වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ

රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ

ගිහාන් ප්‍රනාන්දු

ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙකි. සතියේ දිනවල පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙන ඔහු වේදිකාව ද අමතක නොකළ රංගන ශිල්පියෙකි. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය මූලික කර ගනිමින් පැවැත්වෙන නාට්‍ය උලෙළ මේ මස 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා පැවැත්වෙයි. එහිදී ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරින් 30 වැනිදා - චරිතේ හොරු අරං’, 31 වැනිදා- ‘සිහින හොරු අරං’, 01 වැනිදා - ‘බල්ලොත් එක්ක බෑ’, 02 වැනිදා - ‘අද වගේ දවසක ඇන්ටිගනී’, 03 වැනිදා - ‘සාදය මාරයි සල්ලි හමාරයි’ ලෙස නාට්‍ය කිහිපයක් වේදිකා ගතවෙයි. මේ නාට්‍ය උලෙළ පිළිබඳත් වර්තමානයේ රංග කලාවේ තිබෙන විවිධ අර්බුද පිළිබඳත් ගිහාන් ප්‍රනාන්දු ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.

ඔබගේ රංගනය රැගත් නාට්‍ය උලෙළක් පවත්වන්න සිතුවේ ඇයි?

මේ වනවිට මම රංගන දිවියට ප්‍රවිෂ්ට වී විසිපස් වසරකටත් වඩා කාලයක් ඉක්මවලා. ඒ විසිපස් වසරක කාලයේ කළ දේවල් සමරන්න මා සිතුවේ මීට ටික කලකට කලින්. එහෙත් ඒ සඳහා කාලය වෙන්කර ගන්න මට නොහැකි වුණා. ඒත් මේ වසරේ කොහොම හරි ඒ කටයුත්ත කළ යුතු යැයි මා සිතුවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මේ විදියට නාට්‍ය උලෙළ වේදිකා ගත වෙන්නේ. ඒ වගේ ම නාට්‍ය උලෙළක් පැවැත්වීමේ දී ඒ සඳහා යම් බර පැනක් දරන්න වෙනවා. ඒ ප්‍රශ්නයත් මගේ සිතේ කොණක තිබුණා. එතැනදි විදේශ රටවල ඉන්න මගේ මිත්‍රයෝ වගේ ම ලංකාවේ මගේ මිත්‍රයෝ මාව දිරිමත් කළා. කොහොම හරි මේ උලෙළ පවත්වමු කියන මතයේයි ඔවුන් සිටියේ. ඒ සඳහා ඔවුන් බොහෝ උදව් කළා. ඒ අතර මගේ මේ කටයුත්තට විශේෂ ආයතන කිහිපයකුත් උදව් කළ බව මෙහිදී සිහිපත් කළ යුතු තවත් කාරණයක්. ඒ සියලු උදව් නිසයි අද මට මේ විදියට නාට්‍ය උලෙළක් පවත්වන්නට හැකියාව ලැබෙන්නේ. මගේ මේ ව්‍යායාමය වඩාත් සාර්ථක වන්නේ ප්‍රේක්ෂකයන් පැමිණ නාට්‍ය උලෙළ නැරැඹුවොත් පමණයි. ඔවුන් පිළිබඳ මා පූර්ණ විශ්වාසය තබනවා. ඒ ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂාගාරය මෙතෙක් මා ගත් වෙහෙස මඟ හරිවී.

මෙවැනි නාට්‍ය උලෙළක් පැවැත්වීම වේදිකාව හැරගිය ප්‍රේක්ෂකයන් නැවත ගෙන්වා ගැනීමට මුල පිරීමක් ද ?

කොහොමත් මේ වේදිකා නාට්‍ය නැරැඹුව ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. ඒ අයට අමතරව ටෙලි විෂනය එපාවුණු, ඒ ගැන කලකිරුණු, ටෙලි විෂනයෙන් ඈත්වුණු ප්‍රේක්ෂක පිරිසකුත් මේ අතර ඉන්නවා. ඔවුන් සතුට අත්විඳීන්න කැමැත්තක් දක්වනවා පමණක් නොවෙයි අපටත් බොහෝ සේ ආදරෙයි. ඔවුන් ඒ ආදරය කරන රංගන ශිල්පීන් හා ශිල්පිනියනුයි මේ වේදිකා නාට්‍යවලත් රඟපාන්නේ. ටෙලි විෂනයේ දක්ෂ ලෙස රඟපාන මේ ශිල්පීන්ව, ඔවුන්ගේ රංගනය සජීව ආකාරයෙන් නරැඹීමට ප්‍රේක්ෂකයන්ව කැඳවා ගත හැකි නම් එයයි අප ලබන ජයග්‍රහණය වන්නේ. මේ උලෙළේ නාට්‍ය නරඹලා ඉන්පස්සේ වේදිකා නාට්‍යයක් නරඹන්න පෙලඹවීමක් ඇති කළ හැකි නම් එලෙසයි වේදිකා නාට්‍ය කලාව ඇතුළේ අප දකින වෙනස සටහන් කළ හැක්කේ. මේ නාට්‍ය උලෙළේ දැකිය හැකි අනෙක් ලක්ෂණය නම් ප්‍රේක්ෂකයන්ට ඔවුන් කැමැති ආකාරයෙන් තෝරා බේරා ගැනීමකින් යුතුව නාට්‍ය නැරැඹිය හැකිවීමයි.

වර්තමානයේ නාට්‍ය උලෙළවල් පැවැත්වීම එක්තරා විලාසිතාවක් බවට පත්වෙලා නේද?

ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි කියන නාට්‍යකරුවන්ගේ හැරුණු විට මෑතක රංගන ශිල්පීන්ගේ නාට්‍ය උලෙළක් පැවැත්වුණේ නැහැ. එහෙත් රාජ්‍ය නාට්‍ය උලෙළ නම් පැවැත්වුණා. නාට්‍ය නිර්මාණකරුවන්ගේ උලෙළවල් රැසකුත් පසුගිය කාලයේ පැවැත්වුණා. එතැනින් මේ නාට්‍ය උලෙළ වෙනස් වන්නේ මා රංගන ශිල්පියකු ලෙස කාලයකට පසුව කරන වේදිකා නාට්‍ය උලෙළක් වීම නිසයි. ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට මට හැකියාව ලැබුණා. බොහෝ මාධ්‍ය හිතමිතුරන් ඒ සඳහා මට උදව් කළා. ඒ ලැබුණු ප්‍රචාරයට අනුව ප්‍රේක්ෂකයන්ගේ යුතුකම වන්නේ රඟහලට පැමිණ මේ නාට්‍ය නැරැඹීමයි. නාට්‍ය නරඹා ප්‍රතිචාර දැක්වීමයි මගේ සතුට වන්නේ.

අද පවත්වන කුමන නාට්‍ය උලෙළක් වුවත් සීමා වන්නේ නගරයට පමණයි. මේ උලෙළවල් ගමට රැගෙන නොයන්නේ ඇයි?

පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල නාට්‍ය සංවිධානය කරන නාට්‍ය කණ්ඩායම් මට මුණ ගැසුණා. ඔවුන්ගෙන් සමහරු තරුණ කණ්ඩායම්. සමහරු ව්‍යාපාරිකයන්. සමහරු විවිධ සංවිධාන නිර්මාණය කරගත් අය. මේ අයගේ එක ම පරමාර්ථය වී ඇත්තේ ගමට හොඳ නාට්‍යයක් අරගෙන පැමිණ පෙන්වීමයි. හැබැයි එක නාට්‍යයක් ගමකට අරගෙන යන එකත් අසීරු කර්තව්‍යයක්. ප්‍රවාහන පහසුම් සඳහා යන මුදල, ප්‍රචාරණය සඳහා යන මුදල, ශාලා පහසුකම්, නාට්‍යයට යන මුදල ආදී දේවල් සොයා ගැනීම වශයෙන් විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සංවිධායකයන්ට සිදුවෙනවා. මේ තිබෙන ගැටලු හමුවේ වේදිකා නාට්‍ය උලෙළක් පැවැත්වීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ සියලු කාරණා ගැන සිතන විට මේ සංවිධායකවරුන්ට වැඩි මුදලක් අයකර ප්‍රවේශ පත්‍රයක් විකිණීමට නොහැකියි. ඒ ප්‍රදේශවල අයටත් වැඩි මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නාට්‍ය නැරැඹීමට හැකියාවක් ඇත්තේත් නැහැ. ඒ නිසයි මේ සඳහා රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය බව අප පවසන්නේ.

ඔබ විවිධ දක්ෂතා දක්වන රංගන ශිල්පියකු ලෙස අප හඳුනා ගත්තත් මෑත කාලයේ එක ම තැනකට කොටුවුණු බවකුයි අප දකින්නේ. එහෙම වන්නේ ඇයි?

අද ටෙලි විෂන් කියන්නේ ව්‍යාපාරයක්. මීට වසර විසිපහකට කලින් ලක්ෂ දෙක තුනකට විකුණුව ටෙලි නාට්‍යයක් අද ගන්නේ අනූ දහසක් වගේ මුදලකට නම් ලාබ බඩුවකුයි දෙන්න වෙන්නේ. ලාබ බඩුවක් හදන්න හොඳ නිර්මාණකරුවන්ට හැකියාවක් ඇත්තේ නැහැ. එදා මම වන සරණේ රඟපෑවේ දවසට ම සීන් එකයි. එහෙත් අද මම දවසට සීන් විසිපහක් රඟපාන නළුවෙක්. එහෙම වුණා ම මගේ රංගනයේ දි හොඳ රඟපෑමක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ ශක්තිය නිසා ම අද වනවිට මේ තත්ත්වය දරාගෙන සිටියත්, සමහර නළුවන්ගේ හවස් වනවිට රඟපෑමක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ කාරණයට වගකිව යුත්තේ සමස්ත කලාවේ ම තිබෙන ප්‍රතිපත්තියක් නොමැතිකමයි. මේ නිසා නිර්මාණකරුවන් කසිකබල් නාට්‍ය නිර්මාණ කරනවා. මම නම් මම රඟපාන ටෙලි නාට්‍යයවත් නරඹන්නේ නැහැ.

නමුත් ඔබත් ඒ නාට්‍යවල රඟපානවා නේද?

මම වෘත්තීය නළුවෙක්. ඒ නිසා නැවතත් මට සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ වැඩ කරන්න බැහැ. නැවතත් අලුතින් ඉගෙන ගෙන ගණකාධිකාරී කෙනෙක් වෙන්න බැහැ. දොස්තර කෙනෙක් හරි කුඹුරු කොටන්න හරි මට බැහැ. මම දන්න එක ම විෂයය රඟපෑමයි. මගේ ජීවන වෘත්තිය සඳහා මට කරන්න වෙන්නේ රඟපෑමයි. එතැනදි හොඳ ගණයේ නාට්‍ය ද අවර ගණයේ නාට්‍යද රඟපාන්නේ යන්න තෝරා බේරා ගැනීමක් මට කළ නොහැකියි. ඒ වගේ ම මේ අතර මා ඇතුළු පිරිසකගේ ජීවිතය සමතුලිත වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. කසිකබල් ටෙලි නාට්‍යයක රඟපාන සල්ලි අරගෙන ගිහින් තමයි අපට සත පහක්වත් ලැබෙන්නේ නැති වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරන්නේ. එහෙමත් නැතිනම් ඈත පළාතක වැඩමුළුවක් කරන්නේ. ඒ කලාව යම් මට්ටමකින් පවත්වා ගෙන යා යුත්තක් ලෙස අප හඳුනාගෙන ඇති නිසයි එලෙස කරන්නේ.

ටෙලි නාට්‍යවල වගේ ම පසුගිය කාලයේ වේදිකාවේත් ප්‍රහසන පිළිබඳ රැල්ලක් නිර්මාණය වුණා. ඔබත් ඒ නිර්මාණවලට දායක වුණු නළුවෙක්?

වේදිකා නාට්‍ය ප්‍රේක්ෂාගාරය බින්දුවට බැහලා තිබෙන මොහොතකයි හාස්‍ය ගණයේ නාට්‍යවලින් ප්‍රේක්ෂාගාරය පුරව ගන්න පුළුවන් වුණේ. කොළඹ ඉඳගෙන විවිධ තර්ක ගෙනෙන්න පුළුවන් බව ඇත්තයි. ඒ වුණත් මා පවසන්නේ අපේ ප්‍රේක්ෂාගාරය තවමත් හදලා නැහැ. දහඩිය දමාගෙන, යකඩ පුටුවල ඉඳගෙනයි අදටත් අපට නාට්‍ය නරඹන්න වී තිබෙන්නේ. ඉතිං හාස්‍යයෙන් පිරි නාට්‍යයක් පෙන්වන්න බැරි නම් කොහොම ද හොඳ වේදිකා නාට්‍යයක් මේ ප්‍රේක්ෂාගාරයේ වේදිකා ගත කරන්නේ. මම මේකට කියන්නේ මෙල්ල කර රඟපෑම කියලයි. එහිදී ප්‍රේක්ෂාගාරය ඉස්සරහ රඟපාන විට අපට සිදු වී තිබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ළමයි අඬන ඒවයි, කඩල විකුණන ඒවායි, කතා කරන ඒවයි, පුටු සද්ධ කරන ඒවායි මෙල්ල කර රඟපෑමටයි. මේ විදියට නාට්‍ය නරඹන විධික්‍රමයක් කිසිම රටක ඇත්තේ නැහැ. එවැනි අවධානයක් ඇති විය යුත්තේ ප්‍රේක්ෂකාගාරයෙන්මයි. එහෙම ප්‍රේක්ෂාගාරයක් නැති පිට පළාතකට කොහොමද අපි හොඳ නාට්‍යයක් රැගෙන යන්නේ. ඔවුන් වේදිකා නාට්‍ය නරඹන්නෙත් ටෙලි නාට්‍ය නරඹනවා වගෙයි. ඉදිරියේ දි මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

මේ තත්ත්වය වෙනස් විය යුත්තේ කෙසේ ද?

මම විශ්වාස කරන එක ම දෙය වන්නේ වේදිකා නාට්‍යවල හරිම තැන අප තවම අල්ලාගෙන නොමැති බවයි. මිනිස්සුන්ව අල්ල ගන්න පුළුවන් තැනක් අපට සොයා ගන්න වෙනවා. එතැනදි මෙතැන තිබෙන්නේ අපේ නිර්මාණාත්මක දුර්වල කම නොවේද කියන ප්‍රශ්නයත් පැන නැඟෙනවා. ඒ නිසා මීට වඩා ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගන්න නාට්‍ය අපට නිර්මාණය කරන්න වෙනවා.