වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති

බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති

‘මාර හොරු’ නිෂ්පාදක සුරේෂ් අබේසේකර

මාර හොරු නම් වූ වේදිකා නාට්‍යයක මංගල දර්ශනය මෙම මස 27 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එය අනුර විතානාච්චිගේ අධ්‍යක්ෂණයකි. මාර හොරු ඉතාලි ජාතික සම්මානනීය නාට්‍යකරු දාරියෝ ෆෝගේ කෘතියක් ඇසුරෙන් පරිවර්තනය වූ නාට්‍යයක් වේ. සාරංග දිසාසේකර, නයනා කුමාරි, හෂිනිකා කරලියැද්ද, උදේනි අල්විස්, ගයා ක්‍රිෂානි, කසුන් ලියනගේ සමඟ අනුර විතානාච්චි මෙහි චරිත මවති. මාර හොරු නාට්‍යයේ නිෂ්පාදකවරයා වන්නේ ටෙලිනිස හිටපු සභාපති (වත්මන් එහි ලේකම්) සුරේෂ් අබේසේකරයි. එහෙයින් එම නාට්‍යය පිළිබඳ කතිකාවතක් සඳහා ඔහු වඩාත් සුදුසු බව අපේ අදහස විය.

මාර හොරු සඳහා අඩිතාලම වැටුණේ කෙසේද?

මෙහි අධ්‍යක්ෂවරයා මගේ හිතවතෙක්. ඔහු සහ මම ඩග්ලස් සිරිවර්ධනයන්ගේ ගෝලයෝ. එතැනදි හමු වුණ අනුරව මට වඩාත් සමීප වන්නේ අදින් වසර අටකට පමණ පෙර නිර්මාණය වූ අසූවෙ අපි කණ්ඩායම නිසයි. අපි ඩග්ලස් මහත්මයා යටතේ ඉගෙන ගත්තේ අසූව දශකයෙ මුල් යුගයේ විතර. කොහොම හරි අපි මුණ ගැසුණු වෙලාවක ඔහු මේ නාට්‍ය පිටපත ගැන මට කියලා නිෂ්පාදකවරයකු හොයලා දෙන්න කිව්වා. මමත් කිහිප දෙනෙකුට කතා කළා, නමුත් හරි ගියේ නැහැ. අවසානයේ මං තීරණය කළා මෙය නිෂ්පාදනය කරන්න.

එයට හේතු සාධක වුණු කරුණක් තියෙනවාද?

විශේෂ දෙයක් නැහැ. හැබැයි වර්තමානයේදී වේදිකා නාට්‍ය නැරැඹීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙන වග පේනවා. ඒ උද්යෝගය මත මේ නිර්මාණයට අත ගැහැව්වා කියලා කියන්න කැමැතියි.

ඔබ මුල් යුගයේ වේදිකාවට සම්බන්ධ වන්නේ නළුවකු හැටියට. නමුත් මාර හොරු වේදිකා නාට්‍යයේ ඔබ රඟපාන්නේ නැහැ?

ජුලියස් සීසර්, ඔතලෝ, නැට්ටුක්කාරයෝ ආදි නාට්‍ය ගණනාවක මං රඟපෑවා. ඉන් ලද අත්දැකිම බොහොමයි. නමුත් අනූව දශකයේ සිට වේදිකාවට සම්බන්ධ වුණේම නැති තරම්. ඉතින් මං යළිත් වේදිකා නිර්මාණයකට අත ගැසුවේ නිෂ්පාදකවරයකු හැටියට. මට එතැන හොඳයි.

මාර හොරු හි අන්තර්ගතය ගැන කතා කළොත්?

මෙහි කතාව යන්නේ නගරාධිපතිවරයෙක්, හොරෙක් ඇතුළු චරිත කිහිපයක් වටා. මෙහිදී මේ හොරා වෘත්තීමය හොරෙක්. නමුත් ඔහු හොරකමේදී වුණත් අවංකයි. අනෙක් චරිත ලෝකට පෙනෙන සුදු චරිත වගේ ඉන්නවා. හිත යට කළුයි. උඩින් සිල් අරගෙන යටින් ගේම ගහනවා. හොරා එහෙම නැහැ. මතු පිටින් ඔහු හොරා. හිත යටින් අවංක මිනිහා. අන්න ඒ ඔස්සේ ගලා යන කතා පුවතක් තමයි මාර හොරු කියන්නේ.

නාට්‍යය ඇතළේ දේශපාලනය තියෙනවාද?

ඔව්. ගොඩක් දේශපාලනය තියෙනවා. ඒ වුණාට වර්තමානයේ දේශපාලනය තුළ තියෙන සිද්ධීන් සහ කතා නැහැ.

බටහිර රටක කෘතියක් මෙරටට ගළපා ගත්තේ කොහාමද? ඔබට ස්ව නිර්මාණයක් කරන්න තිබුණා නොවෙද?

පරිවර්තනයේ පටන්ම අපේ රටට ගැලපෙන අන්දමටයි තිබුණේ. මං හිතනවා මෙමඟින් සමාජයේ පැතිකඩක් විවරණය කරනවා.

ඒ කියන්නේ පාඩමක් දෙන නිර්මාණයක්. බටහිර රටකින් ආභාසය ගෙන අපේ රටේ අයට පාඩම් කියා දෙන්නේ කෙලෙසද?

නැහැ. නැහැ. මෙමඟින් පාඩමක් කියා දෙනවා කියන කාරණය නෙවෙයි මං කිව්වේ. මේක හොඳ කෘතියක්. ඒ වගේම ප්‍රහසනයක්. මෙය නරඹන ප්‍රේක්ෂකයන් එක එක විදිහට ග්‍රහණය කර ගනීවි. ඉන් පසුව ඔවුන් විසින්ම මේ කෘතියේ යම් යම් තැන් තමන්ගේ ජීවිතයට ගලප ගනීවි.

මාර හොරු නාට්‍යයෙන්...

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවකු වන සාරංග මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ ඇයි?

මම මේ වැඩේට එකතු වෙද්දී මෙහි හිටියේ වෙනමම නළු නිළි කණ්ඩායමක්.

ඔබ ඔවුන්ව ඉවත් කළාද?

නැහැ, නැහැ. අපි සාකච්ඡා කළා තවදුරටත් මේ නාට්‍යය වාණිජ පරමාර්ථ ඇසුරින් ඉදිරියට ගෙනි යන්නේ කොහොමද කියලා. මොකද මෙය මංගල දර්ශනය පමණක් තියලා නවත්තන්න මට ඕනෑ වුණේ නැහැ. ඒ වගේම සම්මාන උලෙළයන් ඉලක්ක කිරිමට ද මට අවශ්‍ය වුණේ නැහැ.

ඔබ නොකියා කිව්වේ සාරංගව ගත්තේ වාණිජමය පැත්ත සාර්ථක කර ගන්න කියලද?

මෙහෙමයි. මට එයට නැහැ කියන පිළිතුර තමයි දෙන්න තියෙන්නේ. අපිට ඕනෑ ශක්තිමත් නළු නිළියන් එකතු කොට මේ නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට ගේන්න. අවසානයේ තමයි ඔය චරිතයට සාරංග යෝජනා වුණේ. මට පොඩි සැකයක් අවා සාරංගට රිහසල් එන්න පුළුවන් වේවිද කියලා ඔහුට තියෙන වැඩත් එක්ක. නමුත් වැඩේ සාර්ථකයි.

ඔබ ටෙලිනිස සභාපති ධුරයෙන් ඉවත් වන තෙක්ම වේදිකාව දිහා හැරිලාවත් බැලුවෙ නැහැ. නමුත් අද වේදිකා නාට්‍යය නිෂ්පාදකවරයෙක්?

මං කවදාවත්ම හිතුවේ නැහැ වේදික නාට්‍යයක් නිෂ්පාදනය කරන්න. මේක මං නොසිතු දෙයක්. හදිසියේම තමයි මට වේදික නාට්‍ය නිෂ්පාදනයට එන්න හිතුණේ. මට මේක විශාල අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.

ටෙලිනිස සභාපති වෙලා ඉන්න කොට ඔබට ටෙලි නාට්‍යයක්වත් නිෂ්පාදනය කළේ නැත්තේ ඇයි?

ටෙලි නාට්‍යයක් තියා වාර්තා චිත්‍රපටයක්වත් හදන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. ඒ අවුරුදු තුන මං ගත කළේ තනිකරම ටෙලිනිසේ වැඩ කටයුතු වෙනුවෙන්ම පමණයි.

නැතිනම් ඔබට බය හිතුණද වර්තමානයේ තිබෙන ටෙලි අර්බුදය හේතුවෙන් ටෙලිනිස සභාපතිවරයාගේ ටෙලි නාට්‍යක්වත් විකාශය කරගන්න බැරිවේවි කියලා?

නැහැ. මට ඔය කාලේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට වගේම අධ්‍යක්ෂණයටත් ආරාධනා ලැබුණා. මගේ හිත මිත්‍රයෝ තමයි ඔය ඔක්කොම චැනල්වල ඉන්නෙත්. මගේ නිර්මාණයක් නෑ බෑ කියන්නෙ නැතුව විකාශය කරන්නත් අය ඕනෑ තරම් හිටියා. නමුත් මම එහෙම කළා නම් මම කරන්නෙත් නීතියට පටහැනි දෙයක්. ටෙලිනිස සභාපති හැටියට මං අනුන්ට නීති සම්පාදනය කරලා මමම ඒ නීතිය කඩනවා නම් එතන මොකක්ද තියෙන සදාචාරය. කෙසේ වෙතත් තියෙන කාර්ය බහුලකම හින්දම මට නිර්මාණයක් කරන්න බැරි වුණා. ඒකයි ඇත්ත.