වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්

‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්

වේදිකාවේ පෙරළි කරන තාරුණ්‍යය රුවන් හෙට්ටිආරච්චි

මට මුලින්ම අවශ්‍ය වුණේ නූතන වේදිකාවට අලුත් පරම්පරාව ඔස්සේ හොඳ සුරංගනා කතාවක් ගෙන ඒමටයි. එය ඉතා ප්‍රබල ලෙස ගෙන එන්නේ කොහොමද කියා මම අධ්‍යයනය කළා.

රුවන් හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරන 'ඊගෝ නගරය' වේදිකා නාට්‍යය මේ මස 06 වැනිදා රාත්‍රී 7.00 ට බොරැල්ල නමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත වේ. යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී හොඳම නාට්‍ය දෙවන ස්ථානය ලෙසත් තවත් සම්මාන රැසකිනුත් පිදුම් ලැබීමට මේ නාට්‍යය සමත් විය. මේ ඒ පිළිබඳ එහි අධ්‍යක්ෂක රුවන් හෙට්ටිආරච්චි සමඟ කළ කතාබහකි.

මොකක්ද මේ ' ඊගෝ නගරය'?

'ඊගෝ නගරය' කියන්නේ කෙටියෙන්ම කිව්වොත් වේදිකා නාට්‍යයක්. දේශපාලන බලය මුඛ්‍ය තේමාව ලෙස යොදා ගනිමින් 'මකරා' නමැති මනඞකල්පිත සත්ත්වයා ඒ දේශපාලන ආධිපත්‍යයේ සංකේතයක් ලෙස භාවිත කරමින් මේ නාට්‍යය ගොඩනැඟෙනවා. ඒ වටා ගෙතෙන කතාව තමයි 'ඊගෝ නගරය'.

මේ නාට්‍යයට සම්මාන රැසක්ම හිමි වුණා නේද?

මෙය මගේ ප්‍රථම දිගු නාට්‍යය. පළමුවරට 'ඊගෝ නගරය' වේදිකා ගත කළේ 2015 යෞවන සම්මාන උළෙලට. හොඳම රචනය දෙවන ස්ථානය, හොඳම නාට්‍ය දෙවන ස්ථානය, හොඳම පසුතල නිර්මාණය, රංග වස්ත්‍ර නිර්මාණය, වේදිකා පරිපාලනය, අංග රචනය හා රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන මේ නාට්‍යයට ලැබුණා.

මේ නාට්‍යය ඔබේ අත්දැකීමක් වෙන්න ඇති?

මෙහෙමයි. මට මුලින්ම අවශ්‍ය වුණේ නූතන වේදිකාවට අලුත් පරම්පරාව ඔස්සේ හොඳ සුරංගනා කතාවක් ගෙන ඒමටයි. එය ඉතා ප්‍රබල ලෙස ගෙන එන්නේ කොහොමද කියා මම අධ්‍යයනය කළා. ඒ කැමැත්ත උඩ දේශපාලනමය ආධිපත්‍යය මත කෙරෙන කතාවක් මට හැඟෙන පරිදි මම රචනා කළා. තිර පිටපත රචනා කරමින් එය දිගු වේදිකා නාට්‍යයකට සුදුසුයි කියා මට සිතුණා. ඒ අනුව තමයි මම මෙය නිර්මාණය කරන්නේ.

මේ නාට්‍යයේ කතා තේමාව අද සමාජයට උචිත යැයි ඔබ සිතනවාද?

මෙහෙමයි, මේ ලෝකේ කොයිම රටක ගත්තත් අතීතයේ සිට වර්තමානය දක්වා ගත්තත් පාලකයා හැමවිටම සිදු කරන්නේ තමාගේ බලය රටේ වර්ධනය කරගන්න කටයුතු කරන එකයි. ඒ වෙනුවෙන් පාලක පන්තිය උපරිම උත්සාහයක නිරත වෙනවා. බලය ලැබුණාම අත්හරින්න කැමැති නැහැ. මේ නාට්‍යයේ මකරෙක් මරන්න යනවා වීරයෝ පිරිසක්. නමුත් මකරා මරලා දැම්මට පස්සේ ඊළඟට වීරයා තමයි මකරා බවට පත් වෙන්නේ. මෙය අපේ රටේ පමණක් නෙවෙයි, ලෝක දේශපාලනය තුළ දකින්න ලැබෙන දෙයක්. ඒ නිසා මම හිතනවා අද සමාජයට මේ කතා පුවත කදිමට ගැළපෙයි කියලා.

මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳින් ලැබෙනවා. මෙය අමු දේශපාලනික නාට්‍යයකට වඩා එය ඉක්මවා ගිය අලුත් දේශපාලනික ප්‍රවණතාවයක් ඇති නාට්‍යයක්. ප්‍රේක්ෂකයන් මේ නාට්‍ය නරඹන්නට දක්වන උත්සාහය, උනන්දුව නිසා තමයි මේ 6 වැනිදා මෙය වේදිකා ගත වෙන්නේ.

කැමැතියි ඔබ ගැන දැනගන්න?

මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව හදාරා මේ වන විට නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක් ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සේවය කරනවා. මීට පෙරත් මම කෙටි වේදිකා නාට්‍යය නිර්මාණ කිහිපයක්ම සිදුකර තිබෙනවා. 2011 දී 'මැරෙන්න විදිහක් කියන්න' කෙටි නාට්‍යයට රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය හා ජූරියේ විශේෂ සම්මානයක් හිමි වුණා. මේ ක්ෂේත්‍රයට මා එක් වුණේ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනයෙන් හා අවබෝධයෙනුයි.

'ඊගෝ නගරය' වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙන නළු නිළියන් සහ ශිල්පීන් ගැනත් දැනගන්න කැමැතියි?

මේ නාට්‍යයට රංගනයෙන් කලණ ගුණසේන, ලසන්ත ෆ්‍රැන්සිස්, චමිල අත්තනායක, තරිඳු කාවින්ද, සදීෂ මොහොට්ටි දායක වෙනවා. ඒ වගේම වේදිකා පරිපාලනයෙන් නාමල් ගමගේ, සංගීත අධ්‍යක්ෂණයෙන් පවර නවමිණ, රංගාලෝකයෙන් රංග සමරකෝන්, අංග රචනයෙන් දුමින්ද අලහේන්ද්‍ර, රංග වස්ත්‍ර හා පසුතල නිර්මාණයෙන් ශේෂාද්‍රි හීනටිගල එකතු වෙනවා.