප්‍රදායක් ගොඩ නැඟිය නොහැකි බවය.

'රත්තරන්' මහාචාර්ය සරච්චන්ද්‍ර මුලින්ම ලීවේ ගුවන් විදුලිය සඳහාය. පසුව එය වේදිකාවට ද නැංවිණි. පදමානවක ජාතකයට සමීපස්ථ ගම කතාවක් මෙයට වස්තු වූයේය. 'රත්තරන්' කෝලම් නාට්‍ය සම්ප්‍රදාය ආශ්‍රය කර ගත් නාට්‍යයක් වීම විශේෂත්වයකි.

'ඒකට මට හිනා හිනා' (1961) මහාචාර්ය සරච්චන්ද්‍රගේ කෙටි නාට්‍යයකි. උම්මග්ග ජාතකයේ එන කාලගෝල කතා වස්තුවෙන් මෙම නාට්‍යය රචනා වී අත.

'වඳින්න ගිය දේවාලේ' (1965) පාසලක් මුල් කරගෙන ලියැවුණු නාට්‍යයකි. මෙමඟින් යම් යම් චරිතවල හැසිරීම් රටා උපහාසයටත් විවේචනයටත් ලක් කෙරේ.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය තුනෙන් එකක් වන 'මනමේ බිහි වන්නේ 1956 දීය. (අනෙක් නාට්‍ය දෙක වන්නේ 'සිංහබාහු' හා 'පේමතෝ ජායතී සෝකෝ' නාට්‍යයයි) 'මුදලාලිගේ පෙරළිය' සිට 'මනමෙ' දක්වා මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා නිෂ්පාදනය කළ නාට්‍ය සියල්ලම කිසියම් ආකාරයක අත්හදාබැලීම් ලෙස ගත හැකිය. ඒ අත්හදා බැලීම්වල සාරඵලය 'මනමෙ'ය. දේශීය නාට්‍ය කලාවක් සොයා පාදා ගැනීම සඳහා මහාචාර්ය සරච්චන්ද්‍ර කළ දීර්ඝකාලීන වූ පර්යේෂණයේ අග්‍ර ඵලය ද 'මනමෙ'ය.

'මනමෙ' නාඩගම රංග ආකෘතිය අනුව නිෂ්පාදනය වූ නාට්‍යයකි. 'කපුවා කපෝති' නිපදවුණු යුගයේදී නාඩගම් පිළිබඳ මහාචාර්ය සරච්චන්ද්‍ර තුළ පැවතුණේ එය වර්තමාන අදහස් අනුව නාට්‍ය සංඛ්‍යාවෙහිලා ගිණිය හැකි නොවන බවට අදහසකි. එහෙත් ජන නාට්‍ය අලළා කරන්ට යෙදුණ පර්යේෂණයේදී මහාචාර්ය සරච්චන්ද්‍රට ප්‍රත්‍යක්ෂ වූයේ එම නිගමනය තවදුරටත් වලංගු නොවන බවකි. 'දේශීය නාට්‍ය කලාව' යන මැයෙන් 'මනමෙ' නාට්‍ය පෙළ මුද්‍රිත ග්‍රන්ථයට පෙරවදනක් ලියන මහාචාර්ය සරච්චන්ද්‍ර මෙසේ කියයි.

'ගම්බද නාට්‍ය වර්ග අතර අංග සම්පූර්ණ වූ රංග ශෛලියක් ඇත්තේ නාඩගම්වල පමණක් යැයි හඟිමි'.'

'මනමෙ'න් පසුවත් මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය පර්යේෂණ කාර්යය නිම කළේ නැත. ඔහු තොවිල් පවිල්වල දක්නා ලැබෙන රංග ශෛලියකින් 'කඳා වළලු' (1958) නිෂ්පාදනය කළේය. කබුකි නාට්‍යවල එන ආකාරයේ හනමිචියක් ද මෙහි වේදිකාව සඳහා යොදා ගෙන තිිබීම විශේෂත්වයක් විය.

'හස්තිකාන්ත මන්තරේ' (1959) සංස්කෘත රංග සම්ප්‍රදාය පාදක කරගෙන නිපදවුණු නාට්‍යයකි. මෙම නාට්‍යයට ඇසුරු කර ගන්නා ලද කතා ප්‍රවෘත්තිය මෙරට ප්‍රචිලිත වූයේ පාලි ධම්මපදට්ඨ කතාව හා ඒ ආශ්‍රයෙන් රචිත සිංහල සද්ධර්මරත්නාවලිය මඟිනි. මේ පොත් දෙකෙහි වත්ස දේශයේ කෝසම්බි නගරයේ වාසය කළ උදයන රජුගේ උප්පත්තිය හා වැඩීම පිළිබඳව ද ඔහු සාමාවති, මගන්දිය, වාසුලදත්තා යන බිිසවුන් තිදෙනා පාවා ගත් හැටි ද විස්තර වන්නේය. මෙම නාට්‍යය සඳහා උපුටා ගන්නා ලද්දේ උදේනි රජුගේ අවන්ති දේශයේ උජ්ජේනි නගරයේ රාජ්‍ය කළ චණ්ඩප්පජ්ජෝත රජුගේ දියණිය සමඟ පලා යෑමෙන් අවසන් වූ සිදුවීම් පන්තියයි.

'එලොව ගිහින් මෙලොව ආවා' (1959) ඉතාම සරල නාට්‍යයකි. ගැමි ජනකතාවක් ඊට පාදක විය. දෙබස් රචනයේදී සැහැලි, විරිත් හා එළු සිලෝ විරිත් යොදාගෙන ඇත.

'වෙල්ල වැහුම්' සොකරි' සම්ප්‍රදායට අනුගතව කෙරුණු නිෂ්පාදනයකි. ඒ සම්ප්‍රදායට අනුව යමින් කාන්තා චරිත රඟපාන ලද්දේ ද නළුවන් විසිනි. ගීත උදෙසා සොකරි හා තොවිල් ගායන ශෛලිය යොදා ගෙන ඇත.

සිංහබාහු (1961) යනු 'මනමෙ' නාටකය ද අතික්‍රමණය කිරීමකි. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායෙන් ගැඹුරු අත්දැකීමක් නිරූපණය කළ හැකි ද යන්න එකල විචාරකයන් මතු කළ ප්‍රශ්නයක් වූයේය. 'සිංහබාහු' ඊට දුන් පිළිතුරක් වැන්න. පුරාවෘත්තයක් පසුබිම් කර ගැනුණ ද මෙම නාට්‍යයේ කතා පුවත සමකාලීන සමාජයට ද අනුකූලය.

මනමේ

'මහසාර' (1968) උපහාසාත්මක කතාවකි. තම වරද වෙනකකු පිට පවරා ඇඟ බේරා ගැනීමේ වංචනිකත්වය දෙස උපහාසාත්මකව බැලීම මෙම නාට්‍යයේ අරමුණ වූ බව සරච්චන්ද්‍රයන් කියා ඇත.

පේමතෝ ජායතී සෝකො' (1969) මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ හොඳම නාට්‍ය තුනෙන් එකකි. 'පේමතෝ'ට වස්තු වූයේ ජාතක කතා සංග්‍රහයේ එන උද්දාල ජාතකයත් පාලි රසවාහිනි හා එහි සිංහල පරිවර්තනයක් වන සද්ධර්මාලංකාරය වැනි කෘතිවල එන ස්වර්ණතිලකා කතා වස්තුවයයි.

'පේමතෝ' ඔපෙරා ශෛලියෙන් නිපද වූ නාට්‍යයකි. එහෙත් මෙහිදී ආභාස ලබා ඇත්තේ යුරෝපීය ඔපෙරාවෙන් නොව පෙරදිග ඔපෙරාවෙනි. යුරෝපීය ඔපෙරාව සංගීතය වැදගත් කොට සලකයි. එහෙත් පෙරදිග ඔපෙරාව වෙනත් නාට්‍යමය අංශවලටත් කිසියම් තැනක් දෙයි.

ඒකාංගික ප්‍රහසනයක් වන 'වටපුලුවෙ ගෙවල් බිඳලා' (1972) නිවාස සංකීර්ණයක සිදුවන ගෙවල් බිඳුමක් ගැන කියයි. ගෙවල් බිඳින තරුණයා ජ්‍යෙෂ්ඨය සමත් වුවත් ඔහුට ජීවනෝපාය සඳහා රැකියාවක් නැත. ඔහු ගෙවල් බිඳින්නේ එහෙයිනි. මෙයින් උගත් තරුණයන්ගේ විරක්ෂාභාවය පිළිබඳ ප්‍රශ්නය ද මතු කරනු පෙනේ. මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ මෙම නාට්‍යය රංගගත වූයේ 71 කැරැල්ල සිදු වී අවුරුද්දකට පමණ පසුව වීමයි.

ඉන් පසු මහාචාර්ය සරච්චන්ද්‍ර වසර 8 ක පමණ කාලයක් නාට්‍යකරණයේ යෙදුණේ නැත. ඊට හේතු වූයේ ඔහු ඒ කාලයෙන් වැඩි කොටසක් විදේශ තානාපති සේවයේ යෙදී සිටි බැවිනි.

'වෙස්සන්තර' (1980) මහාචාර්ය සරච්චන්ද්‍ර ලංකාවට පැමිණීමෙන් පසු කළ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනයයි. මෙය හැඳින් වෙන්නේ 'ගීතාංග නාටකයක්' ලෙසිනි. එහි අරුත ගීතය, භාව සුචනයෙහිලා අංගයක් පමණක් ලෙස ගෙන භාවිත කරන නාට්‍යයක් යන්නයි. පරිභෝජනවාදී සමාජයක වෙස්සන්තර සංකල්පය කොතෙක් දුරට යථාර්ථයක් බවට පත් වේද යන කරුණ මෙම නාට්‍යයෙන් විමසා බලන්ට තැත් කරයි.

'කිරි මුට්ටිය ගඟේ ගියා' (1985) මහාචාර්ය සරච්චන්ද්‍ර කලකට පසු ස්වභාවික සංවාද ශෛලියෙන් ලියා රඟදක්වන ලද නාට්‍යයකි. මැද පෙරදිග රැකියා ප්‍රශ්නය මෙයට වස්තු වූයේය.

'ලෝමහංස' (1985) මහාචාර්ය සරච්චන්ද්‍ර නාඩගම් රංග රීතිය උපයුක්ත කරගන ලියූ තුන්වැනි නාට්‍යයයි. එතුමාගේ බොහෝ නාටකවලට මෙන්ම මෙයට ජාතක කතාවක් පාදක වෙයි. මෙයට වස්තු වූයේ මහපදුම ජාතකයයි. නාඩගම් රංග රීතිය යොදා ගත්තත් මෙහි ගී තනු පාරම්පරික නාඩගම් ගී තනු නොවේ. අමරදේවයන් විසින් අලුතින් නිර්මාණය කරන ලද තනුය.

'බව කඩතුරාව' (1988) මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අවසාන නාට්‍ය නිර්මාණයයි. මෙයට ද ජාතක කතාවක් පාදක වූයේය. ඒ 'ස්වර්ණ හංස' ජාතකයයි.

මේ හැරුණු කොට මහාචාර්ය සර්ච්චන්ද්‍ර ගුවන් විදුලි නාට්‍ය ගණනාවක්ම ලියා ඇත. එසේම 'ගොම්මන් කෙකණිය', 'යෙර්මා' (මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ) යන නාට්‍ය දෙක පරිවර්තනය කළ ද ඒවා වේදිකාවට නැංවී නැත.

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාවක්

ලබන සතියේ
සුගතපාල ද සිල්වා