වර්ෂ 2017 ක්වූ මාර්තු 26 වැනිදා ඉරිදා




වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
කැරකෙන කෙලිය වේදිකාවට

කැරකෙන කෙලිය වේදිකාවට

මයින්ඩ් ඇඩ්වෙන්චර්ස් නාට්‍ය සමාගම හා ඒකාබද්ධ වෙමින් නිෂ්පාදනය කරන ලද නව නාට්‍යයක් මෙම මැයි මස 31 වැනි දින රංගගත කිරිමට ජනකරළිය සංස්කෘතික පදනම සූදානම් වෙයි. 'කැරකෙන කෙළිය' නමින් හඳුන්වන මෙම නව නාට්‍යය මයික් මෙසිලමනිගේ 'ද බෝයි හූ ස්පීක්ස් ඉන් නම්බර්ස්' නමින් පල කරන ලද කෙටිකතා පොතේ තිබෙන 'ද ට්‍රැවලිං සර්කස්' නමැති කෙටි කතාව ඇසුරෙන් ට්‍රේසි හෝල්සංගර් විසින් රචනා කරන ලද්දකි.

මෙම නාට්‍යයේ ඉංග්‍රීසි භාෂා නිෂ්පාදනය යුද්ධය අවසන් වූ 2009 වසරේදී රංගගත කරන ලද අතර එය නිර්මාණශීලී නිෂ්පාදනයක් ලෙස සමහර විචාරකයින්ගේ පැසසුමට ලක් විය. එය ඉංග්‍රීසි ජනමාධය තුළ විවාදාත්මක විය. ජනකරළිය සංස්කෘතික පදනම විසින් එම නාට්‍යයේ සිංහල සහ දමිළ නිිර්මාණ දෙකක් නිෂ්පාදනය කරනු ලබන අතර එම නිෂ්පාදන දෙකම අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ට්‍රේසි හෝල්සිංගර් විසිනි. සුමුදු මල්ලවාරච්චි, රාසයියා ලෝගානන්දන්, රොනිකා චාමලී, සෙල්වරාජ් ලීලාවතී, නිශාන්ත කුලරත්න, ත්‍යාගරාජා ශිවනේෂන්, අජන්තන් ශාන්තකුමාර්, දෙව්රාන් ශ්‍රී ලිවේරා, අරෝෂා තරංගනී සහ ඉනෝකා ලංකාපුර 'කැරකෙන කෙළිය' නාට්‍යයේ චරිත නිරූපණයේ යෙදෙති. ජනකරළිය නාට්‍ය ශිල්පීන්ගේ සහාය ඇතිව රයන් හෝල්සිංගර් විසින් මෙම නාට්‍යය සිංහලට පරිවර්තනය කළ අතර එය දමිළ භාෂාවට පරිවර්තනය කරන ලද්දේ රසයියා ලෝගානන්දන් විසිනි. චාමර රාජපක්ෂ විසින් මෙම නාට්‍යයේ වෙස්මුහුණු නිර්මාණය කරන ලදී.

මෙහි සිංහල නිෂ්පාදනය මෙම මැයි මස 31 වැනි දින සවස 6.30 ට, කොළඹ 7, ආචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කුඩා රඟහලේ රංග පීඨයේදී රංගගත වනු ඇත. එහි දමිළ නිෂ්පාදනය මෙම වසරේ සැප්තැම්බර් මස යාපනයේ ස්ථාපනය කරනු ලබන ජනකරළිය ජංගම රඟහලේදී රංගගත වනු ඇත. ජනකරළිය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල විසිනි.


දෙයියොත් දන්නෙ නෑ 200 දැක්ම 29 වැනිදා

සරත් කුලාංගගේ දෙයියොත් දන්නෙ නෑ වේදිකා නාට්‍යහි 200 වැනි දැක්ම මැයි 29 ඉරිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හි පැවැත්වේ. විජය නන්දසිරි. කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, තුෂාරි ගුණරත්න, තාරක උපේන්ද්‍ර මෙහි රගනයේ යෙදෙයි.