වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ

පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ

ආචාර්ය ජයලත් මනෝරත්න

ආචාර්ය ජයලත් මනෝරත්න යනු මෙරට රංගන ක්ෂේත්‍රයේ දශක පහකට ආසන්න කාලයක් පුරා තම ජීවිතය කැප කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ වර්තමානයේදීද ඒ වෙනුවෙන් කැප වී සිටින්නා වූ කලාකරුවෙකි. නළුවෙකු ලෙසින් පමණක් නොව අධ්‍යක්ෂරයෙකු, රචකයෙකු ලෙසින්ද ඔහුගේ මෙහෙවර අතිවිශාලය. මෙරට වේදිකාවේ සුවිශේෂි චරිතයක් බවට පත් වූ ජයලත් මනෝරත්නයන් එදා මෙදා තුර අවස්ථා රාශියකදීම සම්මානනීය වෙමින් හෙළ කලා කෙතට දායාද කළ නිර්මාණ බොහෝය. ඒ නිර්මාණ දායකත්වයේ තවත් පියවරක් ලෙසින් ඔහු විසින් රචනය කර අධ්‍යක්ෂණය කළ හඬ නිහඬ : අභිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය නවතම වේදිකා නාට්‍ය නිර්මාණය සමඟින් අද (03) සහ හෙට (04) යළිත් වේදිකාවට සැපත් වන්නට නියමිතයි. සරසවිය අපිත් මේ විශිෂ්ට කලාකරුවා සමඟින් හඬ නිහඬ : අභිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය ගැන වැඩිදුර තොරතුරු අසා දැන ගනිමු.

හඬ නිහඬ හරහා ඔබ වේදිකාවට ගෙන එන්නේ අලුත් අත්දැකීමක්?

හඬ නිහඬ වේදිකා නාට්‍ය නිර්මාණයට පාදක වෙන්නේ කලාකරුවෙක් ලබන අත්දැකීමක්. කලාකරුවෙක් කියන්නේ කාලයක් පුරා අනෙකුත් පුද්ගලයන් සතුටු කරන්න වෙහෙසෙන පිරිසක්. ඒ වුණත් අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ජීවිතවලට අත් වෙන්නේ ඛේදනීය ඉරණම්. මම 1988 වසරේදී නිර්මණය කළ තලමල පිපිලා වේදිකා නාට්‍යයට තේමා වුණේ සම්ප්‍රදාය රැක ගැනීමට වෙහෙසෙන පාරම්පරික නර්තන ගුරුවරයෙකුට සිදුවන ඛේදවාචකයක්. 1980 වසරේ දී වේදිකා ගත කළ මහගිරිදඹ නාට්‍යයට තේමා වුණේ නාට්‍යකරුවෙකුගේ ජීවිතයේ ඛේදනීය ඉරණමක්. 1996 වසරේදී ගුරුතරුව නිර්මාණය කළේ සමාජ, දේශපාලන අර්බුදයකට මැදි වූ ගුරුවරයෙකුගේ ජීවිතයක් ඇසුරෙන්. ඒ වගේම පුත්‍ර සමාගම ට්‍රම්පට් වාදකයෙකුගේත්, අන්දරේලා රජවාසල කවටයා වූ අහිංසක ගැමියෙකුගේත්, ලෝකය තනි යායක් සහ සුදු රෙදි හොරු නාට්‍ය සම්භාව්‍ය පද්‍යට ආදරය කරන්නන්, කනේරු මල් ගොවීන්ගේ දිවිනසා ගැනීම් ආදි ලෙස විවිධ තේමා නාට්‍යමය ස්වරූපයෙන් වේදිකාවට ගෙන ආවා. හඬ නිහඬ වේදිකා නාට්‍යය මගේ දහතුන් වැනි නාට්‍ය නිර්මාණය යි. පෙර නාට්‍ය නිර්මාළවල සේම අත්දැකීමක් හැමෝමත් එක්ක බෙදාහදා ගන්න කළ නිර්මාණයක්. ගායක පරපුරක අවිනිශ්චිත ජීවන ප්‍රකාරය එයට මූලික වෙනවා.

එහි අන්තර්ගතය ගැනත් විස්තර කළොත්?

වසර 1900 සිට 1930 පමණ දක්වා කාලය, 1960 සිට 1965 දක්වා කාලය සහ නූතන යුගය ලෙස පරම්පරා තුනක් සමඟින් මෙය නිරූපණය කෙරෙනවා. 1900 සිට 1930 දක්වා වූ කාලය මෙරට සමාජයේ ග්‍රැමෆෝන තැටි ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි යුගය යි. එකී යුගයේ ශිල්පීන් කාලයාගේ ඇවෑමෙන් මුහුණ දෙන ගැටළු ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ ආගමනය, නූතන තාක්ෂණයේ විකාශනය, නව පරපුර ඉදිරියේ ඇතිවන අභියෝග, හැලහැප්පීම්, මුදල් සහ ජනප්‍රිය සංස්කෘතියේ වටිනාකම ඉහළ යාම, කලාකරුවන්ගේ පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම් වගේම කලාකරුවන් වෙනුවෙන් විය යුතු ගෞරවනීය ක්‍රියාදාමයක් නොමැතිවීම ආදි කරුණු රැසක් මේ තුළ රංගෝචිතව භාවමය ප්‍රකාශනයක යෙදන්න සූදානම්.

හඬ නිහඬ ආරම්භ වන්නේ ග්‍රැමෆෝන ගී යුගය පසුබිම් කරගෙනයි. අනතුරුව ගුවන්විදුලිය පැමිණීම හා ඒ සමඟින් නව ගායක පරපුරක් බිහිවීම, ඉන්දීය අධ්‍යයනය, වංග සංගීත ආභාෂය, කලාත්මක ආභාෂයෙන් හෙබි ගායනා, නව තාක්ෂණයේ මැදිහත්වීම වැනි වූ පසුබිමක ගායක පරපුරෙහි ජීවන රටාව වෙනස් වීම, නූතන සංගීතමය ස්වරූපය සේම පැරණි ගායක පරපුරේ නික්ම යාමේ ඛේදය මෙහි සංකේතවත් වෙනවා.

හඬ නිහඬ නිර්මාණය කිරීමට බලපෑමක් කළ විශේෂිත කාරණාවකුත් ඇති?

මගේ අතීත මතකය දක්වා දිවගියොත් මම හැදි වැඩුණු හඟුරන්කෙත අපේ ගේ අසල තේ කඩය විශේෂයි. මොකද ඒ කාලයේ අපේ ගමේ ගුවන්විදුලි යන්ත්‍ර තිබුණේ ගෙවල් කීපයක විතරයි. අර පුංචි තේ කඩයෙන් ඇසුණු මිහිරි සංගීතය ගලාගෙන ආවේ ග්‍රැමෆෝන් තැටියකින්. ඇත්තටම ග්‍රැමෆෝනය ගැන මගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා. එහි ක්‍රියාකාරිත්වය අපිට ප්‍රාතිහාර්යයක් වුණා. හඬ නිහඬ ආරම්භ කරන්නෙත් ග්‍රැමෆෝන ගී යුගය යි. ඉන් පසුව කාලයෙන් කාලයට සංගීත ක්ෂේත්‍රයේ විවිධ වෙනස්වීම් දකින්න ලැබුණා. මේ සමඟින් වූ අන්තර්ගතයට දශක ගණනක් පුරා අප ලද සමාජ හා ජීවන අත්දැකීම් වගේම උපකල්පනය කරන අත්දැකීම්වලටත් හැඩයක්දීලා කලාකෘතියක් බවට පත් කළා.

හඬ නිහඬ : අභිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය ලෙසින් මෙය නම් කිරීමට හේතුව?

හඬ නිහඬ අර්ථ කිහිපයකින් යුතු වෙනවා. කාලයක් ඉහළ ජනප්‍රියත්වයකින් වැජඹුණු හඬක් නිහඬ වීම එක අර්ථයක්. ඒ වගේම කෙනෙකුට තවත් කෙනෙකුගේ හඬක් නිහඬ කරන්නත් පුළුවන්. හඬ සහ නිහඬ බව සංගීතයේ ප්‍රධාන ධාරා දෙකක්. වචනයෙන් කියන්න බැරි බොහෝ දේ නිහඬතාවයෙන් කියවෙනවා. ඒ වගේම එක පරපුරක් ක්ෂේත්‍රෙයන් නික්මී යන විටදී තවත් පිරිසක් ක්ෂේත්‍රය ආක්‍රමණය කරනවා. කොහොමටත් දැන් ස්වභාවය දෙස බැලුවොත් එය හරිම ආක්‍රමණශීලියි.

ඔබ හිතන පරිදි මේ නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයා කෙසේ භාර ගනිවිද?

කලාකරුවෙකුට තමන්ගේ හිතේ තියෙන දෙයක් නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහු ඒ අත්දැකීමට වර්ණ, වචන, ස්වර, අභිනය ආදිය මඟින් හැඩයක් ලබා දෙනවා. එහිදී මම තෝරා ගත්තේ වේදිකා නාට්‍ය. දැන් තියෙන තත්ත්වය ගත්තාම මේ නාට්‍ය සුදුසුද නැතිද කියන්න අපහසුයි. ඒ වුණත් මම හිතන්නේ හොඳ කාලයක් එනතුරු බලා සිටීම මැජික්කරුවෙකුගේ සිතුවිල්ලක් බවයි. විවිධ උච්ඡාවචනයන් තියෙනවා, විවිධ රැළි එනවා යනවා දශක හතරකටත් වැඩි කාලයක් ඉක්මවූ මගේ නාට්‍ය ජීවිතයේ දුටු දෙයක්. ඒ නිසා මගේ හැඟීම නම් සමාජය කොහොම භාර ගත්තත් නිර්මාණ නොකර ඉන්නවාට වඩා යම් දෙයක් කළ යුතු බවයි.

ඔබේ අත්දැකීම් සමඟින් ආපසු හැරී බලනවිට මොකද හිතෙන්නේ?

මෙය නිර්මණකරුවන්ගේ පැත්තෙන් වගේම, ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ පැත්තෙනුත් බලන්න වෙනවා. එහිදි කැපිපෙනෙනම කාරණය වන්නේ නළු නිළියන්ගේ දායකත්වය වර්තමානයේදී අඩු වීමයි. ඇතැම් අය එන්නෙම නැති තරම්. මොකද අද වටිනාකම තියෙන්නේ මුදලේ. එයට දොස් කියන්නත් බැහැ. මොකද අද මුදල් නැතුව කිසි දෙයක් කරන්න බැහැ. අපිට නාට්‍ය පුහුණුවීම්වලට මුදල් ගෙවන්නත් බැහැ. ඒ වුණත් පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැනේ. අපි මාස පහක් පුරාවට හඬ නිහඬ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කළා. ඒ වෙනුවෙන් මට මගේ අනෙකුත් වැඩ කටයුතු සියල්ලම පසෙකින් තියන්න සිදු වුණා. එතැනදී මගේ ජීවිතයේත් අරගලයක්. මොකද මම වෘත්තියෙන් කලාකරුවෙක්. කෙසේ නමුත් මම මේ අවස්ථාවේ මගේ නිර්මාණය වෙනුවෙන් කැප වෙලා ඉන්නවා.

හඬ නිහඬ සමඟ සම්බන්ධ වූ සහෝදර ශිල්පීන් ගැනත් කතා කළොත්?

මෙහිදී මම සමඟින් ඩබ්ලිව් ජයසිරි, ෆර්නි රෝෂිණි, ලක්ෂ්මන් මෙන්ඩිස්, රවීන්ද්‍ර යසස්, නිමල් ජයසිංහ, ලංකා බණ්ඩාරනායක, සංජීව දිසානායක, සුදර්ශන බණ්ඩාර ඇතුළු පිරිසක් දායක වෙනවා. මෙහි පරම්පරා තුනක නියෝජනයක් දැක්වෙනවා. ඩබ්ලිව් ජයසිරි සහ ලක්ෂ්මන් මෙන්ඩිස් සමඟින් මා වේදිකාවේ කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙය යි. සංගීත නිර්මාණය කෙරෙන්නේ නවරත්න ගමගේ විසින්. මේ නිර්මාණය පුරාවට සංගීතයේ මුසුවීම දකින්න පුළුවන්. ඒ වගේම රංග වස්ත්‍ර නිර්මාණය - සුවිනීතා පෙරේරා, කලා අධ්‍යක්ෂණය - උපාලි හේරත්, අංග රචනය - ජගත් පද්මසිරි, හඬ පාලනය - අරවින්ද ආරියරත්න, රංගාලෝකය - චන්දන අලුත්ගේ විසින් ඉටු කෙරෙනවා.

හඬ නිහඬ වේදිකාගත වන අද දිනයේ තවත් සුවිශේෂි කටයුත්තකුත් සිදු වෙන්න නියමිතයි?

ඔව්. අද සිට www.jayalathmanorathna.org නමින් වූ මගේ වෙබ් අඩවිය අන්තර්ජාලයේ සැරිසරන්නන් වෙනුවෙන් විවෘත වෙනවා.