වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්

‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්

- එස්. විජේසිංහ

දෙවොල් යකෙක්, අලි මදිවට කොටි, සෙමිට්රියෙ භූතයෝ වැනි නාට්‍ය ගණනාවක් වේදිකාවට දායාද කළ කලා භූෂණ රාජ්‍ය සම්මානලාභී එස්. විජේසිංහ තරුණ අවදියේ සිටම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණයට යොමු වූවෙකි. ඔහුගේ නවතම වේදිකා නාට්‍ය 'යකා මළා' මේ දිනවල සාර්ථකව වේදිකා ගත වේ. එහි මංගල දර්ශනය පසුගිය වසරේ ලුම්බිණි රඟහලේදී පැවැත්විණි. එහි විසි පස් වන දර්ශනය පැවැත්වීමට ඔහු මේ දිනවල සූදානම් වේ. මේ ඒ පිළිබඳ ඔහු අප හා කළ කතාබහකි.

'යකා මළා' නාට්‍යයේ විසිපස් වන දර්ශනය පැවැත් වෙන්නේ කවදාද?

මේ මාසේ 12 වැනි සෙනසුරාදා සවස 3.30 හා 6.30 ලෙස දර්ශන වාර දෙකකට පවත්වන්නේ.

කොහේද නාට්‍ය පෙන්වන්නේ?

කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ විද්‍යාලයීය රඟහලේදී. එම පාසලේ නාට්‍ය හදාරන දරුවන්ට පෙන්වන්නට හොඳ නාට්‍යයක් කියලා අපිට ලැබුණු ආරාධනාවක් මතයි අපි නාට්‍යයේ විසි පස් වන දැක්ම එහි රඟ දක්වන්න තීරණය කළේ.

නාට්‍යය ගැන හැඳින්වීමක් කළොත්?

ඉතාම සුන්දර නාට්‍යයක්. විනෝදාත්මකයි. මිලින්ද පෙරේරා, උදය කුමාරි, දයානන්ද හේවගේ, භාතිය මදනායක, අජිත් කොටුවිල, චින්තක පතිරණ, අජිත් බෝගොඩ හා රංග නයනජිත් යන අය රංගනයෙන් දායක වෙනවා. අංග රචනය ගාමිණී කොස්තාගෙන් සහ ආලෝකකරණය සුනිල් සමරකෝන්ගෙන්. ළමා, වැඩිහිටි කාටත් පොදුවේ එකට හිඳ 'යකා මළා' නරඹන්න පුළුවන්.

නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම සතුටුදායකයි. එක පාරක් බලපු කෙනා දෙපාරක් බලනවා.

නාට්‍යකරුවකු විදියට ඔබ මුහුණ දෙන අභියෝග?

අද අපිට අමාරුවෙන් මුද්‍රණය කරගන්න පෝස්ටරයක් පැය දෙකක්වත් ප්‍රදර්ශනය කරගන්න බැරි වෙලා තියෙනවා. ශාලා හිමිකරුවන් පවා ඔරොත්තු නොදෙන විදියට මුදල් අය කරනවා. ඒ අතින් අපට මහඟු සම්පතක් වන ලුම්බිණි රඟහල හා ජෝන් ද සිල්වා රඟහල ඉක්මනින් ප්‍රතිසංස්කරණය කොට ජාතියට තිළිණ කරනවා නම් ලොකු අස්වැසිල්ලක්. රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි මේවාට.

ඉදිරි වැඩ කටයුතු කොහොමද?

ඉදිරියේදී අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මූල්‍යමය අතින් අපි තරමක් පිටුපස සිටින නිසා පළමුව 'යකා මළා' වේදිකා නාට්‍ය සාර්ථක කරගන්න උත්සාහ කරනවා. දැනටමත් එය රට පුරා වේදිකා ගත වෙන්නේ සහෝදර සංවිධායකවරුන්ගේ නොමසුරු සහයෝගය නිසා.

අවසාන වශයෙන් මට මෙතෙක් උදව් කළ හැමෝටමත් 'යකා මළා' නාට්‍ය කණ්ඩායමටත් ස්තූතිය පුද කරනවා. හැමෝටම 'යකා මළා' නාට්‍ය නරඹන්න එකතු වෙන්න කියලත් ඇරයුම් කරනවා.

මගේ දු: අ: 0777585458.